මේ ප්‍රශ්නය අපිට අදාල නැත්ද......

Arumbaya De Almeida

Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    download.jpg


    හිතන්නට කතාවක් .....

    "ගමයෙක් ගෙදරට මී කතුරක් ගේනවා...
    මේක දැකපු මීයා දුවගෙන ගිහින් කුකුලට කියනවා..
    අනේ කුකුළෝ ගමයා මී කතුරක් ගෙනත්...
    මොනවා හරි කියහං මගේ හිත හැදෙන්න...
    මී කතුරට කුකුල්ලු අහු වෙන්නේ නෑ..
    හිත රිද්දගත්තු මීයා එළුවා ලගට යනවා...
    අනේ එළුවෝ ගමයා මී කතුරක් ගෙනත්...
    ඉතින් මට මොකද...
    අසරණ මීයා ඌරා ලගට යනවා..
    ඌරෝ ගමයා මී කතුරක් ගෙනත්..
    අදාලම නෑ...
    ඌරගේ උත්තරේ...
    මීයා කෝකටත් කියලා හරකා ගාවටත් ගියා..
    හරකෝ ගමයා මී කතුරක් ගෙනත්...
    වෙන ගෙදරකටවත් පලයන්...
    අපිට පාඩුවේ ඉන්න දීලා...
    එක නපුරු රෑක මී කතුර තියන තැනින් චටස් ගාලා සද්දයක් එනවා..
    මීයට වැඩේ හරි...
    මෙහෙම හිතපු ගම මහගේ ලහියේ යනවා සද්දේ ආපු තැනට...
    මී කතුරට අහුවෙලා තිබුනේ අධි විෂ සර්පයෙක්..
    කරුවලේ යන ගම මහගෙට සර්පයා දෂ්ට කරනවා..
    උන්දෑ මැරෙන්නේ නෑ..
    දැඩිව අසනීප වෙනවා..
    මට සුප් ටිකක් හදලා දෙන්න..
    කුකුලා සුප් එකට යනවා...
    ගම මහගේ එන්න එන්නම දුර්වල වෙනවා..
    එලු සුප් දීලා බලමු...
    එළුවටත් බඩු හරි...
    ගමයා දැන් නැට්ටටම හිදිලා..
    ඌරාව යවනවා පොල් රොටි, පෝක් විකුනන පෙදෙසෙකට..
    ගම මහගේ මැරෙනවා..
    ගමයා හරකව නානාට දීලා අවසන් කටයුතු කරනවා...
    මීයා තාම යහතින් ගොවිපලේ...

    රටේ ලෝකේ ප්‍රශ්න අපිට අදාල නෑ කියලා හිතන අයට "


    FB......