ගොඩක් දෙනා ස්වාධීන අපේක්ෂකයින්ගෙන් වෙන බලපෑම ගැන හිතන්නෙ නෑ, කතා කරන්නෙ නෑ. උන්ව අඩු කුලේ මානසිකත්වයෙන් හිතලා පොල් කුඩු කියලා හිතාගෙන ඉන්නෙ. ඒ අයගෙන් ඇති වෙන බලපෑම පොඩි එකක් නෙවෙ කියන එක මට කියන්න පුළුවන්. ප්‍රධාන පක්ෂ හැම එකෙන්ම වගේ නොමිනේශන් ලැබුන නැති නිසා හිතේ අමාරුවටත් ලැජ්ජාවටත් ආසාව නිසාත් ස්වාධීනව ඉල්ලන්න පෙළඹිලා තියෙනවා.
ඒක හැරුනහම ගොඩක් වෙලාවට ඡන්දෙ දෙන්නෙ හිතවත්කම් වලට නිසාත්, ඇති වෙලා තියෙන විකෘති තත්වෙත් එක්ක ප්‍රතිශත හරියටම කියන්න බෑ. කොහොම උනත්, ජවිපෙ 5% ගනීවි. මුළු රටේම ඉන්න ස්වාධීන අපේක්ෂකයො 5% ට වැඩි 10% ට අඩු ඡන්ද ටිකක් දෙපැත්තෙන්ම ගලවලා දාවි. තව 5% විතර සුළු සුළු පක්ෂවලට යයි. ඉතිරි වෙන 80%-85% ප්‍රමාණය තුනට කැඩෙනකොට, ශ්‍රිලනිප+පොහොට්ටුව ප්‍රමාණය > එජාපයෙ ප්‍රමාණය. ගොඩක් දුරට එජාපය 40% ප්‍රමාණයක් ගනී. ශ්‍රිලනිප හා පොහොට්ටුව 45% වගේ ප්‍රමාණයක් ගනීවි. ශ්‍රිලනිපය -20% වගෙ ගනීවි. පොහොට්ටුව +25% වගෙ ගනීවි. ප්‍රතිශත එහෙට මෙහෙට වෙන්න පුළුවන්.