මේ පිරිතට ඇබ්බැහි වෙලා වගේ බන්.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අහන්ඩ එපා ඔහොම ඇද ඇද කියන පිරිත්, ඔහොම නෙමේ පිරිත් කියන්නෙ, නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ කියන පිරිත් අහන්ඩ, ඒව හරියටම කියනව.>>>> https://pitaka.lk/pirith/#/

    අංගුත්තර නිකාය

    පඤ්චක නිපාතෝ

    5.5.1.9. ගීතස්සර සුත්තං

    5.5.1.9. ගීතස්වරය ගැන වදාළ දෙසුම

    සැවැත් නුවර දී ය …..
    මහණෙනි, ධර්මය දිගට අදිමින් ගීතස්වරයෙන් කියන්නහුට මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;
    තමා ත් ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝ ත් ඒ ස්වරයෙහි ඇලෙති. ගිහියෝ ත් ‘අපි යම් සේ ගයමු ද එසෙයින් ම මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණවරු ත් ගයත් නොවැ’ යි අවඥා කරති. ස්වර ආකෘතිය කැමති වන්නහුගේ සමාධිය ද බිඳී යයි. පශ්චිම ජනතාව එය ආදර්ශයට ගෙන ඒ අයුරින් කටයුතු කරයි.
    මහණෙනි, මේ වනාහී ධර්මය දිගට අදිමින් ගීතස්වරයෙන් කියන්නහුට ආදීනව පස යි.
    TFS.

    මේක සැහෙන්න වටිනවා.පින් අත් වේවා.
     
    • Like
    Reactions: Freereload

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    පිරිත් ගැන මම හිතන දේ.. (සංවාදයට විවෘතයි, හැබැයි රිප්ලයි ටයිප් කරන්න කම්මැලියි :lol: .)

    ඔය එක එක පිරිත්,සූත්‍ර වලින් බලාපොරොත්තු වෙන දේ මුලින්ම හොඳට තේරුම් ගන්න ඕන, ඒකෙ නිදාන කතාවත් එක්කම.
    මහා මංගල සූත්‍රය ගත්තොත්, ඒකෙ තියෙන්නේ සුබ කරුණු තිස් ගණනක්. ඕක උදේ හවස කිය කියා ඉඳල වැඩක් නැහැ. අමතක වෙනවනම් කොලේක ලියල පේන තැනකින් ගහගෙන හරි, වෙන විදියක් use කරලා හරි, ඒ කියපු දේවල් හුරු කරන එකයි තියෙන්නේ. ඕක සජ්ගයනාවෙන් එන ඵලයක් නැහැ කියල තමයි මට හිතෙන්නේ.

    ඔතන ලස්සන point එක තමයි, මේ මංගල සුත්‍රය කියන්නේ, ඒ කාලේ බමුනොන්ට, ජෝතිෂ්‍ය කාරයොන්ට බුදු හාමුදුරුවෝ දීපු උත්තරයක්. අර පාට හොඳයි, මේ සුවඳ හොඳයි, අර නැකත හොඳයි කිය කිය හිටපු සමාජයට දීපු creative ඒ වගේම radical උත්තරයක්. අනිත් එක, ඒ හැම වචනයක්ම බුදු හාමුදුරුවෝ වදාළ දහම් මාර්ගයේ කොතැනකට හරි උපකාර වෙනවා.

    රතන සුත්‍රය බැලුවොත්, මට හිතෙන්නේ ඒකත් නිකන් ඇහිලා හෝ කියල වැඩක් නැහැ කියල. ඒකෙ තේරුම බැලුවොත් (මම පාලි දන්නේ නැහැ, මේ කියන්නේ සාමාන්‍යයෙන් පොත් වල තියෙන තේරුම), ඒ හැම ගාථාවකම තියෙන්නේ තෙරුවන් ගුණ ගැන කියල කරන සත්‍යක්‍රියාවක්. මෙන්න මේ තෙරුවන් මේ කියන ගුණ වලින් යුක්තයි. ඒ ගුණයේ බලයෙන් සෙතක් වෙන්න කියල. සාමාන්‍යයෙන් සත්‍යක්‍රියාවක් කරන්න බැහැ ඒක හරියට දන්නේ නැතුව හරි පිළිපදින්නේ නැතුව හරි. (මේක නිකන් "අම්මප මං ඒක දැක්ක" කියනවා වගේ සීන් එකක් :lol:. )
    උදාහරණෙකට ගමු දහම් ගුණ ගැන කියන තැනක්. ඒකෙ තියෙනවනම් "බුදු දහමේ එන ආර්ය සමාධිය හා සමාන වෙනත් සමාධියක් නැහැ. එක දහමෙහි ගුණයක්. ඒ බලයෙන් සෙතක් වේවා" කියල, ආර්ය සමාධිය ගැන කිසිම අදහසක් නැති මනුස්සයෙක් ඔය ගාථාව කිව්වොත් ඒක නිකන් වචන ටිකක් විතරයි. ඒකෙන් සෙතක් වෙන්න බැහැ පොතේ හැටියට. ඕක වැඩ කරනවනම් ලංකාවට මෙහෙම වෙයිද?

    අනිත් එක ඔය වචන වලින් බලයක් එනවා කියන ඒවත් ඉතින් බොරු තමයි. (මට හිතෙන විදිය ඈ. ඔප්පු කරන්න කියන්න එපා pls :rofl: ) . ගොඩක් වෙලාවට ඔය සුත්‍ර කට පාඩමින් අරගෙන ආපු නිසා ඒක ලේසි වෙන්න තමයි ඔය විදියට වචන ගලපන්න ඇත්තේ. May be.