"හරි පිරිත්" කියල දෙයක් නම් තියෙන්න විදිහක් නැහැ. මොකද පිරිත "හරි" වෙන්නේ මොකට සාපෙක්ෂවද කියල බලන්න ඕනේ. මුල් සූත්‍රවල "පරිත්ත" කියන වචනෙවත් තියෙනවද කියල බලන්න වටිනවා. හයවෙනි සංගායනා ත්‍රිපිටක එඩිෂන් එකෙන් අවශ්‍ය නම් වචනය සර්-ච් කරන්න පුළුවන්. ඕක පසුකාලීනව ආපු කන්සෙප්ට් එකක්. නමුත් පිරිත ගැන කතාන්තර බුද්ධ කාලයට ඈදල තියෙනවා. (උදා: රතන සූත්‍රය ගැන එන කතාව) ඒ නිසා පිරිත සජ්ඣායනා කරන විදිහේ හරි වැරැද්ද බලන්න බැහැ. අනික ගණ පිහිටුවීමෙන්, මන්ත්‍ර විදිහට යමක් ගායනා කිරීමෙන් සෙත් ලැබෙනවා කියන එක බමුණු මතයක් විතරයි!