මේ පුකේ අමාරුව ලගදි හැදුන එකක්ද?

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    Mama kiyanne hamudawa dalawat wena frame kin wat owa hadanna ba podi kale idala Enna one dewal owa

    Anika hamudawa dammat loku connection thiyena un owagen ringanawa
    Ethakota Dan tiyena wiwechanaya krna nidahasat nati wewi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804

    Meka therune na. loku connection thiyena un owagen ringanawa
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Meka therune na. loku connection thiyena un owagen ringanawa

    Army kiyala wenasak na bn oya army ekema officers lage Paul wala un ,mp la unge Paul wala un,lokuwatama ringanawa
    ita passe army eke kiyala nane yaluwanta Paul wala unta priority eka denawa
    Dan nam arunta baninna Hari puluwan eth army ekata ehema baninna bane
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    Army kiyala wenasak na bn oya army ekema officers lage Paul wala un ,mp la unge Paul wala un,lokuwatama ringanawa
    ita passe army eke kiyala nane yaluwanta Paul wala unta priority eka denawa
    Dan nam arunta baninna Hari puluwan eth army ekata ehema baninna bane

    Mp lage paul wala aya kochchiye yanawda ban? Army hitiyath nathath mp lata kohomath special salakili danuth thiyenawa. OP ge prashne thiyenne hari haman service ekak nathi ekane. E prashne nam nathi wenawa. Thawa online ticket book karana system hadennath oone.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    අනේ නෑ මචන්...කිසිම දෙයක් අතින් දාල ලිව්වෙ නෑ...වෙච්ච සිරා සිද්දිය කිව්වෙ...මමත් ට්‍රේන් වල ගිහින් තියෙනවා ඉස්සර ඉදන්...ඉස්සරනම් උබ ඔය කියනවා වගෙ ලොකු අව්ලක් තිබ්බෙ නෑ...ප්‍රයිවෙට් බැංකු වගේ අපිට දෙකට නැමෙන්නෙ නැති උනාට CGR උන් ඩීසන් පිට ජොබ් එක කෙරුවා.. ලගදි ඉදන් තමයි ලොකු වෙනසක් පෙන්නෙ...අපි යම් සේවාවක් ගන්න ගියාම අපිව දෙකේ කොලේට දාල කතා කරනවට කව්ද බන් කැමති? සමහරවිට උබ නිතරම යන එන ස්ටේශන් වල තත්වෙ මීට හාත්පසින්ම වෙනස් ඇති..ඒත් බහුතරයක් තැන් වල තත්වෙ මෙකයි..

    අනික මචන් මට ත්‍රෙඩ් එකේ ලොකුවටම හයිලයිට් කරන්න ඔනේ උන දේ තමයි 2019 වෙලත් හරියාකාර system එකක් නැති එක...online ticket booking system එකක්, නැත්තන් pay කරන්න card system එකක් (travel card වගේ දෙයක්) තිබ්බානම් මිනිස්සුන්ටත් පහසුයි උන්ටත් පහසුයි..උබ කියන විදියට ට්‍රේන් එකක යන්න අනිවා පැය බාගයකවත් කලින් යන්න වෙනවනෙ..ඔන්න මම පරක්කුත් වෙලා ගිහින් පට්ට දිග පෝලිමක් තිබිලා මට ට්‍රේන් එක මිස් වෙලා මෙහෙම පොස්ට් එකක් දැම්මනම් මම අසාදරනයි..මේකේ අව්ල පෝලිමේ විනාඩි ගානක් තේරුමක් නතුව ඉදලා උගෙ ලොකු ලයිනුත් අහන් ඉන්න වෙච්ච එක..වොරන්ට් ලියන්න, Inquiries වලට වගේ සාමන්‍ය දෙවල් වලට වෙනම officer කෙනෙක් හිටියනම් කිසි ප්‍රශ්නයක් නෑ...ටිකට් issue කරන officer අනික් හැම ලබ්බක්ම ඉවර කරලා ටිකට් දෙන්න හිටියම යන එන මිනිස්සුන්ටයි කරදරේ..

    මගේ point එක තේරුනා යැයි සිතමි..Anyway අපි හැමොටම ඔනේ පිලිවෙලක් තියෙන, දියුනු, ලස්සන රටක් මචන්...

    Rajya sewaye inna hipatuwonta uba kiyala thiyena de therenne ne mchn. Railway witharak newei ayathana kipayak harunahama hugak then wala rajya sewaya balu watinne ne. hebei passport kanthoruwe service eka nam pattai lu.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඕකට සෙට් එකක් ඉන්න වෙලාවක හොදට ඇමතුවනම් ඔය ලෙඩේ හරියනවා,

    මේ ලගදි BOC එකේ වැඩකට ගිය වෙලාවේ මිනිස්සු පෝලිමේ ඒ ගැනී තව එකියක් එක්ක ඔප දුපයක් කියනවා,
    මම ඒකිට ඇමතුවා පෝලිමේ හිටපු උනුත් පටන් ගත්තා,
    දෙන්නෙක් අඩගහගෙන ගිහින් මැනෙජරයටත් ඇමතුවා, ඌ ඇවිල්ලා අර ගැනිට ඇමතුවා
    මෙන්න සද්ද නැතුව පූස් පැටියා වගේ වැඩ
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    මම නම් නිතරම කෝච්චියේ යනවා.. සේවකයෝ අවුල් තමා. හොද එවුන් ටිකක් ඉන්නවා. ටිකක් අවුල් එවුන් සෑහෙන්න ඉන්නවා.. සුලු පිරිසක් පජාති.. සමහර ස්ටේෂන් වල ඉන්නවා පට්ට ස්පීඩ් වෑඩ කරන අය. පට ගාලා ටිකට් දෙනවා පෝලිම ඉවර කරන්න. සමහර වෙලවාට ටිකට් විසි කරනවා තමා ඉක්මනට දෙන්න ඕනේ හින්දා? සමහර එවුන් ඉන්නවා කීයක් අරන් ගියත් ඉතුරු දෙනවා සද්දේ නොදා. මොකද අපිත් තියෙනවා නම් මාරු සල්ලි අරන් යනවා නෑත්නම් තමා කොල අරන් යන්නේ. මට එකම එක පාරක් එකෙක් කිව්වා ආයේ පන්සීයේ ඒවා ගේන්න එපා ටිකට් දෙන්නේ නෑ කියලා... මම හා කිව්වා.. ටිකට් දෙන්නෑත්නම් නිකන් යනවනේ..එකම එක දවසක් මරදානෙදි වලියක් දා ගත්තා... ඔෆීස් එකේ කේස් එකකට ෆෝන් එක කනේ ගහන් හිටියේ.. මම කවුන්ටරේට ගිහින් ටිකට් එක ඉල්ලුවා.. කවුන්ටරේ එකා කියාපී ඉස්සෙල්ලා ෆෝන් එක කට් කරලා ඉන්න කියලා.. මම ඈහුවා ඉතින් මම ෆෝන් එක කනේ ගහන් ඉන්න එකේ ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කටවහගෙන ඉල්ලපු තෑනට ටිකට් එක දෙන්න කියලා.. මම ඌට තව මොන මොනවා හරි කියලා බෑන්නා දෑන් මතක නෑ. සමහර එවුන් හිතන් ඉන්නේ උන් නෑතුව කෝච්චි දුවන්න බෑ, මිනිස්සු කෝච්චියේ නිකන් යන්නේ.. උන් මේ කරන්නේ ෆ්‍රී සර්විස් එකක් වගේ. මෙතන මිනිස්සුන්ගෙත් වෑරෑද්දක් තියෙනවා. මිනිස්සු දෑන ගන්න ඕනේ මේ ඉන්නේ තමන්ට සේවය කරන්න ඉන්න පිරිසක් කියලා. උන් අනවශය විදිහට සද්දේ දානවා නම් පාට් දානවා නම් අනිත් අතට රිටර්න් එක දෙන්න ඕනේ.. වෑඩිය සද්දේ නම් ආයතනයේ ලොක්කා ලගට කෙලින්ම ගිහින් තමන්ගේ පෑමිණිල්ල කරන්න තියෙන්නේ.

    උබ කියන දේ ඇත්ත මචන්..අසාදාරනයක් උනාම කට ඇරල ඒ වෙනුවෙන් කතා කරන්න ඔනේ...ඒත් මම ඇතුලු බහුතරයක් දෙනා තාමත් බයයි ඔවට කතා කරන්න ගිහින් සෙනග ඉස්සරහා ශෝ එකක් වෙන්නයි , මූන දෙන්න වෙන අතුරු ප්‍රතිපල වලටයි...කතා කලොත් අපි තනිවෙනවා විතරක් නෙමෙයි, වටේ ඉන්න අයත් අපි දිහා බලන්නෙ මේ මොන කරදරයක්ද අපිටත් පරක්කු වෙනව මූ නිසා කියලා...හැබයි මම දැකලා තියෙනවා දැන් ඉස්සරට වඩා ඔහොම සිද්දියකදි තරුන උන් හිටියොත් සප් එකක් දෙනවා...නාකි සෙට් එකනම් අර මන් මුලින් කිව්වා වගෙමයි...සාදරනේ අසදරනේ වැඩක් නෑ, තමන්ගෙ වැඩේ කෙරෙනවනම් එච්චරයි ඒ අයට...

    සල්ලියි ටිකට් එකයි අත් දෙකෙන් දෙන්න උන්ට ටයිම් එකක් නෑ බන්. හැබැයි ලොකු සීන් දාන අයත් ඉන්නවා. ඒ වගේම වැඩේ ඉක්මනට කරලා දෙන හොඳ අයත් ඉන්නවා. වෙන රටවල් වලනම් වැඩ කරන මිනිස්සු තමන් හිතලයි හැදෙන්නෙ. අපේ රටේ තමන් හිතලා හැදෙන්න බැරි විනයක් නැති මිනිස්සුන්ට විනයක් ලබා දෙන්න ඕනේ නම් කරන්න තියෙන්නෙ මේවා හමුදාවට පාලනය කරන්න දෙන එක. එහෙම උනොත් ස්ට්‍රයික් නැති වේවී. සේවාව වෙනදට වඩා කාර්යක්ෂම වේවි. විනයක් ඇතිව මිනිස්සු වැඩ කරාවි. වංචා දූශන නැති වේවි. අවාසනාවකට අපේ රට දියුණු කරන්න මේ රටේ කිසිම ජනාදිපති කෙනෙකුට උවමනාවක් නෑ. ඒකයි අපේ රට තාමත් එක තැන පල් වෙන්නෙ.

    හමුදාවට දෙනවට වඩා මම හිතන්නෙ හොඳ computerized system එකක් එක්ක qualified මිනිස්සු ටිකක් අදාල තනතුරු වලට දාල දැන් තියෙනවට වඩා පොඩ්ඩක් හරි හොඳ customer service දුන්නානම් හොදටෝම ඇති කියලා.

    මෙන්න හරියටම වෙන්න ඕන දේ. මෙතැනට විතරක් ඇප්ලයි වෙන්න ඕන දෙයක් නෙමෙයි මේක. රාජ්‍ය හැම ආයතනයකම මේ විදියට මිනිස්සු කරනව නම් මේ ප්‍රශ්නය තව මාස 2-3කින් ඉවරෙටම ඉවර වෙයි. වැඩේ වෙලා තියෙන්නෙ මිනිස්සුන්ටත් අවබෝධයක් නෑ බං අපේ බදු සල්ලි වලින් තමයි උං පඩි ගන්නෙ කියන එක. අන්න ඒ හැඟීම හරියට තියෙනව නම් ඔයින් එකෙක් ගොං පාට් එකක් දැම්මම බනින්න දෙපාරක් හිතන්නෙ නෑ

    අනිවා මචන්...

    Rajya sewaye inna hipatuwonta uba kiyala thiyena de therenne ne mchn. Railway witharak newei ayathana kipayak harunahama hugak then wala rajya sewaya balu watinne ne. hebei passport kanthoruwe service eka nam pattai lu.

    මම ගියා මචෝ මේ අවුරුද්දේ මුල passport renew කරන්න..සිරාවටම service එක සුපිරි මචන්..පිට රටක වගේ..හැම දෙයක්ම පිලිවෙලයි..හොඳට ෆැසිලිටීස් හදලා තියෙනවා මිනිස්සුන්ට..ඉන්න ස්ටාෆ් එකේ අයත් friendly & Helpful...කිසි රස්තියාදුවක් නැතුව වැඩේ කරගෙන ආව..අපිට ඕනේ මචන් අන්න එහෙම service එකක් අනික් තැන් වලත්..
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    ඕකට සෙට් එකක් ඉන්න වෙලාවක හොදට ඇමතුවනම් ඔය ලෙඩේ හරියනවා,

    මේ ලගදි BOC එකේ වැඩකට ගිය වෙලාවේ මිනිස්සු පෝලිමේ ඒ ගැනී තව එකියක් එක්ක ඔප දුපයක් කියනවා,
    මම ඒකිට ඇමතුවා පෝලිමේ හිටපු උනුත් පටන් ගත්තා,
    දෙන්නෙක් අඩගහගෙන ගිහින් මැනෙජරයටත් ඇමතුවා, ඌ ඇවිල්ලා අර ගැනිට ඇමතුවා
    මෙන්න සද්ද නැතුව පූස් පැටියා වගේ වැඩ

    එල කොල්ලෙක්නෙ උඹ..මටනම් තාම ගට නෑ ඒ වගේ කතා කරන්න..ඒත් එන පොට හොඳ නැති නිසා මාත් කතා කතා කරන්න ගන්න ඕනෙ..නැත්තන් හැමදාම අපි අසරනයි.. තරුන සෙට් එකක් හිටියොත්නම් බය නැතුව කතා කරතැහැකි..
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    අනේ නෑ මචන්...කිසිම දෙයක් අතින් දාල ලිව්වෙ නෑ...වෙච්ච සිරා සිද්දිය කිව්වෙ...මමත් ට්‍රේන් වල ගිහින් තියෙනවා ඉස්සර ඉදන්...ඉස්සරනම් උබ ඔය කියනවා වගෙ ලොකු අව්ලක් තිබ්බෙ නෑ...ප්‍රයිවෙට් බැංකු වගේ අපිට දෙකට නැමෙන්නෙ නැති උනාට CGR උන් ඩීසන් පිට ජොබ් එක කෙරුවා.. ලගදි ඉදන් තමයි ලොකු වෙනසක් පෙන්නෙ...අපි යම් සේවාවක් ගන්න ගියාම අපිව දෙකේ කොලේට දාල කතා කරනවට කව්ද බන් කැමති? සමහරවිට උබ නිතරම යන එන ස්ටේශන් වල තත්වෙ මීට හාත්පසින්ම වෙනස් ඇති..ඒත් බහුතරයක් තැන් වල තත්වෙ මෙකයි..

    අනික මචන් මට ත්‍රෙඩ් එකේ ලොකුවටම හයිලයිට් කරන්න ඔනේ උන දේ තමයි 2019 වෙලත් හරියාකාර system එකක් නැති එක...online ticket booking system එකක්, නැත්තන් pay කරන්න card system එකක් (travel card වගේ දෙයක්) තිබ්බානම් මිනිස්සුන්ටත් පහසුයි උන්ටත් පහසුයි..උබ කියන විදියට ට්‍රේන් එකක යන්න අනිවා පැය බාගයකවත් කලින් යන්න වෙනවනෙ..ඔන්න මම පරක්කුත් වෙලා ගිහින් පට්ට දිග පෝලිමක් තිබිලා මට ට්‍රේන් එක මිස් වෙලා මෙහෙම පොස්ට් එකක් දැම්මනම් මම අසාදරනයි..මේකේ අව්ල පෝලිමේ විනාඩි ගානක් තේරුමක් නතුව ඉදලා උගෙ ලොකු ලයිනුත් අහන් ඉන්න වෙච්ච එක..වොරන්ට් ලියන්න, Inquiries වලට වගේ සාමන්‍ය දෙවල් වලට වෙනම officer කෙනෙක් හිටියනම් කිසි ප්‍රශ්නයක් නෑ...ටිකට් issue කරන officer අනික් හැම ලබ්බක්ම ඉවර කරලා ටිකට් දෙන්න හිටියම යන එන මිනිස්සුන්ටයි කරදරේ..

    මගේ point එක තේරුනා යැයි සිතමි..Anyway අපි හැමොටම ඔනේ පිලිවෙලක් තියෙන, දියුනු, ලස්සන රටක් මචන්...

    ඔන්ලයින් සිස්ටම් එක දැනට හැදෙනවා. චයිනිස් කම්පැනි එකක් කරන්නේ. මොබිටෙල් එකට බිඩ් එක ගිහින් නැතුව කෙස් එකක් ගියාලු. ඒකයි පරක්කු. කොහොමත් ඉක්මනට ඉවර කරයි. දැනට තියන ආරංචියේ හැටියට ටිකට් ප්‍රින්ට් කරන කොළ ගහන කම්පැනිය දැන් ඒ කොළ ගහන්නේ නැති ලු. දැනට ගෙනාපු ස්ටොක් ඉවර උනාම කොහොමත් නිකම් කොළ වල ගහන්න වෙන්නේ. ඊට කලින් ඉවර කරන්න ට්‍රයි කරයි.
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    ඔන්ලයින් සිස්ටම් එක දැනට හැදෙනවා. චයිනිස් කම්පැනි එකක් කරන්නේ. මොබිටෙල් එකට බිඩ් එක ගිහින් නැතුව කෙස් එකක් ගියාලු. ඒකයි පරක්කු. කොහොමත් ඉක්මනට ඉවර කරයි. දැනට තියන ආරංචියේ හැටියට ටිකට් ප්‍රින්ට් කරන කොළ ගහන කම්පැනිය දැන් ඒ කොළ ගහන්නේ නැති ලු. දැනට ගෙනාපු ස්ටොක් ඉවර උනාම කොහොමත් නිකම් කොළ වල ගහන්න වෙන්නේ. ඊට කලින් ඉවර කරන්න ට්‍රයි කරයි.

    Wow...Good NEWS bro...Nice to hear that..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    එල කොල්ලෙක්නෙ උඹ..මටනම් තාම ගට නෑ ඒ වගේ කතා කරන්න..ඒත් එන පොට හොඳ නැති නිසා මාත් කතා කතා කරන්න ගන්න ඕනෙ..නැත්තන් හැමදාම අපි අසරනයි.. තරුන සෙට් එකක් හිටියොත්නම් බය නැතුව කතා කරතැහැකි..
    අපිට අසාධාරනයක් වෙද්දී කට වහගෙන ඉන්ඩ හොද නැ බන් තැන බලලා අපි චෝර වෙන්නේ නැ වගේනම් ගේම ඉල්ලන්ඩ ඕන,
    නැත්තම් හැමෝම කට වහගෙන හිටියොත් උන් කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නැ
    මමත් ඔය ගේම ඉල්ලන්නේ ඉවසලා ඉවසලා බැරිම තැනදී තමා ඉතින්
     
    bump
    හොදම දේ අසාධාරණයක් උනහම කතා කරන එක.
    3418494946cd0988f49388a05d34e397db729cae6e352c04db41cd6ab1371b53784d271c.jpg

    ට්‍රෙන් එකට අදාල නැත්ත මේ පොලිසියේ මහත්වරු දෙන්න. කඩ ඉරකින් ඉස්සර කරපු මාව තනි ඉර ඉස්සර කරා කියල ලිව. Video නැහැ photo නැහැ. ස්ථානීය පරික්ෂාවේදී උන් තනි ඉර තියන වෙන තැනක් පෙන්නුවා. සාක්ෂි උනේ උන්ගේම පොතේ නඩු ගත්තු උන්. මට ඉස්සෙලා ලියල තිබුන ත්‍රිවිල් එකයි. මට පස්සේ ලොරියයි (එයාලගේ වෙන වැරදි) කට උත්තර දුන්නා. කඩ ඉරක් කියල. ASP ගාව complain එක දැම්ම. කට්ට කන්න උනා, එත් සදරනයක් තියෙන්න එපයි බන් හැම දේකම. ඊට පස්සේ වැඩ තහනම් කරලා තමයි වැඩේ පටන් ගත්තේ. පස්සේ වැරැද්ද පිළිගත්තා. ගොඩින් ශේප් වෙන්න ඕනි කියල කිව. අපි කිවේ මෙයාලව රියදුරු පුහුණු කොස් එකකට දාල හරියට උගන්නවන්න. හිතුමතේ මිනිසුන්ව නිකං වැරදි වලට පටලවන්න එපා. ඔය දෙන්නත් එක්ක පෞගලික තරහක් නැහැ (නිකං ගෙමටම් ඉන්න ඕනි නැහැනේ. ඊට පස්සේ ඕකුන් ගෙවල් වලට ඇවිත්, නිකං පටල්ව්වෙන්න ඕනි නැති නිසා ) කියල ශේපුත් වෙලා, පාඩමකුත් උනගන්නල ඉවර උනා.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඔය කතාව සිරා. මම නං හැමැන්නුවා දවසක්,

    මට සාමාන්‍යයෙන් කෝච්චි වල යන එක පට්ටම බෝරිං, පහු වෙලා එන ඒවයි, මගදි කැඩෙන හුකුං හින්දා මට පේන්න බෑ කෝච්චි. දවසක් රෑ අනුරාධපුරේ යන්න ඕන, රෑ වෙලා සෙට් වෙවී හිටියෙ. බස් එකේ යන්න බෑ ඒ කාලෙ පාර හදනවා, කුරුණෑගලින් 9යි ගානකට කෝච්චියක් තියනවා කියලා දැක්කා නෙට් එකෙන් වෙලාව බලනකොට. ඒ වෙලේ 7.30 විතර. බෝතලේ ඉවරවෙලා තව එකක් ගේන්න යන ගමන් ටිකට් එකත් අරගෙන ඇවිත් කෝච්චිය තියන වෙලාව වෙනකන් අඩිය ගහලා එනවා කියලා හිතාගෙන ස්ටේසමට ආවා ටිකට් ගන්න. ඇවිත් 9යි ගානට තියන එකේ ටිකට් එකක් දෙන්න කිවුවා කවුන්ටරේ හිටපු කොල්ලට. මේ කැරියා බැලුවා එක පාරම මූණ දිහා, ඩෝන්ට් කෙයා සීන් එකෙන් කියනවා ටිකට් දැන් දෙන්නෑ, කෝච්චිය එන වෙලාවට විනාඩි 15 ද කොහෙද කලින් ලු දෙන්නෙ. 3rd class ටිකට් එක., මූ මේක කිවුවෙ හෙනම පකුං ටෝන් එකෙන්. මං ඇහුවා ඇයි දෙන්න බැරි කියලා. මූ කියනවා ටිකට් දීලා කෝච්චිය ආවෙ නැත්තං ප්‍රස්නයක් ලු. මං කිවුවා ඒක මං බලාගන්නං ටිකට් එක දෙන්න කියලා. මූ ඒ පාර ඇහුවා දැන් සිංහලෙන් කිවුවනෙ එහෙම දෙන්න බෑ කියලා. චේන් එක පැන්නා මගෙ ඒ වෙලාවෙ. කැරි පකයො ටිකට් එක දීපං මමනෙ සල්ලි දෙන්නෙ තොගෙ පුකේ අමාරුව මොකක්ද කියලා මං ඇහුවා, ස්ටේසන් එකේ සෙනග ඉන්න ඇති 15-20 විතර, කස්ටියම දැන් ෆුල් ඇටෙන්සන් එකේ, ඒ පාර වට වුනා එතෙන්ට උන්ගෙ සුදු ඇඳගත්ත පොන්න රැල,

    ලොක්කෙක් වෙන්නැති ඇවිල්ලා කියනවා ඕයි එහෙම කලින් දෙන්ඩ බෑ කියලා, විදියක් නැල්ලු. මම කිවුවා ඕයි ඔය කාඩ්බෝඩ් කෑල්ල ඔය හුචක්කුවට ගහලා ටිකට් එක දීපං කෝච්චිය ආවෙ නැත්තං මට නෙ පාඩුව තොපිට පුකේ අමාරුව මොකක්ද කියලා, ඒ පාර ඌ කියනවා එහෙම කලින් දෙන්නැල්ලු කොහෙවත්. මං ඇහුවා එහෙනං මොබිටෙල් එකෙං බුක් කරනකොට කොහොමද කලින් දෙන්නෙ කියලා, මුන් ඊට පස්සෙ පොඩ්ඩක් සද්ද නැතුව හිටියා, මම ආයෙම කිවුවා ටිකට් එකක් දෙනවා ඕයි ගොං පාට් නොදා කියලා, බෝතලේ එක අතක, බයිට් අනිත් අතේ මට දැන් ෆුල් මල. ඒ පාර උන්ගෙ ලොක්කකෙක් කියනවා ඔන්න ඕක දීලා දාන්න කියලා. ඒ පාර අර පොන්නයා දුන්නා ටිකට් එක.

    දැන් හරි, ටිකට් එක මගෙ අතේනෙ. පටන් ගත්තා පකයලාව මඩවන්න. මං ඇහුවා ඈ පකෝ දැන් දෙන්න බෑ කිවුවෙ කලින්, දැන් කොහොමද දෙන්න බැරි එක දුන්නෙ කියලා. උන් හිතුවෙ නෑ කීයටවත් එහෙම අහයි කියලා, දැන් ටිකට් එක ගත්තනෙ යන්න කියනව උන්, මම ඇද්දා ගේම ආයෙ. දෙන්න බෑ කිවුවනං කොහොමද පකෝ දෙන්නෙ, කලින් එහෙනං දෙන්න පුලුවන් කම තිබිලද දුන්නෙ නැත්තෙ කැරි පොන්නයො හුකෝ ගන්ඩෙපා පකේ ලයින් දාලා, තොපි කැරි ලයින් දෙන්නෙපා පුකේ ඇරොලා යවන්නෙ කියලා විනාඩි 2,3 ක් දේසනයක් දීලා ආවා මම. ඒ බැන්න නිසාමද මන්දා බං යාපනේ යන දෙමල හැත්තක් එක්ක රෑ වෙලා අනුරාදපුරේ යන්ඩ සෙට් වුනේ හඩු ගඳ ගහ ගහා උන්ගෙ. ඒ මදිවට මහවින් කැඩුනා කරන්ට් ගියා, පටිටම දුකක් විඳලා පාන්දර 1යි ගානකට අනුරාදපුරෙන් බැස්සා. සහරා ෆ්ලෑෂ් ෂෝ එකක් හරි අහගෙන පැය 3න් බස් එකේ අනුරාදපුරේ යන එක දාහෙන් සම්පතයි බං ඊට වඩා,,
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    මමත් හැමදාම train එකේ යන්නේ ලේසි නිසා ..
    එත් මේ service එක ගැන මගේ ලොකු පහදීමක් නෑ
    ගොඩක් හැදෙන්න ඕනේ දේවල් තියෙනවා

    හිටපු ගමන් අදාළ ඇමති හරි ..ජනාධිපති හරි office train එකක හොරෙන් ගිහින් බැලුවනම් අඩුපාඩු ගොඩක් හොයා ගන්න පුලුහන් වෙයි..
    අපේ රටේ අදාල බලදාරින් හරියට හොයල බලන්නේ නැති නිසා ...රට හැමදාම පහලටම තමයි..
    කොහොමත් train එකේ යන මිනිස්සු සමහර දවස් වලට පුදුම කට්ටක් කන්නේ.
     
    Last edited:
  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    Facebook එකේ තිබ්බ photo එකක් දැකල ලගදි වෙච්ච සිද්දියක් මතක් උනා..photo එක බලලා ඉඳහල්ලකො මුලින්ම...

    lfBwc9Q.png

    https://www.facebook.com/apearata/photos/a.358256810948793/2593999477374504/?type=3&theater

    මේකයි සීන් එක..මම ගිය සතියේ අනුරාධපුරේ ගියා ට්‍රේන් එකේ...ගම්පහින් නැග්ගේ..ගම්පහ ටිකට් කවුන්ටර් එකෙන් අනුරාධපුර 2nd class ටිකට් එකක් ඉල්ලුවා.. කොල්ලෙක් හිටියේ ..මම සල්ලි දෙන ගමන් ඇහුවා 9.30 train එක තියෙනවා නේද කියලා..ඌ හෙන line එකේ කියනවා "9.30 එක අද පැයක් පරක්කුයි..ඔයාල ඕවා දැනගන්න එපැයි" කියල..එහෙම කියලා ඉතුරු සල්ලි 150ක් දුන්නා නෙමෙයි, දමලා ගැහුවා (මම 500 නෝට්ටුවක් දුන්නේ)..මම ඉතින් ඉතුරු සල්ලි ටිකත් අරන් platform එකට යන ගමන් ටිකට් එක බැලුවා..මෙන්න යකෝ එකේ තියෙන්නේ 250 කියල ගහලා..ඒ උනාට 2nd class කියලත් ගහල තියෙනවා.... මම ෆුල් අන්දොස්..ඔන්න ඔහේ කමක් නෑ කියලා ඇවිත් වාඩි උනා train එක එනකන්..අරූ අර විදියට කතා කරපු එකේ උගෙන් ටිකට් ප්‍රයිස් අහන්න ගිහින් නිකන් ටින් කිරි ගාගන්න ඕනේ නෑනේ..අනික මම ආයේ සැරයක් check කරලා බැලුවා eservices.railway.gov.lk site එකට ගිහින්..එතකොට තමයි මීටර් උනේ ඌ ඉතුරු සල්ලි දුන්න ගාන හරි කියලා..එත් ටිකට් එකේ ප්‍රින්ට් එක වැරදියි..කොහොමින් හරි පැයකටත් වඩා වාඩි වෙලා හිටියා train එක එනකන්..train එකත් ආව කියමුකෝ..2nd class අරගෙනත් පොල්ගහවෙලට යනකන්ම හිටගෙන ගියේ..එකනම් අව්ලක් නෑ..ෆූට් බෝඩ් එකේ යන එකත් වෙනම ආතල් එකක්නේ..

    කතාවේ හොඳම සීන් එක, පහුවෙනිදා රෑ train එකේ ආයේ කොළඹ එන්න අනුරාධපුරේ station එකට ගියා..මම යනකොට 10.30 විතර ඇති..එතකොටත් කොළඹ යන train එකක් ඇවිත් platform එකට..දුවලා ගියා ටිකට් එකක් ගන්න කවුන්ටරේට...මම යනකොට 1 ගෑනු කෙනෙක් විතරයි පෝලිමේ හිටියේ..මගේ පස්සෙන් තව මනුස්සයෙකුත් පෝලිමට සෙට් උනා..කවුන්ටරේ හිටියේ ටිකක් මැදි වයසේ වගේ පොරක්..පොර බිල් පොතක් වගේ එකක් දිග ඇරගෙන මොනවදෝ ලියනවා..විනාඩියක් දෙකක් වගේ හිටියා..මේක ඉවර වෙන පාටක් නෑ වගේ නිසා මම සල්ලිත් අතට අරන් ටිකක් ඉස්සරහට ගියා ගෑනු කෙනාගේ side එකෙන්..ඒ එක්කම මගේ පිටිපස්සෙන් හිටපු බුවත් සල්ලි අරන් මගේ ළඟටම ආව ..කවුන්ටරේ බුවා අපි දෙන්නා දිහා බලලා කියපි "ඔයාලට හදිස්සි උනාට කරන්න දෙයක් නෑ, මම මේ වොරන්ට් ටික ලියලා තමයි ටිකට් දෙන්නේ..කෝච්චිය ගියත් මට කරන්න දෙයක් නෑ " කියල..මට යකා නැග්ග..ඇයි යකෝ අරෙහෙ train එක අද්දන්න හදනවා..මෙතන පෝලිමේ සෑහෙන්න වෙලා හිටගෙන..ඒ අස්සේ මුගේ පොර ටෝක් අහගෙන ඉන්නත් ඕනේ..මගේ පිටිපස්සේ හිටපු එකත් මගේ දිහා බලලා සෑඩ් මූඩ් එකක් දැම්ම වෙන කරන්න දෙයක් නෑනේ වගේ..මමත් කට පියන් හිටියා ඉතින් වෙන මොනා කරන්නද කියලා ...නොදන්න පලාතක්නේ..කොහොමහරි අර ගෑනි වොරන්ට්ද මොනවද මන්ද 4ක් 5කම ලියාගෙන ගියාට පස්සේ ටිකට් ගත්තා...ටක් ගාල train එකට ගොඩ උනා..2nd class එකෙත් සෙනග අම්බානෙක..ඒ එක්කම වගේ train එකත් ඇද්දුව ..

    ඔන්න ඕකයි කතාව..මම train එකේ daily travel කරන කෙනෙක් නෙමෙයි..හැබැයි ගොඩක් ගමන් ගිහින් තියෙනවා train එකේ..observation, 1st class, 2nd class, 3rd class හැම එකකම ගිහිල්ලත් තියෙනවා..මට ප්‍රශ්නේ තියෙන්නේ ලඟදි ඉඳන් මේ කවුන්ටර් වල ඉන්න උන්ට මොකද වෙලා තියෙන්නේ කියලා..ඉස්සර කියලත් පට්ට සුහදශීලි service එකක් නෙමෙයි බව දන්නවා..එත් දැන් නිකන් ගේමටමයි එන්නේ වගේ line එකක්නේ තියෙන්නේ..ගම්පහ කවුන්ටරේ එකා එදා සල්ලි දමලා ගහලා line එකේ කතා කලේ එදා උගේ අවුල් දවසක් වෙන්න ඇති කියල මම හිතුවේ..හැමෝටම මල පැනපු දවස් සෙට් වෙනවනේ එහෙම..එත් පහුවෙන්දා අයෙත් එකම උනාම වෙන station එකක, මට හිතුන මේකේ මොකක් හරි අව්ලක් තියෙන්න ඕනේ කියල...එක්කෝ මුන්ට වුර්තීය සංගම් වලින් උපදෙස් දීල ඇති එන උන්ව වැඩිය ගණන් ගන්න එපා වගේ සීන් එකක්..පහුගිය කාලේ strike වලදී මිනිස්සු තරහට මුන්ට බැනපු එකේ ඇරියස් cover කරගන්න හදනවද දන්නෙත් නෑ..

    කොහොමින් හරි train service එක දවසින් දවස වලපල්ලට යන සීන් එකක් පෙන්නේ මටනම් ...train එකේ ඇතුලේ condition එක, දවසකට තියෙන train ගණන, noise එක, ඩීසල් දුම, station වල අපිරිසිදු toilet, ජැක් සීන්, හිඟන්නෝ, වගේ එකී මෙකී නොකී දාහක් දේවල් කවදාවත් හැදෙන පාටක්නම් නෑ ..මටත් වඩා train එකේ daily යන උන් දන්නවා ඇතිනේ අඩුපාඩුකම් ගැන..ඒ නිසා මම ඒ ගැන කතා කරන්න යන්නේ නෑ.. එත් හිතාගන්න බැරි තරම් අවුල් සීන් එක මේ 2019 වෙලත් තාමත් මුන්ට online booking system එකක් හදාගන්න බෑ ...හිතහන්කෝ මේ 2019 ඉවරවෙලා 2020ත් ලබන්න යනවා..ඔන්න 2005, 2010 වගේ කාලෙනම් තව කමක් නෑ කියමුකෝ අපේ රටට තාක්ශනේ එන්නේ පරක්කු වෙලානේ කියල අමාරුවෙන් හිත හදාගත්තහැකි...එත් 2019 වෙලත් නෑ කියන්නේ යකෝ විලි ලැජ්ජයිනේ...train එක කොහෙද තියෙන්නේ බලන්න GPS Based App එකක්වත් නෑ ..සිරාවටම කලකිරිලා තියෙන්නේ බන්...කවදා හැදෙයිද මේවා...

    අඩෝ තෝ අනුරාධපුරෙත් ගියාද? තොට හොද වැඩේ තනියෙන් ගියාට :rofl::rofl:
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    අලුත් මල්ලී;25018779 said:
    අඩෝ තෝ අනුරාධපුරෙත් ගියාද? තොට හොද වැඩේ තනියෙන් ගියාට :rofl::rofl:

    කතා කරත් උබලා එන එකක් යැ....කොහේ එන්නද බන් මේ වැඩත් එක්ක කියනවනේ..ඉතින් තනියම ගියා...(Personal වැඩකට ගියේ බන්..නැත්තන් උබලා ආවත් නැතත් උබලට call එකක් දෙනවා කියලා දන්නවනේ..)