V
V
V
Mama kiyanne hamudawa dalawat wena frame kin wat owa hadanna ba podi kale idala Enna one dewal owa
Anika hamudawa dammat loku connection thiyena un owagen ringanawa
Ethakota Dan tiyena wiwechanaya krna nidahasat nati wewi
V
V
V
Mama kiyanne hamudawa dalawat wena frame kin wat owa hadanna ba podi kale idala Enna one dewal owa
Anika hamudawa dammat loku connection thiyena un owagen ringanawa
Ethakota Dan tiyena wiwechanaya krna nidahasat nati wewi
Meka therune na. loku connection thiyena un owagen ringanawa
Army kiyala wenasak na bn oya army ekema officers lage Paul wala un ,mp la unge Paul wala un,lokuwatama ringanawa
ita passe army eke kiyala nane yaluwanta Paul wala unta priority eka denawa
Dan nam arunta baninna Hari puluwan eth army ekata ehema baninna bane
අනේ නෑ මචන්...කිසිම දෙයක් අතින් දාල ලිව්වෙ නෑ...වෙච්ච සිරා සිද්දිය කිව්වෙ...මමත් ට්‍රේන් වල ගිහින් තියෙනවා ඉස්සර ඉදන්...ඉස්සරනම් උබ ඔය කියනවා වගෙ ලොකු අව්ලක් තිබ්බෙ නෑ...ප්‍රයිවෙට් බැංකු වගේ අපිට දෙකට නැමෙන්නෙ නැති උනාට CGR උන් ඩීසන් පිට ජොබ් එක කෙරුවා.. ලගදි ඉදන් තමයි ලොකු වෙනසක් පෙන්නෙ...අපි යම් සේවාවක් ගන්න ගියාම අපිව දෙකේ කොලේට දාල කතා කරනවට කව්ද බන් කැමති? සමහරවිට උබ නිතරම යන එන ස්ටේශන් වල තත්වෙ මීට හාත්පසින්ම වෙනස් ඇති..ඒත් බහුතරයක් තැන් වල තත්වෙ මෙකයි..
අනික මචන් මට ත්‍රෙඩ් එකේ ලොකුවටම හයිලයිට් කරන්න ඔනේ උන දේ තමයි 2019 වෙලත් හරියාකාර system එකක් නැති එක...online ticket booking system එකක්, නැත්තන් pay කරන්න card system එකක් (travel card වගේ දෙයක්) තිබ්බානම් මිනිස්සුන්ටත් පහසුයි උන්ටත් පහසුයි..උබ කියන විදියට ට්‍රේන් එකක යන්න අනිවා පැය බාගයකවත් කලින් යන්න වෙනවනෙ..ඔන්න මම පරක්කුත් වෙලා ගිහින් පට්ට දිග පෝලිමක් තිබිලා මට ට්‍රේන් එක මිස් වෙලා මෙහෙම පොස්ට් එකක් දැම්මනම් මම අසාදරනයි..මේකේ අව්ල පෝලිමේ විනාඩි ගානක් තේරුමක් නතුව ඉදලා උගෙ ලොකු ලයිනුත් අහන් ඉන්න වෙච්ච එක..වොරන්ට් ලියන්න, Inquiries වලට වගේ සාමන්‍ය දෙවල් වලට වෙනම officer කෙනෙක් හිටියනම් කිසි ප්‍රශ්නයක් නෑ...ටිකට් issue කරන officer අනික් හැම ලබ්බක්ම ඉවර කරලා ටිකට් දෙන්න හිටියම යන එන මිනිස්සුන්ටයි කරදරේ..
මගේ point එක තේරුනා යැයි සිතමි..Anyway අපි හැමොටම ඔනේ පිලිවෙලක් තියෙන, දියුනු, ලස්සන රටක් මචන්...
මම නම් නිතරම කෝච්චියේ යනවා.. සේවකයෝ අවුල් තමා. හොද එවුන් ටිකක් ඉන්නවා. ටිකක් අවුල් එවුන් සෑහෙන්න ඉන්නවා.. සුලු පිරිසක් පජාති.. සමහර ස්ටේෂන් වල ඉන්නවා පට්ට ස්පීඩ් වෑඩ කරන අය. පට ගාලා ටිකට් දෙනවා පෝලිම ඉවර කරන්න. සමහර වෙලවාට ටිකට් විසි කරනවා තමා ඉක්මනට දෙන්න ඕනේ හින්දා? සමහර එවුන් ඉන්නවා කීයක් අරන් ගියත් ඉතුරු දෙනවා සද්දේ නොදා. මොකද අපිත් තියෙනවා නම් මාරු සල්ලි අරන් යනවා නෑත්නම් තමා කොල අරන් යන්නේ. මට එකම එක පාරක් එකෙක් කිව්වා ආයේ පන්සීයේ ඒවා ගේන්න එපා ටිකට් දෙන්නේ නෑ කියලා... මම හා කිව්වා.. ටිකට් දෙන්නෑත්නම් නිකන් යනවනේ..එකම එක දවසක් මරදානෙදි වලියක් දා ගත්තා... ඔෆීස් එකේ කේස් එකකට ෆෝන් එක කනේ ගහන් හිටියේ.. මම කවුන්ටරේට ගිහින් ටිකට් එක ඉල්ලුවා.. කවුන්ටරේ එකා කියාපී ඉස්සෙල්ලා ෆෝන් එක කට් කරලා ඉන්න කියලා.. මම ඈහුවා ඉතින් මම ෆෝන් එක කනේ ගහන් ඉන්න එකේ ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කටවහගෙන ඉල්ලපු තෑනට ටිකට් එක දෙන්න කියලා.. මම ඌට තව මොන මොනවා හරි කියලා බෑන්නා දෑන් මතක නෑ. සමහර එවුන් හිතන් ඉන්නේ උන් නෑතුව කෝච්චි දුවන්න බෑ, මිනිස්සු කෝච්චියේ නිකන් යන්නේ.. උන් මේ කරන්නේ ෆ්‍රී සර්විස් එකක් වගේ. මෙතන මිනිස්සුන්ගෙත් වෑරෑද්දක් තියෙනවා. මිනිස්සු දෑන ගන්න ඕනේ මේ ඉන්නේ තමන්ට සේවය කරන්න ඉන්න පිරිසක් කියලා. උන් අනවශය විදිහට සද්දේ දානවා නම් පාට් දානවා නම් අනිත් අතට රිටර්න් එක දෙන්න ඕනේ.. වෑඩිය සද්දේ නම් ආයතනයේ ලොක්කා ලගට කෙලින්ම ගිහින් තමන්ගේ පෑමිණිල්ල කරන්න තියෙන්නේ.
සල්ලියි ටිකට් එකයි අත් දෙකෙන් දෙන්න උන්ට ටයිම් එකක් නෑ බන්. හැබැයි ලොකු සීන් දාන අයත් ඉන්නවා. ඒ වගේම වැඩේ ඉක්මනට කරලා දෙන හොඳ අයත් ඉන්නවා. වෙන රටවල් වලනම් වැඩ කරන මිනිස්සු තමන් හිතලයි හැදෙන්නෙ. අපේ රටේ තමන් හිතලා හැදෙන්න බැරි විනයක් නැති මිනිස්සුන්ට විනයක් ලබා දෙන්න ඕනේ නම් කරන්න තියෙන්නෙ මේවා හමුදාවට පාලනය කරන්න දෙන එක. එහෙම උනොත් ස්ට්‍රයික් නැති වේවී. සේවාව වෙනදට වඩා කාර්යක්ෂම වේවි. විනයක් ඇතිව මිනිස්සු වැඩ කරාවි. වංචා දූශන නැති වේවි. අවාසනාවකට අපේ රට දියුණු කරන්න මේ රටේ කිසිම ජනාදිපති කෙනෙකුට උවමනාවක් නෑ. ඒකයි අපේ රට තාමත් එක තැන පල් වෙන්නෙ.
මෙන්න හරියටම වෙන්න ඕන දේ. මෙතැනට විතරක් ඇප්ලයි වෙන්න ඕන දෙයක් නෙමෙයි මේක. රාජ්‍ය හැම ආයතනයකම මේ විදියට මිනිස්සු කරනව නම් මේ ප්‍රශ්නය තව මාස 2-3කින් ඉවරෙටම ඉවර වෙයි. වැඩේ වෙලා තියෙන්නෙ මිනිස්සුන්ටත් අවබෝධයක් නෑ බං අපේ බදු සල්ලි වලින් තමයි උං පඩි ගන්නෙ කියන එක. අන්න ඒ හැඟීම හරියට තියෙනව නම් ඔයින් එකෙක් ගොං පාට් එකක් දැම්මම බනින්න දෙපාරක් හිතන්නෙ නෑ
Rajya sewaye inna hipatuwonta uba kiyala thiyena de therenne ne mchn. Railway witharak newei ayathana kipayak harunahama hugak then wala rajya sewaya balu watinne ne. hebei passport kanthoruwe service eka nam pattai lu.
ඕකට සෙට් එකක් ඉන්න වෙලාවක හොදට ඇමතුවනම් ඔය ලෙඩේ හරියනවා,
මේ ලගදි BOC එකේ වැඩකට ගිය වෙලාවේ මිනිස්සු පෝලිමේ ඒ ගැනී තව එකියක් එක්ක ඔප දුපයක් කියනවා,
මම ඒකිට ඇමතුවා පෝලිමේ හිටපු උනුත් පටන් ගත්තා,
දෙන්නෙක් අඩගහගෙන ගිහින් මැනෙජරයටත් ඇමතුවා, ඌ ඇවිල්ලා අර ගැනිට ඇමතුවා
මෙන්න සද්ද නැතුව පූස් පැටියා වගේ වැඩ
අනේ නෑ මචන්...කිසිම දෙයක් අතින් දාල ලිව්වෙ නෑ...වෙච්ච සිරා සිද්දිය කිව්වෙ...මමත් ට්‍රේන් වල ගිහින් තියෙනවා ඉස්සර ඉදන්...ඉස්සරනම් උබ ඔය කියනවා වගෙ ලොකු අව්ලක් තිබ්බෙ නෑ...ප්‍රයිවෙට් බැංකු වගේ අපිට දෙකට නැමෙන්නෙ නැති උනාට CGR උන් ඩීසන් පිට ජොබ් එක කෙරුවා.. ලගදි ඉදන් තමයි ලොකු වෙනසක් පෙන්නෙ...අපි යම් සේවාවක් ගන්න ගියාම අපිව දෙකේ කොලේට දාල කතා කරනවට කව්ද බන් කැමති? සමහරවිට උබ නිතරම යන එන ස්ටේශන් වල තත්වෙ මීට හාත්පසින්ම වෙනස් ඇති..ඒත් බහුතරයක් තැන් වල තත්වෙ මෙකයි..
අනික මචන් මට ත්‍රෙඩ් එකේ ලොකුවටම හයිලයිට් කරන්න ඔනේ උන දේ තමයි 2019 වෙලත් හරියාකාර system එකක් නැති එක...online ticket booking system එකක්, නැත්තන් pay කරන්න card system එකක් (travel card වගේ දෙයක්) තිබ්බානම් මිනිස්සුන්ටත් පහසුයි උන්ටත් පහසුයි..උබ කියන විදියට ට්‍රේන් එකක යන්න අනිවා පැය බාගයකවත් කලින් යන්න වෙනවනෙ..ඔන්න මම පරක්කුත් වෙලා ගිහින් පට්ට දිග පෝලිමක් තිබිලා මට ට්‍රේන් එක මිස් වෙලා මෙහෙම පොස්ට් එකක් දැම්මනම් මම අසාදරනයි..මේකේ අව්ල පෝලිමේ විනාඩි ගානක් තේරුමක් නතුව ඉදලා උගෙ ලොකු ලයිනුත් අහන් ඉන්න වෙච්ච එක..වොරන්ට් ලියන්න, Inquiries වලට වගේ සාමන්‍ය දෙවල් වලට වෙනම officer කෙනෙක් හිටියනම් කිසි ප්‍රශ්නයක් නෑ...ටිකට් issue කරන officer අනික් හැම ලබ්බක්ම ඉවර කරලා ටිකට් දෙන්න හිටියම යන එන මිනිස්සුන්ටයි කරදරේ..
මගේ point එක තේරුනා යැයි සිතමි..Anyway අපි හැමොටම ඔනේ පිලිවෙලක් තියෙන, දියුනු, ලස්සන රටක් මචන්...
ඔන්ලයින් සිස්ටම් එක දැනට හැදෙනවා. චයිනිස් කම්පැනි එකක් කරන්නේ. මොබිටෙල් එකට බිඩ් එක ගිහින් නැතුව කෙස් එකක් ගියාලු. ඒකයි පරක්කු. කොහොමත් ඉක්මනට ඉවර කරයි. දැනට තියන ආරංචියේ හැටියට ටිකට් ප්‍රින්ට් කරන කොළ ගහන කම්පැනිය දැන් ඒ කොළ ගහන්නේ නැති ලු. දැනට ගෙනාපු ස්ටොක් ඉවර උනාම කොහොමත් නිකම් කොළ වල ගහන්න වෙන්නේ. ඊට කලින් ඉවර කරන්න ට්‍රයි කරයි.
අපිට අසාධාරනයක් වෙද්දී කට වහගෙන ඉන්ඩ හොද නැ බන් තැන බලලා අපි චෝර වෙන්නේ නැ වගේනම් ගේම ඉල්ලන්ඩ ඕන,එල කොල්ලෙක්නෙ උඹ..මටනම් තාම ගට නෑ ඒ වගේ කතා කරන්න..ඒත් එන පොට හොඳ නැති නිසා මාත් කතා කතා කරන්න ගන්න ඕනෙ..නැත්තන් හැමදාම අපි අසරනයි.. තරුන සෙට් එකක් හිටියොත්නම් බය නැතුව කතා කරතැහැකි..
Facebook එකේ තිබ්බ photo එකක් දැකල ලගදි වෙච්ච සිද්දියක් මතක් උනා..photo එක බලලා ඉඳහල්ලකො මුලින්ම...
![]()
https://www.facebook.com/apearata/photos/a.358256810948793/2593999477374504/?type=3&theater
මේකයි සීන් එක..මම ගිය සතියේ අනුරාධපුරේ ගියා ට්‍රේන් එකේ...ගම්පහින් නැග්ගේ..ගම්පහ ටිකට් කවුන්ටර් එකෙන් අනුරාධපුර 2nd class ටිකට් එකක් ඉල්ලුවා.. කොල්ලෙක් හිටියේ ..මම සල්ලි දෙන ගමන් ඇහුවා 9.30 train එක තියෙනවා නේද කියලා..ඌ හෙන line එකේ කියනවා "9.30 එක අද පැයක් පරක්කුයි..ඔයාල ඕවා දැනගන්න එපැයි" කියල..එහෙම කියලා ඉතුරු සල්ලි 150ක් දුන්නා නෙමෙයි, දමලා ගැහුවා (මම 500 නෝට්ටුවක් දුන්නේ)..මම ඉතින් ඉතුරු සල්ලි ටිකත් අරන් platform එකට යන ගමන් ටිකට් එක බැලුවා..මෙන්න යකෝ එකේ තියෙන්නේ 250 කියල ගහලා..ඒ උනාට 2nd class කියලත් ගහල තියෙනවා.... මම ෆුල් අන්දොස්..ඔන්න ඔහේ කමක් නෑ කියලා ඇවිත් වාඩි උනා train එක එනකන්..අරූ අර විදියට කතා කරපු එකේ උගෙන් ටිකට් ප්‍රයිස් අහන්න ගිහින් නිකන් ටින් කිරි ගාගන්න ඕනේ නෑනේ..අනික මම ආයේ සැරයක් check කරලා බැලුවා eservices.railway.gov.lk site එකට ගිහින්..එතකොට තමයි මීටර් උනේ ඌ ඉතුරු සල්ලි දුන්න ගාන හරි කියලා..එත් ටිකට් එකේ ප්‍රින්ට් එක වැරදියි..කොහොමින් හරි පැයකටත් වඩා වාඩි වෙලා හිටියා train එක එනකන්..train එකත් ආව කියමුකෝ..2nd class අරගෙනත් පොල්ගහවෙලට යනකන්ම හිටගෙන ගියේ..එකනම් අව්ලක් නෑ..ෆූට් බෝඩ් එකේ යන එකත් වෙනම ආතල් එකක්නේ..
කතාවේ හොඳම සීන් එක, පහුවෙනිදා රෑ train එකේ ආයේ කොළඹ එන්න අනුරාධපුරේ station එකට ගියා..මම යනකොට 10.30 විතර ඇති..එතකොටත් කොළඹ යන train එකක් ඇවිත් platform එකට..දුවලා ගියා ටිකට් එකක් ගන්න කවුන්ටරේට...මම යනකොට 1 ගෑනු කෙනෙක් විතරයි පෝලිමේ හිටියේ..මගේ පස්සෙන් තව මනුස්සයෙකුත් පෝලිමට සෙට් උනා..කවුන්ටරේ හිටියේ ටිකක් මැදි වයසේ වගේ පොරක්..පොර බිල් පොතක් වගේ එකක් දිග ඇරගෙන මොනවදෝ ලියනවා..විනාඩියක් දෙකක් වගේ හිටියා..මේක ඉවර වෙන පාටක් නෑ වගේ නිසා මම සල්ලිත් අතට අරන් ටිකක් ඉස්සරහට ගියා ගෑනු කෙනාගේ side එකෙන්..ඒ එක්කම මගේ පිටිපස්සෙන් හිටපු බුවත් සල්ලි අරන් මගේ ළඟටම ආව ..කවුන්ටරේ බුවා අපි දෙන්නා දිහා බලලා කියපි "ඔයාලට හදිස්සි උනාට කරන්න දෙයක් නෑ, මම මේ වොරන්ට් ටික ලියලා තමයි ටිකට් දෙන්නේ..කෝච්චිය ගියත් මට කරන්න දෙයක් නෑ " කියල..මට යකා නැග්ග..ඇයි යකෝ අරෙහෙ train එක අද්දන්න හදනවා..මෙතන පෝලිමේ සෑහෙන්න වෙලා හිටගෙන..ඒ අස්සේ මුගේ පොර ටෝක් අහගෙන ඉන්නත් ඕනේ..මගේ පිටිපස්සේ හිටපු එකත් මගේ දිහා බලලා සෑඩ් මූඩ් එකක් දැම්ම වෙන කරන්න දෙයක් නෑනේ වගේ..මමත් කට පියන් හිටියා ඉතින් වෙන මොනා කරන්නද කියලා ...නොදන්න පලාතක්නේ..කොහොමහරි අර ගෑනි වොරන්ට්ද මොනවද මන්ද 4ක් 5කම ලියාගෙන ගියාට පස්සේ ටිකට් ගත්තා...ටක් ගාල train එකට ගොඩ උනා..2nd class එකෙත් සෙනග අම්බානෙක..ඒ එක්කම වගේ train එකත් ඇද්දුව ..
ඔන්න ඕකයි කතාව..මම train එකේ daily travel කරන කෙනෙක් නෙමෙයි..හැබැයි ගොඩක් ගමන් ගිහින් තියෙනවා train එකේ..observation, 1st class, 2nd class, 3rd class හැම එකකම ගිහිල්ලත් තියෙනවා..මට ප්‍රශ්නේ තියෙන්නේ ලඟදි ඉඳන් මේ කවුන්ටර් වල ඉන්න උන්ට මොකද වෙලා තියෙන්නේ කියලා..ඉස්සර කියලත් පට්ට සුහදශීලි service එකක් නෙමෙයි බව දන්නවා..එත් දැන් නිකන් ගේමටමයි එන්නේ වගේ line එකක්නේ තියෙන්නේ..ගම්පහ කවුන්ටරේ එකා එදා සල්ලි දමලා ගහලා line එකේ කතා කලේ එදා උගේ අවුල් දවසක් වෙන්න ඇති කියල මම හිතුවේ..හැමෝටම මල පැනපු දවස් සෙට් වෙනවනේ එහෙම..එත් පහුවෙන්දා අයෙත් එකම උනාම වෙන station එකක, මට හිතුන මේකේ මොකක් හරි අව්ලක් තියෙන්න ඕනේ කියල...එක්කෝ මුන්ට වුර්තීය සංගම් වලින් උපදෙස් දීල ඇති එන උන්ව වැඩිය ගණන් ගන්න එපා වගේ සීන් එකක්..පහුගිය කාලේ strike වලදී මිනිස්සු තරහට මුන්ට බැනපු එකේ ඇරියස් cover කරගන්න හදනවද දන්නෙත් නෑ..
කොහොමින් හරි train service එක දවසින් දවස වලපල්ලට යන සීන් එකක් පෙන්නේ මටනම් ...train එකේ ඇතුලේ condition එක, දවසකට තියෙන train ගණන, noise එක, ඩීසල් දුම, station වල අපිරිසිදු toilet, ජැක් සීන්, හිඟන්නෝ, වගේ එකී මෙකී නොකී දාහක් දේවල් කවදාවත් හැදෙන පාටක්නම් නෑ ..මටත් වඩා train එකේ daily යන උන් දන්නවා ඇතිනේ අඩුපාඩුකම් ගැන..ඒ නිසා මම ඒ ගැන කතා කරන්න යන්නේ නෑ.. එත් හිතාගන්න බැරි තරම් අවුල් සීන් එක මේ 2019 වෙලත් තාමත් මුන්ට online booking system එකක් හදාගන්න බෑ ...හිතහන්කෝ මේ 2019 ඉවරවෙලා 2020ත් ලබන්න යනවා..ඔන්න 2005, 2010 වගේ කාලෙනම් තව කමක් නෑ කියමුකෝ අපේ රටට තාක්ශනේ එන්නේ පරක්කු වෙලානේ කියල අමාරුවෙන් හිත හදාගත්තහැකි...එත් 2019 වෙලත් නෑ කියන්නේ යකෝ විලි ලැජ්ජයිනේ...train එක කොහෙද තියෙන්නේ බලන්න GPS Based App එකක්වත් නෑ ..සිරාවටම කලකිරිලා තියෙන්නේ බන්...කවදා හැදෙයිද මේවා...

අලුත් මල්ලී;25018779 said:අඩෝ තෝ අනුරාධපුරෙත් ගියාද? තොට හොද වැඩේ තනියෙන් ගියාට![]()