මේ පුකේ අමාරුව ලගදි හැදුන එකක්ද?

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    මේ පුකේ අමාරුව ලගදි හැදුන එකක්ද?

    Facebook එකේ තිබ්බ photo එකක් දැකල ලගදි වෙච්ච සිද්දියක් මතක් උනා..photo එක බලලා ඉඳහල්ලකො මුලින්ම...

    lfBwc9Q.png

    https://www.facebook.com/apearata/photos/a.358256810948793/2593999477374504/?type=3&theater

    මේකයි සීන් එක..මම ගිය සතියේ අනුරාධපුරේ ගියා ට්‍රේන් එකේ...ගම්පහින් නැග්ගේ..ගම්පහ ටිකට් කවුන්ටර් එකෙන් අනුරාධපුර 2nd class ටිකට් එකක් ඉල්ලුවා.. කොල්ලෙක් හිටියේ ..මම සල්ලි දෙන ගමන් ඇහුවා 9.30 train එක තියෙනවා නේද කියලා..ඌ හෙන line එකේ කියනවා "9.30 එක අද පැයක් පරක්කුයි..ඔයාල ඕවා දැනගන්න එපැයි" කියල..එහෙම කියලා ඉතුරු සල්ලි 150ක් දුන්නා නෙමෙයි, දමලා ගැහුවා (මම 500 නෝට්ටුවක් දුන්නේ)..මම ඉතින් ඉතුරු සල්ලි ටිකත් අරන් platform එකට යන ගමන් ටිකට් එක බැලුවා..මෙන්න යකෝ එකේ තියෙන්නේ 250 කියල ගහලා..ඒ උනාට 2nd class කියලත් ගහල තියෙනවා.... මම ෆුල් අන්දොස්..ඔන්න ඔහේ කමක් නෑ කියලා ඇවිත් වාඩි උනා train එක එනකන්..අරූ අර විදියට කතා කරපු එකේ උගෙන් ටිකට් ප්‍රයිස් අහන්න ගිහින් නිකන් ටින් කිරි ගාගන්න ඕනේ නෑනේ..අනික මම ආයේ සැරයක් check කරලා බැලුවා eservices.railway.gov.lk site එකට ගිහින්..එතකොට තමයි මීටර් උනේ ඌ ඉතුරු සල්ලි දුන්න ගාන හරි කියලා..එත් ටිකට් එකේ ප්‍රින්ට් එක වැරදියි..කොහොමින් හරි පැයකටත් වඩා වාඩි වෙලා හිටියා train එක එනකන්..train එකත් ආව කියමුකෝ..2nd class අරගෙනත් පොල්ගහවෙලට යනකන්ම හිටගෙන ගියේ..එකනම් අව්ලක් නෑ..ෆූට් බෝඩ් එකේ යන එකත් වෙනම ආතල් එකක්නේ..

    කතාවේ හොඳම සීන් එක, පහුවෙනිදා රෑ train එකේ ආයේ කොළඹ එන්න අනුරාධපුරේ station එකට ගියා..මම යනකොට 10.30 විතර ඇති..එතකොටත් කොළඹ යන train එකක් ඇවිත් platform එකට..දුවලා ගියා ටිකට් එකක් ගන්න කවුන්ටරේට...මම යනකොට 1 ගෑනු කෙනෙක් විතරයි පෝලිමේ හිටියේ..මගේ පස්සෙන් තව මනුස්සයෙකුත් පෝලිමට සෙට් උනා..කවුන්ටරේ හිටියේ ටිකක් මැදි වයසේ වගේ පොරක්..පොර බිල් පොතක් වගේ එකක් දිග ඇරගෙන මොනවදෝ ලියනවා..විනාඩියක් දෙකක් වගේ හිටියා..මේක ඉවර වෙන පාටක් නෑ වගේ නිසා මම සල්ලිත් අතට අරන් ටිකක් ඉස්සරහට ගියා ගෑනු කෙනාගේ side එකෙන්..ඒ එක්කම මගේ පිටිපස්සෙන් හිටපු බුවත් සල්ලි අරන් මගේ ළඟටම ආව ..කවුන්ටරේ බුවා අපි දෙන්නා දිහා බලලා කියපි "ඔයාලට හදිස්සි උනාට කරන්න දෙයක් නෑ, මම මේ වොරන්ට් ටික ලියලා තමයි ටිකට් දෙන්නේ..කෝච්චිය ගියත් මට කරන්න දෙයක් නෑ " කියල..මට යකා නැග්ග..ඇයි යකෝ අරෙහෙ train එක අද්දන්න හදනවා..මෙතන පෝලිමේ සෑහෙන්න වෙලා හිටගෙන..ඒ අස්සේ මුගේ පොර ටෝක් අහගෙන ඉන්නත් ඕනේ..මගේ පිටිපස්සේ හිටපු එකත් මගේ දිහා බලලා සෑඩ් මූඩ් එකක් දැම්ම වෙන කරන්න දෙයක් නෑනේ වගේ..මමත් කට පියන් හිටියා ඉතින් වෙන මොනා කරන්නද කියලා ...නොදන්න පලාතක්නේ..කොහොමහරි අර ගෑනි වොරන්ට්ද මොනවද මන්ද 4ක් 5කම ලියාගෙන ගියාට පස්සේ ටිකට් ගත්තා...ටක් ගාල train එකට ගොඩ උනා..2nd class එකෙත් සෙනග අම්බානෙක..ඒ එක්කම වගේ train එකත් ඇද්දුව ..

    ඔන්න ඕකයි කතාව..මම train එකේ daily travel කරන කෙනෙක් නෙමෙයි..හැබැයි ගොඩක් ගමන් ගිහින් තියෙනවා train එකේ..observation, 1st class, 2nd class, 3rd class හැම එකකම ගිහිල්ලත් තියෙනවා..මට ප්‍රශ්නේ තියෙන්නේ ලඟදි ඉඳන් මේ කවුන්ටර් වල ඉන්න උන්ට මොකද වෙලා තියෙන්නේ කියලා..ඉස්සර කියලත් පට්ට සුහදශීලි service එකක් නෙමෙයි බව දන්නවා..එත් දැන් නිකන් ගේමටමයි එන්නේ වගේ line එකක්නේ තියෙන්නේ..ගම්පහ කවුන්ටරේ එකා එදා සල්ලි දමලා ගහලා line එකේ කතා කලේ එදා උගේ අවුල් දවසක් වෙන්න ඇති කියල මම හිතුවේ..හැමෝටම මල පැනපු දවස් සෙට් වෙනවනේ එහෙම..එත් පහුවෙන්දා අයෙත් එකම උනාම වෙන station එකක, මට හිතුන මේකේ මොකක් හරි අව්ලක් තියෙන්න ඕනේ කියල...එක්කෝ මුන්ට වුර්තීය සංගම් වලින් උපදෙස් දීල ඇති එන උන්ව වැඩිය ගණන් ගන්න එපා වගේ සීන් එකක්..පහුගිය කාලේ strike වලදී මිනිස්සු තරහට මුන්ට බැනපු එකේ ඇරියස් cover කරගන්න හදනවද දන්නෙත් නෑ..

    කොහොමින් හරි train service එක දවසින් දවස වලපල්ලට යන සීන් එකක් පෙන්නේ මටනම් ...train එකේ ඇතුලේ condition එක, දවසකට තියෙන train ගණන, noise එක, ඩීසල් දුම, station වල අපිරිසිදු toilet, ජැක් සීන්, හිඟන්නෝ, වගේ එකී මෙකී නොකී දාහක් දේවල් කවදාවත් හැදෙන පාටක්නම් නෑ ..මටත් වඩා train එකේ daily යන උන් දන්නවා ඇතිනේ අඩුපාඩුකම් ගැන..ඒ නිසා මම ඒ ගැන කතා කරන්න යන්නේ නෑ.. එත් හිතාගන්න බැරි තරම් අවුල් සීන් එක මේ 2019 වෙලත් තාමත් මුන්ට online booking system එකක් හදාගන්න බෑ ...හිතහන්කෝ මේ 2019 ඉවරවෙලා 2020ත් ලබන්න යනවා..ඔන්න 2005, 2010 වගේ කාලෙනම් තව කමක් නෑ කියමුකෝ අපේ රටට තාක්ශනේ එන්නේ පරක්කු වෙලානේ කියල අමාරුවෙන් හිත හදාගත්තහැකි...එත් 2019 වෙලත් නෑ කියන්නේ යකෝ විලි ලැජ්ජයිනේ...train එක කොහෙද තියෙන්නේ බලන්න GPS Based App එකක්වත් නෑ ..සිරාවටම කලකිරිලා තියෙන්නේ බන්...කවදා හැදෙයිද මේවා...
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ටුවරිස්ට්ල පට්ටම අපහසුතාවයට පත්වෙන තැනක් ...එක දවසක් train එකේදි ෆොරින් කපල් එකක් ⁣සෙට් වුනා උන් දෙන්න කිව්වා තවත් නම් ලංකාවටයි ඉන්දියාවටයි එන්නේ නෑ කියල..මුන් දෙන්නට ටොයිලට් යන්න විදියක් නැතුව කොටුවෙදි, ..ලග තියෙන හොටෙල් එකකට ගිහින් වැඩේ කරගෙන ති⁣යෙන්නෙ ..බොක බරක් හැදුනොත් අබ සරණයි
     
    Last edited:

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: ඔවු බන් ඔය රේල්වේ එකේ ඉන්න උන් ඉන්නෙ පැය විසි හතරෙම පුක අස්සෙ රත් කරපු යකඩයක් ගහගෙන වගේ :eek:

    දවසක් අපි එක්ක ගිය කොල්ලෙක් ටිකට් ගනිද් ටිකට් කවුන්ටරේ හිටපු එකාට අංකල් කියල කතා කරලා, ඒ පාර ටිකට් දෙන එකා කියලා, අයිසේ මට අංකල් කියන්න එපා අයියා කියනවා කියල උට නියවලා :lol:
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    kandy walath 1st class 2nd class ticket ganna counter eke inna ekath ohoma thamai.
    eka phone eka oba oba innawa ticket ganna payak withara balan inna oni uge wade iwara wenakan.
    kalakanni ban. un wiyadam karala train dala wage lokukama.
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    :yes: ඔවු බන් ඔය රේල්වේ එකේ ඉන්න උන් ඉන්නෙ පැය විසි හතරෙම පුක අස්සෙ රත් කරපු යකඩයක් ගහගෙන වගේ :eek:

    දවසක් අපි එක්ක ගිය කොල්ලෙක් ටිකට් ගනිද් ටිකට් කවුන්ටරේ හිටපු එකාට අංකල් කියල කතා කරලා, ඒ පාර ටිකට් දෙන එකා කියලා, අයිසේ මට අංකල් කියන්න එපා අයියා කියනවා කියල උට නියවලා :lol:

    :lol::lol: පට්ට සීන් එක...උඹේ යාලුවට තිබ්බෙ ටිකට් එක අරන් එන්න ලැස්ති වෙලා "යන්නම් අන්කල්" කියල එන්න...:rofl::rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol: පට්ට සීන් එක...උඹේ යාලුවට තිබ්බෙ ටිකට් එක අරන් එන්න ලැස්ති වෙලා "යන්නම් අන්කල්" කියල එන්න...:rofl::rofl:

    මාත් මේ කියන්න ගියා විතරයි....:lol::lol:
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිතරම වගේ කෝච්චියෙ යැවෙනව. ඔය කියන විදිහෙ වෙනසක් නං දැකල නෑ. සල්ලියි ටිකට් එකයි නං දමල ගහනව නැලවි නැලවි ටිකට් දුන්නොත් පෝලිම ස්ටේසමෙනුත් එලියෙ තියෙන නිසා. ඒක හොඳයි ඉක්මනට වැඩ කරනවනං. උඹේ මූන දැක්කහම බනින්න හිතෙනවද දන්නෑ :baffled:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේ පුකේ අමාරුව ලගදි හැදුන එකක්ද?
    කොහෙත්ම නැහැ.

    එක්දාස් නමසිය හතලිස් ගණන් වලදී (1947-51 අතර කාලයේ) සිදු වූවා යැයි කියන සිද්ධියක් ලියන්නම්. එවකට තිබු එජාප රජයේ සෞඛ්‍ය හා පළාත් පාලන (Health and local government) ඇමති වූ S.W. R. D. බණ්ඩාරනායක මහතාත් ප්‍රවාහන හා රජයේ වැඩ (Transport and Works) ඇමති වූ ජෝන් ලයනල් කොතලාවල මහතාත් (KBE එක ලැබෙන්න පෙර) පොලොන්නරුව ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වෙලා කාර් දෙකකින් වෙන වෙනම කොළඹ එන්න ලැහැස්ති වෙනකොට දෙන්නාම එක වාහනයකින් යමු කියලා කතාවෙලා. අනිත් කාර් එක නිකන් පැට්‍රෝල් පුච්චන්නේ නැතිව කෝච්චියට දාලා කොළඹ එවන්න ලැහැස්ති වෙලා. කොතලාවල මහත්තයා රේල්වේ ස්ටේෂන් එකට ගිහිං කවුන්ටරෙන් ඔලුව දාලා බඩු ප්‍රවාහන අයදුම් පතක් ඉල්ලුවාලු. ස්ටේෂන් මාස්ටර් කකුල් දෙකම මේසය උඩ තියාගෙන පත්තරේ බලමින් කිව්වලු, "මම වැඩක් කියලා පේන්නේ නැද්ද, පත්තරේ බලලා ඉවරවෙනකම් හිටපං " කියලා. ඉතුරු හරිය කියන්න ඕනෑ නැහැනේ. සර් ජෝන් කොහොම කෙනෙක්ද කියලා දන්නවානේ. කොහොම නමුත් SM ගේ රස්සාව නම් නැති කලේ නැති බව තමයි කියවෙන්නේ.
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    යාපනේ ඉඳන් එන express train එකට අනුරාදපුරෙන් නගින්න ගියා...no tickets, booking only ඔක්කොම කියලා එකේ counter හිටපු එකා කිව්වා, ඌ ඔලුව උස්සලා බැලුවේ නෑ... පොතක් දිහා බලාන මොනවද කුරුටු ගගා හිටියේ. එතකොටම train එක ආවා... හිස් seat ගොඩක් තිබ්බා. Book කළා නම් මිනිස්සු ඉන්න ඕනේ නේ.
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    බදුළු train එකේ ගිය ඕස්ට්‍රේලියා family එකක් එක්ක කතා කළා.. උන් කාක්කෙකුගෙන් tickets අරන් තියෙන්නේ රු. 6000 ගාණේ. ඇත්ත මිල රු. 1000 විතර.