සහෝදරයා උඹට මීට වඩා යමක් අපි වෙනුවෙන් කරන්න පුළුවන් එකෙක් බව මගෙ සිත හැම තිස්සෙම කියන දෙයක්...මම උඹට ඒක වාර ගනනාවකදී මතක් කර දී තිබෙනවා..
මට බෑ අත් බැඳන් උඹ එකම තැවුලක් දිගේ දුවමින් නාස්ති වෙනවා බලා ඉන්න...
ඇයි උඹ ඔය විරහා කුටියෙන් එලියට ඇවිත් උඹ වගේම හදවත පාර ගත්තු එවුන්ට සෙතක් සහනයක් දෙන්න හිතන්නේ නැත්තේ...
ඒකම උඹට ඉස්සරහට කොච්චර සහනයක් ගෙන දෙයිද??මම එහෙම කියන්නේ උඹට මගේ පපුවේ කැකෑරෙන නිර්මල සහෝදර ප්‍රේමය නිසයි...
මේ නිර්මානය ඉතා අපුරුයි..දැනෙන එවුන්ට හොඳටම දැනෙන්න ලියලා තියෙනවා...නමුත් මං ඉහතින් කියපු දෙය ගැනත් හිතල බලපන් හොඳේ...
උඹට ජය!!