උඹ කියලා තියෙන කතා එක්ක කාර් එක විකුණලා උත්තරයක් ලැබෙන්නේ නැහැ කියලා හිතෙනවා.මුලින්ම ඔය ණය ටික වෙන් කරගනින්.බැන්ක් එක්ක කතා කරලා ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවන්න තියෙන ටික වාරික වශයෙන් ගෙවන්න හදාගනින්.ඒ කරලා ආයේ ක්‍රෙඩිට් කාඩ් යූස් කරන්න එපා.අනවශය්‍ය වියදම් ඔක්කොම අයින් කරපන්.ගෙදරට ඌන බඩු මාසෙකට ඇති වෙන්න තොග කඩේකින් ගනින්.එලවලු,මාලු,මස් වගේ ඒවා සතියේ ගානේ ගන්න.graphic පුලුවන් නිසා fiverr,up work වගේ කරන්න බලන්න.ඒවගේ ඒවට සල්ලි වියදම් කරන්න දෙයක් නෑනේ. Online Entrepreneurs Club එකේ FB group එකේ sub කරන්න කට්ටිය හොයලා දානවා.ඒවගේ ඒවා සෙට් කරගන්න ට්‍රයි කරන්න.තව hardware,network වගෙ පුලුවන්නම් ඔය කඩවල්වලට,පොඩි ඔෆිස් වල,ගෙවල් වල වැඩ අරන් කරන්න පුලුවන්,ඒක මම ඉස්සර කරලා තියෙනවා,හරියට කීප දෙනෙක් සෙට් උනොත් හොද ගානක් හොයා ගන්න පුලුවන්,හැබැයි අවංකව,සාධාරණ මිලකට වැඩේ කරන්න ඕනේ.වැඩ සෙට් කරගන්න කන්ටැක්ට් නැත්නම් ikman,fb වගේ ඇඩ් එකක් දාන්න.ඒ වගේ වැඩ වලින් වාහනේ ගානයි,ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවන්න ඕන වාරික ටික හොයාගන්න පුලුවන් වේවි.
අනිත් දේ මචන් තමන්ගේ ප්‍රශ්න ගෙදර ගෑනිට කියලා ඒ තෙරුම්ගැනීම හදාගන්න බැරිනම් ඒ සම්බන්දෙන් තේරුමක් නැහැ.වයිෆ්ට ඔය ප්‍රශ්න ටික හිමින් සැරේ කියලා තේරුම් කරපන්.මොකද ඕවා පිටින් ආරංචි උනොත් වෙන්නේ උබ පිස්සු නටලා ණය වෙලා කියන එක ඔලුවට යන එක,අනික විශබීජ දාන උනුත් ඉන්නවනේ.ඒ වෙලාවට උබ හත්පොලෙ දිවුරුවත් උබව විශ්වාස කරන්නේ නැහැ.ඒ නිසා මේක තව අවුල් වෙන්න කලින් තේරුම් කරලා දීපන්