පරණ අකවුන්ට් එකෙන් දාපු ත්‍රෙඩ් එකේ නේද.. මෙන්න මේකත් තියෙන්නේ එල්ලෝර් වල නේද. මේක තනි ගලක් හාරලා හදපු එකක් කියල ලියන්නේ..
විස්තරේ කියාගෙන පලයන්කෝ....???
------
Post added on Jan 29, 2026 at 7:49 PM
ගල් හාරන සිද්දිය මෙහෙ ලොකුවට තියෙනවා බන්. හැම කන්දකම වගේ ගුහා තියෙනවා. ගල මඩ කරලා වැඩ කරන්න ලංකාවේ පුදුම තාක්ෂණයක් තිබිල තියෙනවා. ගල දිගේ පොඩි පොඩි වැඩ දාල වතුර ගෙනිහින් තියෙන හැටි පුදුමයි. හිතාගන්නවත් බහ. ඒ වතුර ලයින් අදටත් වැඩ කරනවා. මේවා අදටත් තියෙනවා. විනාස නොකර බලන එකයි වැඩේ. ගල මඩ කරලා හාරලා ගුහා හැදිල්ල, සතුන්ගේ අඩි සලකුණු හදල වස්තු තැන්පත් කෙරිල්ල, ඒ සලකුණු ඇහැට පෙන්නේ නැති ඒවගේ ඉදන් අද හිල්ටියකින් ගහන වලක ෆිනිෂින් වලට එහා ලස්සනට වතුර ලයින් හදල තියෙන හැටි ගැන කතා කරලා වැඩක් නැහැ. වැලි, රොඩු බේරලා වතුර ටික ගෙනියන්නේ. මේවා දැකපු එකෙක් ලංකාවට, අපේ මුතුන් මිත්තන්ට ආදරේ කරන්න දෙපාරක් හිතන් නැහැ. සරලවම අපිට වඩා දැනුමෙන්, තමන්ගේ අවට පරිසරේ ගැන අවබෝධයෙන්, ශරීර ශක්තියෙන් වෙනම ලෙවල් වල මිනිස්සු.
මේවා පරීක්ෂා කරන්න ගියොත් ලංකාවේ මිනිස්සුන්ට ජීවත් වෙන්නේ බොහොම පොඩි ඉඩ කඩක. ගොඩක් පන්සල් වල බලපන් ගලක් උඩ චෛත්‍යයක්, ඒ ලග පොකුණක් තියෙනවා. ඒ පොකුණු හිදෙන්නෙත් නැහැ මොන පායන කාලෙටවත්. ගලක් මැද්දෙන් වතුර ගෙනිහින් තියෙන්නේ කොහොමද කියන එකනම් අදටවත් හරියට හොයාගෙන නැහැ බන්. මේවා එක තැනක ලොකු ප්‍රොජෙක්ට් නෙමෙයි. හැම දිස්ත්රික්කෙම, හැම ගමකම තිබිල තියෙන සරල වැඩ. අද කැලේට වැහිලා තියෙන හැම තැනකම ඉස්සර ලොකු ජනාවාස. ඒවා අස්සේ ලොකු කතා හැංගිලා තියෙනවා.
ආක්‍රමණ අස්සේ මේවා ගොඩක් විනාස වෙන්න ඇති. ඔය ලෙන් විහාර වලනම් කන්ද අස්සට යන ගුහා වල දොරටු ටිකමයි තියෙන්නේ. ඒකෙ දෙකක් නැහැ. මේවා දවසක එලියට එයි.
මගේ තාත්තාගේ මවුපියන්ගේ ගෙදර, මේක එච්චර පරණ නැහැ, හදල ඉවර කරලා තියෙන්නේ 1960 ගණන් වල. ඕක උරුම වුනේ මගේ තාත්තාට. ජවිපෙ භීෂණ කාලේ අපිට මේ ගෙදර අතරල යන්න වුනා 80 අග. මේ දක්වාම කවුරුවත් ඒ ගෙදර පදිංචි වෙලා නැහැ. දැන් එකෙ වහළය දිරල ඇතුලට වතුර කාන්දු වෙනවා. බිත්ති දිරල වේයෝ ගිහින්. පොළොව බොල් වෙලා. මේ අවුරුදු 30ක විතර හානිය. එතකොට අවුරුදු 1000ක හානියක් කොහොම වේවිද? අඩිතාලම විතරක් ඉතිරි වෙයි. ලංකාව කියන්නේ ඝර්මකලාපීය දේශගුණයක් තියෙන රටක්. එහෙම රටක ගොඩනැගිලි ද්‍රව්‍ය දිරා යනවා ඉතාම ඉක්මනට. සිමෙන්ති පවා දිරනවා. ඉතින් ඔය අඩිතාලම් පමණක් ඉතුරු වෙලා තියෙන එක පුදුමයක් නෙවෙයි. විශාල වශයෙන් පුරාවස්තු හම්බවෙන රටවල් හැම එකක්ම පාහේ ඉතා වියළි කාලගුණයක් තියෙන රටවල්.
මේක වැරදියි. ලංකාවේ මිනිස්සු ගඩොල් නෙමෙයි භාවිතා කරේ. ගලින් කරේ. ගල් අස්සේ ජනාවාස තිබුනේ. එකේ දෙකක් නැහැ. ඒවගේ structure එක වෙනස් වීමක් වෙලා තියෙනවා. හැබැයි විනාස වෙලා නැහැ බන් අද හදන ගෙවල් වගේ. තඩි ගස්, මුල් නිසා වෙනස් වෙලා තියෙන්නේ. එත් හරියට බලපුහම වෙනස් වීම වගේම කලින් පිහිටීම හිතාගන්න පුළුවන්.
ගල එක පැත්තකින් බිත්තිය බැන්දම කාමරයක් වෙනවා. සම්පුර්ණ ගලෙන් කරපු ඒවත් ත්හියෙනවා. තේරෙන විදිහට කිවුවොත් රුෆ් ටොප් එක ගල උඩ.
------
Post added on Jan 29, 2026 at 10:28 PM