තාත්තගේ මල්ලිලනෙ බාප්පා වෙන්නෙ? නැත්නම් අම්මලගෙ සහෝදරියෝ බැදපු අය. වෙන කොහොමද මෙකිව බාප්පෙක් බදින්නෙ? මේ නොතේරෙන මට කියාදියන්කො.
X ගේ තාත්තාගේ අම්මාගේ නන්ගිගේ පුතා, X ගේ බාප්පා. මේක සරලව කිව්වොත් පුන්චි ආච්චිගෙ පුතා. මේ නෑ කම හරි බන් ඒත් වයස් පරතරයක් ඇතිනෙ ලොකු?එහෙම තමයි නෑදෑකම් කියද්දි
උදාහරනෙකට
X ගේ තාත්තාගේ අම්මාගේ නන්ගිගේ පුතා, X ගේ බාප්පා.
තව X ගේ තාත්තගේ අම්මගේ මල්ලිගේ පුතා , X ගේ මාමා.
මට ඕක පැහැදිලි කරන්න බෑ. ඉස්සර උන් ඕක හරියට කියනවා. මටත් ඕක හදලා කියන්න පුලිවන්. පැහදිලි කරන්න කම්මැලි
X ගේ තාත්තාගේ අම්මාගේ නන්ගිගේ පුතා, X ගේ බාප්පා. මේක සරලව කිව්වොත් පුන්චි ආච්චිගෙ පුතා. මේ නෑ කම හරි බන් ඒත් වයස් පරතරයක් ඇතිනෙ ලොකු?
මාමා නෙමෙව්ද?X ගේ තාත්තාගේ අම්මාගේ නන්ගිගේ පුතා, X ගේ බාප්පා.
ඉස්සර පවුල් ලොකුයිනෙ බං. ඉතින් 7ක් 8ක් හැදුවාම ලොකුම ලමයින්ගෙ ලමයි එක්ක තමා 7වෙනිය 8වෙනිය ඉස්කෝලෙ යන්නෙත්.

එහෙමත් නෑ බන්. මම දන්න උන් ඉන්නවා 30 ගනන් වල වගේ. වයස් පරතරයක් නැතිම උන්.X ගේ තාත්තාගේ අම්මාගේ නන්ගිගේ පුතා, X ගේ බාප්පා. මේක සරලව කිව්වොත් පුන්චි ආච්චිගෙ පුතා. මේ නෑ කම හරි බන් ඒත් වයස් පරතරයක් ඇතිනෙ ලොකු?
අපෝ අප්පිරියයි අහද්දිත්.නෑ බං වයස පරතරය එච්චර නැති ඔහොම නෑකම් තියෙනවා ඉස්සර මිනිස්සු ඔය නෑකම් හරියට කියනවා. හැබැයි ඒවා ළඟ නෑකම් නෙවෙයි ඔහොම අගිස්සන නෑකම් වල බාප්පලා දුවලා නැන්දලා පුතාලා සමහර විට එකම වයසේ. හැබැයි බොහොම ළඟ නෑකමක් තියෙන ඒ කියන්නේ තමන්ගේ අම්මගේ නංගිගේ මහත්තයව කසාද බැදපු කෙල්ලෙක් හිටියා අපේ ගෙවල් ළඟ. එතකොට අපි පොඩියි. මේ කියන කතාවේ අම්මගේ නංගිට හිටපු ගමන් කැන්සර් එකක් හැදුනා සැහෙන අමාරුවෙන් ඉන්නකොට බාප්පට වැඩට යන්නයි ඒගොල්ලන්ට පොඩි කොල්ලෝ දෙන්නෙක් හිටියා අපේ වයසෙම උන්දෙන්නව ඉස්කෝලේ යවන්නයි කෑම හදන්නයි සේරම කරන්න බැරි නිසා අක්කගේ ඉගෙනගෙන ඉවර වෙච්ච දුවෙක් හිටියා ඒකිව ගෙනල්ලා මෙහෙ නැවැත්තුවා උදව්වට හරි ලස්සනයි ඒ අක්කා. ඔහොම ඉන්නකොට බාප්පා යාළු උනා කෙල්ල එක්ක.ඒ වෙනකොට කැන්සර් හැදිච්ච මනුස්සයා එක්තැන් වෙලා හිටියේ ගෙදරම එයා මේවා දැක දැක සෑහෙන්න විදවනවා කියලා එයාව බලන්න යන අයට කියලා තිබුනා කොහොම හරි එයා මැරෙන දවස් වෙනකොට අර අක්කා ප්‍රෙග්නට්. කොහොම හරි මාස තුන හතරක් ඇතුලට අර ගෑණු මනුස්සයා මැරුණා. පස්සේ බබා ලැබෙන්න ඉස්සල්ලා ගෙවල් විකුණලා ඒගොල්ලෝ අපි හිටපු පැත්තෙන් ගියා. පස්සේ ආරංචි උනා ඒ දෙන්නා කසාද බැන්දා ඒ අක්කටත් පුතෙක් ලැබුණා කියලා.