ප්‍රධාන ආගම් වල සාස්තෘවරැ බේගල් ඇදබැවා කියලා අපට කියන්න බෑ. ඒවායේ හරය වැරදී කියන්නත් බෑ. ඒත් එකක් සහතිකයි, ඒ සාස්තෘවරැන් ගේ අනුගාමිකයින්, තමන්ට ඕනෑ ඕනෑ විදියට ඒ සාස්තෘන් කීව දේවල් හැඩගස්සා ගත්තා තමන්ගේ වාසියට. ඒ අර්ථයෙන් මේ පෝස්ට් එකේ කියන කථාව ඇත්ත. බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම, හින්දු ආගම, මේවා හැම එකකටම උනේ, මෝඩ අනුගාමිකයින් ඔවුන්ගේ සාස්තෘවරැන් කීව දේවල් විකෘති කිරීමයි. ප්‍රධාන පෝස්ට්කරැ ඇත්තමට හරි, ආගමක් කියලා දෙයක් නෑ. තියෙන්නේ ජීවිතය පිළිබද සත්‍යක් පමණයි. මේක බුදුහාමුදරැවොත්, ක්‍රිස්තුස් වහන්සෙත්, නබි නායක තුමත් දේසනා කරලා තියනවා. ඒත් අවාසනාවකට අනුගාමිකයින් ඒ සාස්තෘවරැන්ගේ දේසනා තමන්ගේ මනෝභාවයට සහ මමත්වයට අනුව විකෘති කලා. කෙටියෙන් කියනවා නම්, මමත්වයෙන් තොරව දේසනා කරපු දේවල්, මමත්වය සහිත මිනිස්සු විසින් ප්‍රථි-අර්ථකථනය කලා තමන්ට තේරෙන විදියට. ඒත් මමත්වය සහිත මිනිස්සු, මමත්වය රහිත උත්තමයින් විසින් කීව දේවල් ප්‍රථි අර්ථකථනය කලාම එන්නේ තනිකරම වෙනස් අර්ථයක්. අද හාමුදුරැවරැත්, ක්‍රිස්තියානි සහ හින්දු පූජකවරැත් කරන්නේ මේකයි. අද තියෙන ආගම් එකක් වත් සත්‍ය කියන්නේ නැහැ. මොකද, සත්‍ය කියන්න නම්, ඒ කියන කෙනාගේ මමත්වය දුරැවෙලා තියෙන්‍න ඕන හින්දා. මමත්වය තියාගෙන බණ කියනවා කියන්නේ, හොරෙක් අනුන්ට හොරකම් කරන්න එපා කියනවා වගේ වැඩක්.
ඒත් මම කවදාවත් බුදුහාමුදුරැවන්ගේ හරි ක්‍රිස්තුස්වහන්සේගේ හරි දේශනා බොරැයි කියන්න සූදානම් නෑ. ඔවුන් අපට නොපෙනෙන සත්‍යයක් දැකලා තමයි දේශනා කලේ. මම දන්නා තරමින් මේ හැම ආගමකම හරය මේකයි: මමත්වය (මම ය කියලා තියෙන අදහස) බොරැවක්. ඒක මේ පොලොවේ ජීවී වර්ග වල පැවැත්ව පිණිස ස්වාභාවධර්මයෙන් ඇති කරපු මායාවක්. මේ මායාව නිසා මිනිස්සු සහ සත්වයෝ දුක් විදිනවා. "මම" ය කියා දෙයක් ඇතැයි කියා හිතාගෙන, ඒ "මම" රැකගන්න, වැඩිදියුණු කරගන්න දුක් විදිනවා. "මම" ය කියන්නේ මේ සරීරයටයි, මේ හිතටයි. ඒත්, සරීරයටයි හිතටයි කලින් යමක් තියනවා. ඒකයි අපි කියන්නේ "මගේ ඇග, මගේ හිත" කියලා. එහෙනම් ඇගටත් හිතටත් කලින් යමක් තියනවා. මේ "යම" ට හැඩයක්, ජාතියක් ආගමක් කුලයක්, පාටක්, පක්ෂ බේදයක් නෑ. අපට තියන මේ සියළුම බේද ඇතිවෙන්නේ, මේ ඇග සහ හිත "මම" ය කියා හිතන හින්දයි. බුද්ධ දර්ශනේ වචන වලින් "සෝවාන් උනා" කියලා කියන්නේ මේ සිත සහ ඇග "මම" යි කියා තියෙන අදහස නැතිව යාමටයි. "මම" නැතිව ගියාම "අනෙක් අය" ත් නැතුව යනවා. එහෙනම්, "මම" සහ "අනෙකා" කියලා දෙකක් නැහැ. තියෙන්නේ පොදු පැවැත්මක් පමණයි. ජාති ආගම් කුළ පංති බේද මේවා හැම දෙයක්ම හිතේ මවාගත්ත දේවල්. සත්‍යාවබෝධ කලාම මම සහ ඔබ අතර ඇති බේදය නැතුව යනවා. මොකද මම සහ ඔබ කියා දෙයක් නැති හින්දා. නූතන ක්වොන්ටම් භෞතික විද්‍යාවෙනුත් හොයාගෙන තියෙන්නේ මේකයි. එක තැනක ඉන්න "පුද්ගලයෙක්" "සිතක්" කියා දෙයක් නැති බව ක්වොන්ටම් විද්‍යාවෙන් සොයාගෙන තියෙනවා. සියළු මිනිසුන් සහ දේවල් එකකට එකක් සම්බන්ධයි. මේ සියල්ල තනි දෙයක්. "මම" සහ "ඔබ" කියා දෙයක් නැහැ.