Ube comment walin penawa ubata 21 or 23 wage age.job kiyanne apayak ban oya start eka witarai.![]()
උබ වැඩ කරන තැන අවුලක් නැද්ද?? ආසාවෙන් වැඩේ කරන් යනවද...
Ube comment walin penawa ubata 21 or 23 wage age.job kiyanne apayak ban oya start eka witarai.![]()
මන් දන්න අය එක්ක නෙමෙයි මචන් වැඩ කරන්නේ.උබ කිව්ව එක ඇත්ත මගේ mind body relax නෑ..අන්කල් කෙනෙකුත් කිව්වා දවසක් පොඩි දේටත් වැටෙන එපා මනස ශක්තිමත් කරගන්න කියලා..උබ දන්නවනම් mind body relax කරන විදි මා එක්ක share පාරක් දාපන්කෝ..මට විශේෂයෙන් මනස ශක්තිමත් කරගන්න ඕනා බන්..පොඩි දේටත් වැටෙනවා..ඒකෙන් overthinking එක පවා හෑදෙයි.![]()
මට මේක කියපන් .උඹ අනාගතය ගැන ගොඩක් වොරි වෙන එකෙක්ද ? එහෙමනම් ටිකක් අමාරුයි මේ වැඩේ.මම කියන්නේ නෑ එන එන විදියට ගහ උළුවස්ස කියලා.එක පාරට ලොකු ගොල්ස් නැතුව පොඩි පොඩි ඒවා සම්පුර්ණ කරගන්න බලන්න.
සමහර අයට මෙහෙම දේවල් වෙනවා පොඩි කාලේ සිද්ද වෙච්ච අමුතු අත්දැකීම් නිසා.ඒවගේ දේවල් තියෙනවනම් මෝහන ප්‍රතිකාර ක්‍රමත් තියෙනවා.
එක එක්කෙනාට මනස බොඩි එක රිලැක්ස් වෙන විදිය වෙනස් .උදාහරණයක් විදියට
කෙනෙක්ට ජිම් එකට ගියාම ඒ දේ වෙනවා.
තව අයට ෆිල්ම් එකක් tv සීරිස් එකක් බැලුවම.
එතකොට ට්‍රිපක් නැත්තම් හයික් එකක් ගියාම.
දාන මාන දුන්නම භාවනා කරාම.
යාළුවොත් එක්ක සෙට් උනාම .
සත්තු ඇති කරාම.
ක්‍රීඩාවක් කරාම (indoor ,outdoor ) දෙකම
අලුත් නිර්මාණ වගේ දේවල් කරාම.
තවත් සමහර අය වාහන වගේ දේවල් එක්ක එක එක අත්හදා බැලීම් වගේ කරන්න කැමතියි.
සින්දු කියන්න ,නටන්න ,ගිටාර් ,ඕගන් ගහන්න ඉගෙන ගන්න
තව ක්‍රම තියෙනවා මිනිස්සු කරන හැබැයි මෙතන කියන්න බෑ මොකද ඒවා ඇබ්බැහි වෙන දේවල්
මට මතක් වෙච්ච ටිකක් මේ.මේවගෙන් එකක් හරි උඹට සෙට් වෙනවද කියලා බලපන් .
උදාහරණයක් විදියට මම ඉස්සර ටීවී සීරිස් එක දිගට බැලුවා.ඊට පස්සේ අවුරුදු ගාණකින් එකක්වත් බැලුවේ නෑ.දැන් ආයේ බලන්න පටන් ගත්තා.
මම දන්න එවුන් හිටියා උඹට තියෙන ප්‍රශ්නෙම තියෙන .හැබැයි උන් ඔය වගේ ක්‍රම අනුගමනය කරලා ඉස්සරට වඩා හොඳට ඉන්නවා.
ප්‍රශ්නේ ගොඩක් දරුණු නම් හොඳ මනෝවෛද්‍ය කෙනෙක් ගාවට යන්න .
.ඒකාකාරී job වලට මන් කැමති නෑ බන්..


ඔව් උබ කිව්වා හරි මන් ගොඩක් අනාගතය ගැන worry වෙන කෙනෙක්..ඒකට ප්‍රදානම හේතුව මන් දන්නේ නෑ මන් දක්ෂ මොකටද කියලා..මන් ඔහේ පාවෙනවා වගේ.. ඒ කිව්වේ බන් ගොඩක් අය තමන්ගේ passion එක දන්නවා, ආස මොකක්ද කියලා IT, Accounting, Management, Graphic designing , etc.. .මන් job එකට ගියාම තේරුනා මන් accounting side එකට වැඩිය දක්ෂත් නෑ ආසත් නෑ කියලා.එහෙන් වයස යනවා life එක stable නෑ තාම මගේ passion එක දන්නෙ නෑ.මේ නිසා ඇත්තම කිව්වොත් අනාගතය ගැන බයයි උබ දන්නව නේ ඇයි කියලා..
මන් ආසයි කියලා එකම දේකට තියෙන්නේ ඇවිදින්න , travel කරන්න..ඒකාකාරී job වලට මන් කැමති නෑ බන්..
උබ අර කියලා තියෙනවා වගේ මනස සැහැල්ලු කරගන්න ඒවාවලට මන් මේ ටිකේ ආසවක් එන්නෙ නෑ..(මානසික case එකක් නිසා වෙන්න ඇති.) මේ ටික ආමාරු කාලයක් ඉක්මනට ඒක නැති වෙයි කියලා හිතනවා..
මේ ගොඩක් ඒවට හේතුව ඕනවට වඩා හිතන එක overthinking සහ OCD. ඒකට මොකක් හරි ගේමක් ගහන්න ඕනා. මන් හිතන එකට හේතු කිහිපයක් තියෙනවා සාරන්ශයක් ගත්තොත්,
මට කොහොමත් office culture එක සහ ඒකේ වැඩ කරන අය සෙට් උනේ නෑ. එක පාරටම boss මාරු වෙලා මන් ඉස්සර ඉදන් ආස නැති එකක් වැටුන එක, ඒ නිසා pressure වෙලා ඉන්න එක.( ඌට ඉස්සර ඉදන් අකමැති නිසා බන් මිනිහා මොනවා කරත් negative side එක පේන්නේ.personality එක අතින් මිනිහා කොහොමත් චොර) කොරෝනා නිසා job එකෙන් අයින් උනත් job එකක් හොයාගන්න බැරි එක. ගෙදර අයගෙන් එන pressure එක (බොස් නිසා ජොබ් එකෙන් අයින් වෙන්න එපා ඕයි, එහෙම කොහොමද ජොබ් කරන්නේ, අපි කැමති මිනිස්සු හම්බ වෙන්නෙ නෑ එහෙම තම ජොබ්..blah blah blah)
මේ හේතු නිසා තීරණයක් ගන්න බෑ, මොකක්ද දැන් කරන්නේ කියන තැන හිර වෙලා![]()
මටත් ඔහොමයි. මම බයයි මිනිස්සුන්ගේ තරහ මූණු වලට. දැන් බනියිද, කෑ ගහයිද නැත්තන් ගහයිද කියල දෙගිඩියාවෙන් ඉන්න වෙනවා සමහර වෙලාවට.
මටත් ඔහොමයි. මම බයයි මිනිස්සුන්ගේ තරහ මූණු වලට. දැන් බනියිද, කෑ ගහයිද නැත්තන් ගහයිද කියල දෙගිඩියාවෙන් ඉන්න වෙනවා සමහර වෙලාවට.

Mata office yana unwa penna be ban kit eka dakinakotath epa wenawa
ඔවු,තඩිබඩයි,පිම්බිච්ච මූනයි,පොල් ගෙඩි වගේ කන්නඩියි,දැක්කාම ඩිප්ප්‍රෙශන් වගේ
මටත් ඔහොමයි. මම බයයි මිනිස්සුන්ගේ තරහ මූණු වලට. දැන් බනියිද, කෑ ගහයිද නැත්තන් ගහයිද කියල දෙගිඩියාවෙන් ඉන්න වෙනවා සමහර වෙලාවට.

ලන්කාවේ උන් බුම්මන්නෙ ඉන්නෙ,එතකොට කොහොමත් බයයි ,සමහරුන්ගේ මුනට අබ දැම්මත් පුපුරනවා කියලා කතාවක් තියෙන්නෙ .

Mata office yana unwa penna be ban kit eka dakinakotath epa wenawa
ඔවු,තඩිබඩයි,පිම්බිච්ච මූනයි,පොල් ගෙඩි වගේ කන්නඩියි,දැක්කාම ඩිප්ප්‍රෙශන් වගේ

හරි මට තේරෙනවා උඹ ඉන්න තැන.පළවෙනිම දේ ජීවිතේ අනාගතය ගැන ලොකුවටම වොරි වෙන්න එපා.වෙනවට කියනවා නෙමෙයි හැබැයි ජීවිතේ තණ අග පිනි බින්දුවක් වගේ කියනවනේ.ජීවිතේ හොඳට සැලසුම් කරන් හිටපු මිනිස්සුන්ටත් වෙච්ච දේවල් මම දැකලා තියෙනවා.හැම තිස්සෙම හිතපන් මේ දේවල් නැතිවෙලා යනවා අපිට ඕනේ විදියට පාලනය කරන්න හසුරවන්න බෑ කියලා.අනික් එක චව් චව් ස්වභාවය අතහැර ගන්න ඕනේ.
ලංකාවේ අපි එකම ජොබ් එකක සෙට් වෙලා හිටියට පිටරටවල් වල විශේෂයෙන් සුද්දෝ වැඩිපුර ඉන්න රටවල්වල මිනිස්සු ඕනෙම කාලෙකදී තමුන්ගේ ජොබ් එක වෙනස් කරනවලු.සමහර එවුන් අලුත් කෝස් පවා කරලා අලුත් ජොබ්වලට යනවලු.මේක ටිකක් කරන්න අමාරු වැඩක් අපිට.
හැබැයි පුළුවන් නම් ටිකක් වෙලා කල්පනා කරලා බලපන් උඹ ආසා දෙයක් තියෙනවානම් ඒ පැත්තෙන් මොකක් හරි පටන් ගන්න.උදාහරණයක් විදියට උඹ travel කරන්න ආසනම් කොරෝනා ඉවර උනාම වාහනයක් අරගෙන රෙන්ට් එකට හරි ටුවරිසම් පැත්ත බලපන්.ගෙවල් වලින් බොරේ දායි.ඒවුනාට බන් ඇයි අපි ජොබක් කරන්නේ ? සල්ලි හම්බ කරන්න.මිනිහෙක් කම්පැනි එකක ඩිරෙක්ටර් කෙනෙක් වෙලා හම්බ කරන සල්ලිත් සල්ලි කුණු ලොරිය එළවන එකා හම්බ කරන්නෙත් සල්ලි.
ලෝකේ ජොබ් කරන මිනිස්සු අතින් ගත්තොත් තමුන් ආසා දේ එක්ක වැඩ කරන්නේ සීමිත ප්‍රතිශතයක්.ගොඩක් එවුන් උඹලා අපි වගේ එදා වේල කන්න තමයි රස්සා කරන්නේ.
මම උනත් කරන ජොබට 50-60% වගේ තමයි ආසා.මමත් හැම තිස්සෙම කල්පනා කරනවා වෙන වැඩකට අතගහන්න.දැන් අවුරුදු ගාණකට කලින් ඒ දේ කරා නමුත් හරි ගියේ නෑ.
උඹේ මානසිකත්වයත් එක්ක අලුත් දේකට අතගහන්න බය චකිතය කියන දේ එනවා.හැබැයි ඉතින් රිස්ක් එකක් ගන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න අමාරුයි.හැබැයි මෙහෙම දෙයක් තියෙනවා තව අවුරුදු 20 ගිහිල්ලා උඹ හිතයි මම ඒ දේ එදා උත්සාහ කරේ නෑ අපරාදේ කියලා.දැන් උත්සාහ කරලා වැරදුනත් කමක් නෑ මොකද ඒ දේ ගැන තව අවුරුදු ගාණක් ගියත් ධනාත්මක සිතිවිල්ලක් තියෙන්නේ.
උදාහරනයක් විදියට උඹ අලුත් ජොබකට ගියත් එතන ඉන්න ලොක්කොත් එක්ක කේස් වෙයි.තමුන්ගේම දෙයක් පොඩියට හරි පටන් ගන්න බලන්න.
කොහොම හරි ගේමක් ගහන්න ඕනා..උබටත් ස්තූතියි කාලය වැය කරලා sup එකක දුන්නට .. මට වගේම අනිත් අයටත් ඒ දේවල් වැදගත් වෙයි.උබ කියන එක ඇත්ත..උබ ජීවිතය දකින විදිය හා ප්‍රශ්න දකින විදිය ඇත්තටම හොදයි ඒක කොහොමද හදාගත්තේ කියලනම් දන්නෙ නේ නෑ..උබ කිව්ව එක හරි මාත් හිතන්නේ අලුත් දෙයක් පටන් ගන්න මගේම දෙයක් කරන්න ආසයි ඒත් බන් මොකක්ද කරන්නේ කියන තැන හිර වෙලා.මන් මේ ටිකේ online jobs කරන්න try කලා ඒ fiver එකක් හැදුවේ නෑ ඒ මන් මොන skill එක ද sell කරන්නේ කියන තැන හිර උනා.මොකද ඒකෙ ගොඩක් අය graphic design හරි IT පැත්තේ ඒවා තමා ඒවට ගොඩක් ඉල්ලුමක් පවා තියෙනවා..
හැම එකටම කාලය එන්න ඕනා නේ මන් හිතනවා මේ ටිකෙන් පස්සෙ හොද කාලයක් එයි කියලා..තමනගේ දෙයක් කරන්න ඕනා බන් නැත්නම් දියුනුවක් නෑ අනිත් අයට කබුරලාකොහොම හරි ගේමක් ගහන්න ඕනා..උබටත් ස්තූතියි කාලය වැය කරලා sup එකක දුන්නට .. මට වගේම අනිත් අයටත් ඒ දේවල් වැදගත් වෙයි.