Raat Akeli Hai -2020
කාලෙකට පස්සේ අද ෆිල්ම් එකක් බැලුවා.
මේකේ ප්රධාන නලුවම ඉන්න ෆිල්ම් එකක් බැලුවා ඉස්සර..ඒකත් මේ වගේ මිනීමැරුම් සීන් එකක්..දැන් නම් නම මතක නෑ..ඒකමද කියල මතකත් නැ හරියට,ලේඩි ඩොක්ටර් කෙනෙක් තමන්ගේ දුව(ගෙදර වැඩකාරිගේ තමයි ළමයා,ඒක පස්සේ දැනගෙන ගෑණි දුවව මරන සීන් එකක් )මරලා,අන්තිමට තමන්ගේ මිනිහවත් මරන කතාවක් ඒකේ තියෙන්නේ..
ඒ ෆිල්ම් ඔක්කොම වගේ සින්දු නැත්තටම නැති ,special effects අඩුම , Realistic විදියට හදපුවා..හැබැයි Zodiac -2007 වගේ බෝරින් නෑ.සිරාවටම Zodiac නම් මගක් දුර යද්දී බලන්න එපා වුනා..
මේ වගේ මීට සමාන ෆිල්ම් තියෙනවා නම් කියහල්ලා..ඉන්දියන් ඒවා නම් වඩා හොඳයි.