මේ විදිහෙ අමුතුම දේ කරන අමුතුම මේ සත්තු දැ"
මේ විදිහෙ අමුතුම දේ කරන අමුතුම මේ සත්තු දැක්කම ඔබට අනිවා හිනා!
1. Argan goats – ගස් එළුවා
Source – slate.com
එළුවොත් දැක්කා.. මේ වගෙ එළුවො නොදැක්කා… කියන්නෙ මේ වගේ දේවල්වලට තමයි. ආගන් එළුවො කියල නම වැටෙන්නෙ මුං ආගන් ගස්වල හැදෙන රස පළතුර කන්න ගස්වල නගින නිසායි. ආගන් තෙල් අරගන්නෙ රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක් විදියටයි. ඒත් ඉතිං මේ එළුවො නං ලස්සන නැහැ. මේ අඩි තිහක් උස ගස්වලට ලේසියෙන් සහ ඉක්මනින් නගින මේ එළුවො දැක්කම ඒකෙ පළතුරු කොච්චර රස ඇතිද කියල හිතෙනව.
2. Dung beetle – බෝල බෝල මැටි
Source – gifhell.com
ගොම එක්ක අනන්‍ය බැඳීමක් තියෙන සත්ත්ව විශේෂයක් විදියට මේ කුරුමිණි විශේෂය දැක්විය හැකියි. තමංගෙ බරට වඩා දෙසීය පනස් ගුණයක් බරැති ගොම ගුලි ගෙනියමින් පරිසරය පෝෂණය කිරීමේ කාර්යයේ නියැලෙන මේ සතා මේ කාර්යය නිසාම ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
3. Naked Mole Rats – ඉස්සරහටයි පස්සටයි
Source – io9.gizmodo.com
මෙම සත්ත්ව කොට්ටාසය සතු විශේෂත්වය සහ ලොවට වඩා වෙනස් අමුතු ක්‍රියාකාරීත්වය වන්නේ මෙම සතුන්ගේ කැත බව නොවේ. එනම් මෙම සතුන්ට ඉදිරියට මෙන්ම පසුපසටත් එකමාකාර වේගයකින් ගමන් කිරීමටත්, අඳුරේදී හෝ අන්ධබවකදී වුවද එම ගමන සිදුකිරීමටත් ඔවුන්ට හැකියාව ඇති නිසයි.
4. The Bowerbird – ඉරිසියාකාර කූඩු තනන්නා
Source – blog.nus.edu.sg
ගෘහ අලංකරණයට කැමති මෙම කුරුළු විශේෂය අපගේ මීලඟ සත්ත්ව කොට්ඨාසයයි. මෙම කුරුළු විශේෂය තම කූඩුව අලංකාරව සාදාගන්නා අතරම අනෙක් අලංකාර කූඩු කඩා බිඳ දැමීමටද කිසිසේත් පසුබට වන්නේ නැත. ඒ දෙආකාරයෙන්ම, මේ අය සමහරක් මිනිස්සු වගේ. තමන්ට සහකාරියක කැමති කරවා ගැනීමට මල්, පිහාටු, ගල් සහ විසිකරන ලද ප්ලාස්ටික් කැබලි හා වීදුරු ඇසුරින් මෙම කූඩුව සාදනු ලබයි.
5. Adelie Penguins – මෙන්න ලවු
Source – pinterest.com
මෙම පෙන්ග්වින් විශේෂයේ වෙනස්කම වන්නේ ඔවුන් තම සහකරු හෝ සහකාරිය හා එක්වන අවස්ථාවයි. මෙලෙස එක්වී සිය පරපුර ඉදිරියට ගෙන යෑමට පෙර ඔවුන් සිදුකළ යුතු චාරිත්‍ර ක්‍රමවේදයක් ඇත. පළමුවෙන්ම පිරිමි සතා තම සිතැත්තියට ඒ බව හැඟවීමට ඇය පාමුලට ගලක් තල්ලුකර හරියි. නමුත් ඇය එම ආරාධනාව භාරගත් බව පිළිගැනෙන්නේ ඇය ඔහුගේ උදරයට උදරය තබා ඔවුන් එක්වීමේ ප්‍රීති ගීතය ගායනා කිරීමෙන් අනතුරුවය.
6. Horned Lizards – ලේ වලිය
Source – nationalgeographic.com
සතුරන්ට දක්වන වෙනස් ප්‍රතිචාරය මෙම සතුන්ගේ විශේෂත්වය ලෙස දැක්විය හැක. ඔවුන් තම සිරුරේ රුධිර පීඩනය වැඩි කරගෙන ඒ මඟින් ඇස් තුළින් සතුරා වෙත රුධිරය විදියි. අඩි පහක් පමණ දුරට විදින මෙම රුධිරය තුළ කිසිඳු විෂක් හෝ එවැන්නක් අඩංගු නොවුනත් එය සතුරු සත්ත්වයින්ට අප්‍රිය රසක් ඇති කරවන්නකි. මෙනිසා ඔවුන් පලා යයි. එසේම මෙම සත්ත්වයින්ට මෙම කටයුත්ත පාලනය කරගත නොහැකි නිසා ඔවුන් පිපිරී යෑමද සිදුවිය හැකිය.
7. Flatworms – *** ෆයිට්
Source – iflscience.com
මෙතෙක් වාර්තාවන වෙනස්ම ක්‍රියාවලිය දැකිය හැකි වන්නේ මෙම පැතලි පණුවන්ගේය. ඔවුන් එකිනෙකා හා සිය ශිෂ්ණයන්ගෙන් සටන් කරයි. එම සටන තම ආදරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කරන සටනකි.

copied from aniwa.lk