මේ සර්පයා මොකාද?

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මේකා තනි කලුද මුදු කරවලෙක්ද දන් නෑ.ඌ නම් විශයි.කොහෙට හරි ගෙනිහින් දාන්න.
     
    • Like
    Reactions: netsurfer

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කළගුණේ හින්ද ගෙවල් අස්සට ස්ර්පයි රිංගනවා බන්, අපේ ගෙදරට මාපිලෝ දෙන්නෙක් ඉදල මාට්ටු උන ලගදි.

    කළගුණේ කිවුවේ කලගුණ සලකන්නද බං.... හැබැයි සැලකුවොත් සොරිම තමා...

    ඔය ඉන්නේ මුදු කරවලෙක්...
     
    • Like
    Reactions: netsurfer

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :angry::angry:මචන් ලංකාවෙ ඉන්න විශම සර්පයෙක් .. මුදුකරවල පරිස්සමෙන් මනුස්සයෙක් මැරෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ ඕක කෑවහම..මගමරුව කියන්නෙත් ඔයාටම තමා ඒ ඕක කාල බෙහෙත් කරන්න යද්දි මනුස්සය මගදි මරෙනව.. එච්චරම විසයි.. පරිස්සමෙන් හැඩල් කරපන්
     
    Last edited:
    • Like
    Reactions: netsurfer

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔය අලු රදනකයා කියන සර්පයා මචං. නිර්විස අහිංසක සතෙක්.
    තෙල් කරවලාගෙ ඇගේ එක ලග සුදු ඉරි දෙක බැගින් පිහිටනව. රදනකයගෙ සමාන දුරින් සුදු ඉරි ( වලලු ) පිහිටනවා. මං ලගදි දාපු පෝස්ට් එක බලපන්.
    Ysa karu link eka dala athi 2nd page eke..
    :yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    අම්මට සිරි

    කරවලා
    තෙල් කරවලා
    මුදු කරවලා
    කුණකටුවා
    හෙනකදයා
    ගස් මාපිලා

    මොකෙක් වුනත් කමක් නෑ යකෝ අල්ලන් උරේකට දආලා කැලෙකට ගිහින් දාපන්

    තම්බියෙක් ඉන්නවනම් ලග පාත උගේ ගෙදෙට්ට ගිහින් දාපන් අල්ලා දුන්න කියල :rolleyes::rolleyes::confused::confused::baffled::baffled:
    joke

    නැට්ටෙන් අල්ලහන් සේනික පෝර උරේට දාහන්
    ලවු කරා කරා ඉන්න එපා
    උට උඹ ගැන ආදරේ හිතිලා හපාකයි උම්බ්ව


    Thambi yek ge gedarata dapan :yes: allahuakbar gaga wareng eddi
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆොටෝ එකත් එක්ක පාට පැහැදිලි නෑ. නමුත් පේන විදිහට මුදු කරවලා? ශ්‍රී ලංකන් කරවලා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආහ් කියන්න අමතක උනා. ඕකා කෑවොත් ඉතින් සොරි තමයි පුතේ. අපේ තාත්තනම් පෝර බෑග් අල්ල අල්ල හුරතල් කරනවා. මම මොන ධර්මේ ‍රැක්කත් ඔය වගේ එකෙක් දැක්කොත් නම් අනිවා ශොට් එක දෙන්න වෙනවා ගෙදර පොඩි එකෙකුත් ඉන්නවන පුටේ.
     
    • Like
    Reactions: netsurfer

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පේන විදිහට නම් කරවලෙක් තමා. උග්‍ර විෂ.
    කස්ටිය කියනවා වගේ රදනකයෙක් වෙන්නත් පුළුවන්.එත් මටනම් හිතෙන්නෙම කරවලෙක් කියලා.උග්‍ර විෂ උනත් නිර්විෂ උනත් කමක් නෑ.මරන්න යන්න එපා.අල්ලලා කලීකට දාපන්.නැට්ටෙන් අල්ලන්න යන්න එපා පුරු නැත්තන්.
    දිග මහතා බටයක් අරන් එකේ එක පැත්තක් පොහොර උරේක ඇතුලට දාලා ගැට ගහලා අනිත් පැත්තේ කට අරු ඉන්න පැත්තට දාලා උව කොහොම හරි බැටේ ඇතුලට යවන්න පොඩ්ඩක් ලියක් අරන් තල්ලු කරලා වගේ.බැටේ ඇතුලට ගියාම කට උඩට හරවලා උව පොහොර උරේට වැටෙන්න දෙන්න.ඊට පස්සේ කට ගැටගහලා ගෙනියන තැනකට ගිහින් දාන්න,

    එත් නැත්තන් ලොකු බටයක් අරන් ඒකෙ එක පැත්තකින් ටිකක් මහත ලනුවක් දාලා අනිත් පැත්තෙන් එලියට අරන් පොඩ්ඩක් තොන්වඩු වගේ වෙන්න රවුමක් ලනුවෙන් හදලා ආයේ බටේ ඇතුළෙන්ම ලනුව උඩට ගන්න.එතකොට එක පැත්තක ලණුවේ කොන් දෙකයි අනිත් පැත්තේ ලොකුවට රවුමට තොන්දුවක් වගෙයි තියනවා.දැන් තොන්ඩුව තියන පැත්තේ පොඩ්ඩක් ලොකුවට රවුමක් හදලා කොහොමහරි අරුගේ ඔලුව ඒ තොන්දුවට දාගන්න.දාලා උබේ පැත්තේ තියන ලණුවේ කොන් දෙකෙන්ම හෙමින් අදින්න උගේ බෙල්ල ලගින් වගේ ටිකක් තදට හිරවෙන්න (ගොඩාක් තද කරන්න එපා උට තුවාල වෙයි /මැරෙයි ) ගොඩක් ලුස් කරන්නත් එපා උබට සෙත්තපෝච්චි වෙන්න වෙයි.බෙල්ල ලගින් තදට හිරුනාම එහෙම්ම උඩට උස්සල පොහොර උරීක ඇතුලටම දාලා උබේ පැත්තේ තියන ලණුවේ කොන් දෙක ටිකක් රිලීස් කරලා උව රිලීස් කරලා බැටේ එලියට අරන් පොහොර උරේ කට ගැටගහන්න .
     
    • Like
    Reactions: netsurfer