මේ සිංදුවේ තේරුම මොකද්ද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ සිංදුවේ තේරුම මොකද්ද?

    " අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ - ගිනි ඇවිලුනා කැණි මඩලට අපෙ නිවසේ
    එක බත අනා එකටම කෑ පෙර දවසේ - මං අමතකද නුඹ රජ වූ අද දවසේ
    .
    අම්මා එක්ක දබරව පැන ගිය වැස්සේ - ළැම දා ගියා බත හිර වුනි කුසගින්නේ
    දෑසේ කදුලු වැහි පොද ලෙස වෑහෙන්නේ - වී පෑලකට ඇයි නුඹ විරසක වේනනේ
    .
    ඉරට සැපක් ‍දෝ නියගය දළු ලෑම- සඳට සැපක්දො ගනදුර පීදීම
    නුඹට සැපක්දෝ අපි තනි කර යෑම - මහ පොලවකට නඩු හබ ඇයි ගතු කීම
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    2005 මහින්ද ජනාධිපති වෙච්ච වෙලාවේ ගෝටාභය තමයි ඔය සින්දුව කියල තියෙන්නේ :lol: