මොකක්ද මේ "කඨිණය"...

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    සිඳින්න බැරි පින කියන එකක්නං බුදුදහමෙදි අර්ථදක්වයි කියල හිතන්න බෑ. මොකද, පින කියන දේ වෙනස් වෙන්න, සිඳින්න පුලුවන්..
    බුදුදහමෙදි සිඳින්න බැරි, වෙනස් නොවෙන දෙයක් විදිහට පෙන්නන්නෙ ආර්යඅශ්ඨාංගික මාර්ඝය විතරයි.
    මේ කියන්නෙ එහෙම දෙයක් නෙවේ.
    කඨිනයෙන් රැස් වෙන පින නිවන දක්වාම නොසිඳී පවතිනවා කියන එක.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය ඔක්කොම කැටයම් වැඩ කරන්නේ ගමේ ඉන්න නුගත් දායකයෝ සෙට් එක තමන්ගේ බලපුලුවන් කාරකම් පෙන්වන්න. මේකෙන් වෙන්නේ මේකේ නියම අර්ථයත් හෑල්ලුවට යනඑක. හරිදේ තෝරාගන්න එක බුද්දීමතා සතුයි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය ඔක්කොම කැටයම් වැඩ කරන්නේ ගමේ ඉන්න නුගත් දායකයෝ සෙට් එක තමන්ගේ බලපුලුවන් කාරකම් පෙන්වන්න. මේකෙන් වෙන්නේ මේකේ නියම අර්ථයත් හෑල්ලුවට යනඑක. හරිදේ තෝරාගන්න එක බුද්දීමතා සතුයි
    මේ පාර කටිනෙට ගියාද??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වෙන්න පුලුවන්. හැබැයි බුද්ධ ධර්මය කියන එක අකාලිකයි, ඒක වෙනස් වෙන්නෙ නෑ...
    එකත් වෙනස් වෙලා තමයි බන් දැන් තියෙන්නේ . . උබ කොහොමද කියන්නේ දැන් තියෙන්නේ මුල් බුදු දහම මයි කියලා ?
    එතකොට ථෙරවාදී මහායාන කියලා දෙකක් තියෙන්නේ කොහොමද ?
    මහායාන රටවල උන් මෝඩ ද හරි දහම අදුරගන්න බැරි මට්ටමට ?? උන් අපිට වඩා බුද්ධිමත් , දියුණුයි ගොඩක් වෙලාවට .
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    ආරණ්‍ය සේනාසනවල පවා දැන් නොයෙකුත් ආමිස පූජා වැහි වැහැලා

    මම මේ දක්වා ඇසුරු කරලා තියෙන භික්ෂූන් එක්ක ගත්තාම
    මීතිරිගල නිස්සරණ වනය සෙනසුනේ භික්ෂූන් වහන්සේලා තමයි
    සෑහෙන දුරකට බුද්ධ වචනය අනුව ජීවත් වෙන්නේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    palayan ඔගස්ටින් yanna...

    පූජ්‍ය පක්ෂයටම මොනවහරි කරන්න ඔනේ නම් වනවාසි හාමුදුරුවෝ හොයන් ගිහින් ඒ අයගෙ මූලික අවශ්‍යතා ටික හොයල බලල කරල දීල එන එක ඔයිට වඩා වටිනවා

    lol.. moda sinhalu set ekak innawa wana wasi hamuruwo kiyanne rahat set ekak kiyala.. :lol:
    kawda ehema ekak kiwwe? :lol:

    pansale inna thattayo apita "let go" ugannana gaman buildings, pilima hada hada innawa :lol:
     
    • Like
    Reactions: PHBhagya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    කටිනෙ කියල හාමුදුරුවන්ගේ සිවුරක් නේද ගෙනියන්නේ? ඇයි ඉතින් අඳින ඇඳුමක් ගම වටේ ගෙනියන්නේ? අපේ තියෙන්නෙ සුරුවම ගෙනියනවා තව පාද නමස්කාරය. ඔය දෙක. වයසක අම්මලා පෙරහැර පස්සෙන් කෑ ගගහ යනව අපේ රටේ බුදු පෙරහැර සාදු සාදු කිය කිය. මොන මෝඩ වැඩක්ද. 🤷🏻‍♂️
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔය ඔක්කොම කැටයම් වැඩ කරන්නේ ගමේ ඉන්න නුගත් දායකයෝ සෙට් එක තමන්ගේ බලපුලුවන් කාරකම් පෙන්වන්න. මේකෙන් වෙන්නේ මේකේ නියම අර්ථයත් හෑල්ලුවට යනඑක. හරිදේ තෝරාගන්න එක බුද්දීමතා සතුයි
    යු එස් ., කැනඩා වල ඉන්න ජොස්තර ඉන්ජිනේරු ගොබ්බ සෙට් එකත් හීතලේ ගැහි ගැහි කටින පුජාව කොරනව. ඕක එක එක අවුරුද්දට එක එක පවුල් වලට දෙන්නේ, ඕක කොරන්න මාර තරඟයකුත් තියෙනවා.🤣🤣
     
    • Haha
    • Like
    Reactions: PHBhagya and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔය ඔක්කොම කැටයම් වැඩ කරන්නේ ගමේ ඉන්න නුගත් දායකයෝ සෙට් එක තමන්ගේ බලපුලුවන් කාරකම් පෙන්වන්න. මේකෙන් වෙන්නේ මේකේ නියම අර්ථයත් හෑල්ලුවට යනඑක. හරිදේ තෝරාගන්න එක බුද්දීමතා සතුයි
    ඒක හරි...
    මේක දැන් තනිකර විහිළුවක් වෙලා තියෙන්නෙ. අලින්ට රෙදි අන්දගෙන, වෙඩි ගහගෙන, හූ කියාගෙන. සිවුරක් පූජකරන්න නටන නැටිල්ලක්..
    එකත් වෙනස් වෙලා තමයි බන් දැන් තියෙන්නේ . . උබ කොහොමද කියන්නේ දැන් තියෙන්නේ මුල් බුදු දහම මයි කියලා ?
    එතකොට ථෙරවාදී මහායාන කියලා දෙකක් තියෙන්නේ කොහොමද ?
    මහායාන රටවල උන් මෝඩ ද හරි දහම අදුරගන්න බැරි මට්ටමට ?? උන් අපිට වඩා බුද්ධිමත් , දියුණුයි ගොඩක් වෙලාවට .
    ඔය වෙනස් කිරිල්ල කරන්නෙත් හාමුදුරුවරුමනෙ. තමන්ගෙ කටට එන මොනව හරි දෙයක් පහසුවට කියල දානව. හදාරන්න දෙයක් නෑ. ඕනෙ දෙයක් කියන්න පුලුවන්. ඒකට නමකුත් දානව කාලීන බණ කියල.. කාලීන බණ කියන්න දෙයක් නෑ, බුදු දහම කියන්නෙ තුන්කල් දහමක්...

    හරි දහම හඳුනගන්න තමයි ත්‍රිපිඨකය තියෙන්නෙ.
    ඒවයෙ ථේරවාද, මහායාන කතා මුකුත් නෑ...
    ඒ දහම වෙනස් වෙන්නෙත් නෑ. වෙනස් කරන්නත් බෑ.. වෙනස් කෙරුවොත් අනික් සූත්‍ර දේශන එක්ක නොගැලපීම තේරෙනව.... විශුද්ධි මාර්ඝය වගේ පොත් ලියවිලා තියෙන්නෙ ත්‍රිපිඨක විවරණයක් විදිහට. හැබැයි ඒ වගේ පොත් වල තියෙන පරස්පරතා වෙනස්කම් පේනව... ඒවට පිටින් ඔබපු බ්‍රාහ්මණ අදහස් සූත්‍ර පිඨක අධ්‍යනය කරන කෙනෙකුටනං හරි ඉක්මනටම තේරෙනව...

    මිනිස්සු බුද්ධිමත්ද මෝඩද කියන එක ඒකට අදාල නෑ.
    ඉන්දියාවෙ අගමැති ශිවලිංගෙට අත ගහන්නෙ. එහෙමයි කියල ඒ මනුස්සය මෝඩයෙක් කියන්න පුලුවන්ද...
    අවබෝධය කියන එක මෝඩද, ණුවනක්කාරද කියන එක මත තීරණය වෙන්නෙ නෑ. බුද්ධිමත් කම කියන්නෙත් සාපේක්ශ දෙයක්...
     
    ත්‍රිපිටකය ලියන එක වෙන්නේ බුද්ධ පරිනිවනයෙන් කොච්චර කාලයකට පස්සේ ද ?
    කොච්චර දේවල් වෙනස් වෙන්න පුලුවන් ද ඒ අතර . කොහොමද කියන්නේ ඒ අර මුලින් දේශනා කර පු එකමයි කියලා ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ත්‍රිපිටකය ලියන එක වෙන්නේ බුද්ධ පරිනිවනයෙන් කොච්චර කාලයකට පස්සේ ද ?
    කොච්චර දේවල් වෙනස් වෙන්න පුලුවන් ද ඒ අතර . කොහොමද කියන්නේ ඒ අර මුලින් දේශනා කර පු එකමයි කියලා
    ඒකට රහතන් වහන්සේලා සහභාගී වෙන එකේ තේරුම මොකක්ද...?
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    ඒකට රහතන් වහන්සේලා සහභාගී වෙන එකේ තේරුම මොකක්ද...?
    රහතන් වහන්සේලා කියන්නේ super man වගේ චරිත කියලා අපි හිතන්නේ ඇයි ?
    එහෙම බැලුවත් ත්‍රිපිටකය ලිව්වේ රහතන් වහන්සේලා ද ? ලංකාවේ අන්තිමටම රහතන් වහන්සේලා ඉදල තියෙන්නේ කොයි කාලේද ?
     
    • Like
    Reactions: NRTG