2008 විතර ගම්පහ ක්ලාස් යන කාලෙ, ගම්පහ ස්ටේශන් එක ඉස්සරහ යකඩ වැටක් උඩ ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබ හිටිය... යාළුවො කවුරුත් හිටියෙත් නෑ....
මගෙ ඉස්සරහම පොලිස් කාර් එක නවත්තල ඒකෙ ඉඳපු එවුන් දෙන්නෙක් ෆෝන් එක ඉල්ලගෙන ගැලරියෙ තියෙන සේරම බැලුව. එතකොට තිබුණෙ w200 හෝ k510 දෙකෙන් එකක්.
ඒ කාලෙ ශෙයා වෙච්ච ජෝක් වීඩියෝ වගයක් තිබුණ. ඒ සේරම හිනෙවෙවී කොනක ඉඳන් බලල. ෆෝන් එක දීල වැට උඩින් බැහැල හිටපන් කියල ගියා....
උං හොයපු ජාතියෙ ඒව තිබුණනං ප්‍රතිඵලේ මොකක් වෙයිද දන්නෙ නෑ...
සෝනි එරික්සන් පාවිච්චි කරපු අයනං දන්නව ඇති. ඔය ෆෝන් වල වෙන ෆයිල් අස්සෙ හංගන මීඩියා ෆයිල් ගැලරියෙ පෙන්නන්නෙ නෑ කියල...
