මොනවද මේ "Naval Flags" කියන්නේ? 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,558
    124,772
    113
    දෙහිවල
    අද කොඩි ගැන. කොහේ දාන ඒවාද? නැවේ දාන ඒවා.

    "ටින් ටින්" නොබලපු කෙනෙක් කිරියේ නැහැනේ. ඉතින් මතකද "Professor Calculus" ව නැවකින් පැහැරගෙන යන එපිය. ඊටපස්සේ නැවේ කොඩි මාරු කර කර සෙල්ලමක් කරන්නේ. අන්න ඒ කොඩි ගැන අද පොඩ්ඩක් දැනගමු. පොඩි කාලේ ඉතින් හිස් කබලක් සහ ඇටකටු කොඩියක් දැකලා අන්න මුහුදු කොල්ලකරුවන් කියුවේ අපි. පස්සේ පස්සේ "Pirates of the Caribbean" චිත්‍රපට හරහා අපි ඒ කොඩිය දැක්ක. අද කතාව ඒක ගැන නෙමේ.

    නාවික ගමනාගමනයේදී අද වනවිට ඕනෑම යාත්‍රාවක් තුළ ඉලෙක්ට්‍රොනික සංචාලන සහ සන්නිවේදන ආම්පන්න තිබියදීත්, නාවිකයින් තවමත් අවශ්‍ය අවස්ථාවන්හිදී සන්නිවේදනය සඳහා නාවික ධජ භාවිතා කරයි. තාක්ෂනය කොපමණ දියුණුවට පැමිණියත්. තවමත් යම් යම් අවස්ථාවලිදී තොරතුරු සහ අර්ථයන් පෙන්වීම සදහා නාවික කොඩි බාවිතා කරනු ලබයි. සන්නිවේදන සදහා යොදාගන්නා රේඩියෝව හැර තවමත් ධජ සංඥාව ප්‍රධාන සන්නිවේදනය මාධ්‍යක් ලෙස බාවිතා කරයි. ඉතින් සරලවම පැහැදිලි කරොත් සමුද්‍රීය ප්‍රවාහනයේදී තොරතුරු එක්නෙකා අතර පුරාණේ පමණක් නොව තවමත් යොදගත් ධජ අප හදුන්වන්නේ "Naval Flags" / 'Nautical flags" එහෙම නැත්නම් "Maritime Signal Flags" කියලා.



    නාවික කොඩි විවිධ හැඩයන්ගෙන්, ප්‍රමාණවලින් සහ වර්ණවලින් පැමිණෙන අතර ඒවා තනි තනි අර්ථයන් සහ ඒකාබද්ධව විවිධ අර්ථයන් ප්‍රකාශ කරයි. එමගින් යාත්‍රා එකිනෙකාට, වෙරළට, වරායන් වෙත, රේගුව වෙත තම යාත්‍රාවේම පිරිස් හට තොරතුරු සන්නිවේදනය කරයි.

    ජාත්‍යන්තර සංඥා සංග්‍රහය භාවිතා කරමින්, භාෂා වෙනස්කම් නොතකා නැව්වලට සන්නිවේදනය කළ හැකිය. මෙහිදී භාෂා වෙනස්කමක් නොමැතිව නිවැරදිව තොරතුරැ හුවමාරු කරගැනීම අති සාර්ථක ක්‍රමයක්විම තවමත් මෙම ධජ බාවිතයේ තිබීමට බලපෑ එක් හේතුවක් ලෙස සදහන් කල හැක. මෙහිදී මෙම ධජ පිළිගත් ජාත්‍යන්තර සංඥා සංග්‍රහය යටතේ සංවිධානය කර ඇත. එය සම්මත කොඩි සහ කේත සමගින් ක්‍රියාත්මක කිරීමට යාත්‍රා නියාමකයන් අනුගත විය යුතුය.

    මෙම ධජ සංඥා ක්‍රමය ප්‍රථමවරට කරලියට පැමිණෙන්නේ 1530 වර්ෂයේ පමණ වන අතර එහිදී සංඥා භාවිතය ප්‍රාථමික ලෙස සිදුව ඇත. පසුව වසර 1650 පමණ වනවිට රාජකීය නාවික හමුදාව නීතිගත ආකාරයට මෙම ධජ සංඥා ක්‍රමය සහදා උපදෙස් සාදන ලදී. මුලදී ධජ සංඥා යාත්‍රාවේ එක් ස්ථානයක පමණක් ධජ සංඥා ක්‍රියාත්මක වූ අතර පසුව නෞකාවේ විවිධ ස්ථානවල කාර්යබර්ය අනුව ධජ සංඥා නිකුත්කිරීම සිදුකරන ලදී.

    නාවික ධජ අතර බහුලව දක්නට ලැබෙන්නේ කොටු ආකාරයෙන් සමන්විත ඒවා වන අතර තවද පැතලි තුඩක් සහිත ත්‍රිකෝණාකාර ලෙසද නාවික ධජ දැකිය හැකිය. හෝඩියේ අකුරු නියෝජනය කරන හතරැස් නාවික කොඩි 26ක් ඇත. අංක සහිත පෙන්ඩන්ට් 10 ක්, පිළිතුරු දෙන පෙන්ඩන්ට් එකක් සහ ආදේශක තුනක්ද ඇත.
    සංඥා කොඩිවල වර්ණ වන්නේ කළු, නිල්, රතු, කහ සහ සුදු වේ. මෙයට හේතුව මෙම වර්ණ හොඳින් කැපී පෙනෙන අතරම දුරදක්න පරාසය නිසාය.

    The Nautical Flag Alphabet - නාවික ධජ හෝඩිය (ජාත්‍යන්තර සංඥා කේතය)

    A: Alpha – diver down; keep clear
    B: Bravo – carrying dangerous cargo
    C: Charlie – yes (affirmative)
    D: Delta – keep clear of me, I am maneuvering with difficulty
    E: Echo – altering course to starboard
    F: Foxtrot – I am disabled, communicate with me
    G: Golf – I want a pilot
    H: Hotel – a pilot on board
    I: India – I am altering my course to port
    J: Juliet – vessel on fire keep clear
    K: Kilo – I want to communicate with you
    L: Lima – stop your vessel instantly, I have something important to communicate; Come Within Hail or Follow Me (Sailing Regatta)
    M: Mike – my vessel is stopped and making no way through the water; Mark Missing (Sailing Regatta)
    N: November – no (negative); Abandonment and Re-sail (Sailing Regatta)
    O: Oscar – Man overboard
    P: Papa – In port: All personnel return to ship; vessel is about to sail; At sea: It may be used by fishing vessels to mean: “My nets have come fast upon an obstruction”
    Q: Quebec – I request free pratique
    R: Romeo – reverse course
    S: Sierra – engines are going astern
    T: Tango – Keep clear; engaged in trawling. (International); Do not pass ahead of me. (Navy)
    U: Uniform – you are heading into danger
    V: Victor – require assistance
    W: Whiskey – require medical assistance
    X: X-ray – stop your intention
    Y: Yankee – am dragging anchor
    Z: Zulu – I require a tug



    ජාත්‍යන්තර කොඩි සෑම අවස්ථාවකදීම සන්නිවේදනය සඳහා යොදා ගත්තද, ඇතැම් අවස්ථාවලදී කොඩි සමඟ රහස් භාෂා භාවිත කරනු ලබයි. නිදසුනක් ලෙස එක්සත් ජනපද නාවික හමුදාව සහ NATO සංවිදාන තම කාර්ය මණ්ඩලය සහ නැව් අතර සංඥා සහදා වර්ගීකරණය නොකළ සංඥා යොදාගනු ලබයි. ලොව සියලුම හමුදාවන් තමන්ට අවේනික රහස් කොඩි සහ සංකේත මෙම සම්මත කොඩි මිශ්‍ර කර යොදාගනී.


    දන්න දේවල් එකතු කරන් යන්න, තුති.

    කෙටි සටහන : Walter White
    චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,012
    113
    TFS ❤️

    ප.ලි:- අඩෝ නැවක නැගලා ටුවර් එකක් යන්න ආසයි බං. දැනට පට්ටම luxury cruise ship එකක යුරෝප් ටුවර් වගේ ලොකු ඒවාට යන්න බජට් නෑ. දැනට මුලින්ම ගිහිං experience එකක් ගන්න බජට් ship ටුවර් එකක් සෙට් කරගන්න පුලුවන් වෙයිද බොසා? නැවක ලංකාවෙ ඉදන් ඉන්දියාවට වගේ හරි ගිහිං එන්න?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Well-done sailor


    Johnny Depp Salute GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    ස්තූතියි මචං ♥️♥️

    TFS ❤️

    ප.ලි:- අඩෝ නැවක නැගලා ටුවර් එකක් යන්න ආසයි බං. දැනට පට්ටම luxury cruise ship එකක යුරෝප් ටුවර් වගේ ලොකු ඒවාට යන්න බජට් නෑ. දැනට මුලින්ම ගිහිං experience එකක් ගන්න බජට් ship ටුවර් එකක් සෙට් කරගන්න පුලුවන් වෙයිද බොසා? නැවක ලංකාවෙ ඉදන් ඉන්දියාවට වගේ හරි ගිහිං එන්න?
    @Solo Rider එක්ක යනවා කීවා අපිව. ඔයත් pm එකක් දාලා බලන්න