මොරටුවෙන් ගඟට පනී

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මොරටුවෙන් ගඟට පනී

    මොරටුවෙන් ගඟට පැන පොළෙන් මතුවෙයි

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා

    මොරටුව අලුත් පාලමෙන් පුද්ගලයකු ඊයේ (04 වැනිදා) උදේ 10.00 ට ගඟට පැනීම නිසා එය දුටු ප්‍රදේශවාසීහු කලබලයට පත්වූහ.

    ප්‍රදේශවාසීහු පාලමේ වේදිකා මතට නැග ගඟට පැන්න අය සිටින්නේ කොහේදැයි සොයා බලන්නට වූහ.

    මෙම සිද්ධිය සැලවී මොරටුව මෝදර පොලිසිය ද පැමිණියේය.

    පොලිසිය හා ප්‍රදේශවාසීහු ගඟට පැන්න පුද්ගලයා සොයා ගැනීමේ මෙහෙයුමක්‌ අරඹන්නට වූහ.

    විනාඩි 15 කට පසු ගඟට පැන්න පුද්ගලයා දිය යටින් පිහිනා ගොස්‌ මොරටුව පොළ දෙසින් පැමිණ ඇත.

    ගඟට පැන්නේ ඇයි දැයි පොලිසිය ඔහුගෙන් විමසන්නට විය.

    "වතුර ටිකක්‌ නාගන්නට ගඟට පැන්නා..." යෑයි එම පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කර තිබේ.

    පසුව සොයා බැලීමේදී ගඟට පැන්න පුද්ගලයා 24 හැවිරිදි මානසික ආබාධයකින් පෙළුණු අයකු බව හෙළිවිණැයි පොලිසිය කියයි.

    මොරටුව මෝදර පොලිස්‌ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක අනිල් මාසකෝරාළ මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ මෙම ස්‌ථානයට පැමිණ සිටියහ.



    දිවයින

     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    is-that-how-wealthy-people-laugh.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වලටෙර ද බං ? එත් 24 වෙන්න බෑ නේ අනිත් එක උ නාන්නෙත් නෑ නේ දත නැති පොන්නයා
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඌ වතුර ටිකක් නාගන්න පැන්නා කියලා හරි පිලිගත්තා..
    සමහර උන් බීලා ප්ලේන් වල දොරවල් අරින්න හදලා හීනෙන් ඇවිද්දා කියලා කිව්වේ..