මොරටුවේදි ගිනි තියාගත් තරුණයා පෙම්වතියව

DIGger

Member
May 18, 2016
689
74
0
මොරටුවේදි ගිනි තියාගත් තරුණයා පෙම්වතියව

පසුගියදා තරු‚යකගේ ප්‍රේම සම්බන්ධයක් නිසාවෙන් මොරටුව ප්‍රදේශයේ පාරක් අසළ තරුණයෙකු ගිනි තබාගෙන මියගියා. තරුණයා විසින් තරු‚යගෙන් ආදරය ඉල්ලු නමුත් ඇය ඒ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතු කොට ගෙන මෙලෙස ගිනි තබාගත් බවයි පසුව දැනගන්නට ලැබුනේ. කෙසේ නමුත් මේ වන විට මියගිය තරුණයාගේ පියා හා සිද්ධියට සම්බන්ධ වුණු තරු‚ය මේ පිළිබඳව සාක්ෂි දෙමින් මෙසේ පවසා තිඛෙනවා.



‘‘මියගොස්‌ සිටින්නේ මගේ දරුවා. පුතාට ප්‍රේම සම්බන්ධයක්‌ තිබුණා. ඒක නවත්වන්න කියලා අපි එයාට අවවාද කළා. නමුත් ඔහු ඒක නැවැත්තුවේ නැහැ. නිතර නිතර මේ ගැහැණු කෙනාම මොහු අපේ ගෙදරට රැගෙනවිත් තිඛෙනවා. නමුත් අපි කැමති වුණේ නැහැ. 2016.05.26 වැනිදා මට දුරකථන ඇමතුමක්‌ ආවා පුතා ගිනි තියාගෙන කියලා.

මෙහිදී සාක්‍ෂි දුන් මියගිය තරුණයා ප්‍රේම සම්බන්ධයක්‌ පැවැත්වූ බව කියන (24) හැවිරිදි කාන්තාව මෙසේ පැවසුවාය.

මම පෞද්ගලික ආයතනයක වැඩ කළේ. 2013 දී මම ඒකෙන් අයින් වුණා. ඒ කාලේ මේ මියගිය අය එකේ වැඩට ආවා. ඒ අතරතුර තමයි මා ඔහුව හඳුනා ගත්තේ. මොහු මුලින් මගේ කැමරාව අරගෙන ඊට පස්‌සේ මගේ ෆොටෝ අරන් ඒවා එඩිට්‌ කරලා මාව බය කරන්න ගත්තා ගෙරදට ඇවිත් කියනවා කියලා. 2014 දී නැවත මම වැඩට යන්න ගත්තා. පසුව ඔහු හැම සතියකම මගේ ෆොටෝ ගෙදරට දෙනවා කියලා කොහේ හරි බලෙන් එක්‌කරගෙන යන්න ගත්තා. මම මාසයක්‌ විතර වැඩට ගියා. මොහු කරදර කරන නිසා මා රස්‌සාවෙන් අයින් වුණා. ඒත් මට ඔහු ඉන්න දුන්නේ නැහැ. නැවත නැවත ඔහු මට ෆොන් එකට කතා කරලා තැනින් තැන රැගෙන ගියා. එහිදී බලෙන්ම රූම් වලට ගෙනිච්චා.

පසුව මා මාස ගණනක්‌ මොහුව ක්‍රමයෙන් මග ඇරලා සිටියා. පසුව මම නැවත වෙනත් ආයතනයක වැඩට යන්න ගත්තා. 2015 දෙසැම්බර්වල ඉඳලා මම ඒ සියල්ල එයාගේ අම්මට කතා කරලා කිව්වා. එයාගේ අම්මා රුපියල් 12,000 ක්‌ ගත්තා සීනියි, ලූ‍ණුයි වගයකුයි එක්‌ක. මොනවද දේවාලයකට ගිහින් කරනවා කියලත් කිව්වා. ඒත් කිසිම දෙයක්‌ වුණේ නැහැ. මොහු ගිය අවුරුද්දේ සැප්තැම්බර් 29 වැනිදා මගේ ගෙදර අයටත් මගේ ෆොටෝ පෙන්නුවා. ඔහුට ඕන වුණේ මගේ මත්තයාව ගෙදරින් යවන්න. නමුත් මහත්තයා තරහවෙලා ගියේ නැහැ.

පසුව ඔහු නැවත කරදර කරන්න පටන් ගත්තා. මම ඔහුට කීවා පොලිසියට යනවා කියලා. එතකොට ඔහු කීවා ෆොටෝ ටික පෙන්නුවාම කොහාමත් පවුල කැඩෙනවානේ කියලා. 2015 දෙසැම්බර් මාසේ දවසක ඔහු සමග එන්න බැහැ කිව්වාම ඔහු මට පාරේදීම ගහලා කොණ්‌ඩෙන් ඇදගෙන ගිහින් බසයකට නැග්ගා. පසුව මා අ~ලා අ~ලා ගෙදර ආවා. නැවත මම ඔහුගේ අම්මට සිද්ධ වුණු දේ කිව්වා. අම්මා තාත්තාව එව්වා. මාව එදා ගෙනියන එක නවත්වන්න. තාත්තා ඉස්‌සරහම ඔහු මගේ කම්මුලට ගැහුවා. තාත්තා ඊට විරුද්ධව මොනවක්‌ කතා කළේ නැහැ. ඔහුට මාව ඕන වුණාම මට කරදර කරන්න පටන් ගත්තා. ගහන්න ගත්තා. මට ඉවසන්නම බැරි වුණාම මම කිව්වා මං මේගැන ළමා හා කාන්තා කාර්යාංශයට පැමි‚ල්ලක්‌ කළා කියලා. ඊට පස්‌සේ ඔහු බය වුණා.

2016.05.23 වැනිදා ඔහු මගේ ෂොප් එකට ඇවිත් මේ සම්බන්ධය නවත්වන්න එපා කිව්වා. මම ඔහුව ගණන් ගත්තේ නැහැ. එවිට මගේ මේසය උඩ තිබුණ වීදුරුව කෑවා. එවිට ඔහුගේ කටින් ලේ වැක්‌කෙරෙන්න ගත්තා. වමනය කළා. පසුව මම වැඩ කරලා ඉවරවෙලා ගෙදර ආවා.

2015 මැයි 16 වැනිදා උදේ 10.00 ට විතර මා වැඩට ආවා. මම එනවිට ඔහු මට බයික්‌එක නවත්වන්න කිව්වා. පසුව ඔහු මගේ බයිසිකලයේ බ්‍රේක්‌ එක අල්ලාගෙන ඔහේ කතා නොකර බලාගෙන හිටියා. එතන ඉන්න බැරි නිසා අපි ඉස්‌සරහට ගිහින් කතා කරමු යෑයි ඔහු කීවා. පසුව අපි ඔය සිද්ධියවූ තැනට ආවා.

ඔහු වචනයක්‌වත් කතා නොකර අතේ බෑග් එකක්‌ තියාගෙන හිටියා. මම කිව්වා ඉක්‌මනට කියන දෙයක්‌ කියන්න මට යන්න පරක්‌කු වෙනවා කියලා. ඒත් කිසිම දෙයක්‌ නොකියා මට යන්න නොදී කතා නොකර සිටියා. අන්තිමට මම කිව්වා එහෙනම් තමුසේ ඔහොම ඉන්නවා මම පොලිසියට යනවා කියලා. එතකොටම ඔහු බෑග් එකේ තිබුණ බෝතලයක්‌ අරන් ඔලූ‍වේ පෙට්‍රල් හලා ගත්තා. එවිට මම කෑ ගැහුවා. කව්රුවත් ළඟට ආවේ නැහැ.

පසුව ඔහු ගිනිකූරු තුනක්‌ හතරක්‌ ගැහුවා. ඒත් ඒවා පත්තුවුණේ නැහැ. ඊළඟට ගැසූ ගිනිකූර දැල්වුණා. අනතුරුව ඔහු ගිනි තියා ගත්තා. ඔහු ඇඟ ගිනි ගනිද්දීත් මගේ ඇඟටත් ගින්දර විසි කළා. මම මගේ බයික්‌ එක අරගෙන එතන තිබූ ස්‌ටෝර්ස්‌ එකට දැම්මා. එතකොටත් ඔහු එතනට දිවවිත් ඔහුගේ ගිනි ගනිමින් තිබූ ෂර්ට්‌ එක මගේ ඇඟට දැම්මා. නමුත් මට මොකුත් වුණේ නැහැ. පස්‌සේ එතන හිටිය ආරක්‍ෂක නිලධාරියෙක්‌ එයාව එළියට ඇදලා දාලා ගේට්‌ටුව වැහුවා. පසුව මාත් එළියට ගියා. එතකොට මා දැක්‌කා ඔහු කාණුවක වැටී සිටිනවා. එතන සිටි මනුස්‌සයෙක්‌ වතුර තිබූ මෙගා බෝතලයකින් ඔහුට වතුර දමමින් සිටියා.

ඊට පසු ඔහු ඇවිදගෙන ආවා. මට එතන සිටි අය කිව්වා පොලිසියට යන්න කියලා. මාව බේරා ගන්න කියා ඔහු කෑ ගැසුවා. අනතුරුව එතනට ආ ගිලන් රථයකින් ඔහුව රෝහලට රැගෙන ගියා.

 
  • Like
Reactions: DangerMan119

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    බත් කන හරකෙක්:lol:
    ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ:(
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    avatar557799_2.gif
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේ සීන් එකේ කාතා ගොඩක් එකින් එකට වෙනස්. .
    මේ කතාව කියපු කෙනා බොරුවක් වගේ කියලා තියෙන්නේ. .

    මැරුන කොල්ලගෙයි කෙල්ලගෙයි ෆොටෝ එකක් තියෙනවනම් එවපන් මන් විස්තර ටික හොයලා හරියටම කියන්නම්. .
    හරියටම විස්තර නොදැන මෙහෙම දේවල් කියන එක මැරුන කොල්ලටත්, ජීවත්වෙන කෙල්ලටත් හොද නෑ. .
    මේකෙන් වෙන්නේ උන් දෙන්නට අපහසයක් වෙන එක. .
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ කෙල්ලොත් යකෝ පොඩ්ඩ ඇත්නම් බයවෙලා රෑම් යනවනේ මුන් වගේ උන් එක්ක
    :baffled::baffled::baffled::baffled:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    පිස්සු හු$%&*#නෙ බං....දුක යනු fb පේජ් ඇඩ්මින්ලා ඇතුලු සුවහසක් ශ්‍රි ලාංකික (මන්ද)බුද්ධිමත් ජනතාව කිසිදු හෙවිල්ලක් බැලිල්ලකින් තොරව කොල්ල හෝ කෙල්ල හෝ මැරුණ එකාගෙ හොද කියා ඌ සුදනා කොට ජීවත්ව ඉන්න එකාගෙ පතුරු ඇරීමයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කිව්වට කොල්ල අහින්සක ඇති... කොල්ලො හරි අහින්සකයිනෙ..:sorry:
    කෙල්ල පට්ට වේසියෙක් වෙන්න ඇති... කෙල්ලො පට්ට වේසයිනෙ...:angry:

    #එලකිරි_වාසියෙක්...:rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ කෙල්ලොත් යකෝ පොඩ්ඩ ඇත්නම් බයවෙලා රෑම් යනවනේ මුන් වගේ උන් එක්ක
    :baffled::baffled::baffled::baffled:

    පට්ට වේසියො පවු අහින්සක කොල්ල.. ඔය වේසි බයවෙලා රුම් ගිය හින්දනෙ අහින්සක කොල්ලගෙ මොල තවත් වැඩි වෙලා එකිගෙ පස්සෙන්ම එන්න ගත්තෙ...:baffled::baffled:

    #එලකිරි_මතය :baffled: