මොරටුවේ ගෝත්‍රික සටන

arandaraabdl

Member
Jun 22, 2007
89
0
0
මොරටුවේ ගෝත්‍රික සටන



නලින්ද සංජීව ලියනගේ නම් අයෙකු විසින් 2010.12.18 දින 'තරුණයා' පුවත්පතේ, 'සරසවියේ ඇත්ත කථාව' තීරයෙහි 'මොරටුවේ ගෝත්‍රික සටන' යන ශීර්ෂය සහිතව පළ කරන ලද ලිපියේ මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයට හා එහි සිසුන්ට අපහාස වන අයුරින් කරනු ලැබ ඇති අසත්‍ය ප්‍රකාශ පදනම් විරහිත බව තරුණයා පාඨකයින් හට පෙන්වා දීම උදෙසා මෙම පිළිතුරු ලිපිය ලියමි.

කොළඹ හා මොරටුව විශ්ව විද්‍යාල පිළිබඳව නලින්දගේ නිර්වචනයට අනුව, ඒවායේ ඉගෙනුම ලැබීමට තරම් අවාසනාවන්ත වන සිසුන් පිරිසක් මේ ලංකාව තුළ සිටී. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලැබීම යනු අවාසනාවක්ද වාසනාවක්ද යන්න තීරණය කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලය දැකලාවත් නැති නලින්දලා නොවේ. ශ්‍රී ලංකාව තුළ භෞතීය විද්‍යා විෂය ධාරාවෙන් අ. පො. ස. උසස් පෙළ හදාරන සිසුවෙකුට ලබා ගත හැති ඉහළම ජයග්‍රහණය වනුයේ මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට වරම් ලැබීමය. සෑම වසරකම අ.පො.ස. උසස් පෙළ ගණිත අංශයෙන් ලංකාවේ පළමු වැන්නාගේ පටන් ඉහළම ලකුණු ලැබූවන් අධ්‍යාපනය ලබන මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය, අවාසනාවන්තයින් ගොන්නකගේ එකතුවක් ලෙස නලින්දලාට පෙනීමේ අරුමයක් නැත. මන්ද යත් තමන්ට ළඟා කරගත නොහැකි වූ උසස් දේට මඩ ගැසීම නලින්දලාගේ දේශපාලනය වන බැවින් හා මෙවැනි ප්‍රකාශ තුළින් ඔහු යථාර්තය දන්නා තරම අපට පෙන්නා දී ඇති බැවින්ය. නරියා 'මිදි තිත්තයි' කී කථාව අපි අසා ඇත්තෙමු.

NDT ශිෂ්‍යයන් විසින් තමන්ගේ රැකියා අවස්ථා අහිමි කරන්නේ යැයි වෛරයක් ඉංජිනේරු ශිෂ්‍යයන් තුළ පවතින බවත්, NDT යනු ඩිප්ලෝමාවක් වුවද ඉංජිනේරු ශිෂ්‍යයන් ලබන දැනුමම NDT ශිෂ්‍යයන්ට ලැබෙන බවත් නලින්ද පවසයි. NDT පාඨමාලාව වසර 03 ක ඩිප්ලෝමා පාඨමාලාවකි. එයිනුත් විෂය කරුණු ඉගැන්වෙනුයේ වසර 02ක් පමණි. මොරටුව, පේරාදෙණිය හා රුහුණ යන විශ්ව විද්‍යාල මඟින් පිරිනමනු ලබන ‘විද්‍යාවේදී ඉංජිනේරු උපාධි පාඨමාලාව’ වසර 04ක පාඨමාලාවකි. නලින්ද පවසන දෙය සත්‍ය වීමට නම් ඉංජිනේරු සිසුන් හට වසර 04ක තරම් කාලයක් වැය කර ඉගැන‍්වෙන විෂය කරුණු, NDT සිසුන් හට වසර 02ක් තුළදී ආවරණය කළ යුතුය. මොහු මෙම සුරංගනා කථා රචනා කොට ඇත්තේ විද්‍යාවේදී ඉංජිනේරු උපාධි පාඨමාලාවේ විෂය පථය දැකලාවත්දැයි නලින්දගෙන් ඇසීමට මා කැමැත්තෙමි.
(credit goes to the man in the arena)
 

arandaraabdl

Member
Jun 22, 2007
89
0
0
නලින්ද පවසන ආකාරයට NDT සිසුන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් අතින් ඉංජිනේරු ශිෂ්‍යයන්ට වඩා ඉදිරියෙන් සිටී. යමෙකු පොතේ පතේ වැඩට දක්ෂ නම් ඔහුට දුවන පනින වැඩ බැරි යැයි මතයක් කොහොමටත් ලාංකික සමාජය තුළ පවතී. මෙහි අරමුණ වන්නේ පොදු සමාජයේ දක්ෂයා යැයි සම්මත පුද්ගලයා පවා කුමකින් හෝ අදක්ෂ බවට මතවාදයක් ගොඩනැඟීමය. මනෝ විද්‍යාත්මක වශයෙන් මෙහි පවත්නා වටිනාකම වනුයේ ඉගෙනීමට එතරම් දක්ෂ නැති අයෙකුට තමනුත් මොකකින් හෝ කෙරුම් කාරයෙකු බව සිතාගැනීමට හා එමඟින් තම හීනමානයෙන් අත්මිදීමට අවස්ථාවක් ලැබීමය. නලින්දගේ මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කථාවද NDT - ඉංජිනේරු සංසන්දනයේදී තරාදිය උඩයෑම නැවැත්වීමට යොදන බරක් මිස අන් කිසිවක් නොවන බව අප දනිමු. මන්දයත් අ.පො.ස. උසස්පෙළ කඩඉමේදී පෙන්වූ දක්ෂතාවය මත ඉංජිනේරු පීඨවලට හා NDT වැනි පාඨමාලා වලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවා මිසක, නලින්ද පවසන්නාක් මෙන් 'ප්‍රායෝගික ක්‍රියාකාරකම්' පරීක්ෂණයක් පවත්වා ඉන් සමත් වූවන් NDT ද අසමත් වූ පිරිස ඉංජිනේරු පීඨ වලටද යැව්වේ නැති බැවිනි.

ඉංජිනේරු ශිෂ්‍යයන්ට වඩා අඩු වැටුපකට, NDT ශිෂ්‍යයන් ආයතන වලට බඳවා ගත හැකි බැවින් රැකියා වෙළඳපොළේදී වැඩි අවස්ථාවක් NDT සිසුන්ට ලැබෙන බව නලින්ද පවසයි. නලින්ද‍ පැවසූ පරිදි NDT ශිෂ්‍යයන් ඉංජිනේරු ශිෂ්‍යයන් ලබන දැනුමට සමානවම දැනුමෙන් සන්නද්ධව, 'ප්‍රායෝගික ක්‍රියාකාරකම්' වලදී ඉංජිනේරු ශිෂ්‍යයන් අභිබවා සිටී නම්, NDT ශිෂ්‍යයන්ව අඩු වැටුපකට ආයතන වලට බඳවා ගත හැකි වී ඇත්තේ මන්දැයි මා නලින්ද‍ගෙන් ඇසීමට කැමැත්තෙමි. එසේ නම් NDT සිසුන් මෙම 'ආයතන' ප්‍රධානීන්ගේ දුප්පත්භාවය සලකා බලා "අපට වැඩි වැටුප් එපා" යැයි පවසනවා විය යුතුය. කෙනෙකුට ගෙවන වැටුප යනු එම ආයතනය තුළ ඔහුට ලැබෙන වටිනාකම නොහොත් ඔහුගෙන් අදාල ආයතනයට සිදුවන සේවාව පිළිබඳ නිර්ණායකයකි. එම නිසා ඉංජිනේරු සිසුන්ට වැඩි වැටුපක් ගෙවීමෙනුත් NDT සිසුන්ට අඩු වැටුපක් ගෙවීමෙනුත් පෙන්නුම් කරන්නේ කුමක්දැයි පාඨක ඔබට වැටහෙනවා ඇත.

NDT - ඉංජිනේරු ගැටුම විසින් ඉංජිනේරු ශිෂ්‍යයන්ට මුහුණ දීමට සිදුවන අර්බුදය රටටම හෙළිදරව් වී තිබෙන බව නලින්ද පවසයි. ඔහු පවසන අන්දමට අද රැකියා අවස්ථා පවතින්නේ NDT පාඨමාලාව හදාරන සිසුන්ට වන අතර ඉංජිනේරු සිසුන්ට යන එන මං නැත. මෙය සත්‍ය නම් ලංකාව පුරා විසිරී සිටින උසස්පෙළ ගණිත අංශයෙන් ඉහළම ලකුණු ලබන සිසුන් මොරටුව, පේරාදෙණිය හා රුහුණ යන ඉංජිනේරු පීඨ වලට ඇතුළත් වනවා වෙනුවට NDT පාඨමාලාව හැදෑරීමට පොරකනවා දක්නට ලැබිය යුතුය. NDT යන්නෙහි අර්ථය 'ජාතික තාක්ෂණවේදි ඩිප්ලෝමාව' (National Diploma in Technology) යන්නයි. මෙමඟින් බිහිකරනුයේ තාක්ෂණ නිලධාරීන්ය. මොරටුව, පේරාදෙණිය හා රුහුණ යන ඉංජිනේරු පීඨයන්ගෙන් බිහිවන්නේ, විද්‍යාවේදී ඉංජිනේරු (ගෞරව) [BSc. Engineering (Hons) ] උපාධිධරයන්ය. රෝහලක් පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් මෙන්ම හෙද නිලධාරීන්ද අවශ්‍යය. හෙද නිලධාරීන් බඳවා ගත් පලියට වෛද්‍යවරුන් වුවමනා නැතැයි පවසන රෝහල් නැත. නලින්දලා නොදන්නවා වුනාට ඉංජිනේරු ක්ෂේත්‍රයද එසේමය. තාක්ෂණ නිලධාරියා හා ඉංජිනේරුවා යනු වෘත්තීන් දෙකකි. එබැවින් NDT පාඨමාලාව මඟින් බිහිවන තාක්ෂණ නිලධාරීන් නිසා ඉංජිනේරු උපාධිධරයන්ට රැකියා අවස්ථාවන් අහිමිවන බව පැවසීම ළාමක කථාවකි.

මෙම කරුණු කාරණා සලකා බැලූ විට NDT සිසුන් නිසා මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු උපාධිධරයන්ට යන එන මං නැතුව සිටීමක් කිසිදාක සිදු වී නැති බව පාඨක ඔබට වටහාගත හැක. එනිසා නලින්ද පවසන ආකාරයට,‍ “තොපි අපේ චාන්ස් එකට කෙළවනවා” යනුවෙන් NDT සිසුන්ට 'තඩිබෑමේ' අවශ්‍යතාවයක් ඉංජිනේරු සිසුන් හට නැත. මේ සියළු විග්‍රහ කිරීම් සිදුකරනු ලැබුවේ නලින්ද විසින් සිදුකරනු ලැබ තිබූ පදනම් විරහිත හා බොළඳ ප්‍රකාශ වල අසත්‍යතාවය පෙන්වා දීමට මිස නලින්ද ඔහුගෙ‍් ලිපියෙන් මොරටුව විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයට පදනම් විරහිත අපහාස සිදුකල අයුරින් NDT පාඨමාලාවටවත් එහි සිසු සොහොයුරන්ටවත් අපහාස කිරීමට නොවන බව දැන්වීමට කැමැත්තෙමි.
 

arandaraabdl

Member
Jun 22, 2007
89
0
0
පාඨක ඔබට පැහැදිලි කල යුතු කරුණක් ඇත. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි. මේ රටටත් ලෝකයටත් බොහෝ සේ ඉංජිනේරුවන් හා තාක්ෂණ නිලධාරීන් අවශ්‍යය. නලින්ද මහා ලොකුවට පෙන්වා දීමට තැත් කළ, ඉංජිනේරු සිසුන්ට උග්‍ර ප්‍රශ්නයක්ව ඇතැයි පැවසූ NDT පාඨමාලාවෙන් වසරකට බිහිවන තාක්ෂණ නිලධාරීන් 300 අපේ රටට ගෑවෙන්නටවත් මදිය. NDT පාඨමාලාව අහෝසි කරන මෙන් අප විසින් ඉල්ලා සිටින බව නලින්ද පවසයි. මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨ සිසුන් කිසි දිනක NDT පාඨමාලාව අහෝසි කරන ලෙස ඉල්ලා නැත. නලින්ද නොදන්නවා වුනාට නොයෙකුත් ඉංජිනේරු අංශ හා සම්බන්ධ වන TTI, NCIT, SLIIT,… ආදී වශයෙන් අධ්‍යාපන ආයතන විශාල සංඛ්‍යාවක් මෙරට පවතී. එසේනම් ඉංජිනේරු පීඨ සිසුන් විසින් මෙම පාඨමාලාද නවතා ලබනු ලෙස ඉල්ලා සිටිය යුතුය.‍ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙකු ලෙස වසර 04ක් පුරාවට අධ්‍යාපනය ලබමින් සිටින නිසාත් ශිෂ්‍ය නියෝජිතයෙකු ලෙස සෘජුවම මේ පිළිබඳව පරිපාලනයත් සමඟ කරනු ලැබූ සාකච්ඡා වලට සහභාගී වී ඇති නිසාත් මෙතුවක් අප කළ කී දෑ මොනවාදැයි ඔබට පැවසීම මා සතු යුතුකමක් කොට සළකමි.

මෙම ලිපියේ ආරම්භයේදීම නලින්දගේ හදවත උණුවී තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික සම්පත්හි පවත්නා ඌණතාවය පිළිබඳවය. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුන් හා NDT සිසුන් ද එම අර්බුදය තුළම සිටින බව නලින්ද නොදන්නවා විය හැකිය. නියම ප්‍රශ්නය තිබෙන්නේ මෙතැනය. මෙම විද්‍යාගාර, පරිගණක ඒකක වල පවතින ඌණතාවය පිරිමැසීමට නම් NDT පාඨමාලාව හෝ ඉංජිනේරු පීඨය යන දෙකෙන් එකක් මොරටුව විශ්ව විද්‍යාලයීය භූමියෙන් ඉවත් කළ යුතුය. එසේ වනතෙක් NDT පාඨමාලාවට බඳවා ගන්නා සිසුන් ගණන වැඩිකළ නොහැකිව සිටින බව ඔබ නොදන්නවා විය හැක. මන්ද දැනට ඉන්නා ශිෂ්‍ය ප්‍රමාණයට පවතින පහසුකම් මදිව තවත් සිසුන් හට අවස්ථාව දිය නොහැකි බැවින්ය. අවසානයේදී එයට පිළියම ලෙස NDT පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලයීය භූමියෙන් ඉවත් කිරීමට පියවර ගැනුනි. ඒ අනුව මේ වන විටත් NDT පාඨමාලාව හදාරන සිසුන් සඳහා අදාල ගොඩනැගිලි පරිශ්‍රය දියගම ඉදිවෙමින් පවතී. මොරටුව විශ්ව විද්‍යාලයීය භූමියෙන් ඉවත් කරන්නේ NDT පාඨමාලාවද ඉංජිනේරු පීඨයද යන්න අපට කිසිදාක ප්‍රශ්නයක් වූයේ නැත. ඉංජිනේරු සිසුන් වන අපව මොරටුවෙන් ඉවත් කර බින්තැන්නට ගෙන ගියත් එදාටත් එතැන සිටින්නේ ලංකාවේ සාරය වන වඩාත් බුද්ධිමත් හා දක්ෂතම සිසුන් පිරිසමය.

මා ඉහත විස්තර කරන ලද අයුරින් NDT පාඨමාලාව දියගමට ගෙන යෑමෙන් NDT, ඉංජිනේරු සිසු දෙපිරිසටම සිදුවන්නේ මහඟු සේවයකි. මන්ද ඒ මගින් මෙම පාඨමාලාවන්ට අදාලව දැනට පවතින සීමිත සම්පත් වෙනුවට වඩාත් පුළුල් පහසුකම් අත් විඳීමට අවකාශ ලැබෙන බැවිනි. වඩාත් වැඩි සිසුන් පිරිසකට මෙම පාඨමාලාවන් හැදෑරිමේ වරම් ලැබෙන්නේ ද එවිටය. එමනිසා මේ පිළිබඳව සමස්ථ ශ්‍රී ලාංකීය ශිෂ්‍යය ප්‍රජාව සතුටු විය හැකිය. මොරටුව විශ්ව විද්‍යාලය එහි ඉංජිනේරු පීඨය නිසා බැබලුනා මිස, අපි කිසිදිනෙක 'මොරටු සරසවි' නම විකුණාගෙන කෑවේ නැත. මොරටු සරසවි භූමියෙන් ඉතාමත් ඉක්මනින් ඉවත් වන්නට ඔවුන්ට සිදුවන නිසාත් එසේ ඉවත් වූ දාට ඔවුන් තවදුරටත් ' මොරටුව NDT ' නොව නිකම්ම ' NDT ' පමණක් වන නිසාත්, එය දරාගත නොහැකි කමට හා තමන් තුල පවතින හීනමානය ජයගැනීමට NDT සිසුන් නිතරම ඉංජිනේරු පීඨ සිසුන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට පෙළඹෙති.

නමුත් ඔබ අප සෑම දෙනාම දුටු පරිදි රූපවාහිනී නාලිකා වලින් පවා විකාශය වූයේ “අපට ඉංජිනේරු සිසුන් පහර දුන්නා” යැයි කියමින් අඬන හා පැටවුන් වැනි NDT සිසුන් පිරිසකි. නලින්දලා වැන්නන්ගේ පත්තර කලාව තුළින් තහවුරු කළේද එම මත වාදයමය. මෙය සිදුවන්නේ කෙසේදැයි මෙලෙස පහදා දෙමි. මුළු ලංකාව පුරාවටම එක රැයකින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කළ හැකි ඉතාමත් ප්‍රබල මාධ්‍යය ශක්තියකින් යුතු දේශපාලන පක්ෂයක් මේ රටේ ඇති බව ඔබ අප සියළු දෙනාම දනිමු. ඔවුන්ගේ මෙම පෝස්ටර් ව්‍යාපාර පිටුපස මෙන්ම අරමුදල් එක් රැස්කිරීමේ කැට ව්‍යාපාර පිටුපස සිටින්නේ ලංකාව පුරා විසිරී පවතින විශ්ව විද්‍යාල වලින් බිලී බා ගන්නා ලද තරුණ ජීවයයි. ඔබ බසයේ හෝ බස් නැවතුම් පොළෙහි සිටින විට කැට සොළවමින් ඉන්නා කණ්ඩායම් සිහියට නඟා බලන්න. ඒවායේ සිටියවුන් සියල්ලෝම අවුරුදු 20-30ත් අතර වයසේ පසුවන්නන් බව ඔබට සිහිකළ හැක.

මොරටුව විශ්ව විද්‍යාලය තුළ මෙම දේශපාලන පක්ෂයේ අතකොළුවකට සිටින්නේ NDT ශිෂ්‍ය සංගමය පමණි. NDT පාඨමාලාව මොරටු සරසවි භූමියෙන් ඉවත් කළහොත් මෙම දේශපාලන පක්ෂයට තම අදිසි හස්ථය මොරටු විශ්ව විද්‍යාලයීය භූමිය තුළ ක්‍රියාත්මක කිරීමේ හැකියාව නැත්තටම නැතිවනු ඇත. නලින්දගේ ලිපියේ ආරම්භය හොඳින් කියවූවකුට අන්තරයේ බලපෑමට යටත් නොවී සිටින කොළඹ හා මොරටුව විශ්ව විද්‍යාල පිළිබඳව නලින්දලා තුළ කැකෑරෙන වෛරය මනාව පැහැදිලිවනු ඇත. මෙම වෛරය වසා ගැනීමට ඔහු කියා සිටින්නේ ඔවුන් අපගේ අවාසනාවන්තභාවය පිළිබඳව අනුකම්පා කරන බවය. යන යකා කොරහත් බිඳගෙන යන බව අපි දනිමු. අද මොරටුව සරසවි භූමිය තුළ NDT සිසුන්ගේ ක්‍රියාකලාපය සමාන වන්නේ ද එයටය. දේශපාලනීකරණය වූ මාධ්‍යය සම්ප්‍රදාය තුළින් සෝදා හරින්නේ ඔවුන්ගේ මඩය. මෙසේ NDT ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයේ වැරදි වසමින් මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයට මාධ්‍යය තුළින් මඩ ප්‍රහාර එල්ලවීම යනු හුදෙක් තම දේශපාලන අතකොළුවට දේශපාලන හස්ථය විසින් ලබාදෙන සංතෝසමය. එසේත් නැත්නම් එකිනෙකාගේ පිටකසා ගැනීම හෝ සහජීවනය වැනි ඕනෑම ආකාරයකින් ඔබට එය හැඳිනගත හැකිය.
 

arandaraabdl

Member
Jun 22, 2007
89
0
0
අප තුළ NDT සිසුන් උදෙසා කැකෑරෙන වෛරයක් නැත. ඇත්තේ සහෝදර බැඳීමකි. මන්ද යත් ලක්ෂ ගණනක් තරුණයින් ගංජා, සිගරට් උරමින් පාලම් බෝක්කු උඩ මේ රටේ අනාගතය විනාශ කරද්දී හෙට දවසේ මව්බිමේ උරුමය උදෙසා අපත් සමඟ අත්වැල් බැඳගනුයේ අපගේම NDT සිසු සහෝදරයන් වන බැවිනි. නලින්දලා වැන්නවුන්ට මේවා ඇහේ කටු අනින්නාක් වැනි බව ඒකාන්තය. නලින්දලාගේ දේශපාලන සිතුවිලි රටාව අනුව දැකීමට සතුටු වන්නේ එකිනෙකා මරා ගනිමින් කාලය ගත කරන බොඳවූ අනාගතයක් සහිත දුක්මුසු කාලකණ්ණි තරුණ කොටස් වීමය. නලින්දලාගේ දේශපාලන මතවාද පෝෂණය කිරීමට ගොදුරු බවට පත්කර ගත හැක්කේ බුද්ධියෙන් හීන ආවේගයෙන් අන්ධ වූ තරුණ පරපුරක් නිසා ඔවුන්ගේ පැතුමද එවන් තාරුණ්‍යයක් අපට අත්කර දීමය. ඔහුගේ ලිපිය පුරාවටම පැහැදිලිවූ එක් කරුණක් ඇත. එනම්, මොරටුවේ ඉංජිනේරු - NDT සිසු ගැටුම ආරංචි වූ මොහොතේ සිටම කෙතරම් නරුම හා කුහක ලෙස රසවිඳිමින් එය ලියා තිබුණේද යන්නයි.

අවසාන වශයෙන් පැවසීමට තවත් එක් කරුණක් ඇත. අප මේ සියළුම පහසුකම් ලබන්නේ නිදහස් අධ්‍යාපනයට පිං සිදුවන්නටය. මෙයට වන්දි ගෙවීමට ශ්‍රී ලංකා මාතාවට, සමස්ථ ලෝකයාට සේවය කිරීමට අපි බැඳී සිටිමු. මෙම ගමනේදී අපගේ අරමුණු විනාශ කරන පටු දේශපාලන මතවාදී හස්ථ වල රූකඩ බවට පත්වුන අතීතය අප විසින් වළලා බොහෝ කල්ය. මොරටුව විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨය විසින් සමස්ත ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් එම ප්‍රථම යෝධ පියවර තැබූ බව ඔබ අප සියළු දෙනා දනිමු. පටු දේශපාලන මතවාදී හස්ථ වල බලපෑමෙන් මිදුණු, සැබෑම නිදහස් අධ්‍යාපනයක් උදෙසා සටන් කරන ශිෂ්‍ය ප්‍රජාවකගේ එකමුතුවකට කාලය එළඹ ඇත. මන්ද යත් රේල්ගේට්ටුව වසන මිනිසාගේ පඩි වැඩි කරන්නැයි ඉල්ලමින් ලිප්ටන් වටරවුමේ කෑගැසුවාට නිදහස් අධ්‍යාපනය සුරැකෙන්නේ නැති බැවිනි.

NDT සිසු සහෝදරයිනි, මව්බිමේ උන්නතිය උදෙසා කැප වීමට නිදහස් නිවහල් ශිෂ්‍ය ප්‍රජාවක් ලෙස අපත් සමඟ අත්වැල් බැඳගැනීමට අපි ඔබට ඇරයුම් කරමු.

අපි ඒ වෙනුවෙන් අපේක්ෂා සහගතව ඔබ දෙස බලා සිටිමු...



සංඛ ධර්මකීර්ති.

ඉංජිනේරු පීඨය,

මොරටුව විශ්ව විද්‍යාලය,

කටුබැද්ද,

මොරටුව.
 

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mamath moratuwe aurudu 6k hitiyane ( danna aya dannawa course eka)..... oya degolloma full joliye innawa keepa denek hera, ida hita podi aul yanawa. ara kiwwa wage deshapalane nisa thamai kalekata rath wenne.2002 idan 2008 wenakan mama hitapu kaleta maragnna satan thibbe ne , hebei podi gindara tikak thibba, aath NDT eka moratuwata ona kiyalai mama hithanne. mokada hodama Engla inna Archi lankawe thiyana ekama uni eke NDT ayata hoda experience ekak thiyanawa technical field ekata. eka ratatai wedadayaka. study karanna wena thenaka NDT eka dana eka hodai, hebei MORATUWA UNIVERSITY eka yata eka thibboth adumagane ekata recognition ekak thiyanawa internationally (hoda dostharalata hoda nursela wage).

    mage hoda yaluwo oya dekema ekama kale ekata math ekka hitiye wali nethuwa.....
     

    arandaraabdl

    Member
    Jun 22, 2007
    89
    0
    0
    දැනට යොජනා වෙලා තියෙන්නෙ NDT එක මොරටුව විශ්ව විද්‍යාලයන් පන්නන්න නෙමෙයි. තියන තැන වෙනස්‌ වෙන එක විතරයි.
    "මා ඉහත විස්තර කරන ලද අයුරින් NDT පාඨමාලාව දියගමට ගෙන යෑමෙන් NDT, ඉංජිනේරු සිසු දෙපිරිසටම සිදුවන්නේ මහඟු සේවයකි. මන්ද ඒ මගින් මෙම පාඨමාලාවන්ට අදාලව දැනට පවතින සීමිත සම්පත් වෙනුවට වඩාත් පුළුල් පහසුකම් අත් විඳීමට අවකාශ ලැබෙන බැවිනි. වඩාත් වැඩි සිසුන් පිරිසකට මෙම පාඨමාලාවන් හැදෑරිමේ වරම් ලැබෙන්නේ ද එවිටය"
     

    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    අම්මෝ මේකේ දිග....ජෙප්පෝ කියන දේවල් ගණන් ගන්න එපා බන්...උන් දැන් චාටර් වෙලා ඉන්නේ..
     

    chinthakaruksha

    Active member
  • May 14, 2009
    222
    31
    28
    mamath moratuwe aurudu 6k hitiyane ( danna aya dannawa course eka)..... oya degolloma full joliye innawa keepa denek hera, ida hita podi aul yanawa. ara kiwwa wage deshapalane nisa thamai kalekata rath wenne.2002 idan 2008 wenakan mama hitapu kaleta maragnna satan thibbe ne , hebei podi gindara tikak thibba, aath NDT eka moratuwata ona kiyalai mama hithanne. mokada hodama Engla inna Archi lankawe thiyana ekama uni eke NDT ayata hoda experience ekak thiyanawa technical field ekata. eka ratatai wedadayaka. study karanna wena thenaka NDT eka dana eka hodai, hebei MORATUWA UNIVERSITY eka yata eka thibboth adumagane ekata recognition ekak thiyanawa internationally (hoda dostharalata hoda nursela wage).

    mage hoda yaluwo oya dekema ekama kale ekata math ekka hitiye wali nethuwa.....

    kohomath NDT eka Homagama,diyagamata genichchath eka thiyenne Moratuwa Uni eka yatathe thamai. eka wenas wenne ne.