මොසාඩ් සංවිධානය සහ ශ්‍රී ලංකාව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මොසාඩ් සංවිධානය සහ ශ්‍රී ලංකාව

    xlbYHoS.png

    ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී අරගලයට මොසාඩ් සංවිධානය මැදිහත්වන්නේ 1983 වර්ෂයේදීය.උතුරේ දෙමළ ජනයා දෙමළ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් දකුණේ සිංහලයන්ට එරෙහිව සටන් වැදී සිටියහ.ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ කාර්යයට මොසාඩ් සංවිධානය පමණක් නොව බ්‍රිතාන්‍යය එම් අයි 6 ඔත්තු සේවය සහ ඉන්දියානු රෝ ඔත්තු සේවයද මැදිහත්ව තිබේ.යුද්ධය අතරතුර ඇතිවූ සටන් විරාම අඩාල කිරීමටද මොසාඩ් සංවිධානය රහසිගත ප්‍රහාර දියත් කල බව කියවේ.මොසාඩ් සංවිධානයේ අරමුණ වූයේ ඒ හරහා ඊශ්‍රායලයේ අවි වෙළඳපොල පවත්වාගැනීමයි.මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම ඔස්සේ එම අවි සඳහා දෙමළ බෙදුම්වාදීන් මුදල් උපයාගත්හ.

    KZLwAzy.jpg
    ජේ.ආර්.ජයවර්ධන​

    මොසාඩ් සංවිධානය පළමුවරට ශ්‍රී ලංකාවට එන්නේ ජේ.ආර්.ජයවර්ධන ජනපතිගේ ආරාධනයකට අනුව 1983 වර්ෂයේදීය.50ක් පමණ වන මොසාඩ් නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණෙන්නේ මාදුරුඔය ප්‍රදේශයේදී මෙරට හමුදාවට පුහුණුව ලබාදීමටය.එය රහසක් නොවූ අතර එකල පුවත්පත්වල පවා එම සිද්ධිය වාර්තා කර තිබිණි.

    කෙසේවෙතත් යුදෙව්වන්ගේ සම්ප්‍රදාය වූයේ දෙපක්ෂයම සන්නද්ධ කිරීමයි.

    1970 කාලයේ ඊශ්‍රායල හමුදා ඔවුන් විසින් අල්ලාගත් පලස්තීන ප්‍රදේශවලින් ඉවත් වීම සිදුනොකල නිසා ශ්‍රී ලංකා රජය ඊශ්‍රායලය සමග රාජ්‍යතාන්ත්‍රික සබදතා අත්හිටුවීය.එකල ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ කැපිපෙනෙන රටක් විය.පලස්තීනයද මෙම සංවිධානයේ සාමාජික රටක් වූ නිසා එරටට සහාය පළකරණු වස් එම තීරණය ගන්නා ලදි.නමුත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔස්සේ කොළඹ සමග සබදතා පවත්වා ගැනීමට ඊශ්‍රායලය උනන්දු විය.ඊශ්‍රායල-ශ්‍රීලංකා සබඳතා වර්ධනය වීම ඇරඹෙන්නේ 1980 දශකයේ මැද භාගයේදීය.ඊශ්‍රායලය ශ්‍රීලංකාවට යුද උපදේශකයින් සැපයූ අතර විශේෂිත කොමාන්ඩෝ ඒකකයක් මෙරට පොලිසිය තුල පිහිටුවීමටද ක්‍රියා කලේය.

    abVAtLo.jpg
    සිරිමාවෝ බණ්ඩාරනායකගේ පාලන සමයේදී ඊශ්‍රායලය සමග රාජ්‍යතන්ත්‍රික සබදතා අතහරින ලදි.​

    ඊශ්‍රායලය යුදමය වශයෙන් ශ්‍රීලංකාවට උදව් කිරීමත් සමග පලස්තීනය 1980 දශකයේදී එල්ටීටීඊ සංවිධානයට සිය සහාය ලබාදෙන්නට පටන් ගත්තේය.පර්සියානු ගල්ෆ් අරාබි රාජ්‍යයන් හි සේවය කල මෙරට සේවකයින් අතරින් තෝරාගත් පිරිස් මොසාඩ් සංවිධානයට බඳවා ගත් බවද විශ්වාස කෙරේ.ඊට අමතරව ඊශ්‍රායලය කොටි ත්‍රස්තවාදීන්ටද අවි සහ යුද පුහුණුව සැපයූබවට සාක්ෂි තිබේ.මෙරට ත්‍රස්තවාදී ගැටුම් පවතින සමයේදී රජයේ හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන්ට යන දෙපාර්ශ්වයටම සිය අවි සහ ‍යුද පුහුණුව ලබාදුන්නේ ඔවුන්ගේ අවි වෙළදපොල පවත්වාගැනීම උදෙසාය.

    yXuIN5r.png
    මොසාඩ් සංවිධානයේ ලාංඡනය​

    By Way of Deception: The Making of a Mossad officer නම් ග්‍රන්ථයේ කතෘ වූ වික්ටර් ඔස්ට්‍රොව්ස්කි 1991 වර්ෂයේදී ඉන්දියානු පුවත්පතකට ප්‍රකාශ කලේ මොසාඩ් සංවිධානය 1984 සහ 1985 වර්ෂවලදී ඊශ්‍රායලට ගෙන්වාගත් දෙමළ ජාතිකයන්ට යුද පුහුණුව ලබා දුන් බවයි."මෙම කණ්ඩායම් ආවා ගියා.මම මොසාඩ් සංවිධානයේ සේවය කරන සමයේදී අපගේ දින චර්යාව වූයේ ඔවුන්ව පුහුණු කඳවුරු කරා ගෙන යෑම සහ ඔවුන් ගෙවන මුදලේ වටිනාකමට සරිලන පුහුණුවක් ඔවුන්ට ලැබෙනවාද යන්න සොයාබැලීමයි.සිංහල ජාතිකයින් පුහුණුව සඳහා අත් පිට මුදලින් ගෙවන ලදි."

    CJ5H7T7.jpg
    By Way of Deception: The Making of a Mossad officer​

    By Way of Deception: The Making of a Mossad officer - Download​



    gHzGWIp.jpg
    වික්ටර් ඔස්ට්‍රොව්ස්කි​

    මෙම කරුණු සනාථ කරන එකම මුලාශ්‍රය සපයන්නේ ඔස්ට්‍රොව්ස්කි පමණක් නොවේ.ශ්‍රී ලංකාව තුල යුද්ධය ආරම්භ වීමත් සමග ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ නිලධාරීන් කණ්ඩායමක් මොසාඩ් සංවිධානය සමග සාකච්ඡා පැවැත්වීය.මෙම ඉන්දියානු ඔත්තුසේවා නිලධාරීන්ගේ අවශ්‍යතාවය පරිදි 1984 ජූලි මාසයේදී දෙමළ ජාතිකයින් පිරිසක් ඊශ්‍රායලයට යැවුනේ මොසාඩ් සංවිධානයේ අධීක්ෂණය පරිදි ඔවුන්ට කොමාන්ඩෝ පුහුණුව ලබාදීම සඳහාය.මෙම කර්තව්‍යය වෙනුවෙන් මොසාඩ් සංවිධානය රෝ නියෝජිත කණ්ඩායමට මුදල් ගෙවූ අතර එය බීසීසීඅයි බැංකුව හරහා සිදුකර තිබේ.ඊශ්‍රායලයට යැවූ මෙම දෙමළ බෙදුම්වාදී කොමාන්ඩෝවරුන් ටෙලෝ නමින් හැඳින්වීය.ඔවුන් ප්‍රධානතම දෙමළ බෙදුම්වාදී කණ්ඩායම වූ ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානයෙන් වෙන්ව කටයුතු කල කණ්ඩායමකි.

    yASphhz.jpg
    Research and Analysis Wing හෙවත් රෝ ඔත්තු සේවයේ ලාංඡනය​

    ඒ අතරතුර ඊශ්‍රායලය සමකාලීනව සිංහල හමුදාවද ඊශ්‍රායලය තුල පුහුණු කරන ලදි.නමුත් ඒ බව ප්‍රධාන දෙමළ බෙදුම්වාදී සංවිධානයට හෝ ඉන්දියානු රජයට හෝ කිසිවෙකුට හෙළිකලේ නැත.එක් එක් කණ්ඩායමට සමාජිකයින් 60 දෙනෙක් අයත් විය.පුහුණුව ඇරඹෙන්නේ සති දෙකක මුලික කොමාන්ඩෝ පුහුණු පාඨමාලාවකිනි.ඒ ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරාසන්නයේ ක්ෆාර් සර්කින් හිය.මෙය විශාල හමුදා කඳවුරකි.නමුත් එක් වරක් සිංහල හමුදා සෙබලුන් සහ දෙමළ බෙදුම්වාදීන් එකිනෙකා යාර කිහිපයක් ආසන්නයෙන් ගමන් කලේ නොසිතූ අයුරින්ය.

    srvGL8j.jpg
    ශ්‍රී සබාරත්නම්-ටෙලෝ සංවිධානයේ කැරලි නායක​

    සති දෙකේ මුලික පුහුණුවෙන් පසුව ඊශ්‍රායලය දෙමළ ජාතිකයින් කණ්ඩායම ඇට්ලිට් නම් හයිෆා හි පිහිටුවා තිබෙන අතිශය රහසිගත නාවුක කොමාන්ඩෝ කඳවුරක් වන වෙත යවන ලදි.ඒ අතරතුර සිංහල හමුදා කණ්ඩායමට මූලික පුහුණුව සඳහා ක්ෆාර් සර්කින් කඳවුරට යවන ලදි.දෙමළ කණ්ඩායම හයිෆා හි සිය දුෂ්කර පුහුණුව නිමා කිරීමෙන් පසුව ඉවත්ව යන ලදි.ඉන්පසුව සිංහල කණ්ඩායම ගෙන්වා දෙමළ කණ්ඩායමට ඉගැන්වූ උපාය උපක්‍රම පරාජය කරන හැටි උගන්වන ලදි.

    nGp2ziu.jpg
    ඇට්ලිට් නාවික හමුදා කඳවුර පිහිටා ඇති ප්‍රදේශය​

    ඊශ්‍රායලය සිංහල හමුදාවට ලබාදුන්නේ මිලෙන් අධික පුහුණුවකි.ඔස්ට්‍රොස්කිගේ By Way Of Deception ග්‍රන්ථයේ සඳහන් පරිදි පුහුණුව සඳහා අයකිරීමේ මෙසේය.එක් දිනකට එක් සිංහලයෙක්ගෙන් ඇ.ඩො. 300ක් බැගින් වන පරිදි 60 දෙනෙක්ගෙන් ඇ.ඩො.18,000ක් දිනක පුහුණුව සඳහා අයකරගෙන තිබේ.තුන් මාසික පුහුණුව වෙනුවෙන් ඔවුන් සිදුකල අයකිරීම ඇ.ඩො.මිලියන 1.6ක් බව සඳහන් වේ.ඊට අමතරව හෙලිකොප්ටරයක් පැයක් කුලයට ගන්නේ නම් ඊට ඇ.ඩො. 5000-6000 අතර මුදලක් අයකරගන්නා ලදි.පුහුණුව අතරතුර හෙලිකොප්ටර් 15ක් පමණ භාවිතා කර තිබේ.විශේෂිත පුහුණු පතරොම් සඳහාද ඔවුන් මුදලක් අයකර තිබේ.බසූකා උණ්ඩයක් සඳහා ඇ.ඩො.220 ක් සහ මෝටාර් සඳහා ඇ.ඩො.1000ක්ද ලබාගෙන ඇත.

    7seGaLj.jpg
    1985/86 සමයේ ඉන්දියාවේදී එල්ටීටීඊ සාමාජිකයින් පුහුණු කරන අයුරු.​

    ඊශ්‍රායලයට යැවූ දෙමළ ජාතිකයින් කණ්ඩායම්වලින් මුලදී පුහුණුව සඳහා ගාස්තුවක් අය නොකල බවත් ඊට හේතුව එම කාලයේදී ඔවුන් සතුව ප්‍රමාණවත් මුදලක් නොතිබූබවත් කියවේ.නමුත් දෙමලුන්ට ලබාදෙන පුහුණුව අනාගතය වෙනුවෙන් කර ආයෝජනයක් සේ සලකා එම පුහුණුව ඔවුන්ට ලබාදෙන්නට ඇති.එම කාලයේදීම ඊශ්‍රායලයේ පුහුණුව ලැබීම සඳහා ඉන්දීය කොමාන්ඩෝ සෙබලුන් 27 දෙනෙක් එරටට පැමිණියහ.එය ඊශ්‍රායලයේ නොසතුටට හේතුවූයේ තමන් දෙමළ සහ සිංහල කණ්ඩායම්වලටද පුහුණුව ලබාදෙන බව ඉන්දියානු රජය දැනගනීවි යන සැකය නිසාය.සිංහල සහ දෙමළ කණ්ඩායම් දෙකට පුහුණුව ලබාදුන්නේ සයිරෙට් මොට්කල් නම් ඊශ්‍රායලයේ විශේෂ බලකා ඒකකයක් මගිනි.1976 වසරේදී උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොලේ රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිස මුදාගැනීමට යැවුනේ මෙම විශේෂ බලකා කණ්ඩායමයි.

    wIg3VKj.jpg
    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු "සයිරෙට් මොට්කල්" විශේෂ බලකායේ හිටපු සාමාජිකයෙකි​



    Entebbe Raid Conspiracy Theory:එන්ටැබේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ඊශ්‍රායලය විසින් හිතාමතා සංවිධානය කරන ලද එකක් බව මින් කියවේ.ඇමෙරිකාව සහ පලස්තීන විමුක්ති සංවිධානය අතර නැවතත් මිත්‍රත්වයක් වර්ධනය වීම නොඉවසවූ ඊශ්‍රායලය මෙම ව්‍යාජ මෙහෙයුම නිර්මාණය කර පලස්තීනය සම්බන්ධව ලෝකය තුල වැරදි චිත්‍රයක් මවා පෑ බව කියවේ.

    HuaJOsV.jpg
    උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොල​


    ඒ අතරවාරයේ ශ්‍රී ලංකාව තුල සමුල ඝාතන සිදුවී දෙපාර්ශ්වය අතර මහා පරිමාණ යුද්ධයක් ඇතිවීමට අවශ්‍ය සියලු දේ ඊශ්‍රායලය විසින් ඇති කරන ලදි.ලෙකම් නම් ඊශ්‍රායල බුද්ධි තොරතුරු ඒජන්සියේ එවකට ප්‍රධානියා වූ රෆී එටන්(1981-1986) 1985 වර්ෂයේදී ශ්‍රී ලංකාවට එවන ලද්දේ මෙරට මුල් කරගෙන ක්‍රියාත්මක වූ මොසාඩ් මෙහෙයුම්වල පාලනය ඔහුට බාරදීමටයි.මෙම බුද්ධි තොරතුරු ඒජන්සිය 1986 වර්ෂයේදී විසුරුවා හරින ලද්දේ ඊශ්‍රායලය වෙනුවෙන් එක්සත් ජනපදය තුල ඔත්තු බැලූ ජොනතන් පොලඩ් නැමැත්තා අත් අඩංගුවට පත්වීමත් සමගයි.රෆි එටන් මෙරටට පැමිණියේ ඊශ්‍රායල රසායනික කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවකයෙක් ලෙසයි.

    VAkFepp.jpg
    රෆි එටන්​

    1987 වන විට මෙරට යුදමය වාතාවරණය දරුණු අතට හැරුණු නිසා ඉන්දියානු අගමැති රජීව් ගාන්ධිගේ බලකිරීම මත මෙරට ජනපති ජේ.ආර්.ජයවර්ධන ඉන්දු-ශ්‍රී ලංකා සාම ගිවිසුම අත්සන් කරන ලදි.ගිවිසුමට අනුව උතුරු නැගෙනහිර දෙපළාත් එකතු කල අතර,උතුරින් සිංහල හමුදාව ඉවත් කරගන්නා ලදි.එම හිඩැස පිරවීමට ඉන්දීය සාමසාධක හමුදා පැමිණියහ.කොටි ත්‍රස්තවාදීන්ට සිය අවි භාරදීමට පොදු සමා කාලයක් ලබාදුන්නද අවි භාරදීම හරිහැටි සිදුනොවිණි.පළමුව ඉන්දීය සාමසාධක භටයින් 3,000ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණියහ.

    um5UtrQ.png
    ඉන්දු-ශ්‍රී ලංකා සාම ගිවිසුම අත්සන් කිරීම​

    ඉන්දීය හමුදාව මොසාඩ් සංවිධානය ලබාදුන් අවි තමන් සන්තකයට ගැනීම ආරම්භ කලේය.1987 හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ යාපනය නගරයේදී ඉන්දීය හමුදාව,ඊශ්‍රායලේ නිෂ්පාදිත අවි විශාල ප්‍රමාණයක් දෙමළ ජාතිකයින්ගේ අත්පත් කරගත් බවයි.

    5vQPazN.jpg
    යාපනය ප්‍රදේශය කොටි සංවිධානයෙන් මුදාගැනීමට ඉන්දීය හමුදා දියත් කල Operation Pawan නම් මෙහෙයුම​

    සාමය ඊශ්‍රායලයේ අවි වෙළඳපොලට බාධාවක් විය.ඉන්දීය රෝ ඔත්තු සේවයේ අභ්‍යන්තර කවයද මේ සම්බන්ධව කණස්සල්ලට පත්වූ බව සිතිය හැකිය.මන්ද ඔවුන්ද මොසාඩ් සංවිධානයේ පඩි ලැයිස්තුවට ඇතුලත් වූ නිසාවෙනි.රජිව් ගාන්ධි ගෙන ආ සාම ගිවිසුමත් සමග ශ්‍රී ලංකාවේ සිටි ඊශ්‍රායල ජාතිකයින්ට පිටත්ව යන ලෙස බලකෙරිණි.ඒ නිසා යුදෙව්වෝ(සහ සමහර විට රෝ සංවිධානයේ අභ්‍යන්තර කවය) රජිව් ගාන්ධි ඉවත් කිරීමට කුමන්ත්‍රණ කරන්නට පටන් ගත්හ.තවද ගාන්ධී එවූ 3,000ක ඉන්දීය හමුදාවට එරෙහිව සටන් කරන්නට අවශ්‍ය අවි දෙමළ සහ සිංහල කණ්ඩායම් දෙකට ලබාදීම වේගවත් කරන ලදි.

    1bYrsEU.jpg
    ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවේ මෙහෙයුම්වල යෙදුණ අයුරු​

    1989 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ජනපතිධුරයට රණසිංහ ප්‍රේමදාස මහතා පත්විය.ඔහුගේ ධූර කාලය තුලදී ජනතා විමුක්ති පෙරමුණ ආයුද සන්නද්ධ අරගලයක නිරතවිය.ඔවුන් ප්‍රේමදාසගෙන් පාලන බලය උදුරාගැනීමේ ආසාවෙන් පසුවූ අතර ප්‍රේමදාස ජනපතිගේ කැමැත්ත මත මොසාඩ් සංවිධානය විසින් එල්ටීටීඊයට අවි ලබාදුන්නේ ඔවුන් හරහා ජේ.වී.පී. විනාශ කිරීමට සහ මෙරට රැඳී සිටි ඉන්දීය හමුදාවට පහරදීම සඳහාය.

    1GIxPt9.jpg
    ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාවේ​

    රජීව් ගාන්ධිගේ ප්‍රතිචාරය සරල එකකි.ඔහු අමතර හමුදා සෙබලුන් 97,000ක් ශ්‍රී ලංකාවට එවන ලදි.1990 වසරේදී මොසාඩ් සංවිධාන දියත් කල රහස් මෙහෙයුම් ඔස්සේ ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාව තුල සමූල ඝාතන සිදුකරන බව ලොව පුරා ප්‍රසිද්ධ කිරීම ඔස්සේ ඉන්දියාවට ශ්‍රී ලංකාව මඩවගුරක් බවට පත් කරන ලදි.1987 වර්ෂයේදී ඉන්දීය සාම සාධක හමුදා මෙරටට එවීම ආරම්භ විය.එතැන් පටන් වසර දෙකක් පමණ ගතවන විට ඔවුන්ට එල්ටීටීඊ සංවිධානය සමග ගැටුම් ගණනාවකට මැදිහත්වන්නට සිදුවිය.ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීම ඇරඹෙන්නේ 1989 වර්ෂයේදී වන අතර ඉන්දියාවෙන් එල්ල වූ දේශපාලන බලපෑම හමුවේ 1990 වර්ෂය වන විට සම්පුර්ණ හමුදාවම ඉවත් කරගන්නා ලදි.නමුත් ඉන්දීය නාවික හමුදාව යොදාගෙන මෙරට සමග ඊශ්‍රායල පවත්වන අවි වෙළදාම සම්පුර්ණයෙන්ම නවතා දමන ලදි.1991 නොවැම්බර් මාසයේදී සිංග්ප්පූරුවේ සිට ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ සංවිධානයට අවි සහ උණ්ඩ ගෙන යමින් සිටි ඊශ්‍රායල නෞකාවක් ඉන්දීය නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලදි.

    3zDEZq3.jpg
    මෙරට රැඳී සිටි අවසන් ඉන්දීය භට පිරිස සිය රටබලා යෑමට සැරසී සිටි අයුරු​

    1991 වර්ෂයේ මැයි 21දා රජිව් ගාන්ධි තමිල්නාඩුවේදී ඝාතනයට ලක්වන්නේ තවත් 15 දෙනෙක් සමගයි.ඝාතනයට වගකිව යුතු යැයි සැලකුණේ එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියකි.(1984 අගෝස්තු 8 වෙනිදා ගාන්ධිගේ මව වූ අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාව පරිභවයට පත් කරන ලද්දේ ඔහු විසින් මොසාඩ් නියෝජිතයින් ශ්‍රී ලංකාවට ගෙන්වීම නිසාය.ඉන් මාස දෙකකට පසුව එනම් 1984 ඔක්තෝම්බර් 31දා ඇය සීක් බෙදුම්වාදීන්ගේ ප්‍රහාරයකින් මරණයට පත්වේ).රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධව අත දිගුවන පාර්ශ්වයක් වන්නේ මොසාඩ් සංවිධානයයි.නමුත් ඔහු ඝාතනය වන විට මැතිවරණයෙන් පරාජය වී අගමැති ධූරයද අහිමිව සිටියේය(අගමැති ලෙස 1984 ඔක්තෝම්බර් 31-1989 දෙසැම්බර් 2).රජිව් ගාන්ධි ඝාතනය වීමට සති පහකට පෙර පලස්තීන නායක යසර් අර්ෆර්ත් ඔහුට අනතුරු අඟවමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් තිබෙන බව ප්‍රකාශ කලේ යැයි සඳහන් වේ.ඔහුව ඝාතනය කිරීමට භාවිතා කල ආර්ඩීඑක්ස් නම් පුපුරණද්‍රව්‍ය ඊශ්‍රායලයේ නිෂ්පාදනය කල ඒවා බව හෙළිව තිබේ.

    tOus6J2.jpg
    වම්පස:මරාගෙන මැරෙන බෝම්බකාරිය, දකුණුපස:රජිව් ගාන්ධි ඝාතනය වීමට සුළු මොහොතකට පෙර​

    Ty5M1kk.jpg
    යසර් අර්ෆත්​

    ගාන්ධි පවුල සහ කොන්ග්‍රසය ඊශ්‍රායලය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කරගැනීම ප්‍රතික්ෂේප කල පිරිසකි.නමුත් ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව දෙමළ ජාතිකයින් සන්නද්ධ කිරීමේදී ඊශ්‍රායලය සමග රහසිගත සම්බන්ධකම් පවත්වාගෙන යන ලදි.

    2Q9zfmA.jpg
    රජිව් ගාන්ධි ඝාතනයට ලක්වූ ස්ථානය​

    රජිව් ගාන්ධි යළි අගමැති වුවහොත් මොසාඩ් සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන මෙහෙයුම්වලට යළිත් ඔහු බාධා පමුණවාවි යන චේතනාව මත මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි සැක කල හැකිය.ගාන්ධිගේ ඝාතනයෙන් පසුව ශ්‍රී ලංකාව තුල බෙදුම්වාදී අරගලය තව තවත් උත්සන්න විය.දෙපාර්ශ්වයටම අවි සැපයීම හරහා ඊශ්‍රායලය ඩො.මිලියන ගණනින් උපයා ගන්නා ලදි.

    BqqAybJ.jpg

    ආර්.ප්‍රේමදාස

    1988 වර්ෂයේදී ජේ.ආර්.ජයවර්ධන මහතා ජනපතිධූරයේ දෙවන ධූර කාලය සම්පුර්ණ කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂයෙන් ජනපති ධූරය සඳහා තරඟ වැදීමට ආර්.ප්‍රේමදාස සහ ලලිත් ඇතුලත්මුදලි යන අයගේ නම් යෝජනා වුවද ආර්.ප්‍රේමදාස මහතා එජාපයේ ජනපති අපේක්ෂකත්වය දිනාගැනීමට සමත්විය.ඔහු 1989 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ලලිත් ඇතුලත්මුදලි මහතාගෙන් පළිගත්තේ ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා බවට පත් කර පසුව අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබාදීමෙන්ය.යාපනය විශ්වවිද්‍යාලය ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධවද ප්‍රේමදාස විසින් චෝදනා එල්ල කල එක් අයෙක් වූයේ ලලිත් ඇතුලත්මුදලිය.දෙදෙනා අතර වෛරය උග්‍ර වී අවසානයේදී ජනපති ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක්(1991) ගෙන එන්නට ඇතුලත්මුදලි ඇතුලු එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ක්‍රියා කලද එය අසාර්ථක වීමත් සමග එජාපයෙන් ඉවත්වී නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන ලදි.

    ixSxgDs.jpg
    ලලිත් ඇතුලත්මුදලි සිය බිරිද සහ දියණිය සමග​

    1990 වර්ෂයේදී ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ නියෝගය පරිදි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පිහිටුවා තිබූ interests section නම් නිල නොවන රාජ්‍යතන්ත්‍රික ඒකකය වසා දමා එහි සිටි ඊශ්‍රායල රාජ්‍යතන්ත්‍රිකයින් දෙදෙනා කොළඹින් පිටත්ව යන ලදි.ප්‍රේමදාස මහතාට එම තීරණය ගැනීමට සිදුවූයේ එවකට රජයේ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපෑම හමුවේය.මෙරට හමුදාව සහ දෙමළ බෙදුම්වාදීන් යන දෙපාර්ශ්වයම මොසාඩ් සංවිධානය විසින් පුහුණු කිරීම සම්බන්ධව රාජ්‍ය මට්ටමේ විමර්ශනයක් අරඹන්න යැයි 1990 වර්ෂයේදී ප්‍රේමදාස මහතා නියෝග කරන ලදි. 1991 සැප්තැම්බර් 25 දා රොයිටර් පුවත් සේවය වාර්තා කලේ "ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන රණසිංහ ප්‍රේමදාස මහතා ඔහුට එරෙහි දෝෂාභියෝගයට පරාජය කිරීමට සටන් කරමින් සිටියි.ඊශ්‍රායලය සමග තිබූ සබදතා අතහැරීම නිසා මොසාඩ් සංවිධානය ඔහුට එරෙහිව කරන කුමන්ත්‍රණයක් ලෙස දෝෂාභියෝගය හඳුන්වාදී තිබිණි".

    ලලිත් ඇතුලත්මුදලි යනු ජනපති ජේ.ආර්.ජයවර්ධන යටතේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සහ ජාතික ආරක්ෂක අමාත්‍ය යන තනතුරු දැරූ එල්ටීටීයට එරෙහිව හමුදාව මෙහෙයවීමට නායකත්වය දුන් අයෙකි.1988දී ඔහු ජනපති අපේක්ෂකත්වය ලබාගැනීමට උත්සාහ කලද ප්‍රේමදාස හමුවේ පරාජය විය.ඉන්පසුව ඇතුලත්මුදලි ප්‍රේමදාසට එරෙහිව කටයුතු කරන්නට විය.මොසාඩ් සංවිධානය හරහා එල්ටීටීඊය සන්නද්ධ කිරීමට ප්‍රේමදාස ක්‍රියාකල බවට ප්‍රසිද්ධියේ කියන්නට තරම් ඇතුලත්මුදලි නිර්භීත විය(ඔහු ඉන් අදහස් කලේ ඊශ්‍රායලය දෙමළ කොමාන්ඩෝවරුන් පුහුණු කල බව නොව,මොසාඩ් සංවිධානය විසින් මෙරට දෙමළ බෙදුම්වාදීන්ව සන්නද්ධ කල බවයි ).ඇතුලත්මුදලිද මොසාඩ් සංවිධානයේ වැටුප් ලැබූ අයෙක් වුවද සිය දේශපාලන වාසිය සඳහා ඔහු මොසාඩ් සංවිධානයට එරෙහිව ක්‍රියා කරන්නට විය.1993 අප්‍රේල් 23දා ඔහුව තුවක්කුකරුවෙක්ගේ වෙඩි පහරින් මරණයට පත්වූයේ රැස්වීමක් අමතමින් සිටියදීය.ඔහුගේ මරණය සම්බන්ධව වගකීම එල්ටීටීඊය මත මෙන්ම ඔහුගේ සතුරා වූ රණසිංහ ප්‍රේමදාස මතද පැටවිණි.නමුත් එම ඝාතනය සම්බන්ධව සෘජුව එල්ටීටීඊයට ඇගිල්ල දිගු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවිය.

    Rn8SdFQ.jpg
    ඇතුලත්මුදලි අමාත්‍යවරයා ශ්‍රී ලංකා හමුදාව සමග (1980 මැද භාගයේදී)​

    1993 මැයි 1දා කොළඹ පැවැත්වූ මැයි දින පෙළපාලියක් අතරතුර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්විය.එම පිපිරීමෙන් පුද්ගලයින් 23දෙනෙක් මරණයට පත්විය.1993 මැයි 28 දා ශ්‍රී ලංකාවේ මුස්ලිම් සබදතා පිළිබඳ අමාත්‍ය අබ්දුල් අස්වර් සෞදි අරාබියේ ජෙඩාද් හිදී කියා සිටියේ ප්‍රේමදාස මහතා විසින් ඊශ්‍රායල රාජ්‍යතන්ත්‍රිකයින් මෙරටින් පිටුවහල් කිරීම නිසා ඊශ්‍රායලය ඔහු සමග වෛර බැදගත් බව සහ මෙම ගෞරවනීය නායකයාගේ මරණය පිටුපස මොසාඩ් සංවිධානය සිටින බවත්ය.1997 සැප්තැම්බර් මස 23දා නීතිපති සරත් එන් සිල්වා මහතා විසින් සිද්ධියට සැක පිට අත් අඩංගුවට ගත් දෙමළ ජාතිකයින් 18 දෙනා නිදහස් කලේ ප්‍රමාණවත් සාක්ෂි නැති නිසාය.ඔහු ප්‍රකාශ කලේ එම නඩුව නිල වශයෙන් නොවිසදූ එකක් බවයි.

    nvxlW07.jpg
    රණසිංහ ප්‍රේමදාස සිය අවසන් මැයි දින සැමරුමට සහභාගී වෙමින්​

    paS0dG0.jpg
    ප්‍රේමදාස ජනපති ඇතුලු පිරිස ඝාතනය වූ ස්ථානය​

    2000 මැයි මාසයේදී ඉන්දියාව ශ්‍රී ලංකා හමුදාවට හමුදාමය වශයෙන් එල්ටීටීඊයට එරෙහිව සහාය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් දිනකට පසුව ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සමග රාජ්‍යතන්ත්‍රික සබදතා නැවත ආරම්හ කරන ලදි.ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ උලුප්පා දැක්වූයේ ශ්‍රී ලංකාව චීනයෙන් හමුදාමය සහාය ලබාගන්නා බව වුවත් ශ්‍රී ලංකාව තදින්ම ඊශ්‍රායලය සමග හමුදාමය සබදතා තරකරගෙන සිටියේය.ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර රාජ්‍යතන්ත්‍රික සබදතා පිහිටුවාගැනීමෙන් පසුව ඊශ්‍රායල තාක්ෂණවේදීන් මෙරටට පැමිණියේ ශ්‍රී ලංකා හමුදාව භාවිතා කරන ඊශ්‍රායලය නිපදවූ කෆීර් ප්‍රහාරක-බෝම්බ හෙළන යානා සහ රුසියාවේ මිග්-27 යානා මෙන්ම ඊශ්‍රායලය ලබාදුන් ඩෝරා නම් වේග ප්‍රහාරක යාත්‍රා නඩත්තු කිරීම සඳහාය.ඊශ්‍රායල අවි සහ උණ්ඩ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ගලා ඒම ඇරඹුවේ ඒ කාලයේදීය.

    jBYr1x7.jpg
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු කෆීර් ප්‍රහාරක-බෝම්බ හෙළන යානයක්​

    gvreB6k.jpg
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු මිග්-27 යානයක්​

    tuxlwaX.jpg
    ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ඩෝරා වේග ප්‍රහාරක යාත්‍රාවක්​

    මෙරට සාම සාකච්ඡා පවතින කාලවලදී මොසාඩ් සංවිධානය රහස් මෙහෙයුම් දියත් කරමින් යළි සටන් ඇවිලවීමට ක්‍රියාකලේ අවි වෙළඳාම දිගින් දිගටම පවත්වාගැනීමටයි.මෙරට බෙදුම්වාදී යුද්ධයට ගැළපෙන්නේ දේශපාලන විසදුමක් බව විශ්වාස කල දෙමළ ක්‍රිස්තියානි නායකයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා(විදේශ අමාත්‍යය)සිය සුඛෝපභෝගී නිවසේ පිහිනුම් තටාකයේ සිටියදී ස්නයිපර්කරුවක්ගේ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වූයේ 2005 අගෝස්තු මස 12දාය.තම විරුද්ධවාදීන් මරාදැමීම සම්බන්ධ ඉතිහාසයක් සහිත එල්ටීටීඊයට මෙම ඝාතනයේ චෝදනාව සෘජුවම එල්ල විය.නමුත් කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් එම ඝාතනයට සිය සංවිධානයේ සම්බන්ධයක් නැතිබව ප්‍රකාශ කලේය.

    XsivM2l.jpg
    ලක්ෂ්මන් කදිරගාමර්​

    පාකිස්තාන අයි එස් අයි බුද්ධි අංශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ තුර්කියේ සිටින ඊශ්‍රායලයේ මැරයින්(සහ අග්නිදිග ආසියාවේ මොසාඩ්)විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය දෙමළ බෙදුම්වාදීන්ට විකුණන ලදි.ඔවුන් එම මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන මුදල් යොදවා මොසාඩ් සංවිධානයෙන් අවි ලබාගත්හ.1990 දශකයේ මුල් කාලයේදී මෙරට දෙමළ ජාතිකයින්ගේ මැදිහත්වීමෙන් සිදුවූ හොර ජාවාරම් සිද්ධීන් 600කට වැඩි ගණනක් සම්බන්ධ තොරතුරු ජාත්‍යන්තර පොලිසියට වාර්තා වී තිබිණි.ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදීන්ට ලැබුණු අවිවලින් වැඩි ප්‍රමාණයක් ලැබුණේ මොසාඩ් සංවිධානයට අයත් වියට්නාමය සහ කාම්භෝජය යන රටවල කර්මාන්තශාලාවලින් සහ දකුණු අප්‍රිකාවේ යුදෙව්වන්ට අයත් කර්මාන්තශාලාවලිනි.

    UiJ2hkF.jpg
    ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රහාරයකින් විනාශ වූ කොටි සංවිධානයේ ආයුද ප්‍රවාහන නෞකාවක්​
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බ්‍රිතාන්‍යයද මෙරට සිංහල දෙමළ දෙපාර්ශ්වයම ආයුද සන්නද්ධ කිරීමට සහාය විය.එය ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ “National Endowment for Democracy” නම් ඒකක විසින් ඒකාධිපතියන් සහ ආණ්ඩු විරෝධී කණ්ඩායම් ආයුද සන්නද්ධ කිරීමට ක්‍රියා කරනවා හා සමාන විය.එම් අයි 6 ඔත්තු සේවය මේ සඳහා භාවිතා කලේ ඔක්ෆම් - Oxfam (Oxford Famine Relief) නම් බ්‍රිතාන්‍යය සතු ඉතා ප්‍රබල ඔත්තු සේවා සංවිධානයකි.

    qUXNme1.png
    MI6 ඔත්තු සේවයේ ලාංඡනය​

    වෙස්ටර්න් මේල් නම් වේල්සයේ පළවන පුවත්පතකට ජෝන් ග්ලොවර් විසින් ලියන ලද ලිපියක සඳහන් වූයේ බ්‍රිතාන්‍ය කුලී හේවායන් විසින් දෙමළ තරුණයින්ට යුද පුහුණුව ලබාදීමට ක්‍රියා කල බවයි.

    "ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් ඇතිකිරීම සඳහා සටන් වැදීමට දෙමළ හමුදාවක් පුහුණු කිරීමට බ්‍රිතාන්‍යය කුලී හේවායන් අලුතින් බදවා ගන්නා ලදි.බ්‍රිතාන්‍යය කුලී හේවායින් 20ක් පමණ කාඩිෆ්හි පැවැත්වූ හමුවකින් පසුව අත්සන් තබන ලදි.ඉන්පසු ඔවුන් මාස 2ක් දකුණු ඉන්දියාවේ සිටිමින් සිංහල බහුතරයට එරෙහිව සටන් කිරීමට රහස් හමුදාවක් පුහුණු කරන ලදි.බ්‍රිතාන්‍යය එස් ඒ එස් නම් විශේෂ බලකායේ හිටපු නිලධාරීන් විසින් 1974 වසරේදී පිහිටුවන ලද කුලී හේවායන් සේවයේ යොදවන Keenie Meenie Services නම් පුද්ගලික හමුදා සමාගමක් විසින් බ්‍රිතාන්‍යය රජයේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකාවේ විශේෂ කාර්යය බලකාය පුහුණු කිරීම 1984 වර්ෂයේ පටන් සිදුකෙරිණි. "

    8hsvhJ8.jpg
    ඊශ්‍රායල අගමැති එහූඩ් ඔල්මර්ට් සහ රත්නසිරි වික්‍රමනායක​

    2009 වර්ෂයේ මාර්තු මාසයේදී එවකට මෙරට අගමැතිව සිටි රත්නසිරි වික්‍රමනායක මහතා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූයේ ඊශ්‍රායලය සපයන අවි සහ හමුදාමය සහාය වැඩිකරවා ගැනීමටයි.එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මෙරටට සපයන යුදමය සැපයුම් නවතා දැමුවේ රජය විසින් මානව හිමිකම් උල්ලංඝනය කරන බව කියමින් වුවද ඊශ්‍රායලය එම කාලයේදීත් අවි සහ යුද පුහුණු නොකඩවා මෙරට හමුදාවට ලබාදුන්නේය.

    fNQjukn.jpg
    කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් මියගිය ශ්‍රී ලංකා හමුදාවේ සෙබලුන් පිරිසක්​

    ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් වූදා පටන් ඔවුන් සුළු ජාතීන්ට වැඩි සැලකිලි දැක්වූ බව රහසක් නොවේ.ඉංග්‍රීසීන් මෙරට අතහැර යන විට ඔවුන් බෙදුම්වාදයට අවශ්‍ය පසුබිම සකස් කොට ගියහ.ඉන්දියාවේ වෛරය මත මෙරට සුළුතර දෙමළ ජනයා බහුතර සිංහලයින්ට එරෙහිව අවි අතට ගන්නා වාතාවරණයක් ඇති කරන ලදි.පසුකාලීනව ඊශ්‍රායලය වැනි රටවල් සිය ආර්ථික,දේශපාලන අරමුණු ඉටුකරගැනීමට මෙම බෙදුම්වාදය පාවිච්චි කරන ලදි.ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය ආදී බටහිර රටවලට පවා අවශ්‍යව තිබෙන්නේ ශ්‍රී ලංකාව තුල දෙමළ ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීම බව ඔවුන්ගේ අතීත වර්තමාන ක්‍රියාකලාපයන්ගෙන් මනාව පැහැදිලිවේ.

    LODwu6q.jpg
    යුද්ධය නිසා ආබාධිතවූ සෙබලුන්​

    දෙමළ බෙදුම්වාදීන්ගේ සන්නද්ධ අංශය වසර 8කට පෙර මුලිනුපුටා දැමුවද දෙමළ ජනයාගේ සිත් තුලින් වෙනම රාජ්‍යයක සිහිනය මැකී ගොස් නොමැත.එම සිහිනය මෙරට ප්‍රජාතාන්ත්‍රිකව බලයට පත් රජය හරහා සැබෑවක් කරගන්නට දෙමළ සුළුතරය විශාල උත්සාහයක් දරන බවත්,ඒ සඳහා ලෝක මට්ටමේ සහාය ඔවුන්ට නොඅඩුව ලැබෙන බවත් දැන් පෙනෙන්නට තිබේ.ඔබ දැන් අත්දකිමින් සිටින්නේ තිස්වසරක් පුරා දෙමළ බෙදුම්වාදීන්ගෙන් රට මුදාගැනීමට සිය ජීවිතය කැපකල ,ආබාධිතයින් බවට පත් සිංහල තරුණයින්ගේ ජීවිතවලට අපමණ අගයක් ලැබෙන අයුරුය.



    Source:wideawakegentile.wordpress.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Welusumana

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ගොඩක් හොඳ විස්තරය්ක් මචන්. තෑන්ක්ස් එහෙන් මෙහෙන් මේවා අහල තිබ්බට හරියටම උඹ කියලා තියනවා ;)
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නියම ලිපියක්.
    එක හුස්මට කියෙවුවා.
    දිය යටින් ගින්දර ගෙනියන උන් කොච්චර ඉදලා තියනවද.
    රටේ වෙච්ච මේ දේවල් ගැන දැනුම කොච්චර අඩුද කියලා හිතුනේ.
    දැනුත් අනිවාර්යෙන් එහෙම වෙන්න ඇති.
    කවදා නම් ගොඩ එන්නද?

    :(:(
     
    • Like
    Reactions: HarshaLulzSec

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පොඩි රටවල යුද්ද තියෙන්නේ, ඉවර වෙන්නේ නැත්තේ හැම වෙලේම ඒවායේ ලාබ ලබන බලවත් රටවල් නිසා.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "ඇතුලත්මුදලිද මොසාඩ් සංවිධානයේ වැටුප් ලැබූ අයෙක් වුවද "


    Meka attada bn ??

    api kohomada bn mewage balawath rataval valin ape ratata karana dewal valin berenne??

    Anith eka mun apita kawadawath diunu venna denne naha..apita attatama udaw karanne china, russia vage rataval kipayak vitarai...

    Mun me anduwen ape rata attatama dekata bedala rataval dekak karaida danne na...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙච්චර කාලෙකට උඹ දාපු හොඳම ත්‍රෙඩ් එක මචන්. බොහොම ස්තූතියි.:yes: මේක යට යන්න දෙන්න හොඳ නෑ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ අප සියළු ම දෙනා විසින් අවබෝධතොට ගත යුතු එක් කරුණක් තිබේ. එය “වල් ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල් ය“ යනුවෙන් ඉතා කෙටියෙන් පැවසිය හැකිය.

    ඊශ්‍රාෙයලය සතු මෝසාඩ් යනු ලොව ඇති අංක එකේ කාර්යක්ෂම සහ අංක 1ට බිහිසුණු රහස් ඔත්තු සේවාවය. එය එසේ වීමට පැහැදිළි එක් හේතුවක් පවතී. කොයි වෙලාවක හෝ කඩා පැන යුදෙව්වන් ගේ ශුද්ධ වූ දේශය හෙවත් ඊශ්‍රායලය ලෝක සිතියමින් මකා දැමීමට දත කට මැද ගෙන සිටින තෙල් සල්ලි වලින් ආඪය වූ, සතුරු මුසල්මාන රටවල් ගනනක් මැද, ඊශ්‍රායලය නම් යුදෙව්-ක්‍රිස්තියානි රට තවමත් පවතී.එයමෝසාඩ් වඩා කාර්යක්ෂම වීමට එම හේතුව පමණක් සෑහේ.
    මෝසාඩ් සංවිධානය ලොව විසූ අංක එකේ හොදම බුද්ධි නිළධාරීන් නිර්මාණය කොට තිබේ. අපි ඉගෙන ගත් පරිදි එලී කොහෙන් යනු මිහිමත ඇති රහස් ඔත්තු සංවිධානයක් විසින් නිර්මාණය කළ අංක එකේ පුද්ගලයාය. ඔහු මොසාඩයේ නිමැවුමකි.

    දෙවනුව අප වටහා ගත යුත්තේ යුදෙව්වන ගෙ අරමුණය. ඒ යුදෙව්වන ගේ පැවැත්මය. අපි එසේ සිතන්නේ නැත. ජාතියක් ලෙස යුදෙව්වන් ලොව දිනන්නේත්, අපි වෙන උන් පැමිණ අපිට **ඇර යන තුරු බලා සිටින්නේත් එබැවිනි.