මෝඩිගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉන්දීය
මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු කොන්දේසි විරහිතව නිදහස් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවරගනු ඇතැයි ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.
නව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි බලයට පත්වීමට සමගාමීව ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින සියලුම ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබුණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් කිසිදු ඉන්දීය ධීවරයෙකු ඒවන විටත් ශ්‍රී ලංකා රජය බාරයේ නොසිටි බව වාර්තා විය.
එහෙත් මත් ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූ ඉන්දියාවේ රාමේශ්වරම් පදිංචිව සිටි පුද්ගලයින් 11 දෙනෙකුද,නාගපට්ටම් ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙකුද රිමාන්ඩ් භාරයේ සිටි බව සඳහන්ය.
මේ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබීමත් සමග ශ්‍රී ලංකා රජයේ බලධාරීන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ අපහසුතාවට පත්වූ බව ‘ද හින්දු‘පුවත් සේවය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ඊයේ දිනයේ මේ පිළිබඳ අදහස් දක්වමින් ධීවර දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්යක්ෂ ලාල් ද සිල්වා Express පුවත් සේවයට පවසා තිබුණේ ජනාධිපතිවරයාගේ නියෝගය අදාළ වන්නේ ඉන්දීය ධීවරයින්ට විනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නොවන බවයි.
එහෙත් අද (27) ‘නිර්දෝෂී ධීවරයින් නිදහස් කරගැනීමේ සන්ධානයේ‘සභාපති යූ.අරුලන්දම් පවසා ඇත්තේ මේවන විට සාමාන්‍ය ධීවරයින් ශ්‍රී ලංකා අත්අඩංගුවේ නොමැති බැවින් මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ ධීවරයින් නිදහස් කරන බවට කොළඹ ආරංචි මාර්ග තහවුරු කරන බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූවන්ට තදබල ලෙස නීතිය ක්‍රියාත්මක වන බැවින් නිදහස ලැබීමට නියමිත පුද්ගලයින්ගේ තමිල්නාඩු ඥාතීන් මෙම ආරංචිය සමගින් ඉමහත්සේ සතුටට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ මෙම පුද්ගලයින් සියලුදෙනා නිදහස් කරලීම සම්බන්ධයෙන් පවතින අත්‍යවශ්‍ය පියවර හේතුවෙන් ඒ සඳහා තව දින 4-5ක කාලයක් ගතවෙනු ඇති බව The Hindu/Indian Express පුවත් සේවා වැඩිදුරටත් සඳහන් කරයි.
- අද දෙරණ