මෝඩි දිවුරුම් දෙයි
http://www.aluthnews.com/2014/05/narendara-modi-take-oath-as-india-prime.html#more
සාර්ක් කලාපයේ සහයෝගීතාවයත් සමග මෝඩි දිවුරුම් දෙයි
ඉන්දියාවේ 15 වන අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි එරට ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.
ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ට්‍රපතිභවන් හිදී දකුණු ආසියාතික රාජ්‍ය නායකයින් වන ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාකිස්ථානු අගමැති නවාස් ෂරීෆ්, ඇෆ්ගන් ජනපති හමීඩ් කර්සායි, නේපාල අගමැති සුෂිල් කොයිරාල අතුළු සාර්ක් කලාපයේ රටවල දුත පිරිස ඇතුළු 4000කට ආසන්න විදේශීය ආරාධිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම දිවුරුම්දීම පැවැත්වුනා.
මහමැතිවරණයට භාරතීය ජනතා පක්ෂයෙන් තරඟ කළ නරේන්ද්‍ර මෝඩි පසුගියදා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත්තා. තවත් දේශපාලන පක්ෂයක සහය නොමැතිව තනිව ආණ්ඩුවක් පිහිටවීමේ හැකියාව ඇතිව ජය ගැනීම ලංකාවට ඉතා වාසිදායක තත්වයක් වුනා. තමිල්නාඩුවේ ජයලලිතා, වයිකෝ, කරුණානිධි අතුළු පිරිස ජනපති මහින්දගේ සපැමිනීමට විශාල විරෝධතාවයක් දැක්වූවද, එම විරෝධතා පසෙකලා ජනපති මහින්දව මෙම උත්සවයට සහභාගී කරවීමට මෝඩී මහතා කටයුතු කර තිබීම අප රටට විශාල වාසී දායක තත්වයක් බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
කලක් තිස්සේ දේශපාලන වශයෙන් දුරස් සබඳතාවක් පැවැත්වූ පාකිස්ථානය ද මෙම උත්සවයට සහභාගි වීමද සාර්ක් කලාපයේ සහයෝගීතාවයට නව බලාපොරොත්තු ඇති කරන්නා වූ කරුණක්.
මේ උත්සවයේදී නරේන්ද්‍ර මෝඩි ට අමතරව මැති ඇමතිවරු 44ක් ද දිවුරුම් දුන්නා