සිංහලයන් සියළු දෙනාම මං වගේම අමු මෝඩයන් වී ඇත්තේ ඇයි?
පුළුවන්නම් මෑත කාලයේ හිටිය ලෝකෙ පිළිගත්ත එක සිංහල බුද්ධිමතකුගෙ නමක් කියන්න.
මම මේක ලියන්නෙ මුළු පොටම කියවලා බලල.
නිව්ටන් වගේ අද්විතීය විශිෂ්ටයො සෛද්ධාන්තික භෞතික විද්‍යාවෙ ඉතිහාසයම ගත්තත් අතේ ඇඟිලි ගානට වත් නැහැ මිත්‍රයා. සෛද්ධාන්තික භෞතික විද්‍යාව ගැන සැබෑ ආදරයක් තියන ඒ විෂය සැබෑ ආදරයකින් හදාරන කෙනෙක් නම් උඹ ඔවුන් ගැන ජාතිවාදි ඇහැකින් බලන්න හිතන්නෙ වත් නැහැ. විෂය ගැන වැටහීමක් තියන කෙනෙක් නම් දන්නවා ඒ වගේ ගැඹුරු විෂයක විෂය කරුණු ගැන අදහස් හුවමාරු කරන්න වත් කොයි ජාතියක වුණත් මනුස්සයෙක් හොයාගන්න තියන අපහසුව. ලංකාවෙන් බිහි වුණ සිංහල විද්‍යාඥයෙක් ගෙ නමක් සෛද්ධාන්තික භෞතික විද්‍යාවෙ ප්‍රගමණයට කැපී පෙනෙන විශාල මෙහෙවරක් කළ අසම සම විශිෂ්ටයන්ගෙ ගොඩේ නැති එක ගැන උඹට තියන්නෙ අවංක කණගාටුවක් නම් මට කියන්න තියන්නෙ ඕක නිකං ජාතිවාදයක් අවුස්සන්න මෙවලමක් විදියට වන වන ඉන්නෙ නැතුව ඒ වගේ සැබෑ හපං කමක් කරන්න යොදවන්න. 'සිංහල' සහ 'සෛද්ධාන්තික භෞතික විද්යාවව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය' කියන්නෙ සදාතනිකව පුරුද්දන්න බැරි වැකි කොටස් නෙමෙයි. එහෙම හිතාගෙන උඹ ලතැවි ලතැවි හිටියට ලෝකෙ නවතින්නෙ නැහැ.
කියවන මිත්‍රයන් වෙත : නොබෙල් ගන්න හිතාගෙන විද්‍යාවෙ දියුණුවට වැඩ කළ යුතුයි කියල මම අදහස් නොකළ බව සලකන්න
Last edited:



