මෝදර, කොළඹ 15 - ( 2 )

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    දේව බක්තිය ප්රකාශ කිරීමට එදා සන්තියාගෝ පල්ලිය ජාති ආගම් බේදයෙන් තොරව සැමට විවූරතව තිබුණි. මෝදර ධීවර ප්‍රජාව ගේ ධීවර කටයුතු වලට පහසුවක් ලෙස මෙමෙ පල්ලියේ දෙපස පෙදෙස එදා ඇරී තිබු .තිබුනේ වෙහෙස වෙන්නා වූ බර උසුල්ලනාවෝ මා වෙතට වරෙල්ලා නම් වූ කිතු පණිවිඩය පෙරදැරි කරගෙනය.......................

    සාන්ත ජේමිස් මුනිද්රයන්ගේ දෙවස්නථානය පසුකර මීටර දෙසීයක් දුරින් මෝදර මුතු වැල්ල මාවත අරම්බය සමගම දකුණට හරස් පාර මෝදර කාලි කෝවිලට අවතිර්නයක් සැකසෙයි . ශ්රී ලංකාව පුරා බැතිමතුන් ජාති ආගම් බේදයකින් තොරව වන්දනා මාන කිරීමටත් දේව ,කරුණාව ලබාගැනීමටත් එක රොක් වන ස්ථානය ලෙස කාලි කෝවිල සනිහුටුවනක් තබයි ............................... .

    මෝදර මිරන්දරම පුරාණ විහාරය දිගු ඉතිහාසයකට නෑකම් කියන බෞද්ධ විහාරස්නථානයකි .ප්‍රෙදේශයේ බෞද්ධ සැදැහැවතුන්ට බුද්ධ දර්ශනය හරහා තම ජීවිත හැඩගස්වා ගැනීමට මෙම පුරාණ විහාරය අත්වැල නිරතුරුවම සලසා දෙනු ලබන දර්මස්‍තානයකි .


    කාලි කෝවිල වෙත විශේෂයෙන්ම අගහරුවාදා ,සිකුරාදා යන දෙදින තුල අති විශාල බැතිමතුන් පිරසක් කාලි කෝවිල පිහිට පතා වන්දනා මාන කරන අතර , එලෙසින්ම දේව පිහිට මෙන්ම ,වැරැදි කරුවන්ට දඩුවම් ලබා දීමටත් ,අනුනට අන වින කිරීමට, පළි ගැසීමටත් මහා බද්ර කාලි මෑණියන් වන්දනා මාන කරන බැති මතුන් රටේ සතර දිග් බාගයෙන්ම පැමිණීම සනිහුටුවන් කරයි .

    බැති මතුන්ට මෙන්ම අවට ප්රෙදෙස වාසි වැසියන්ට පවා මහා බද්ර කාලි මෑණියන් පිහිට වන්නේ විවිද වූ ක්රමොපයන් තුලිනි. ................... පොල් ගෙඩියේ සිට කපුරු පෙත්ත දක්වා සියලුම පැදුරු ආම්පන්න ඇති කුඩා කඩ කෝවිල අසල බහුලව තිබෙන අතර . සංචාරක වෙළදුන් මෙන්ම මත්පැන් පානය කරන්නන් , මත් ලෝලයින් , හෙරෝයින් වැනි මත් ද්රව්ය වලට ඇබ්බැහි වුවන් පවා දේව පිහිටෙන් තම සිතැගි ඉටුකරවා ගන්නේ මේ දේව බුමිය ආසන්නයේය …………………….

    එම සිතැගි සන්තර්පනයට අනෙකෙකුගේ දේව අශිවාදයේ පාක්කුඩම , මත් ලෝලයන්ට මග විවර කරගන්නේ . මල් මාලා විකිනීම ,පාවහන් ප්රෙවෙසම හා වාහන ගාල් කිරී මේ පහසුකම සපුරා දීමෙනි .,ප්රෙදේශයේ වතු තුලින් නෙලා ගන්නා වතුසුද්ද , පිච්ච මල් අසල කඩවලට විකිණීම සහ මල් මාලා ගෙතීම එසේම කුඩා කාර්ඩ් බෝර්ඩ් කැබිලි වල ටෝකෙන් සාදා පාවහන් ප්රෙවේසම් කර මුදල් ඉපයීම සදහා යොදාගන්න කර්මාන්තය .

    කෝවිල් බුමියෙන් ඉදිරියට මෝයකට කාක දුපත විවර වේ .



    එය මෝදර වෙරල ලෙසින් හැඳින් වෙන අතර එදා විශාල බුමි පරාසකින් යුක්ත වූ මෝදර වෙරල අද කුඩා අඩි පාරක් හෝ නැති තරමට කෙටි වී ඇත.

    විශාල පාපන්දු පිටි දෙකක් තරම් විශාල වූ මෙමෙ වෙරළ තීරය එදා මෙදා තුර වෙරල සංරක්ෂණ හා පාරිසරික අදිකාරී වල අති දක්ෂ සැලසුම් හා වියාපෘති තුලින් මෝදරට මුහුදු වෙරලක් අහිමි කේරීමේ ගව්රවයට හිමිකම් ලබන්නට සුදුස්සෝ වන්නට රිජු දායකත්වය සැපයුවන් වුහ............................ .

    දකුණතින් කැළණි ගගේ අතු ගංගාව ක් ද වමතින් මහා සාගරය හිමිකම් ලැබූ මෝදර වෙරළ මෙතරම් වෙරළ කාදනයට නතුවෙද්දී වගකිව යුත්තන් මුනිවත රැක සිටියේ මන්ද යි විමසීමට ගත හැකි කරුණක් වුවත් පරිසර වේදීන් ,සංවිදාන,දේසපලකයන් මුනිවත රැකීම තුල යටබිම්ගත සැලසුම් හෝ නිසි කළමනාකරණය නොමැති කම හෝ නිලදාරී වගකීම් පැහැර හැරීම් නිදන් ගතව තිබු බවනම් නොකියාම බැරිය . .කැළණි ගඟේ අටු ගංගාව අශ්රිත් නිර්මාණය ලැබූ කිරල කැලය එදා ග්රාමීය දගකාර පාසැල් ළමුන්ගේ පාසැල් කට්ටි පැනීමේන් අවසාන නවාතැන විය . පාසැල් නිල ඇදුම් කැලයේ සගවා මහා මුහුදෙන් රිසි සේ නා ,කිරල කැ ලයෙන් බඩ පුරා කිරල කා පාසැල් නිමවීමේ වෙලාවට විනය ගරුක දරුවන් සේ නිවෙස් තුලට ගමන් කරන්නට එදා ළමෝ පුරුදු වී සිටි කාල සටහනකි.එමෙන්ම මෙම වෙරල තීරය උතුරු නැගෙනහිර වාරකන් කාල තුලදී සංක්රමික දීවර ප්රෙජාව මෝදර වෙරල තීරය තම ජීවන වුර්තිය කරගැනීමට තෝරා ගත් ස්ථානයකි ............................ වලාලා කාල වලදී මෝදර වෙරල තුල ඉතා අඩු මිලට නැවුම් මාළු අවශ්ය තාවයන් සපුරා ගැනීමට ප්රෙදෙෂවසින් මෝදර වැල්ලට දිනපතා රොක් වී මට පුරුදුව සිටියහ .

    මෝදර වෙරල තිරයේ අවසානය වැටී ඇත්තේ මෝය කටටය , එම ප්රෙදෙස මට්ටක්කුලිය ලෙස හැදින්වේ. කැළණි ගඟ මුහුදට වැටෙනා දෙඉවුර ඇලකන්දට හා මෝදර මට්ටක්කුලිය සමාන් විහිදේ. දෙ ඉවුර දොවනයෙන් කැළණි ගඟ සාගරයට ප්රෙවිෂ්ට වන්නේ එම ජලදහර , කිතුල්ගල,,අවිස්සාවේල්ල , කඩුවෙල හරහා නාගරික ජනතාවට පානීය ජල අවශ්යතා නිර්මොපකර ලබුගම ජල පවිත්රාගාර හරහාය . .................

    කිලෝ මීටර් 145 දිගකින් සමන්විත ශ්රී ලංකාවේ 04 වන දිගම ගංගාව ලෙස විරුදාවලිය ලත් කැළණි ගඟ ,සමනළ කන්දෙන් පැනනැගී නුවරඑළිය,රත්නපුර,කෑගල්ල ,කඩුවෙල හරහා දිස්ත්රික් 04 ක ගුණ අගුණ රැගෙන කොලඔබ දිස්ත්රික් හරහා මහා සාගරයට සම්ප්රාප්තිය ගෙනහැර දක්වයි. .................................

    දෙපස ඉවුර දෙක ලංකාවේ දිස්ත්රික් දෙකකට මායිම් කර එනම් වම් ඉවුර කොළඹ දිස්ත්රික් මෝදර මට්ටක්කුලියටත් දකුණු ඉවුර ගම්පහ දිස්ත්රිකය හැඳල ඇලකන්ද මායිම් සලකුණු කරයි .

    මෙම වෙරල තීරය සතිඅග සවස්බාගයේ බොහෝ ප්රෙදෙසවසින් වියායාම, ඇවිදීම හා විනෝදාස්වාදය පිණිස බාවිතා කරන්නකි . තවද විනොස්වාදය සදහා බිලි බාන්නන් මෙන්ම ජීවන වුර්තිය සදහා මසුන් මරන්නොද මෙහි සුලබව දැකගත හැකිය................

    කාක දුපත මෙම වපසරියට දුන් තවත් නමක් වන අතර ආලින්දය සාගරයට විවරු වූ කාක දුපත නිවාස සංකීර්ණය පිහිට ඇත්තේද මෙම වෙරල තිරයේ ආසන්නයේය ...................................

    .යහමින් මුදල් ඇති පිරිස් මෙම සංකීර්ණ තුල පදිංචිය සහතික කරගතත්ටවුන් වන අතර .දකුණු ඉන්දීය රූප සුන්දරියක් වූ රීටා ජෝන්ස් සිය ශ්රී ලාංකික විවාහ සහකරු සමග පදිංචි වී සිටියේද මෙම නිවාස සංකීර්ණය තුලය ................................

    . සිය අනාගත ප්‍රර්තනාවන් සම්මුචියට මේ නව යුවල තෝරාගත්තේද මෙම නිවාස ආසන්නයේ පිහිටි මෙම මනරම් මුහුදු තිරයයි . බොහෝ පිරිස් මෙලෙස මෙම වෙරල තිරය එහි ඇති සුන්දරත්වය විදගත්දී ඒ සුන්දරත්වය අසුන්දර කරමින් ගංජා මතින් මත් වූ ප්රෙදෙසයේ මාළු වෙලදාම් කල මාළු අජිත් නම් වූ පාපතරයෙකු හා තවත් සගයන් දෙදෙනෙකු එක්ව සිය සැමියා සිටියදීම ඔහුට පහරදී , ඔහු සුක්ෂම ආකාරයෙන් මන්මුලකොට මහා සාගරය හඩා වැටෙද්දී කිරල කැලය තුල දුෂණය කර මරා දැමුවේ ශ්රී ලංකාවට ප්රෙකට කළු පැල්ලමක් ද ඇති කරමිනි ……………..

    1975 නොබැදී ජා තින්ගේ සමුළුව ලංකාවී පැවැත්වූ දිනවල තොටළඟ කටුනායක මගක පසෙක වූ ජනාකීර්ණ මුඩුක්කු පේලි ගලවා රාජ්‍ය නායකයන්ට සුන්දර වටපිටාවක් නිර්මාණය කිරීම සදහා එම මුඩුක්කු පේලි මට්ටක්කුලිය සමිසම්මන්ත්රණ පුර හෙවත් සමිට් පුරය බිහි කිරීමට දායක කරගත්හ.

    පසු කලක තවත් ජනාකීර්ණ වූ සුමිට් පුරය අද සියලුම දුරාචාර වලින් පිරුණ මත්ද්රව්ය ,සමාජ විරෝදී ක්රියාකාරකම් ප්රෙකට පාතාල කල්ලි වලින් සන්නදව මිනි මරාගන්න ප්රෙදේශක් ලෙසට ප්රෙකටය . මෙය සමස්ත ප්රෙදෙශයම සිදුවන්නාවූ දෙයක් නොවන අතර දේශපාල රැකවරණ ලබන සුළු පාතාල පිරිසකගේ නොමනාකම් සමස්ථ ප්‍රෙදේශයම දුර්ගන්දයකට නතු කිරීමක් කරයි.



    කදිරාන වත්ත , අලි වත්ත ,ප්රංස වත්ත, සමිට් පුරමෝදර මට්ටක්කුලිය අවට ප්රෙදේශ වන අතර සමිට් පුරය තරමක ප්රෙසිද්දියක් උසුලන්නේ ලංකාවේ සමහරක් විශාල ආයතන වල ගබඩා සංකීර්ණ පිහිට තිබීමත් හා සේවාස්ථාන රාශියක් පිහිට තිබීමත්ය ..දනාත්මක ප්රෙවේශය එලෙස සේවාස්ථාන හරහා ලගුවෙද්දී , රිනාත්මක ලෙස එහි අදික ජනගහනයත් මුඩුක්කු පරිසරය බොහෝ සමාජ විරෝදී , මත්ද්රව්ය,හා පාතාල ක්රියා කාරකම් වලට තෝතැන්නක් සපයයි .

    රත්මලාන කොලඔ කොටුව ,නාරන්හෙන්පිට ගමනාන්තයට බස්රථ ආරම්බය මට්ටක්කුලිය සමිට් පුර අසලින් ඇරඹුම වී ඉදිරි දෙසට ගමන් කීරීමේදීද ප්රෙදේශීය ජනප්රෙවාදයේ සදහන් රාක්ෂ මුහුණ කන්ද හෙවත් රාසමුන කන්ද දිස්වේ . වමතින් විස්ට් වයික් පිට්ටනිය පහුකර වමතට හරස් මග මිරන්රදාම පුරාන විහාරය හරහා විහිදී යන අතර මෝදර ආනන්ද විදුහල පසුකර කෙටි පියවර කිහිපයකින් ලංකාවේ සුවිශේෂ ආයතනක් පිහිටා තිබේ . පෙර සිලෝන් ඔක්සිජන් ෆැක්ටරි නම් වූ එය අද සිලෝන් ඔක්සිජන් දක්වා පරිවර්තනය වී ශ්රී ලංකාවේ සියලුම රෝහල් සදහා ඔක්සිජන්,දියර ඔක්සිජන් මෙන්ම ලංකේය පැස්සුම් කර්මාන්තයට අවශ්ය ඇසටලින් සහ අනිකුත් බොහෝ වායු සපයා දෙන ආයතනක් මෙන්ම මෙවැනි ආයතන තුලින් ප්රෙජවට සලසන්නාවූ මෙහෙය මිල කල නොහැක්කක් ලෙස සනිහිටුවනක් ලබයි……………………….. .

    මෙවැනි ආයතන ලංකාව තුල පිහිටා ඇත්තේ එකක් හෝ දෙකක් බව විය හැකි වන්නට පිළිතුරු සපයන්නේ දිනපතා ආයතනය අසල ඇති දිගු පෝලිම් දැකීමට ඇති නිසාවෙනි,මෙකී මාර්ගයෙම වම අතට ධවලසින්හාරාම විහාරය අසලින්ම හේනමුල්ල කදවුර පිහිටීම සලකුණු කරියි . කෑම්ප් එක වශයෙන් ප්රෙසිද්ද වූ හේනමුල්ල හමුදා කද වුරක් නොවන බොහො කුඩා පැල්පත් වලින් සමන්විත විශාල ප්රෙදෙශයකි .පොලිසි වලට පවා අබියෝග කරන්නට වූ තරම් වූ මැරවර කණ්ඩායම් කොළ ,නිල්,කහ දේශපාලන අශිර්වාදයෙන් තම ක්‍රියාවලියන් බාදාවකින් තොරව කරගෙන යති ......................

    .දේශපාලන මහතුන්ට මෙම ප්රෙදේශ ඉතා වැදගත් ප්රෙදේශ වේ ඒ මන්ද ජනාකීර පැල්පත් තුලින් විශාල චන්ද ප්රෙතිෂටයක් ලබා ගැනීමට අවකාශ ලැබීමය එයට මුදල් වියදම් කල යුත්තේ ඔහු රැකවරණ සලසන දාමරික කණ්ඩායමට පමණි........ අවශ්‍ය ක්‍රියාකාරකම් ජන්ද ව්‍යාපාරය මැරවර කණ්ඩායම් තුලින් නිසි ලෙස ක්‍රියාත්මකය ලැබයි .

    පසුපසින් කැළණි ගගට සීමාවූ වූ මෙම ප්රෙදේශය වඩාත් පුළුල් වීමට වඩාත් හේතු පාදක වූයේ එදා වගුරු බිම ,කැළණි ගඟ ගැඹුරු කිරීමේදී ගොඩ දමන ලද වැලි අවට වගුරු බිමට මුදාහැරිම තුල හෙනමුල්ල කදුවුරට අනුයුක්තව තවත් බිම් කඩක් නිරමාත්තෝපි වීමයි.පසුකලෙක දේසපාලන හිතවතුනට ප්රෙදේශයේ පාක්ෂික ක්රියා කාරින්ට ඉඩම් කැබලි පර්ත්යගයෙන් වැලිගොඩවත්ත නම් වූ ජනා කීර්ණ ප්රෙදෙස්හක් නිර්මාණය සලසා ගත්තේ ය.............................. .

    පසුකළෙක නිතී විරෝදී මෙන්ම සමාජ විරෝදී ක්රියා කාරකම් නම් දරාපු ප්රේදේශයක් ලෙස ප්රෙකටත්වයක් ලබා ගැනීමට සමත් විය . ලෝක වෙළද පොළ නෑකම් කියන්නාක් මෙන් මෙන් ඕනෑම නිතී විරෝදී මත් පැන්, මත්ද්වරය,ගිනි අවි දක්වා ඕනෑම දෙයක් පැය 24 පුරාම මෙම පරිසරය තුල සොයා ගැනීමට උගට වන්නේ නැත.

    https://www.elakiri.com/forum/showthread.php?t=1873833 ( මෝදර, කොළඹ 15 - ( 1 )