මෝදී ගේ කබාය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මෛත්‍රී මෝදී ගේ කබාය ඇන්දේ ඇයි ?

    ඉහවහා ගිය වංචා දූෂණ හා අක‍්‍රමිකතා නිසා එවකට බලයේ සිටි ඉන්දීය කොන්ග්‍රසය ජනතාවගේ අප්‍රසාධයට පත් වූ මොහොතක භාරතීය ජනතා පක්ෂයේ නායක මෝදී අගමැති පොරයට එක්විය. එම මැතිවරණ ව්‍යාපාරය පුරාම මෝදී අපුරු මැතිවරණ පොරොන්දුවක් දී තිබුණි. එය ජනතාවගේ ආකර්ශනය වැඩිකර ගැනීමත් , පුරවැසියන්ට වඩාත් යහපත් හෙට දිනක් පිළිබඳවත් බලාපොරොත්තු දල්වන්නක් ද විය. ඉන්දීය පොදු දේපළ වංචාකරුවන් විසින් සොරාගත් ඩොලර් බිලියන 500 ක මුදලක් විදේශ බැංකුවල සඟවා ඇති බවත් , ඒවා නැවත ඉන්දීය ජනතාවට දින 100 ක් තුල ලබා දෙන බවට පොරොන්දු වෙමින් සියලු ප්‍රාන්ත ඉලක්ක කරගනිමින් මැතිවරණ රැලි ඇමතුවේය.එහි ප්‍රතිපලයක් ලෙස´ කොංග්‍රස් ආණ්ඩුව බිමට සමතලාකරමින් මෝදී ට විශිෂ්ඨ ජයග්‍රහණයක් ඉන්දීය ජනතාව ගෙන දුන්නේය.
    ඩොලර් බිලියන 500 යනු ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් බිලියන 32,250 පමණ වේ. මේ වනාහි බිලියන 1.2ක් පමණ වන ඉන්දීය ජනගහනයේ එක් අයකුට 30,000 පමණ ලැබිය යුතු ප‍්‍රමාණයකි. ජනතාව මෙම පොරොන්දු ඉටුවන තුරු දෑස් දල්වා බලාසිටියේය. දින 100 මාස අට දක්වා ඇදී ගියේ සුපුරුදු සටකපට දේශපාලුවන්ගේ තවත් එක් මගඩියක නිරුවත එලි කරමිනි. අද වනවිට එකී පොරොන්දුව ඉටු කරවීමට සටනට පිවිස සිටින්නේ අන්නා හසාරේය. අන්නා හසාරේ යනු ඉන්දීය දේශපාලනයට මහා අභියෝගයක් එල්ල කරන ප්‍රජා නායකත්වයකි. මින් පෙර දුෂිත දෙශාපාලඥයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට ඔහු විසින් දියත් කල මාරාන්තික උපවාසය මෑත කාලයේ ආසියානු කලාපය තුල ජයග්‍රහණයෙන් නිමා වූ ප්‍රජාතන්ත්‍රවාදී සටන් වලින් එකකි. එතෙක් ජනතාවගේ මතයට හිස නොනැමූ කොන්ග්‍රශය අන්නා හසාරේ ගේ දැවැන්ත ජනබලය ඉදිරියේ සලිත විය.

    "මා ඔහුගේ කතාවලින් සහ පොරොන්දුවලින් වශී වුණා. ඔහු වෙතින් අපේක්‍ෂාවේ කිරණ නිකුත් වුණා. ජනතාව ඔහු සහ ඔහුගේ පක්‍ෂය පාලනය සඳහා තෝරාගත්තේ එනිසයි. දැන් ඒවා අමතක ව ගොසින් වාගෙයි. ඒවා සිහිපත් කැර දෙන්නට කාලය එළැඹී තිබේ -විදෙස්ගත ව පවතින සියලූ මුදල් ආපසු ගෙන්නා ගන්නට දින 100 ප‍්‍රමාණවත්. කළ නොහැකි දෙයක් පොරොන්දු වූයේ ඇයි? හුදෙක් ඡන්ද ගරා ගැනීම සඳහා ම පමණක් ද? - යනුවෙන් අන්නා හසාරේ සටනට පිවිසෙමින් පවසා ඇත.

    අද ලාංකීය දේශපාලනය තුලද දිස්වුයේද මෝදී ගේ මැතිවරණ පොරොන්දුවේ දෙවන කොටස රඟ දැක්වීමය. එහෙත් මෝදී ට එරෙහිව පස්චාත් මැතිවරණ සටනට පිවිසීමට අන්නා හසාරේ කෙනෙකු ඉන්දීය ජනතාවට සිටියද අපට අවම වශයෙන් රජයට එරෙහිව හඬක් නැගීමට හෝ විපක්ෂයක්ද නැත.
    ආණ්ඩුවට පොරොන්දු ඉටුකිරීමට බල කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. දුෂිතයින් සොයා සමාජයට හෙළි කරන්නේද ඔවුන් පමණක්ය. රට ගැන හැඟීමක් ඇති විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක්ද ? අද වන විට ආණ්ඩුව හා නාමික විපක්ෂය යනු මිත්‍ර සමාගමකි. ඔවුන්ගේ කතිකාව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයයි. . දෙපිරිසම කාබී සතුටින් සමාදානයෙන් කාලය ගෙවා දමති.
    පොරොන්දු වූ ප්‍රධාන ජනතා අපේක්ෂාවන් පිළිබඳව කතිකාවක් ඇත්තේම නැත. මීළඟ මහා මැතිවරණයෙන් පසුව ආණ්ඩුව හා විපක්ෂය යනු දෙකක් නොව එකක් වනු ඇත.
    ජනතාව වෙනුවෙන් පෙනී සිටීම පසෙකලා තම තමන්ගේ දේශපාලනයේ හෙට දවස පිළිබඳව කතිකාවක් පමණක් ගොඩ නැගෙනු ඇත.
    දුෂිත දේශපාලුවන් ගේ ෆෛයි මිටි ගණන් අල්ලස් කොමිසමේ හමස් පෙට්ටිය තුල තව දුරටත් පුස් කණු ඇත. වැරදි කරුවන් වෙනුවට අසරණ නොන්ජල් මිනිසුන්ගෙන් හිරගෙවල් තව තවත් පිරී යනු ඇත.
    එසේ නම් ජනතාව විසින් මෙකී සියලු කරුණු නිවැරදිව කිරා මැන බලා ජනතාවට වගකියන දේශපාලන නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගත යුතුව ඇත.:baffled::baffled: ශ්‍රී ලාංකීය දේශපාලන මඩගොහොරුව තුල ධනපති දේශපාලන පක්ෂ වලින් කවරෙක් නම් තෝරා ගන්නට හැකිද යන්න ජනතාව ඉදිරියේ ඇති පැනයකි. දුෂිත ජනපති කෙනෙකු පලවා හරි ජනතාවගේ ඊළඟ තීන්දුව විය යුත්තේ රට කාබාසිනියා කිරීමට දායක වූ දේශපාලුවන් රැලම පරාජයකර දැමීමට දායක වීමය.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අද වන විට ආණ්ඩුව හා නාමික විපක්ෂය යනු මිත්‍ර සමාගමකි. ඔවුන්ගේ කතිකාව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයයි. . දෙපිරිසම කාබී සතුටින් සමාදානයෙන් කාලය ගෙවා දමති.
    පොරොන්දු වූ ප්‍රධාන ජනතා අපේක්ෂාවන් පිළිබඳව කතිකාවක් ඇත්තේම නැත. මීළඟ මහා මැතිවරණයෙන් පසුව ආණ්ඩුව හා විපක්ෂය යනු දෙකක් නොව එකක් වනු ඇත
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978
    113
    ද වන විට ආණ්ඩුව හා නාමික විපක්ෂය යනු මිත්‍ර සමාගමකි. ඔවුන්ගේ කතිකාව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයයි. . දෙපිරිසම කාබී සතුටින් සමාදානයෙන් කාලය ගෙවා දමති.
    පොරොන්දු වූ ප්‍රධාන ජනතා අපේක්ෂාවන් පිළිබඳව කතිකාවක් ඇත්තේම නැත. මීළඟ මහා මැතිවරණයෙන් පසුව ආණ්ඩුව හා විපක්ෂය යනු දෙකක් නොව එකක් වනු ඇත.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    හෙළයෙක්;17880321 said:
    ද වන විට ආණ්ඩුව හා නාමික විපක්ෂය යනු මිත්‍ර සමාගමකි. ඔවුන්ගේ කතිකාව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයයි. . දෙපිරිසම කාබී සතුටින් සමාදානයෙන් කාලය ගෙවා දමති.
    පොරොන්දු වූ ප්‍රධාන ජනතා අපේක්ෂාවන් පිළිබඳව කතිකාවක් ඇත්තේම නැත. මීළඟ මහා මැතිවරණයෙන් පසුව ආණ්ඩුව හා විපක්ෂය යනු දෙකක් නොව එකක් වනු ඇත.
    :yes::yes:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    අද වන විට ආණ්ඩුව හා නාමික විපක්ෂය යනු මිත්‍ර සමාගමකි. මීළඟ මහා මැතිවරණයෙන් පසුව ආණ්ඩුව හා විපක්ෂය යනු දෙකක් නොව එකක් වනු ඇත. ඉන්පසු එ.ජා.ප. ය සුපුරුදු පරිදි විපක්ශය වනු ඇත. දින 100 මෙන්ම ඡන්ද පදනම වැඩිකරගැනීමද ජනාධිපතිතුමා හැර අනික් ආණ්ඩුපක්ශයේ අභිප්‍රාය වන නිසා ඉදිරි මහ මැතිවරණය දක්වා කාලය තුල ජනතාවවෙනුවෙන් ඉටුවිය යුතු දේවල්වල යම් යම් අතපසුවීම් සිදුවිය හැකැ. මගේනම් අදහස පක්ශවල යහපතට වඩා ජනතාවට යහපත ඉටුවන ඒගැන සිතන ආණ්ඩුවක් බිහිවීමයි