මෝහිනීව දැකලා බය වුනා කියපු අය අපේ සමාජේ ඉන්නවා. ප්‍රසිද්ධ විදිය තමයි මෝහිනී දරුවකුත් වඩන් ඉන්නවා කියන එක. මෝහිනීගේ කතාව මිනිස්සු කියන්නෙ මෝහිනී යක්ෂණියක් විදියට සලකලා. නමුත් නියම මෝහිනී චරිතය එහෙම යක්ෂ චරිතයක් නෙමෙයි.
සුපුරුදු විදියටම මෝහිනී කියන්නෙත් ඉන්දියාවෙන් ලංකාවට දායාද වුන චරිතයක්. ඒ හින්දු වන්දනාවත් එක්ක. මුලින් ම මෝහිනී ගැන ඉන්දියාවේ සඳහන් වෙන්නෙ මහාභාරතයේ සමුද්‍ර මන්ත්‍රන කොටසේ. මේ කොටසේ කතා කරන්නේ සමුද්‍රය කලතලා අමෘතය සොයා ගැනීම ගැන. අමෘතය හම්බවුනාම ඒක ගන්නෙ අසුරයො. අසුරයන්ගෙන් මේ අමෘතය සුරයන්ට අරන් දෙන්න විෂ්ණු දෙවියො මෝහිනී විදියට අවතාරයක් මවා ගන්නවා. මේ තමයි විෂ්ණු දෙවියන්ගෙ එකම කාන්තා අවතාරය. රාමායණයෙත් කෙටියෙන් මේ ගැන කියනවා.
මුල් කතාවෙදි මෝහිනීව හඳුන්වන්නේ සුන්දර කාන්තාවක් විදියට. මොකද ඒ විෂ්ණුගෙ අවතාරය. පසුකාලීනව මේ කතාව ජනප්‍රිය වෙද්දි සුන්දර කාන්තාවගේ ස්වරූපයට ලිංගිකත්වයත් ආරෝපණය වෙනවා.
හින්දු සාහිත්‍යයෙදි අසුරයො විනාශ කරලා දාන චරිතයක් විදියට මෝහිනීව සැලකෙනවා. ඔබ අසා ඇති බ්රහ්මාසුරයා ගැන. මොහු තපස්වෘත රැකලා ශිව දෙවියන්ගෙන් වරමක් ගන්නවා තමන් අත තියන ඕන කෙනෙක්ව අළු වෙලා යන්න ඕනා කියලා. ශිවත් ඒ වරය දෙනවා. බ්රහ්මාසුර මේ බලය මුලින්ම පරීක්ෂා කරන්නේ ශිවගෙන්. බ්රහ්මුසුරගේ මේ ක්‍රියාව නිසා ශිව විෂ්ණුගෙ සහාය පතනවා. ඒ වෙලාවෙදි විෂ්ණු මෝහිනීගේ ස්වරූපය අරන් බ්රහ්මාසුරව මුලාවට පත්කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට බ්රහ්මාසුර අත තමුන්ගේ ම ඔළුවට තියා ගන්නවා. ඒකෙන් ඔහුවම අළුවෙලා යනවා. මේ කතාව ලංකාවෙත් තියෙනවා මතක් වෙනවා නේද? ඒ කතාව තියෙන්නෙ සතර දේවාල දෙවි පුවතෙ.
ඉතින් ලංකාවට එන මෝහිනීට තියෙන්නෙ අසුරයො පරදන ස්වභාවයක් නෙමෙයි. ලංකාවෙ මෝහිනීට තියෙන්නෙ යක්ෂ ස්වභාවයක්. මෝහිනී ගැන ලංකාවෙදි කථා කරන්නෙ පිරිමින්ව බය කරන කෙනෙක් විදියට. ඕනම දෙයක මුල දන්නැතුව මැද හෝ අගින් අල්ලගත්තම ඒ වගේ තමයි. ඉන්දියාවේ දේවත්වයෙන් සලකන මෝහිනීව, විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් විදියට සලකන මෝහිනීවම අපි සලකන්නෙ යක්ෂණියක් විදියට.
ඉතින් මෝහිනී ගැන හරියට දැන ගෙන හිතලා බලන්න මෝහිනී කියන්නෙ බය වෙන්න ඕන චරිතයක් ද කියලා.

ට්‍රාන්ස් පොන්නය