යකඩ සිංහයා (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)

Shan Rox

Member
Jan 16, 2011
95
27
0
යකඩ සිංහයා (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)

මීට මාස 4කට විතර කලින් බීමතින් රිය පදවපු එකේ ප්‍රතිඵලයක් විදිහට මගේ දකුණු කකුලේ මහපට ඇගිල්ලත් දෙවැනි ඇගිල්ලත් ඇරෙන්න ඉතුරු ඇගිලි 3 කපා ඉවත් කරන්න සිද්ද උනා. සිදුවූ තුවාලයත් කකුලේ වේදනාවත් මේ වෙනකොට නැති උනත්, ඇගිලි 3ක් අහිමි උන දුකත් ලැජ්ජාවත් මගේ ලග ඉතුරුයි.
රබර් සෙරෙප්පු පැලදවීමට මට නොහැකිය. සපත්තු පැලදවීම මට මහා ඉසරදයකි, අපහසුතාවයකි. සපත්තු ගලවා මට අඩුමගානේ පංසලකට වත් යා නොහැක. බොහෝ දෙනා මගේ කකුල දෙස බලනවා සේ මට හැගේ. මට එය මහත් ලැජ්ජාවකි, දුකකි. මට පමණක් නොවේ මගේ බිරිදටත් එය මදිකමකි.

ඒ නිසාම ඇය මට අද දොස්තර කෙනෙකු හමුවි එයට යම් පිලියමක් කල හැකිදැයි බලන්න කිව්වා. ඇයට odd වගේලු මගෙත් එක්ක යද්දි ඒ නිසා මම තනියම යන්න තීරණය කරා. මට වියදම් කල හැකි මට්ටමක පිළියමක් නැති බව දොස්තරගෙන් දැනගත් මම ඒ දුකත් හිතේ තියාගෙන පාවහන් අලෙවි සැලකට ගොඩ වුනේ අලුත් පාවහාන් යුගලක් මිලදී ගන්න. එතනදී මට මගේ පාසල් කාලයේ හිටපු අපූරු (පූර්වයේ නොවූ විරු ) යාලුවෙක් හමුවුනා. ඔහු නමින් උපුල්. උපුලුත් මමත් ගාල්ල ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ එකම පංතියේ එකට හිටපු යාළුවෝ.
උපුල් එක්ක බොහෝ වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී ඉදලා ගෙදර ආපු මට ඔහුගේ මතකයෙන් තවමත් මිදෙන්නට නොහැකී.

උපුල් සමන්ත සමරසිංහ ඒ ඔහුගේ උප්පැන්න සහතිකේ තිබුන නම. ඔහු, පාසලේ අති දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ උපුල් 1988දී කැඩෙට් නිලධාරියෙක් විදිහට හමුදා සේවයට බැදෙන අතර ඉන් පසුව දෙවන ලුතිනන් වරයෙක් විදිහට ගජභා රෙජිමේන්තුවට අනියුක්ත වෙනවා. උපුල් එක්කම හමුදා නිලධාරීන් විදිහට අපේ පංතියේ ඉදපු පාලිත සිල්වාත්, උදය ප්‍රියන්ත ද සිල්වාත් එකතු වෙනවා. ලුතිනන් කර්නල් උදය ප්‍රියන්ත ද සිල්වා නම් අද වෙනකොට රුදුරු ත්‍රස්තවාදයේ අනිසි ප්‍රතිඵලයක් විදිහට අපෙන් සමු අරන්.

1995 අවුරුද්දේ දවස හරියටම මට මතක නැති උනත් A9 මාර්ගයේ පිවිසුම් දොරටුව උන අලිමංකඩ ආශ්‍රිතව ඇති උන දරුණු සටන් හේතුවෙන් උපුල් මැරුණා කියලා උපුල්ගේ ගෙදරට විදුලි පණිවිඩයක් ආවා. ඒ වෙද්දි උපුල්ගේ තාත්තාත් අන්ත්‍රා වෙලා හිටියේ. උපුල්ගේ අම්මයි අක්කයි හැඩූ කදුලින් මළ ගෙදරක් සදහා උචිත පරිසරයකට නිවස සකස් කරා.අපිත් ගියා එයාලගේ සහයෝගයට. එදා ඔවුන්ට ඔවුන්ගේ මුළු ජීවිතේම කඩාගෙන වැටුනා වගේ දැනෙන්න ඇති. ඒ වෙද්දි උපුල්ගේ තාත්තාත් ජීවතුන් අතර නොසිටපු නිසා ඉතුරු වෙලා තියන මුල් පුරුක කඩන් වැටුනාම ඔවුන්ට මොනවා දැනෙන්න ඇත්ද?

උපුල්ගේ දේහය ගෙදරට ගේනකම් බලන් හිටපු අපිට ජීවිතේ කවදාවත්ම විශ්වාස කරන්න අමාරු ආශ්චර්යමත් පුවතක් ලැබුනා. ඒ බරපතල ලෙස තුවාල ලැබූ උපුල් සමරසිංහයන් පලාලි හමුදා රෝහලට ඇතුල් කර පසුව කොළඹ යුද හමුදා රෝහලට මාරු කර යවා ඇති බවත්.

ඒ පුවතත් එක්කම නව පණක් ලබපු උපුල්ගේ අම්මාත්, අක්කාත්, මමත් ඒ වෙනකන් ජීවිතෙ කවදාවත් පය නොගහලා තිබුන කොළඹ ගෙන්දගම් පොලවට පය තිබ්බා උපුල් හොයාගෙන.

උපුල්ගේ ළග තනියට එදා මම කොළඹ නැවතුනා. ඒ වෙද්දිත් ඔහු දැඩිසත්කාර ඒකකයේ හිටියේ. ඒ වෙනකනුත් මැරුණ උපුල්ට පණ ආපු හැටි අපි කවුරුවත් දැනන් හිටියේ නෑ. දවසක් උපුල් බලන්න හමුදා සෙබලෙක් ආවා. ඔහු මට මෙහෙම කිව්වා "එදා බැටල් එකේදී මැරුණ ඔක්කොම කට්ටිය එකට දාල සාලියපුරට ගෙන්නවන්න ලේස්ති කරලා තිබුනේ. ඒක බාරව හිටපු එක්කෙනෙක් මම. මම නිකමට බැලුවේ අපේ ගමේ කවුරුහරි ඉන්නවාද කියල මැරිලා. ඒ වෙලාවේ තමයි මම අහම්බෙන් වගේ දැක්කේ උපුල් සර්ගේ පපුව එක පාරක් ඉස්සිලා පහත් වෙනවා. ඉක්මනට කතා කරලා helicopter එකක සර් ව අපි එව්වා පලාලි වලට. සර්ට වෙඩි වැදුනේ අපේ කට්ටිය බේර ගන්න ඉස්සරහාට ගියපු නිසා. බලන්න සර් ගේ පපුවටමයි වෙඩි වැදිලා තියෙන්නේ. සර් රත්තරං මනුස්සයෙක්, නිලදාරියෙක් කියලා ඔළුවෙන් හිටිය කෙනෙක් නෙමෙයි. අපිත් එක්ක එකට සිංදු කියලා අපි අතරෙම හිටපු සුන්දර නිහතමනී මනුස්සයෙක් එහෙම හිටපු සර් තමයි අද මේ තවම සිහිය නැතුව ඉන්නේ. සර් කොළඹට මාරු කරලා එව්වා කියලා දැනගත්තා ඒකයි මම ආවේ"

ඒ කියපු දේවල් අහන් ඉද්දි එදා මටත් ඇඩුනා මරණයෙන් නැගිටපු මගේ හොදම යාළුවා. උපුල්ට තිබුනා හරි සිරියාවන්ත හිනාවක්, නිර්භීත කඩවසම් පෙනුමක්, ඊටත් වඩා ලස්සන උඩු රැවුලක්. ඔහු වගේ වෙන්න අපි ඒ කාලේ රැවුල කැපුවා. ඔහු වගේ ඇවිදින්න try කරා.

මේ අනතුරින් උපුල්ට ඔහුගේ පෙනහළු දෙකෙන් වම් අර්ධය අහිමි උනා. අදටත් ඔහු එක පෙනහැල්ලකින් පමණක් ජීවත් වෙන නිර්භීත සිංහයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඔහු ලංකාවේ ජාතික වස්තුවක්. සතුරා ඉදිරියේ රට වෙනුවෙන් කල සේවාව අගයනුවස් ඔහුව රණ ශූර (RSP) හා රණ වික්‍රම පදක්කමින් (RWP) පිදුම් ලැබුවා.
මේජර් උපුල් සමන්ත සමරසිංහ RWP RSP, නම් ඔහු මුලු මහත් ගාල්ලටමත්, අප සදාදර ඇලවීෂියස් විදු මාතවටත් ආඩම්බරයක් ගෙන දුන්න සිංහයෙක්.

අදටත් ඔහු ලග ඉද්දි ඔහු අපහසුවෙන් හුස්ම ගන්න සද්දේ අපිට ඇහෙනවා. තමන්ට එක පෙනහැල්ලක් නෑ කියලා ඔහු තුල ආත්මානුකම්පාවක්වත්, දුක් වෙන්නේ වත්, ලැජ්ජා වෙන්නේවත්, හඩා වැලපෙන්නේවත් නෑ. ඔහුගේ සිත ඒ තරමටම ශක්තිමත්.
ඔහු සමග විවාහා පත් වුන ඔහුගේ බිරිද කොච්චර උතුම් කාන්තාවක් වෙන්න ඕනද? ආබාධිත තත්වයේ ඉන්න ඔහු වෙනුවෙන් ඇය කොපමණ කැපවීමක් කරනවා ඇතිද?

ඒත් මම? මගේ කකුලේ ඇගිලි 3ක් මගේ නෑ කියලා මම කොපමණ දුක් වෙනවාද? ඒකට මොනවා හරි කර ගන්න කියලා හැම නිතරම කෙදිරි ගාන මගේ බිරිද?
අපි අපේ නොසැලකිල්ලෙන් නැති කර ගත්ත දේවල් වෙනුවෙන් දුක් වෙන විදිහත් එක්ක බැලුවහම අපේ රට රකින්න තමන්ගේ ජීවිතය කැප කරලා ආබාධිත වුන වීරයන් කොහොම දුක් වෙන්න ඕනද?

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.... !!!
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    දුක හිතෙන ඒත් හොඳ ආදර්ශමත් කතාවක්... :)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mona kiyannada kiyala hitha ganna baha. thawa tikak kathawa diga una nam kiyala vitarak hitenava.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    That our soldiers............That's THEM.
    NO COMPARES.

    ෂෙල් කෑල්ලකට අහුවෙලා හක්ක ඉදිරිපස සම්පූර්ණයෙන් කුඩු වෙලා, දිව එලියට එල්ලෙන සොල්දාදුවෙක්ට ගහපු සේලයින් බෝතලය අපි ඒ සෙබලව ඔපරේෂන් තියටර් එකට ගන්නකං අල්ලගෙන හිටපු ලුතිනන්වරයෙක් මම දැක්කා.........ඔහු චොපර් එකේ ඉදන් ම මේක අල්ලගෙන ඇවිත් තියෙන්නේ.......අඩුම තරමේ පැය 3ක් හෝ හතරක්.......
    මේ මිනිස්සු වගේ මිනිසුන් අපන් ජාතියක අපදින්නට ලැබීමත් ආඩම්බරයක්........!!!!!!
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    That our soldiers............That's THEM.
    NO COMPARES.

    ෂෙල් කෑල්ලකට අහුවෙලා හක්ක ඉදිරිපස සම්පූර්ණයෙන් කුඩු වෙලා, දිව එලියට එල්ලෙන සොල්දාදුවෙක්ට ගහපු සේලයින් බෝතලය අපි ඒ සෙබලව ඔපරේෂන් තියටර් එකට ගන්නකං අල්ලගෙන හිටපු ලුතිනන්වරයෙක් මම දැක්කා.........ඔහු චොපර් එකේ ඉදන් ම මේක අල්ලගෙන ඇවිත් තියෙන්නේ.......අඩුම තරමේ පැය 3ක් හෝ හතරක්.......
    මේ මිනිස්සු වගේ මිනිසුන් අපන් ජාතියක අපදින්නට ලැබීමත් ආඩම්බරයක්........!!!!!!

    :yes::yes: