යක්ෂයාගේ පාලම 🚶🏃👺💀💀💀💀😈😻 (DEVIL'S BRIDGE)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    යක්ෂයාගේ පාලම 🚶🏃👺💀💀💀💀😈😻 (DEVIL'S BRIDGE) - Your Choice Way
    අද්භූත දසුන් මවන ජර්මනියේ යක්ෂයාගේ පාලම

    ජර්මනියේ Brandenburg පළාතේ Kromlauer උද්‍යානයේ දක්නට ලැබෙන මෙම ආශ්චර්යමත් පාලම නම් කර ඇත්තේ "යක්ෂයාගේ පාලම " ( devil's bridge ) නමින්.

    තුනී ගල් යොදාගනිමින් 1860 වර්ෂයේදී ගොඩනගා ඇති මෙම ආරුක්කු පාලමේ ප්‍රතිබිම්බය, පැහැපත් ජලය මත පතිත වූ විට සම්පුරණ කවයක් නිර්මාණය වීමෙන් මැවෙන්නේ අදහාගත නොහැකි අපුරු දර්ශනයකි.එම නිසාම මෙම ප්‍රදේශය ජායාරූප ශිල්පීන්ගේ රජදහනකි.

    මෙම අද්විතීය නිර්මාණය "යක්ෂයාගේ පාලම " ලෙස නම් කිරීම පිටුපස බොහෝ ජනප්‍රවාද සහ මිථ්‍යා කථා පවතියි.එක් කතාවකින් කියවෙන්නේ මෙම පාලම නිර්මාණය කරමින් සිටි ගෘහ නිර්මාණ ශිල්පියා අසාර්ථක වූ කල ඒ සදහා ඔහු යක්ෂයෙකුගෙන් උදව් ලබාගෙන තිබේ.


    යක්ෂයා මෙම පාලම නිර්මාණයට ඔහුට උදව් කර ඇත්තේ එක කොන්දේසියක් උඩය.එනම් මෙම පාලම අවසන් කිරීමෙන් පසු එය මතින් ගමන් ගන්නා පළමු ප්‍රාණියාගේ ආත්මය ඔහුට අවශ්‍ය බව කියමිනි.එයට එකග වූ ගෘහ නිර්මාණ ශිල්පියා යක්ෂයාගේ උදව්වෙන් මෙම පාලම ඉදිකරගෙන ඇත.

    පසුව යක්ෂයා රැවටීමට අදහස් කල ගෘහ නිර්මාණ ශිල්පියා ප්‍රථමයෙන් පාලම මතින් මිනිසෙකු ගමන් කිරීම වෙනුවට සුනඛයෙකු එතෙර කරවා තිබේ.මෙයින් කිපුණු යක්ෂයා ගගට පැන අතුරුදහන් වී ඇත.

    තවත් සිත්ඇදගන්නා සුළු මිථ්‍යාවකින් කියවෙන්නේ පුර්ණ චන්ද්‍රයා ඇති රැයක මෙම පාලම යටින් බෝටුට්වක නැගී ගමන් කරන්නේ නම් තමා සතු අභිරහස් හැකියාවන් (mystic abilities) කවරේද යන්න සොයාගත හැකි බවයි.

    නමුත් ඒලෙස ගමන් ගන්නා විට කිසිවිටකත් ගගේ ජලය ස්පර්ශ කිරීම හෝ ජලය මත මැවෙන ඔහුගේ ප්‍රතිබිම්බය දෙස නොබැලිය යුතු බවත් සදහන්.තවත් සමහරුන් විශ්වාස කරන්නේ මෙම පාලම වෙනත් ලෝකයකට පිවිසෙන දොරටුවක් බවයි.

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Good Post machoo..... :yes: :yes: :yes:
    බොහොම ස්තුතියි... මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න