උදේ 8:00 පිටත් වුනේ
ගෙදර ආවෙ හවස 4:00 ට
20000 ක් විතර වියදම් වුණා
තව ටිකකින් බිල් වල පොටෝ දාන්නං
මහන්සියි
වෙනද කරගන්න තැන වහල
මං යනකොට උදෙන්ම ආපු මිනිස්සු බැන බැන ඉන්නව. මං වැස්ස නිසා පැය බාගයක් විතර පරක්කු වෙලා ගියෙ
බලං ඉදල ඉදල අන්තිමට එතන හිටපු මිනිස්සු ටික යන්න ගියා
තව සර්විස් කරන තැනක් අහගෙන අපි දෙතුන් දෙනෙක් ඒ ළගම තිබුණ තැනකට ගියා
එතනත් හැබැයි පට්ට
බයික් එක හැදුව සුපිරියටම
අලුත් බයික් එකක් වගේ පිකප් වෙනව
දාපු කෑලිවල බිල් දාන්නං
ඒකටත් ඉතිං අර ජිජිටල් කැමරාව අටව ගන්න එපැයි, ඇල්කලයින් බැටරි එහෙම දාල
ඒක නෙමෙයි කලින් සර්විස් කරපු තැනට ආපු කස්ටමර් කෙනෙක් මෙතනටත් ආවනෙ බං අදත්
එතනදි මූව දැක්කෙ මේ අවුරුද්දෙ පෙබරවාරිවල වගේ...
ඒ මිනිහ උස මහත තඩි එකෙක් අඩි 6 ක් නං උස නෑ
අත් එහෙම හෙන ලොකුයි
මාර විදියට කතා කරන්නෙ
මගේ වැඩේ කෙරුවද කියල
මට බය හිතුන මූ දැං කනට එකක් ගහයි දැං කනට එකක් ගහයි කියල 
වෙනදට කස්ටර්මර්ලට පොයිය දාන කොල්ලො ටිකටයි මැනේජර්ටයි චූ ගිහින ඒ මිනිහ කතා කරන විදියට
හරියට නිකං මානසික රෝගියෙක් වගෙයි. හෙන නපුරු මූණක්
ඒ වුණාට කියන දේ හරියට තේරෙන හොද මොලක් තියෙන සාමාන්‍ය මනුස්සයෙක්