යන්න ඇරලා හිටපං.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යන්න ඇරලා හිටපං.....

    දවස දවස ගෙවිලා....
    සතිය සතිය ගෙවිලා...
    අවුරුද්දක් පැනලා...
    පොඩි පාටියතුත් දමලා......

    අතරමගදි වැටුනූ....
    නතර නොවන කදුළු....
    සතුට නිසා සොදුරු....
    අහකට දමනවලු.......

    නිතර දකින කුකුලා....
    කරමලයද කපලා....
    හතර අතට දුවලා...
    මං පාරට නාකි වෙලා.....

    සෙන්ට් කඩේ වැනසෙයි...
    මාත් බංකොලොත් වෙයි...
    ගහන ටිකට සුවදයි..
    ඒ බෝතල් හරි නරකයි....

    මටම කියා දුන්නූ...
    ආදරෙ හරි මියුරූ...
    රූපෙ වගේ නොවෙලූ...
    තේරුනෙ පසුවටලූ...

    අඩිය අඩිය තියලා...
    ගත්තා වචනෙ දමලා...
    දාගත් දා ඉදලා...
    නින්දක් නෑ ලැබිලා..

    ඉල්ලන දේ දීලා...
    පෙන්වන දේ බලලා...
    බෙල්ලත් ඇද කරලා...
    මං.. සන්තකේට හිදිලා...

    යන්න හදන්නේ දැං...
    හිතපුවා ඔක්කොම සුං...
    (මගෙන්)ගන්න දෙයක් නෑ දැං..
    අනේ යන්නම ගියදෙං බං...

    මෙච්චර ලව් කරලා...
    පාටි ඩබල් දමලා....
    සේසත යට කරලා...
    (අන්න) කෙල්ල යනවා පැනලා....


    බූට් සින්දු කියලා....
    බෝතල් හිස් කරලා....
    අත පය ලේ හලලා...
    පිස්සුද දිවි පුදලා.......

    අනේ..... ගියදෙං බං...
    මොකට හොයනවද මං...
    එයාට එහෙ හොද නං...
    යන්න ඇරලා හිටපං.....


    78698-425x282-RevengeCheatingGirlfriend.jpg

     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    මේ අහපං දිනුෂේ..
    ඇයි ද දුක් මෙලෙසේ..
    ඉන්නේ එකද බං මුහුදේ..
    මාලුවෝ බං මෙසේ...
    ...