යන්න එපා කියනවනම් යන්න එපා යකුනේ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    සංචරණ සීමා දාන්නේ මිනිස්සු කියන විදිහට ඉන්නේ නැති නිසා.

    මිනිස්සු හරියට ඉන්නවනම් කොරෝන ඉවරයි.

    යන්න එපා කියද්දී කොහෙන් හරි ලියුමක් හොරට ගහල හරි පනිනවා

    එක්කෝ කොම්පැනියේ ලොක්කට කියල කොහම හරි ලියුමක් ඉල්ලනවා

    අහුවුණාම දන්නා පොලිස් කාරයෙක් අල්ලාගෙන එතනිනුත් පනිනවා

    නහයට මාස්ක් එක දාන්න කිවුවම කටට දාගෙන ඉන්නවා

    පිස්සු යක්කු ඉන්නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මම දකින්නේ මේක රජයවල් වල වැරද්දක් නෙවේ..

    නීතිය කඩන එක හෝ නීතියේ හිල් වලින් රිංගල යන එක මිනිස්සු ලොකු වීරකමක් කියල හිතනවා අපේ රටේ..
    බොරු prescriptions තියාගෙන බෙහෙත් ගන්න යන එකේ ඉදලා ඉස්පිරිතාලෙක/ දන්සැලක පෝලිම පනින එක.. ඒවගේම කහඉරක් තියෙද්දි වෙන තැනකින් පාර පනින සිද්ධි හැම එකකටම මේක අදලායි

    සමහරවිට දූපත් මානසිකත්වය වෙන්න ඇති. මිනිස්සුන්ගේ ආකල්ප වලයි වැරද්ද තියෙන්නෙ..
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම දකින්නේ මේක රජයවල් වල වැරද්දක් නෙවේ..

    නීතිය කඩන එක හෝ නීතියේ හිල් වලින් රිංගල යන එක මිනිස්සු ලොකු වීරකමක් කියල හිතනවා අපේ රටේ..
    බොරු prescriptions තියාගෙන බෙහෙත් ගන්න යන එකේ ඉදලා ඉස්පිරිතාලෙක/ දන්සැලක පෝලිම පනින එක.. ඒවගේම කහඉරක් තියෙද්දි වෙන තැනකින් පාර පනින සිද්ධි හැම එකකටම මේක අදලායි

    සමහරවිට දූපත් මානසිකත්වය වෙන්න ඇති. මිනිස්සුන්ගේ ආකල්ප වලයි වැරද්ද තියෙන්නෙ..
    අපි ඉන්දියාවේ උන්ට බැන බැන හිටියා උන් සක්කිලි හින්දා මේක spread වෙනවා කියලා. බැලින්නම් දැන් අපිත් උනුත් එක වල්ලෙ පොල්.. 😂
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,575
    113
    Colombo, Sri Lanka
    අපේ මිනිස්සු අනිත් පාර්ශවේ විතරක් වැරැද්ද හොයනවා. හැබැයි තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරන්නේ නෑ . මේ ඔක්කොගෙම ප්‍රතිපල තමයි අපි දැන් බුක්ති විදින්නේ. මෙච්චර වෙලත් තාමත් මම දකිනවා mask එක නිකටේ දාගෙන අපේ පැත්තේ පාරේ යන උන්. මොන එහෙකට යනවද හිත ගන්න බෑ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    BUMPER

    ape ewungeth kisima winayak nane ekane awla
    උබලගෙ තමා විනයක් නැත්තෙ

    අපේ මිනිස්සු අනිත් පාර්ශවේ විතරක් වැරැද්ද හොයනවා. හැබැයි තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරන්නේ නෑ . මේ ඔක්කොගෙම ප්‍රතිපල තමයි අපි දැන් බුක්ති විදින්නේ. මෙච්චර වෙලත් තාමත් මම දකිනවා mask එක නිකටේ දාගෙන අපේ පැත්තේ පාරේ යන උන්. මොන එහෙකට යනවද හිත ගන්න බෑ
    හපෝ, කොහෙද ඉන්නෙ, මුඩුක්කු පැත්තකද,
    මෙහෙ නන් එහෙම නෑ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,813
    26,165
    113
    අපේ මිනිස්සු අනිත් පාර්ශවේ විතරක් වැරැද්ද හොයනවා. හැබැයි තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරන්නේ නෑ . මේ ඔක්කොගෙම ප්‍රතිපල තමයි අපි දැන් බුක්ති විදින්නේ. මෙච්චර වෙලත් තාමත් මම දකිනවා mask එක නිකටේ දාගෙන අපේ පැත්තේ පාරේ යන උන්. මොන එහෙකට යනවද හිත ගන්න බෑ
    මෙහෙ සමහරුන්ට නිකටේ වත් මාස්ක් එක නෑ, ස්කූටර් වල ගම වටේ රවුම් ගහනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ එකම තැනක නෙමෙයි. දැන් සංචරණ සීමා දැම්මා කියලා ලොකු ලොක්කන්ගේ වැඩ නවත්තලා තියෙනවද? නෑනෙ. ඒවා ටී වී එකේ මිනිස්සු දකිනවා. එතකොට අපිට බැරිද මානසිකත්වය එනවා.

    අනික මේක මේ තනි බොරුවක්නෙ යන්නෙ. වැඩ කරන්න යන්න පුලුවන් කිව්වාම ඉතින් ඔය යන හැම එකාම මොනිටර් කලෑකිද? හැම තැනම වැඩ පොළවල් වලට මිනිස්සුන්ව ගෙවනන්වා ආණ්ඩුවෙන් අවුලක් නෑ කියලා.

    එක්කෝ සතියකට හරි වහන්න ඕනෙ එකෙක්වත් එළියට බහින්න එපා කම්පැනිවත් වැඩ කරන්න බෑ කියලා. කලින්ම 2020 මාර්තුවල මුලින් කළා වගේ. නැත්නම් බොරුවට ඇදි ඇදි යනවා විතරයි.

    එක්කෝ හරියට කරන්න ඕනෙ නැත්නම් නොකර ඉන්න ඔනෙ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මේ රටේ ඉන්න සක්කිලි බල්ලෝ හදන්න බෑ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    රජය තමන් පාළනය කරන රටේ මිනිස්සු හැසිරෙන ආකාරය පිළිබඳ වත් දැනුවත් වෙලා නියපොත්තේ කඩන්න තිබුණ දේ පොරවෙන් කපන තැනට එන්න කලින් action ගන්න තිබුණා.

    එහෙම නොකර මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ.
    ආයේ පොරොවෙං කපන්න තියන එක ඩෝසර් කරන ගාණට ගෙනල්ලා ආයෙත් මිනිස්සුන්ට බැන බැන ඉන්න ගනී
     
    • Like
    Reactions: ThisaraMalintha