මමත් වැඩ කරපු ලංකාවේ ප්රසිද්ධ ආයතනයක ඔහොම දෙයක් උනා, හැබැයි උන් මට යන්න කිව්වේ නම් නැහැ , අලුත් වැඩපිළිවෙලක් නිසා මගේ පඩියට යම් අසාධාරණයක් උනා වගේ තේරුනා. මගේ division එකේ මාත් එක්ක 3න් දෙනයි හිටියේ, ඒ ගැන කතා කරන්න කව්රුවත් හිටියේ නැහැ මොකද හිටපු ලොක්කවත් වෙන තැනකට මාරු කරපු නිසා.
මගේ වෙලාවට වෙන කොම්පැනි එකක තිබ්බට වඩා ඩබල් පඩියකට ජොබ් එකක් සෙට් උනා. resignation දුන්නම Email අයින් කරනවනේ. හැබැයි 1month notice දුන්නා ලාස්ට් working එකත් එක්කම, අන්තිම දවසේ ගැහුවා Email එකක් All staff දාලා උන සිද්දිය පැහැදිලව ලියල. ඔන්න එකෙන් වැඩේ පත්තු උනා උඩ ඉදන් පල්ලෙහාටම. කතා කළා මට ජොබ් එකෙන් අයින් වෙන්න එපා වෙන department එකක් දෙන්නම් කියලා. ඒ අතර තුරේ මාත් එක්ක හිටපු අනිත් දෙන්නත් අයින් වෙයි කියලා අපි කරපු වැඩේම වෙන department එකකට මාරු කරා. මම ඒක දාලා ආවා.
CO ඉදන් ය අවුල් ගිහිල්ලා තියෙනවා උන දේ සම්බන්දව, උන්ගේ ඉතිහාසේ එහෙම දෙයක් කරපු පලවෙනි එකා මම. හැබැයි එකෙන් අනිත් එවුන්ට හොදක් උනා.
උබලගේ ඔය IT සම්බන්ද ආයතන වල සහ ජොබ් වල ඔය වගේ ප්රශ්න කාලෙන් කාලේට එනවා එත් උබලට පැහැදිලි විසදුමක් නැහැ. හොදම දේ තමා සංගමයක් හදාගනිල්ලා කට්ටිය එකතු කරගෙන, එතකොට උබලම නිර්ණායක හදපල්ලා මේ ජොබ් එකට අවම මේ පඩිය එන්න ඕනේ කියලා, හුගක් ප්රශ්න විසදෙන්න පුළුවන්, උබලගේ තියෙන industry එකේ තත්වේ නිසා තනියම නම් ඕව විසදගන්න වෙන්නේ නැහැ. එහෙම කරත් ස්ථිර විසදුමක් වෙන්නේ නැහැ