යශෝරාවය බැලුවෝ...

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    යශෝරාවය බැලුවෝ...

    යශෝරාවය, ලංකාවේ නවකථාවක් මූලික කරගෙන තැනුන ප්‍රථම ටෙලි නාට්‍ය..

    ඒ කාලේ තිබ්බ තාක්ශණය කොහොම උනත්. තිර රචනය, දෙබස් සහ නළු නිලියන්ගේ රඟපෑම් ගැන නම් කියලා වැඩක් නෑ. එක හුස්මට බලන් ඉන්න පුළුවන් කථාවක්.

    ඒ ටෙලියෙ සිද්ධීන් ගොඩක් පෙන්නුම් කරනවා. ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක් වෙලා නෑ කියල හිතෙනවා.

    ඉතාම කෙටි කලකින් සිදුවන ආර්ථික විපර්යාස, පොශ් වෙන්න දඟලන දැඟලිල්ල. ඉගෙනගෙන රටට සේවයක් කරන්න හිතන් ඉන්න කෙනෙක්ට තියෙන තැන.

    මට ඒකේ ගොඩක්ම දුක හිතුන සිද්ධි වලින් එකක් තමා, පොඩ්ඩා ඩිග්‍රි එක සම්පූර්ණ කරලා ඇවිත්, සිකුරිටි ජොබක් කරනවා. ඌ අයියා එක්ක කියනවා. ඉන්ටර්විව් වලදි අහන ප්‍රශ්ණ, කඳුවල උස, දිය ඇලිවල දිග.

    ඒ කාලේ තිබ්බ ප්‍රශ්නම නේද අදටත් තියෙන්නේ කියලා හිතෙනවා. මේක බලපු අනිත් අයගේ අදහස් මොනවද.. ටෙලිය ගැන මොනවද කියන්න තියෙන්නේ, මේ වගේ තව හොඳ ටෙලි මොනවද

    එන්න මේ ත්‍රෙඩ් එකට, අදහස් ශෙයා කරගමු.
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අද රෑ ඩවුන් කරන්න දාන්න ඕන , යූ ටියුබ් තියෙනවා නේද?