යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය

sidathsaumya

Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය

    කාලා වරෙල්ලා,විදේශ ණය ගැන රාජපක්ෂලාට මඩ ගහන එවුන්ට උත්තර මෙන්න


    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය

    ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සියළු ආගම්වල පූජකතුමනි, මන්ත්‍රීවරුනි, මිත්‍රවරුනි,
    වැට්බද්ද වැඩි කරන්න, ආදායම් බදු වැඩි කරන්න හා ප්‍රාග්ධන බද්දක් හඳුන්වා දෙන්න සිදු වුණු කාරණා විස්තර කරමින් අගමැතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට කළ විශේෂ ප්‍රකාශයේ දී එතුමා කිවුවා මගේ ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න මේ බදු පනවන්න වුණා කියලා. මේක තමයි ඒගොල්ලො සමාජගත කරන්න හදන මතය. මේකට දැන් ‘රාජපක්‍ෂ බද්ද’ කියලා නමකුත් දාලා. මේ රට කවදාකවත් අත්දැකපු නැති ආකාරයේ ආර්ථිකඅර්බුදයකට අදඅපිමුහුණ දීලා තියෙනවා. මේ වගේ තත්වයක් ඇති වුණේ කොහොමද කියලා කරුණු කාරණා සහිතව හොයලා බලන්නඕන.

    මේ ආණ්ඩුව බලයට ආවාට පස්සේ මාර්තු මාසේමූල්‍ය ඒකක හුවමාරු පදනම යටතේ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ලබා ගත්තා. ඊට පසසේ මැයි මාසයේදී බැඳුම්කර නිකුතුවකින් ඩොලර් මිලියන 650ක් ගත්තා. ජූලි මාසයේ දී ආයෙත් පාරක් ඉන්දියාවෙන් මූල්‍ය ඒකක හුවමාරු පදනම යටතේ ඩොලර් මිලියන 1,100ක් ගත්තා. ඔක්තෝබර් මාසයේ දී බැඳුම්කර නිකුත් කරලා තවත් ඩොලර් මිලියන 1,500ක් ගත්තා.ඒ විතරක් නෙවෙයි, 2015 මාර්තු හා 2016 මාර්තු මාසය අතර අවස්ථා 12ක දී කෙටි හා මධ්‍ය කාලීන ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුත් කරලා ඩොලර් මිලියන 2,711 කට වැඩි අතිවිශාල මුදලක් ඇඟට නොදැනීම මේ ගොල්ලෝ අරගෙන තියෙනවා. එක අවුරුද්දක් ඇතුළත ඩොලර් මිලියන 6,361කට වැඩි ණයක්. මේ වගේ විදේශ ණය ගැනිල්ලක් අපි කවදාවත් දැකලා නෑ.

    මේ මුදල කොච්චරද කියලා කියනවනම් මත්තල ගුවන්තොටුපල හදන්න ගත්තෙ ඩොලර් මිලියන 190යි. හම්බන්තොට වරායට ගත්තෙ ඩොලර් මිලියන 426 යි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ඩොලර් මිලියන 1,340යි. කොළඹ – මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630යි. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 248යි. යහපාලන ආණ්ඩුව එක අවුරුද්දක් තුළ ගත්ත ණය වලින් මේ කියපු සේරම ව්‍යාපෘති හදලාත්එකකට ඩොලර් මිලියන 1,400 බැගින් වරාය නගර එකක් නොව දෙකක්ම හදලා, සාම්පූර්වල හදන්න ඉන්න මෙගාවොට් 500ක ගල්අඟුරු බලාගාරයත් හදලා අන්තිමට ඉතුරුවෙන ටිකෙන් තව මත්තල ගුවන් තොටුපලකුත් හදන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුව ගත්ත ඩොලර් මිලියන 6,361 න් ඒ ගොල්ලො එක බෝක්කුවක් වත් හදලා නෑ.
    මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ලෝක තෙල් මිල 70% – 75% කින් විතර පහළ ගියා. මේ නිසා අපට ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 2,500ක විතර ඉතිරියක් ලැබුණා. මේ වගේ ඉතිරියක් තිබිලත් ආණ්ඩුවට බැරි වුණා ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ පාඩුවවත් පියවන්න. ඒ ගොල්ලො ණය ගත්ත ඒවයි ඉතිරිකර ගත්ත ඒවයි ඔක්කොම පරිභෝජනයට වියදම් කලා.


    ජාත්‍යන්තර මුදල් වෙළඳපොලේ අය මේවා බලාගෙන ඉන්නේ. ආණ්ඩුව මේ ආකරයට මූල්‍යමය වගකීම් විරහිතභාවය ලෝකයටම ප්‍රදර්ශනය කරපු හින්ද තමයි ෆිච් රේටින් ආයතනය හා ස්ටෑන්ඩට් ඇන්ඩ් පුවර් ආයතනය මීට ටික දවසකට කලින් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමුවේ.
    ලංකාව සම්බන්ධයෙන් මේ වගේ තීන්දුවක් ගත්තේ ඇයි කියලා ෆිච් රේටින් ආයතනය හේතු දක්වමින් කියපු එක කාරණයක් තමයි 2016 අවුරුද්ද ඇතුළත ලංකාවේ ණය වලින් ඩොලර් මිලියන 4,000ක් ආපසු ගෙවන්න වෙලා තියෙන නිසා මේක ලංකාවේ විදෙස් සංචිත වලට බරපතල පහරක් වන බවයි. මේ අවුරුද්ද ඇතුළත ගෙවන්න තියෙනවයි කියන ඩොලර් මිලියන 4,000න් 2,497 ක්ම -ඒ කියන්නෙ 62% ක් – වත්මන් ආණ්ඩුව ගිය අවුරුද්දෙ ගත්ත ණය. මේ ආණ්ඩුව 2015 ජුලි මාසයේදී අත්සන් කරලා මාස හයකට සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 1,100 මේ අවුරුද්දේ ගෙවන්න වුණා. ඒවගේම මේ ගොල්ලො බලයට ආවට පස්සෙ ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර වලින් ලබා ගත්තු ණය වලින් ඩොලර් මිලියන 1,397 ක් මේ අවුරුද්දෙ අපහු ගෙවන්න ඕන.

    මේ ආණ්ඩුව ගත්ත ණය ඇරුණාම ඊට කලින් පැවති හැම ආණ්ඩුවකම ණය වලින්මේ අවුරුද්දෙ ගෙවෙන්න තියෙන්නේ ඩොලර් මිලියන 1,500ක් වගේ ගාණක්. ඒ වගේ ණය ගෙවීමක් තිබුණයි කියලා ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළ දමන්නෙ නැහැ.මේ ආණ්ඩුවෙ අවිධිමත් හා ඉවක් බවක් නැති ණය ගැනීම නිසා තමයි දැන් තිබෙන අර්බුදය ඇතිවෙලා තියෙන්නෙ.

    ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දාලා තියෙන නිසා ජාත්‍යන්තර වෙළඳ පොළෙන් ණය ගන්න වෙන්නෙ ගිණි පොළියට. සමහරවිට ගිණිපොළියටවත් ණය ලැබෙන්නෙ නැහැ. ඉතින් ආණ්ඩුවට දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිහාට හැරෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් පුණ්‍යආයතනයක් නොවේ. ලබාගන්න මුදල් ආපසු ගෙවන්න පුළුවන් කියලා පෙන්වන්න රජයේ ආදායම් වැඩිකර ගන්න ඕන කියලා ඒ ගොල්ලො කොන්දේසි දානවා. ආණ්ඩුවෙන් බදු වැඩි කරන්නෙ ජාත්‍යන්තර අරමුදලෙන් ණය ලබා ගන්න හා ගත්තු ණය ආපසු ගෙවන්න. ඒකයි මෙතන සිද්ද වෙන්නෙ.ගිය සුමානේ මේ ආණ්ඩුවට ඉන්දියාවෙන් ගත්ත අර ඩොලර් මිලියන 1,100 ගෙවන්න සිද්ධ වුණා. ඒකෙන් අපේ විදේශ සංචිත තවත් අඩුවුණා.

    මේ මාසයේ ආණ්ඩුව මාස තුනේ, පහේ කෙටිකාලීන ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුත් කරලා මුදල් ලබාගත්තා. සාමාන්‍යයෙන් සංවර්ධන බැදුම්කර නිකුත් කරන්නේ දිගුකාලීන ණය ලබාගන්න. නමුත් මේ ආණ්ඩුව ඒවායින් කෙටිකාලීන ණයත් ලබාගන්නවා. ඒ වගේම රටක් ණය ගන්නකොට, ආපසු ගෙවීම් කෙටි කාල පරාසයක් තුළ ගොඩගැහෙන්නේ නැති ආකාරයට තමයි ණය ගන්නෙ. නමුත් මේ ආණ්ඩුව ඒ මූලික සිද්ධාන්තයත් ගණන් ගන්නේ නැතුව තමයි ණය ගන්නේ.

    2001 – 2004 අතර රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලා ඉන්න කොට ඒ කාලපරිච්ඡේදය පුරාම දළදේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂව ණය බර තිබුණේ 102% කට වැඩියෙන්. මගේ ආණ්ඩුවෙන් අවුරුද්දක් පාසා මේ ණය ප්‍රතිශතය අඩුකරලා 2014 අන්තිම වෙනකොට 75.5 %ක් දක්වා පහළ දැමුවා. මේක තමයි 1979 පස්සෙ තිබුණ අඩුම ණය ප්‍රතිශතය. 2006 – 2009 යුද්ධය පැවතුණ කාලයේ ආණ්ඩුවේ වියදම් දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට තිබුණේ 23%ට විතර. නමුත් යුද්ධයෙන් පසු අපි ආණ්ඩුවේ වියදම අවුරුද්දෙන් අවුරුද්ද අඩුකරලා 2014 වන විට ඒක 18.3 %ක් දක්වාම අඩුකලා. අපි නිදහස ලැබූ දා සිටම දළදේශීය නිෂ්පාදිතයට සාපේක්‍ෂව ආණ්ඩුවේ වියදම් පැවති අඩුම ප්‍රතිශතය තමයි ඒක.

    මේ ආකාරයට දැඩි මූල්‍යමය විනයක් ප්‍රදර්ශනය කරපු නිසා 2009 ලෝක ආර්ථික පසුබෑම හමුවේ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ආණ්ඩුවට දාන ආකාරයේ දැඩිකොන්දේසි මොනවත් නැතුව ඩොලර් මිලියන 2,600ක ණය පහසුකමක් අපට දුන්නා. මගේ ආණ්ඩුව ලොකු ව්‍යාපෘතිවලට ගත්තෙ 2%ට නැති නම් ඊටත් අඩු සහනදායි පොළියට දීර්ඝ කාලීන ණය. මේවායේ ණය ගෙවලා ඉවර වෙන්න ඉස්සෙල්ලා හදන්න ගිය ගාන හම්බකරන්න පුළුවන්. නොරොච්චෝලේ වගේ ව්‍යාපාර හදන්න ගියපු ගාන දැනටමත් පියවලා ඇති. ඒ වගේම අපි පරිභෝජණයට ණය ගත්තේ නැහැ. ඒ හින්ද තමයි අපේ කාලයේ අයවැය යෝජනා සංශෝධන, හදිසි බදු වැඩි කිරීම් වගේ මුල්‍යමය විගඩම් දකින්න නොතිබුණේ.

    මගේ ආණ්ඩුව කාලේ සැඟවුණු ණය තිබුණයි කියලා අගමැතිවරයා කියපු කතාව සම්පූර්ණ බොරුවක්. සියළුම රාජ්‍ය ව්‍යාපාර වලට බැංකු සමඟ වෙනම ගණුදෙනු තියෙනවා. එවායේ ණය ගණුදෙනු පාලනය වෙන්නේ ඒ ආයතනවලට අදාල අණපනත් වලට අනුව කැබිනට් අනුමැතියක් ඇතුව. ඒ ව්‍යාපාර ගන්න ණය වලට මහා භාණ්ඩාගාරය ඇප වුණොත් ඒක පාර්ලිමේන්තුවට දන්වන්න ඕන.

    ගිය සතියේ පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයේ දී වත්මන් ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් වැඩිකරපු බවත් ඉන්ධන, ගෑස්, සීනි, ටින් මාළු වැනි භාණ්ඩ ගණනාවක මිල අඩු කළ බවත් අගමතිවරයා කිවුවා. පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය දිනා ගැනීමට දීපු වගකීම් විරහිත පොරොන්දු ඉටුකරපු බව තමයි එතුමා කියන්න හැදුවේ. නමුත් අද පැණනැගිලා තියෙන තත්වයෙන් පේන්නේ බදු ගෙවන්නාව ඇපේට තියලා ඡන්ද දිනාගන්න හදපු එකේ රඟේ තමයි. මේ ගොල්ලො ඡන්දේ දිනන්න පොරොන්දු දෙනවා. ඒවායේ බරපැන දරන්න වෙන්නෙ බදු ගෙවන ජනතාවට.
    මේ ණය හා බදු අර්බුදය එන්න ඉස්සෙල්ලා ඉදන්ම ආර්ථිකය තිබුණේ අමාරු අඩියක. 2015 ජනවාරි 08 න් පස්සෙ සියළු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 1,500කින් පමණ අඩුවෙලා කොටස් වෙළඳ පොලේ ප්‍රාග්ධන වටිනාකමෙන් රුපියල් මිලියන 600,000 පමණ අඩුවෙලා තියෙනවා. මේ කාලය ඇතුළත ලංකාවේ රුපියල් බැදුම්කරවල විදෙස් ආයෝජන අඩකින් පමණ අඩුවෙලා තියෙනවා. මම බලයේ හිටපු කාලේ ආයෝජන අලුත් කරමින් දිගටම හිටපු ආයෝජකයෝ අලුත් ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසා දැන් සල්ලි ආපහු ගන්නවා. අලුත් ආන්ඩුව බලය ගත්තට පස්සෙ රුපියල 10% කින් අවප්‍රමාණය වෙලා තියෙනවා. 2014 අන්තිමට ඩොලර් මිලියන 8,200 ක්ව තිබුණු විදෙස් සංචිත දැන් 5,000 ටත් වඩා අඩුවෙලා

    මේ ආණ්ඩුවේ ආර්ථික අවපාලනය නිසා ඉදිරිකාලයේ දී තවත් බදු වැඩිකිරීම්, සුභසාධනය හා සහන කප්පාදු, ජලය, විදුලිය, විදුලි සංදේශ හා ගමනා ගමන ගාස්තු වැඩි කිරීම් හා විරැකියාව තවත් වර්ධනය වීම අපිට බලාපොරොත්තු වෙන්න සිදු වෙනවා. මේවායින් ජනතාවට ඇතිවෙන දුෂ්කරතාවලට මේ ආණ්ඩුව වගකියන්න වෙනවා.

    මහින්ද රාජපක්‍ෂ (පා.ම)
    හිටපු ජනාධිපති

    (හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2016 මාර්තු 14 වෙනිදා බත්තරමුල්ල කාර්යාලයේ දී “යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය” ගැන පැවැත්වූ දේශනයේ පිටපත .)
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය... 03-14-2016 06:57 PM mahindata kiyala puke araganin ponsiyo ethakota duka thuni wei

    අැත්ත තිත්තයි නේද මචං..
     
    • Like
    Reactions: prabaths

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    කෝ බන් UNP ආර්ථික ඔස්තාර්ලා ටික අර rocot90 ද මොකද එකා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    reputation_neg.gif
    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය... 03-14-2016 07:04 PM puka dunnata kapuweනම දැම්මනම් මටත් ආපහු කපන්න තිබුනා...:(
     
    • Like
    Reactions: asylum

    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    යහපාලන ආර්ථික ඔස්තාර්ලගේ වැඩ වලින් වෙන්නේ අහිංසක මිනිස්සුන්ට යන එන මන් නැතිවෙන එක.:no::no:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කෝ බන් UNP ආර්ථික ඔස්තාර්ලා ටික අර rocot90 ද මොකද එකා

    rocut 90 kohida oya?

    රොකට්90 එන්න සුදෝ එන්න!!
    මට ඔය කියල තියෙන දෙයින්ම ඔකේ තියෙන දදේ බ්රේක් කරන්න පුළුවන් ,කවුද ණය උගුල හැදුවේ කියලා ,එකට මට ලැබෙන්නේ මොනාද ? ප්‍රශ්නෙට උතර ලැබෙනවද ? හංගපු ණය පෙන්නුවා කියල ඒවා ගෙවන්න සල්ලි එනවද
    ...කාටවත් චෝදනා කරලා බෝල පාස් කරලා ප්‍රශ්නෙන් පනින්න ලෙසි ,එත් එකෙන් දුක් විදින්න වෙන්නේ ජනතාවට
    දන්නා අය හොයන්න
    මිහින් එයා එකේ අලාබය
    ශ්‍රී ලන්කන් එකේ අලාබය
    සිපිසි ආලාබය
    මේ ටිකක් විතරයි
    අනික මේ ඔක්කොම සල්ලි රාජ්‍ය පරිබෝජනය යට වියදම් කළා නම් ඒ ප්‍රමනයෙන් දල ජාතික නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ ,එක හරි විහිලු සහගතයි
    එනිසා ,ආර්ථිකය ගැන ඒ විෂය ගැන අඩු ගානේ එලේවල් වලට කරපු කෙනෙක්ට කතා කරන්න අයිතියක් තිඉනවා
    අපේ රටේ දොස්තරලත් ආර්ථිකේ ගැන විශ්ලේෂණ කරනවා
    නළුවොත් කරනවා
    එක හරි විහිලු සාහගතයි
    මේ ප්‍රශ්නේ ගැන 2014 දී කියන්න කොන්දක් තිබ්බ ,,විෂය දැනුම පිළිබද හදාරන නිසා

    ඒ නිසා ආර්ථික විද්‍යාව ගැන ඉගෙන ගන්න ,එකෙන් මේ කරන රැවටීම් වලින් ඔබට මිදෙන්න පුලුවන්න් වෙයි


    ආර්ථික අරබුදයක් වෙන වෙලාවක මිනිසුන් හැසිරෙන්න ඕනේ විදිහ ගැන ලිපියක් ලියන්න අදහසක් තිනවා ,එක ඔබට වැදගත් වෙයි


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    මට ඔය කියල තියෙන දෙයින්ම ඔකේ තියෙන දදේ බ්රේක් කරන්න පුළුවන් ,කවුද ණය උගුල හැදුවේ කියලා ,එකට මට ලැබෙන්නේ මොනාද ? ප්‍රශ්නෙට උතර ලැබෙනවද ? හංගපු ණය පෙන්නුවා කියල ඒවා ගෙවන්න සල්ලි එනවද
    ...කාටවත් චෝදනා කරලා බෝල පාස් කරලා ප්‍රශ්නෙන් පනින්න ලෙසි ,එත් එකෙන් දුක් විදින්න වෙන්නේ ජනතාවට
    දන්නා අය හොයන්න
    මිහින් එයා එකේ අලාබය
    ශ්‍රී ලන්කන් එකේ අලාබය
    සිපිසි ආලාබය
    මේ ටිකක් විතරයි

    ඇයි බැඳුම්කර වංචාව ? :lol:


    අනික මේ ඔක්කොම සල්ලි රාජ්‍ය පරිබෝජනය යට වියදම් කළා නම් ඒ ප්‍රමනයෙන් දල ජාතික නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ ,එක හරි විහිලු සහගතයි

    දැන් එතකොට යහපාලන ආණ්ඩුව ගත්තු ණයවලින් දළජාතික නිෂ්පාදනේ කොච්චර වැඩි කරලද ?


    එනිසා ,ආර්ථිකය ගැන ඒ විෂය ගැන අඩු ගානේ එලේවල් වලට කරපු කෙනෙක්ට කතා කරන්න අයිතියක් තිඉනවා
    අපේ රටේ දොස්තරලත් ආර්ථිකේ ගැන විශ්ලේෂණ කරනවා
    නළුවොත් කරනවා

    දොස්තරලත් නළුවොත් ගොවියොත් පොල්ගස් නගින්නොත් කානු සුද්ද කරන්නොත් සන්නාලියත් ආදීන් සියල්ලටම ආර්ථිකේ ගැන කතා කරන්න අයිතියක් තියනවා, ආර්ථිකය ගැන විශේෂයෙන් ඉගෙන ගත්තවුන් කරන්න ඕන ඔවුන්ට මේවා පැහැදිලි කරන එක, පැහැදිලි කළා කියල ණය ගෙවන්න සල්ලි හම්බෙනවද කියල පැනල ගිහිං වැඩක් නෑ

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113



    ආර්ථික අරබුදයක් වෙන වෙලාවක මිනිසුන් හැසිරෙන්න ඕනේ විදිහ ගැන ලිපියක් ලියන්න අදහසක් තිනවා ,එක ඔබට වැදගත් වෙයි



    ඔව් ඔව්, මන්ත්‍රීන්ගේ වැටුප් වරප්‍රසාද වැඩි කිරීම, මන්ත්‍රීන්ට $30000 වටිනා වාහන බලපත්‍ර ලබාදීම, සුඛෝපභෝගී වාහන බදු අහෝසි කිරීම වගේ ඒවත් ඔය ලිපියට දාහන්, ආර්ථික අරබුදයක් වෙන වෙලාවක පාලකයන් විසින් කළ යුතු දේ කියලා
     
    Last edited: