යහපාලනය යනු රාජපක්ෂ පවුලට නෙලීමට භාවිතාවන මෙවලමක් නොවේ. එය හරියටම ක්‍රියාත්මක වෙනවානම් වී යුත්තේ මේ අලුත් ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන්ට ද නිත්‍ය ලෙස ක්‍රියාත්මක වීමයි.
චෝදනා වලට ලක්වූ මර්වින්, දුමින්ද ඇතුළු විශාල විශාල පිරිසක් තාම නිදල්ලේය. අඩුම තරමින් සුදර්මන් ද එසේය. එහම නැත්නම් විපක්ෂය එදා කියා ඇත්තේ බයිලය. එතනෝල්, කුඩු, අසනික්, සිගරට් සහ කැසිනෝ මාෆියාවේ කට්ටිය කෝ?
කව්රුහරි දෙන ඔත්තුවකට ඔහේ දුවන පොලිසිය අල්ලාගත් කිසිම දෙයක් මේ දක්වා නීති විරෝධී වී නැත.
වසන්ත බණ්ඩාර මහතා කිසිම පහරදීමකට සම්බන්ධ නොවී රාහුමාන්ලගෙන් ගුටිකා අත්තඩන්ගුවට පත්වෙද්දී පොලිසිය ඉදිරිපිටම දෙනෝදාහක් ඉස්සරහ පරාදේශීය සභා මන්ත්‍රිට නෙලන පාලිත මන්ත්‍රී යහතිනි.
යහපාලනයට කැමති මයිත්‍රිට ජන්දය දීපු අය පමණක් නොවේ. මහින්ද ට ජන්දය දුන් මහින්දගේ වැරදි දුටු බහුතරයක්ද රටේ යහපාලනයට එකඟය. එහෙත් මේ පෙනෙන්නේ යහපාලන බෝර්ඩ් එක දමා ගෙන යන එක පවුලක් පමණක් ඉලක්ක වන දේශපාලන පලිගැනීමක ස්වරූපයකි.