යළිත්_ජාතික අාණ්ඩුවක්
යළිත් වරක් ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට අදාළ සාකච්ඡා ආරම්භ කිරීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂය අතරයි.
යළිත් ජාතික ආණ්ඩුවක් බිහි වන්නේ නම් ඊට ජනාධිපතිවරයාගේ ද විරුද්ධත්වයක් ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.
හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ ඊයේ (24) පැවති උත්සවයේ දී ද එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා යළි ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මේ අතර යම් හෙයකින් ජාතික ආණ්ඩුවක් බිහි වුවහොත් ඊ. පී. ඞී. පී. නායක ඩග්ලස් දේවානන්දාට ද එහිදී අමාත්‍ය ධුරයක් ලබාදීමටයි අවධානය යොමුව ඇත්තේ. නෙත් නිවුස් කළ විමසීමක දී ඔහු කියා සිටියේ අමාත්‍ය ධුරයක් ලබා ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.
Neth news
යළිත් ජාතික ආණ්ඩුවක් ගැන සාකච්ඡා ඇරඹීමේ සූදානමක්