යානයෙන් පැන්න රුසියානු නියමුවාව වෙඩි තබා

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
යානයෙන් පැන්න රුසියානු නියමුවාව වෙඩි තබා

යානයෙන් පැන්න රුසියානු නියමුවාව වෙඩි තබා මරාදමයි
2015-11-25
===================================

තුර්කියේ හමුදාවන් විසින් වෙඩි තබා බිම හෙලන ලද රුසියානු ප‍්‍රහාරක යානයේ සිටි නියමුවන් දෙදෙනාගෙන් කෙනෙකු මියගොස් ඇතැයි විදසේ වාර්තා පවසනවා.

ප‍්‍රහාරයට ලක් වූ යානය පුපුරා යාමට පෙර නියමුවන් දෙදෙනා එයින් ඉවතට පැන ඇති බවට පැවසෙන වීඩියෝවක්ද අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඔවුන් පැරෂුට් ආධාරයෙන් ගොඩබාමින් සිටියදී භූමියේ සිටින පිරිස් ඔවුන්ට වෙඩි තබා තිබෙනවා. අදාළ වීඩියෝවේ ද නියමුවන් වෙත වෙඩි තබන හඬ පවා පැහැදිළිව ඇසෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එක් නියමුවෙකු මියගොස් ඇත්තේ මෙම වෙඩි තැබීම්වලින්. දෙවන නියමුවාට කුමක් සිදුවූයේදැයි තවමත් අපැහැදැලිි බව සී එන් එන් ප‍්‍රවෘත්ති සේවය පැවසුවා.

ප‍්‍රහාරයට ලක්වූ යානයේ නියමුවන් බේරා ගැනීමට ගිය රුසියානු හෙලිකොප්ටරයකටද තුර්කි හමුදාවන් විසින් වෙඩි තබා ඇතැයි සඳහන්. එම යානයේ නියමුවෙකුද මිය ගොස් ඇතැයි තහවුරු වූ බව බී.බී.සී ලෝක සේවය පවසනවා.

මේ අතර තුර්කිය පවසන්නේ අදාළ රුසියානු යානයට සිය හමුදාවන් විසින් වෙඩි තැබූයේ එම යානය අනතුරු ඇඟවීම්ද නොසලකා සිය ගුවන් කලාපයට ඇතුළුවීම නිසා බවයි. සිය ගුවන් කලාපය ආරක්ෂා කර ගැනීමේ අයිතිය වෙනත් ඕනෑම රටකට මෙන්ම තුර්කියටද තියෙන බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා කියා සිටියා.

බරක් ඔබාමා තුර්කි ජනාධිපතිවරයාට ඊයේ පෞද්ගලික දුරකතන ඇමතුමක්ද ලබාදී තිබෙන බවයි සී එන් එන් රූපවාහිනිය පැවසුවේ. උද්ගත වී ඇති අර්බුදකාරී තත්වයේදී අමෙරිකාවේ සහාය තුර්කියට හිමිවන බව එහිදී ප‍්‍රකාශ වී තිබෙනවා.

අමෙරිකාවේ ආරක්ෂක මධ්‍යස්ථානය වන පෙන්ටගනය පැවසුවේ තත්පර 30 ක පමණ කාලයක් අදාළ රුසියානු යානය තුර්කි ගුවන් කලාපයේ පියාසර කර ඇති බවයි. සිය ගණනය කිරීම්වලින් එ් බව තහවුරු වී ඇති බවද ඔවුන් කියා සිටියා

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටිං පවසන්නේ තුර්කි හමුදාවන් විසින් එල්ල කෙරුණු ප‍්‍රහාරය පිටුපසින් සිට පහියෙන් ඇනීමක් බවයි. සිය යානය පියාසර කළේ සිරියානු ගුවන් කලාපයේ බවද එම යානය තුර්කි ගුවන් කලාපයට ඇතුළු නොවූ බවද ව්ලැද්මීටර් පූටින් කියා සිටියා.


12301618_707381619363856_4128271522133682055_n.jpg


12246786_707381592697192_3866367013181549751_n.jpg


12308760_707381606030524_8560413540956296921_n.jpg


12246869_707381636030521_5992208046842310476_n.jpg


12310551_707381666030518_3265413703607135041_n.jpg


12310637_707381682697183_7585213467393789555_n.jpg


12250187_707381696030515_836232587400605069_n.jpg


12278793_707381742697177_1427513857770473227_n.jpg


12289697_707381759363842_618260076431807623_n.jpg


12299311_707381786030506_4602296333415204250_n.jpg


12308476_707381809363837_42342046424935271_n.jpg


12310465_707381866030498_8735589941997417098_n.jpg


12308757_707381889363829_937456661011328947_n.jpg


11219515_707381909363827_4058691520268111753_n.jpg


12250038_707381942697157_4673682223258367979_n.jpg


12299179_707381959363822_4153537054738830259_n.jpg


12274574_707382006030484_8587094173205804008_n.jpg


12308652_707382026030482_3642916745079942147_n.jpg
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    තුර්කි හම්බයොන්ටත් ගහල කොන්ස්තන්තිනෝපල් ආයමත් නිදහස් කරගන්න කාලෙ හරි :growl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උඩදිම වෙඩි කාපු එක එක අතකින් වාසනාවක්. නැත්නම් මුන් මේ නියමුවව ISIS එකට දීලා අලුත්ම විදිහකට පුච්චලා දස වද දීලා මරලා දානවා
     

    Dwars

    Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    ඕක මොකද්ද බන් තප්පර 30 තමන්ගේ එක උඩින් ගිය කියල උන්ට ඇගෙන් ඇටයක් යනවැඩ .....ඒ වගේද අරුන්ට ගහන එක...මෝඩ මැටි හරක් ...ලගදීම දෙකෙක්න් එකක් වෙඉ වගේ ...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    News1st

    Perezida-Vladimir-Putin.jpg

    තුර්කි – සිරියා දේශ සීමාවේදී, තුර්කිය තම ප්‍රහාරක යානයට පහර දී බිම හෙළීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තරයේ හෙළා දැක තිබේ.
    රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, එය ත්‍රස්තවාදයට සහය පළ කරන අය විසින් පිටුපස සිට පිහියෙන් ඇනීමක් ලෙස සලකන බව ය.
    බීබීසී ලෝක සේවය පැවසුවේ, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නේටෝ සංවිධානය ද රැස්ව ඇති බව ය.
    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ, මෙය ත්‍රස්තවාදීන්ගේ සාපරාධී ක්‍රියාවක් බව ය.
    කෙසේ වෙතත් රුසියානු ප්‍රහාරක යානයට තමන් අනතුරු අඟවා තිබියදී ත් එය තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව තුර්කිය පවසයි.
    නමුත් රුසියාව පවසන්නේ, තම යානය කිසිවිටෙකත් තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය නොකළ බව ය.
    මේ අතර මෙම සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තුර්කියේ ඉල්ලීම මත නේටෝ සංවිධානය අමතර රැස්වීමක් ද කැඳවා තිබේ.
    නේටෝ සංවිධානයේ මහ ලේකම් ජේන්ස් ස්ටෝල්ටන්බර්ග් එහිදී පවසා ඇත්තේ, රුසියානු ප්‍රහාරක යානාය තුර්කි ගුවන් සීමාව හරහා පියාසර කර ඇති බව පෙනී යන බව ය.
    කෙසේ වෙතත් මේ ක්‍රියාව සම්බන්ධයෙන් තුර්කියට බරපතළ ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවට රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.
    මේ අතර තම තුර්කි සංචාරය අවලංගු කළ බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා ඇතැයි බීබීසී වාර්තාවල සඳහන් ය.
    එමෙන් ම රුසියානුවන්ට තුර්කියේ සංචාරය නොකරන ලෙසට ද රුසියානු විදේශ අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    තුර්කිය ISලගෙන් කුණුකොල්ලෙට තෙල් ගන්නව. ඒක නවතිනවට උන් කැමති නෑ. ඒකත් එක හේතුවක්.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉතින් උන් යන්නේ රට අල්ලන්න නෙමෙයිනේ කාලකන්නි
    ඇමෙරිකාව මහා සරපයෝ කොහොමත්