යානයෙන් පැන්න රුසියානු නියමුවාව වෙඩි තබා
යානයෙන් පැන්න රුසියානු නියමුවාව වෙඩි තබා මරාදමයි
2015-11-25
===================================
තුර්කියේ හමුදාවන් විසින් වෙඩි තබා බිම හෙලන ලද රුසියානු ප්‍රහාරක යානයේ සිටි නියමුවන් දෙදෙනාගෙන් කෙනෙකු මියගොස් ඇතැයි විදසේ වාර්තා පවසනවා.
ප්‍රහාරයට ලක් වූ යානය පුපුරා යාමට පෙර නියමුවන් දෙදෙනා එයින් ඉවතට පැන ඇති බවට පැවසෙන වීඩියෝවක්ද අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඔවුන් පැරෂුට් ආධාරයෙන් ගොඩබාමින් සිටියදී භූමියේ සිටින පිරිස් ඔවුන්ට වෙඩි තබා තිබෙනවා. අදාළ වීඩියෝවේ ද නියමුවන් වෙත වෙඩි තබන හඬ පවා පැහැදිළිව ඇසෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එක් නියමුවෙකු මියගොස් ඇත්තේ මෙම වෙඩි තැබීම්වලින්. දෙවන නියමුවාට කුමක් සිදුවූයේදැයි තවමත් අපැහැදැලිි බව සී එන් එන් ප්රවෘත්ති සේවය පැවසුවා.
ප්‍රහාරයට ලක්වූ යානයේ නියමුවන් බේරා ගැනීමට ගිය රුසියානු හෙලිකොප්ටරයකටද තුර්කි හමුදාවන් විසින් වෙඩි තබා ඇතැයි සඳහන්. එම යානයේ නියමුවෙකුද මිය ගොස් ඇතැයි තහවුරු වූ බව බී.බී.සී ලෝක සේවය පවසනවා.
මේ අතර තුර්කිය පවසන්නේ අදාළ රුසියානු යානයට සිය හමුදාවන් විසින් වෙඩි තැබූයේ එම යානය අනතුරු ඇඟවීම්ද නොසලකා සිය ගුවන් කලාපයට ඇතුළුවීම නිසා බවයි. සිය ගුවන් කලාපය ආරක්ෂා කර ගැනීමේ අයිතිය වෙනත් ඕනෑම රටකට මෙන්ම තුර්කියටද තියෙන බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා කියා සිටියා.
බරක් ඔබාමා තුර්කි ජනාධිපතිවරයාට ඊයේ පෞද්ගලික දුරකතන ඇමතුමක්ද ලබාදී තිබෙන බවයි සී එන් එන් රූපවාහිනිය පැවසුවේ. උද්ගත වී ඇති අර්බුදකාරී තත්වයේදී අමෙරිකාවේ සහාය තුර්කියට හිමිවන බව එහිදී ප්‍රකාශ වී තිබෙනවා.
අමෙරිකාවේ ආරක්ෂක මධ්‍යස්ථානය වන පෙන්ටගනය පැවසුවේ තත්පර 30 ක පමණ කාලයක් අදාළ රුසියානු යානය තුර්කි ගුවන් කලාපයේ පියාසර කර ඇති බවයි. සිය ගණනය කිරීම්වලින් එ් බව තහවුරු වී ඇති බවද ඔවුන් කියා සිටියා
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටිං පවසන්නේ තුර්කි හමුදාවන් විසින් එල්ල කෙරුණු ප්‍රහාරය පිටුපසින් සිට පහියෙන් ඇනීමක් බවයි. සිය යානය පියාසර කළේ සිරියානු ගුවන් කලාපයේ බවද එම යානය තුර්කි ගුවන් කලාපයට ඇතුළු නොවූ බවද ව්ලැද්මීටර් පූටින් කියා සිටියා.

ISIS ekata turkey karayo support kiyala nikamma penawa