යාපනය සහ ඩෙල්ෆ්ට් සංචාරය...

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    ලීටරේට 17 විතර කරලානෙ විට්ස් එකක්ද?
    මට වැරදිලා බූට් එක ලොකුයි මේකෙ.:lol:
    ටෙක්සාමැටික් නිසා Nissan රථයක් කියලත් හිතෙනවා.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    // යූටිබ්බො මාකට් කරපු පලියට කඩවල් අස්සෙ රිංගන්න යන්න එපා//

    මේක මගෙත් ට්‍රවල් ටිප් එකක්, ලන්කවේ ඉන්න යු ටියුබ් හිගන්නෝ හෝටල් වලින් පිනට කාලා අපිව අමාරුවේ දානවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    හම්මට...වෝල්ටා...මොකෝ වෙන්නෙ..

    හැට පැනපු, මග යාගන්න බැරි හම්පඩ නාකිත් බන් ඔය ක්ලබ් එකේ කොල්ලො කියාගෙන ඉන්නවද බං...😅

    දැනගන්න ඇහුවෙ ඉතිං 😎
    අපේ ප්‍රාදාන අනුශාසක හරිත??
    අපේ කොල්ලෙක් ඒ..

    Cracking Up Lol GIF
    ඔයත් දැන් ගානට ඇවිත්..

    ඇඩොව් මෙව්ව වානෙ වාගෙ බඩු හරිය
    වරෙන් පේස් ටු පේස් :nerd:
    අපේ එකා 💚

    මන්නාරම පාරේ ගියා කිව්වේ පුනරීන් හරහා ද?
    බොසා ඒ පාරෙන් ගිහින් තියෙනවද ?
    මාර වටපිටාවක් තියෙන්නෙ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    රස්සාව විදිහට කිරියෙ සිකියුරිටි ජොබ් එක කරන බලු මූණක් අවතාරෙට දාගෙන ඉන්න එකෙක් හැම දාම,
    "කොහෙවත් ගියේ නැද්ද..?"
    කිය කියා කිංඩි දාන නිසා, මටත් හිතුන මෙදා පොටේ, ඕකගෙ ඇහේ කටු ඇනෙන්නත් එක්ක, අවුරුදු නිවාඩුවට පොඩි ට්‍රැවල් පාරක් දාන්න....

    ඉතිං අපි, යාපනේ නගරය සහ ඩෙල්ෆ් දූපතේ දවස් තුනක සංචාරයක් යන්න සැලසුම් කරගත්ත...

    මේ ගමනට එක් වුනේ, මායි මගේ මිත්‍රයෙකුයි... අපි දෙන්නට ගමන් පහසුව සැලසුවේ මගේ කාර් රථය...

    දවස සුභ නිසා අපි යන දවස් වලට පාරෙ කඩ වහල... ඉතිං,

    ස්පෙයා වීල් එකට අමතරව තවත් අමතර ටයරයක්, හුළං පොම්පයක්, ඔයිල් වර්ග ඇතුලු මගේ ටූල් සෙට් එකෙනුත්,
    බඩගින්නෙ ඉන්න වෙයි කියන බයට පෙති පාං ගෙඩියකිනුත් සන්නද්ද වෙලා,
    අප්‍රේල් 14 වෙනි සිකුරාදා පූර්වභාග 4.30ට අපි එළිබැස්ස...



    පළවෙනි දවස,

    ගම්පහින් පිටත් වෙලා පුත්තලම් මාර්ගයේ නොච්චියාගම හරහා තන්තිරිමලයට... උදේ ආහාරය සහ වැසිකිළි පහසුකම් එතනින් සපුරගත්ත,




    පන්සලත් වැඳ පුදාගෙන නැවතත් මාර්ගයට අවතීර්නවුනා...
    මේ පාර හොඳට තිබිල උන් හිටි ගමං පත වළවල්, සපත්තු පාලං එහෙම තියෙනව... ඒ නිසා පරිස්සමට යන්න... අනික සත්තු පාර මාරුවෙනව.


    එතනින් මන්නාරම් පාර ඔස්සේ යාපනයට...
    මේ පාර ගැන කියනවනං වේග සීමා හරියටම බලාගෙන යන්න. ලොකු පප්පල පාර අයිනෙ පාට් ටයිම් ජොබ් කරනව...

    ඊට පස්සෙ අපි අපේ නවාතැනට ඇවිත් දවල් ආහාරය අරගත්ත,
    අතුරුපසට රියෝ එකේ අයිස්ක්‍රීම් කාල යාපනේ පහල කෙලවරේ පොඩි රවුමක් ගහල හැන්දෑ වරුව කොටු පවුරෙ ගතකරා...







    දෙවෙනි දවස,
    ඩෙල්ෆ්

    මේක තමයි ගමනෙ ආතල්ම දවස. දෙවෙනි දවස අපි ගතකරේ ඩෙල්ෆ් වල.
    ඩෙල්ෆ් වලට යන්නනං මුලින්ම කුරිකාඩුවන් ජැටියට යන්න ඕනෙ. වාහනේ වළවල් වල දාගන්න අකමැති කෙනෙක්නං මේ පාරෙ යන්න කුලී රථ හෝ පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න. මොකද පාර සවුත්තුයි.
    වාහන වල යන අයට ඉඩකඩ සහිත පාකිං තියෙනව...

    බෝට්ටු සේවා වෙලාවන් උදේ 8, දවල් 11, හවස 3 විදිහට තියෙනව.
    පුද්ගලික බෝට්ටු වගේම නොමිළේ සේවා සපයන රජයේ බෝට්ටුත් තියෙනව. ප්‍රයිවට් ඒවයෙ එක්කෙනෙකුට රු 200යි. බස් එකේ වගේ ටිකට් කඩනව. අනික් ඒවයෙ ගම්වාසීන්ට ප්‍රමුකත්වය දීල ඉඩ ඉතුරු උනොත් සංචාරකයින්ව පටවනව...

    අපිටනං දූපතට යන්න හරියටම පැයක් ගියා. හවස එනකොට වි. 45න් ආව. මුහුදේ රළු ගතිය වේගයට බලපානව ඇති...

    මේ ගමන යනවනං ඇතිවෙන්න බීමට වතුර ගෙනියන්න, තොප්පියක් දාගෙන යන්න. පයින් ඇවිදිනවනං සපත්තු දාන්න.

    යූ ටිබ්බො කියන විදිහට ගලුයි, ගසුයි, අස්පයොයි බලල හැරිල එන්න බලාගෙන යන්න එපා. තේරුමක් නෑ... එහෙම යන උන්ටත් පැකේජ් තියෙනව, ත්‍රීවීල් එකක් 5000යි, ලොරියක් 10000යි.


    ඔය ෆෝන් කටු වල Gps එහෙම ඔන් කරගෙන කැලේ ඇවිදල පරිසරය විඳින්න. මාර ලස්සන පරිසරයක් තියෙන්නෙ.
    අනිවා මුහුදෙ නාන්න බලාගෙන යන්න. නැත්තං වැඩක් නෑ... හරිම ලස්සන තුනී වැලි සහිත නොගැඹුරු මුහුදු තීරයක් තියෙනව...
    පොඩි බෙල්ලො, තාපස කකුළුවො, පාට පාට මාළු, වගේ මුහුදු ජීවියො එහෙමත් බලාගන්න පුලුවන්...

    දූපත ගැන කියනවනං, අමුතු විදිහෙ හැඩතල තියෙන ගස් වැල් වර්ග ගොඩක් තියෙනව,
    හුණුගල් සහිත පොළවක්...
    බලං හිටියට එපාවෙන්නෙ නැති විශාල විල්ලුවක්....
    ලොකු තනි ජෙනියකින් මුලු දූපතටම කරන්ට් එක දෙනව.
    තැපැල් කන්තෝරුවක්, පාසලක්, පොලීසියක් වගේ ආයතන තියෙනව.
    ගෙවල් වල තාප්ප බැඳල තියෙන්නෙ කොරල් වලින්.

    ඔය මොනව කරත් බෝට්ටුව යන්න පැය බාගෙකට විතර කලින් ජැටියට එන්න. බෝට්ටුව මිස් වුනොත් නවතින්නත් තැන් තියෙනව...



    ෆෝන් එකේ පොඩි ආපදාවක් නිසා ගොඩක් තැන් මගහැරිල තියෙනව...😥












    තුන්වෙනි දවස

    ඩෙල්ෆ් ඉඳන් ඇවිත් අපි නවාතැන් ගත්තෙ කන්කසතන්තුරේ යන පාරෙ අතතරමග තිබුණ තානායමක...

    එතනින් උදේම පිටත් වෙලා කදුරුගොඩ පන්සල බලන්න ගියා... උදේ වරුවකනං කොච්චර වෙලා හිටියත් එපාවෙන්නෙ නැති තැනක් මේක...


    එතනින් දඹකොළ පටුන,
    මේකත් හරිම ලස්සන මුහුදු වෙරලක්...




    ඊටපස්සෙ පේදුරුතුඩුව...





    පේදුරුතුඩුවෙන් පෙට්‍රල් ගැහුව. ලීටර් 30 ක්වාට එකට ටැංකිය ෆුල් වුනා... මේ වෙනකොට කිලෝමීටර් 550ක් විතර දුවල තිබුණ...

    පේදුරුතුඩුව ප්‍රදිපාගාරය ලඟ ඉඳන් අපේ ගමන ආපස්සට..., අනුරාධපුර, කුරුණෑගල හරහා නැවතත් උපන් බිමට...

    ගමන අහවරයි...


    යන්න ඉන්න අයට පොඩි බයිල ටිකක්,,

    යූටිබ්බො මාකට් කරපු පලියට කඩවල් අස්සෙ රිංගන්න යන්න එපා. ටිකක් නිදහසේ ඇවිදල තනියම හොයල බලන්න. "මලායන් කැෆේ" එක අස්සෙ සෙනග හෙනට...
    ටිකක් ඇවිදල බැලුවම සෙනග නැති අප්‍රසිද්ධ, නමුත් සුපිරි තැන් හොයාගන්න පුලුවන් කෑම කන්න. නවාතැන් උනත් එහෙමයි...

    අයිස්ක්‍රීම් වලටනං තැනක් හොයාගන්න බැරිවුණා. අවුරුදු දවස් නිසා.
    ඒ නිසා රියෝ එකටම රිංගුව. හැබැයි වැඩි සීනි අයිස්ක්‍රීම් එකක් හම්බවුනේ. කිරිබත්ගොඩ රියෝ එකේ මීට වඩා රසට තිබුණ. සෙනග වැඩි නිසා සීසන් එකට හදනකොට ප්‍රමිතියෙ දෝශයක් වෙලා තියෙනව...

    පායන කාලෙට වතුර පැය දෙකට ලීටරේකට වඩා පෙවෙනව. ඒත් චූ බරක් එන්නෙ නෑ. ඒ නිසා ජීවනී එහෙම හදාගෙන බිව්වුට පාඩුවෙන්නෙ නෑ...

    ඒ/සී නැතුව ඉන්න හිතන්නවත් එපා. අපි පළවෙනි දවසෙ පඬිකමට "ගෙදර ඉද්දිත් ඒ/සී දානවැයි" කියල නන් ඒ/සී රූම් එකක් ගත්ත... හම්මෝ... තරු පෙනුන..

    මුලු ගමන කිලෝමීටර් 950 යි ආසන්න වශයෙන්.
    පෙට්‍රල් ලීටර් 55යි...
    Ado supiri machan. Maath maara aasawen hitiye uthura paththe raumak gahanna. Issara salli tibbe ne. Dan itin salli tibbata wife and podi ekath ekka owa karanna amarui wage. Eth tawa kaalayak gihin try ekak daanawa yanna.

    Ado thankx share kalata.

    PS: PH ekey video karana camera eka aran giyaaanam meeta wada quality nedha 🥴
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ඕයි මෙහ්
    අර පාක් එක secure ද ? guard ඉන්නවද ?
    වාහනයක් අරන් ගිහිල්ල මිරර්ස්, ලයිට් නැතුව එන්න වෙයිද

    --

    අයිස් ක්‍රීම් නන් ගූ 70යි තම. මාත් යාපනෙ කොටුවෙන් ගත්ත " ලියො " කියල බ්‍රෑන්ඩ් එහෙකින්
    400ක් උනා. බල්ලෙකුට කන්න බෑ, සීනි විමානයක්. පස්සෙ පුලුවන් නන් කාපන් කියල බල්ලෙකුට දුන්න

    --

    කදුරුගොඩ හාමුදුරුනමක් හිටියද
    2010 වගෙ ඕකෙ හිටියෙ හාමුදුරු කෙනෙක්, දැන් එලෝලද දන්නෙ නැ
    කොටුව ළඟ තියෙන වාහන වලින් නම් කන්න එපා බං ජරාව,
    බොසා ඒ පාරෙන් ගිහින් තියෙනවද ?
    මාර වටපිටාවක් තියෙන්නෙ..
    සංගුපිට්ට්ටී පාලම සෙට් වෙනවානේ ඕකෙන් එද්දී.

    අපරාදේ කලින් දන් නෑ නේ එනවා කියලා, මමත් ජොබ කරන්නේ යාපනේ.
    මේ දවස් වලනම් කර වෙනවා,එන්න හිතන්නවත් එපා,
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    අඩො පට්ට .....
    ආයේ කෝච්චි පටන් ගත්තම යන්න ඕනෙ ඔය පැත්තෙ....

    ඔහේ එච්චර බලන්න දේව්ල් නෑනේ බන්. මෙලෝම රහක් නැති පලාතක් තමා උතුර. වෙන පැත්තකට ගියානම් ඊට වඩා වටිනවා
    සමහරුන්ට ට්‍රැවලින් කියන්නෙ sightseeing ම විතරක් නෙවෙයි බන්...
    අලුත් පලාත්වල, නොදන්න පාරවල් වල, යන එකත් මටත් ආතල් එකක් තියෙනවා....

    පස්සෙ කාලෙක ඔව්වා කතාන්දර වෙනවා....... :cool:
    ------ Post added on Apr 19, 2023 at 10:27 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,079
    1
    28,571
    113
    අපේ ප්‍රාදාන අනුශාසක හරිත??
    අපේ කොල්ලෙක් ඒ..


    ඔයත් දැන් ගානට ඇවිත්..


    අපේ එකා 💚


    බොසා ඒ පාරෙන් ගිහින් තියෙනවද ?
    මාර වටපිටාවක් තියෙන්නෙ..
    ඔය පුනරීන් පාරේ ගිහින් නෑ මචං
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හම්මද බොල
    ඒ පාර මේ වැල්ඩින් කූරු, යතුකැට බදාගෙන හිටපු එවුනුත් ඇවිදින්න පටන් අරන්



    එල එල
    සිරා මචන්, පොටො / details ටික මරු :love:



    කවුද යකො බලු මූනා, බලපියකො ලස්සන
    රස්සාව විදිහට කිරියෙ සිකියුරිටි ජොබ් එක කරන බලු මූණක් අවතාරෙට දාගෙන ඉන්න එකෙක් හැම දාම
    :-D :-D :-D :-D :-D :-D :-D :lol: :lol: :lol: :lol: :lol:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඩො පට්ට .....
    ආයේ කෝච්චි පටන් ගත්තම යන්න ඕනෙ ඔය පැත්තෙ....


    සමහරුන්ට ට්‍රැවලින් කියන්නෙ sightseeing ම විතරක් නෙවෙයි බන්...
    අලුත් පලාත්වල, නොදන්න පාරවල් වල, යන එකත් මටත් ආතල් එකක් තියෙනවා....

    පස්සෙ කාලෙක ඔව්වා කතාන්දර වෙනවා....... :cool:
    ------ Post added on Apr 19, 2023 at 10:27 PM
    mata nam wahane elawanawa kiyana eka hena athal wadak.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕයි මෙහ්
    අර පාක් එක secure ද ? guard ඉන්නවද ?
    වාහනයක් අරන් ගිහිල්ල මිරර්ස්, ලයිට් නැතුව එන්න වෙයිද

    --

    අයිස් ක්‍රීම් නන් ගූ 70යි තම. මාත් යාපනෙ කොටුවෙන් ගත්ත " ලියො " කියල බ්‍රෑන්ඩ් එහෙකින්
    400ක් උනා. බල්ලෙකුට කන්න බෑ, සීනි විමානයක්. පස්සෙ පුලුවන් නන් කාපන් කියල බල්ලෙකුට දුන්න

    --

    කදුරුගොඩ හාමුදුරුනමක් හිටියද
    2010 වගෙ ඕකෙ හිටියෙ හාමුදුරු කෙනෙක්, දැන් එලෝලද දන්නෙ නැ
    කදුරුගොඩ ආමි එකෙන් තමයි සේරම කරන්නෙ. හොඳට තියාගෙන ඉන්නව හැබැයි. ලියෝ එකේ වාහනේ දැක්ක. කෑවෙ නෑ. ඒක ශුවර් නැති නිසා...
    @Solo Rider
    නියමයි...හොද පැහැදිලි කිරීමක්...:)


    මටත් තීන්නේ මේ ප්‍රශ්න ටිකමයි..^
    සෝලෝ ගොයිය වගේ බයික් එකේ යනවනං ජැටිය අයිනෙම උනත් දාල යන්න පුලුවන්. එතන නේවි එකෙන් ඉන්නව නිතරම.
    වාහනත් දාන්න බැරි නෑ. හැබැයි නිතර බස් හරවන තැනක් නිසා ඩැමේජ් වෙන්න තියෙන ඉඩ වැඩියි.
    මොකද එහෙ උන්ට වාහනයක් අතුල්ලගෙන යනව කියන්නෙ නතිං... මම ඇහැට දැක්ක එහෙම සීන් එකක්...

    ජැටියට මීටර් තුන්සීයක් විතර මෙහායින් හොඳට ඉඩ තියෙන කා පාක් තියෙනව. ටිකට් කඩන අය ඉන්නව.
    නඩ එක්ක ගිය වෑන්, බස් වගේ වාහන වල ඩ්‍රයිවර්ලත් ඉන්නව. ඒ නිසා ආරක්ශාව අතින් ලොකු අවුලක් නෑ. කුඩු කාරයෝ වගේ උංනං දැක්කෙම නෑ ඒ පැත්තෙ...
    niyamaiiiii❤️
    Sadda epa bro solo rider mahathata,
    Mata traha ymnw
    අනේ සොරි... කට පොඩ්ඩක් වැරදුනා...
    17ක් කරලා තියෙනවා. @PHBhagya මොකද්ද වාහනේ ??
    නිසාන් ප්‍රෙසිය එකක්.

    හිතන්න අමාරුයි නේ ඔය ගාන කරා කිවුවම...😃
    පට්ට පට්ට බග්‍ය.. යාලුවෙක් එක්ක කියන්නේ උඹ මදුසමය ගත කරන්නද ගියේ...

    මේ කාගේද හිල???
    හපෝ... මේ කොලු කාරයො එක්කනෙ මුකුත් කොරන්න බැරි...
    සුපිරියි ඈ...😍

    බළු මූණට දීල තියෙනව සැරටම...😅
    😂😂
    අපේ ක්ලබ් එකේ කොල්ලන්ට කියන දේවල් අපි බලාගෙන ඉන්නෙ හරිද? #9inchesEK
    ක්ලබ් එකේ මේ අවුරුද්දට ලයිසන් එක අලුත් කරල නෑ... රෙඩ් නෝට් එකක් එවල ඇති. ඒක බලල ගෙවල දාන්න.

    නැත්තං, දිග බලල වැඩි හරිය කපන්න වෙනව...
    ඔහේ එච්චර බලන්න දේව්ල් නෑනේ බන්. මෙලෝම රහක් නැති පලාතක් තමා උතුර. වෙන පැත්තකට ගියානම් ඊට වඩා වටිනවා
    එක එක්කෙනාගෙ වින්දන පරාසය වෙනස්නෙ ඉතිං...

    මම මධ්‍යම කඳුකරයට වැඩි කැමැත්තක් නෑ. උතුර, උතුරු මැද, නැගෙනහිර වගේ පැතිවලට ආසයි... දේවල් බලන්නම නෙමෙයි. නිකං ඇවිදල රවුමක ගහල එන්න ආසයි...
    මන්නාරම පාරේ ගියා කිව්වේ පුනරීන් හරහා ද?
    ඔවු මචං පුනරීන් හරහා ගියේ. ආපහු ආවෙ පරන්තන් හරහා...
    සු පි රි 😍
    Ground Clearance wadi wahanayak onida? Mokakda umba giyapu car eka?
    මගේ තියෙන්නෙ නිසාන් ප්‍රෙසිය එකක්.

    එහෙම අවුලක් නෑ. ඕනෙ වාහනයක් යන්න පුලුවන් යට වදින්නෙ නෑ.

    ජැටියට යන පාර රැලි වැටිල තියෙනව. තව වලවල් එහෙමත් ගොඩක් තියෙනව. ඔය පාර ඔය විදිහට කිලෝමීටර 20ක් විතර යන්න තියෙනව...
    ලීටරේට 17 විතර කරලානෙ විට්ස් එකක්ද?
    මට වැරදිලා බූට් එක ලොකුයි මේකෙ.:lol:
    ටෙක්සාමැටික් නිසා Nissan රථයක් කියලත් හිතෙනවා.
    අනුමානය හරි නිසාන් ප්‍රෙසිය r11 එකක්.

    යන ගමනට 17.5ක් කරල තිබුණ.
    එන ගමනට ටිකක් අඩුයි. 16යි ගාණක් කරල තිබුනෙ...
    // යූටිබ්බො මාකට් කරපු පලියට කඩවල් අස්සෙ රිංගන්න යන්න එපා//

    මේක මගෙත් ට්‍රවල් ටිප් එකක්, ලන්කවේ ඉන්න යු ටියුබ් හිගන්නෝ හෝටල් වලින් පිනට කාලා අපිව අමාරුවේ දානවා
    අපෝ ඔවු.
    අපේ රටේ අය අලුතින් දෙයක් කරන්නෙ නෑනෙ.
    තව කෙනෙකුගෙ වීඩියෝවක් බලල ගිහින් ඒ මිනිහ කාපු තැන් වලින්ම කාල, බුදියපු තැන් වලම බුදියල තව වීඩියෝවක් කරල යූටියුබ් දානව.

    අලුත් තැන් හොයාගෙන ගිහින්, හරියන්න හරි වරදින්න හරි, අත්හදාබැලීම් කරල දෙයක් කරන සිරිතක් නෑ.
    Ado supiri machan. Maath maara aasawen hitiye uthura paththe raumak gahanna. Issara salli tibbe ne. Dan itin salli tibbata wife and podi ekath ekka owa karanna amarui wage. Eth tawa kaalayak gihin try ekak daanawa yanna.

    Ado thankx share kalata.
    පොඩි අය එක්ක රස්නෙ දවස් වලටනං යන්න එපා...
    ටිකක් අමාරුවෙනව. වතුර ලීටරයක් ඉවර කරන්න පුලුවන් පැයකින් විතර. ඒත් චූ බර හැදෙන්නෙ නෑ... අනිවා මුත්‍රා අමාරු එහෙම හැදෙන්න තියෙන ඉඩ වැඩියි...
    PS: PH ekey video karana camera eka aran giyaaanam meeta wada quality nedha 🥴
    කැමරා අඩුවනං හොඳටම දැනෙනව...
    ගිම්බලයක්, හොට දිග කැමරාවක් ගන්න ආසාවක් තියෙනව. ගණං ඇහුවම තරු පේනවනෙ ඕවයෙ...
    nice thread bro. This is awesome. huga kalekin kohewath giye na eliyatan bahinna hithenne na bn
    👍👍👍
    රවුමක් ගහල එන්න. කාලයයි මුදලුයි තමයි ඕනෙ ඉතිං...😃
    කොටුව ළඟ තියෙන වාහන වලින් නම් කන්න එපා බං ජරාව,

    සංගුපිට්ට්ටී පාලම සෙට් වෙනවානේ ඕකෙන් එද්දී.

    අපරාදේ කලින් දන් නෑ නේ එනවා කියලා, මමත් ජොබ කරන්නේ යාපනේ.
    මේ දවස් වලනම් කර වෙනවා,එන්න හිතන්නවත් එපා,
    හම්මා.. එහෙමද. හම්බවෙලා යන්නත් තිබුණ...👍👍
    මරු හැබැයි. වතුර එහෙම කොහොමද. ඔහෙ වතුරද බොන්නෙ. මටනං ඒකට හුරුවෙන්න ටික දවසක් යයි හැබැයි.
    යාපනේ තමා යන්න ආසම පැත්ත.
    නයිස් ත්‍රෙඩ් බ්‍රෝ..
    👍👍👍
    අඩො පට්ට .....
    ආයේ කෝච්චි පටන් ගත්තම යන්න ඕනෙ ඔය පැත්තෙ....


    සමහරුන්ට ට්‍රැවලින් කියන්නෙ sightseeing ම විතරක් නෙවෙයි බන්...
    අලුත් පලාත්වල, නොදන්න පාරවල් වල, යන එකත් මටත් ආතල් එකක් තියෙනවා....

    පස්සෙ කාලෙක ඔව්වා කතාන්දර වෙනවා....... :cool:
    ------ Post added on Apr 19, 2023 at 10:27 PM
    අනිවා...අනිවා...
    ඒව තමයි අත්දැකීම්.
    ඔය පුනරීන් පාරේ ගිහින් නෑ මචං
    යන්න ඒ පැත්තෙනුත්. මරු හැබැයි. සංගුපිඩි පාලම එහෙමත් අහුවෙනව.

    අපි ආවෙ පරන්තන් පැත්තෙන්.
    මරු බං. කාලෙකින් හොද ට්‍රැවල් ත්‍රෙඩ් එකක්.
    තව ෆොටෝ නැද්ද බං.
    අපි ඉන්න ඒවනෙ මචං ගොඩක් තියෙන්නෙ.
    වීඩියෝ එහෙමත් තියෙනව බෝට්ටුවෙ ගිය ඒව එහෙම. හෙලවිලා තියෙනව ටිකක්. ගිම්බල් එකක අඩුව දැනෙනව ගමනක් ගියාම...

    රස්සාව විදිහට කිරියෙ සිකියුරිටි ජොබ් එක කරන බලු මූණක් අවතාරෙට දාගෙන ඉන්න එකෙක් හැම දාම
    :-D :-D :-D :-D :-D :-D :-D :lol: :lol: :lol: :lol: :lol:
    හෙහ්...හේ..
    mata nam wahane elawanawa kiyana eka hena athal wadak.
    අනිවා... මටත් ඩ්‍රයිවු කිරීම කියන්නෙ ට්‍රිප එන්ජෝයි කරන තවත් ක්‍රමයක්...