යාල සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සහ වාහන blacklist කරයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හිරිහැර වන අයුරින් කටයුතු කළ වාහන හා පුද්ගලයින්ට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි පරිදි අසාදු ලේඛනගත කිරීමට පියවර ගැනීමට වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර තීරණය කර තිබේ.

    අද (ඔක්. 25) දින පෙරවරුවේ යාල වනෝද්‍යානයේ සිදුවීම සම්බන්ධව වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර අමාත්‍ය මහින්ද අමරවී ලබා දුන් උපදෙස් පරිදි පහතින් දක්වා ඇති තීරණවලට එළඹ තිබේ.

    01. මෙම සිදුවීමට සම්බන්ධ වාහන හා පුද්ගලයින් කඩිනමින් හඳුනා ගැනීම හා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය විය. දැනට එම වාහන හා පුද්ගලයින් සම්බන්ධ තිබෙන තොරතුරුවලට අමතරව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු, ඡායාරූප හා වීඩියෝ දර්ශනවල ඇතුළත් තොරතුරු ද සැළකිල්ලට ගැනීම.

    02. මෙම පිරිස සමග වනෝද්‍යානයට ඇතුළු වීමට සහාය වීම සඳහා කටයුතු කළ නිලධාරී පිරිස එම කටයුතු වළක්වා ගැනීමට උත්සාහ නොකිරීම, ඉහළ නිලධාරින් දැනුම්වත් නොකිරීම නිසා විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔවුන් වැඩ තහනමට ලක් කිරීම.

    03. විමර්ශන කටයුතුවලට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් ලිපියක් යොමු කිරීම.

    04. යාල ජාතික වනෝද්‍යානය තුළ අනිසි ලෙස වාහන ධාවනය කරමින් වන සතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින් හා සියලු වාහනවලට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළත් නොකිරීමට ඔවුන් හා වාහන කළු ලැයිස්තුවට ඇතුළත් කිරීම.

    එමෙන් ම, මින් ඉදිරියට ජාතික වනෝද්‍යාන තුළ වන සතුන්ට හිංසා වන පරිදි හැසිරෙන පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම.

    05. වනෝද්‍යානය තුළ වන සතුන්ට හිංසා නොවන පරිදි හැසිරීම සම්බන්ධව සෑම දෙස් විදෙස් සංචාරක කණ්ඩායම්වලට දැනුම්වත් කිරීම සඳහා අත්පත්‍රිකාවක් නිකුත් කිරීම.

    කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම තීන්දු තීරණ වහා ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරට උපදෙස් දෙනු ලැබ තිබේ.


     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    discussion talk GIF
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මෙව නන් ගොන් පාට්.

    තමන්ගෙ සල්ලි වලින් ගත්ත, තමන්ගෙ වාහන වලින් ආතල් එකක් ගන්න බැරි රටක් මොකටද ?

    ජීප් එකක් අරන් ගෙදර දුන් අල්ලන්න තමා වෙන්නෙ

    මේකද දැන් වෙච්ච ලොකුම අපරාදෙ ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    ඔය අර එකපාරක් පුත්තලම පැත්තේ parade එකක් ගියපු සෙට් එකම නේද?

    ස්පින් මොකක්ද එක.
    ඒ කාලෙ හෑලි ලියල ජීවිතේ විදින්න කිව්වනෙ විදින්න යන්න ඇති

    මෙව නන් ගොන් පාට්.

    තමන්ගෙ සල්ලි වලින් ගත්ත, තමන්ගෙ වාහන වලින් ආතල් එකක් ගන්න බැරි රටක් මොකටද ?

    ජීප් එකක් අරන් ගෙදර දුන් අල්ලන්න තමා වෙන්නෙ

    මේකද දැන් වෙච්ච ලොකුම අපරාදෙ ?
    උබලට නන් මොකද ගෙදර බත් එක අතට එනවනෙ. කැලෑවල සත්තුන්ට එහෙමද උන් දවස් ගාණක් කට්ට කාල ගොදුරට පනින්න ඔන්න මෙන්න තියල කන ගාවින් බෲම් ගෑවම ආයෙ පලයන්කො සතියක් මුවා පස්සෙ. :no::no:
    ------ Post added on Oct 25, 2022 at 6:47 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    මෙව නන් ගොන් පාට්.

    තමන්ගෙ සල්ලි වලින් ගත්ත, තමන්ගෙ වාහන වලින් ආතල් එකක් ගන්න බැරි රටක් මොකටද ?

    ජීප් එකක් අරන් ගෙදර දුන් අල්ලන්න තමා වෙන්නෙ

    මේකද දැන් වෙච්ච ලොකුම අපරාදෙ ?
    Hilux එකේ බකල් රෝද නිසා මෙයට සහභාගීවීම්ට නොහැකි වූ බැවින් දුම් අල්ලමින් සිටියදී සොලො විසින් ටයිප් කරන ලදි
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මෙව නන් ගොන් පාට්.

    තමන්ගෙ සල්ලි වලින් ගත්ත, තමන්ගෙ වාහන වලින් ආතල් එකක් ගන්න බැරි රටක් මොකටද ?

    ජීප් එකක් අරන් ගෙදර දුන් අල්ලන්න තමා වෙන්නෙ

    මේකද දැන් වෙච්ච ලොකුම අපරාදෙ ?
    රක්ෂිතයක් ඇතුලේ මෙහෙම හැසිරෙන්න බැරි එක බං, සත්තුන්ට හිරිහැර වීම. රක්ෂිතයක් ඇතුලේ නිතිය නම් ඇතුලට ගිහාම වාහනෙන් බිමට බහින්න බෑ, තහනම්.





    කොහොමද වදන්?

    එකනේ බං. අපේ උන්නම්.
    ------ Post added on Oct 25, 2022 at 6:50 PM
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    මෙව නන් ගොන් පාට්.

    තමන්ගෙ සල්ලි වලින් ගත්ත, තමන්ගෙ වාහන වලින් ආතල් එකක් ගන්න බැරි රටක් මොකටද ?

    ජීප් එකක් අරන් ගෙදර දුන් අල්ලන්න තමා වෙන්නෙ

    මේකද දැන් වෙච්ච ලොකුම අපරාදෙ ?

    Mageth 4X4 vahana dekak thiyenne. Oya gon part danne ground ekakata gihin. Sensitive environment systems kiyanne monawada kyla notherena unta therum karanna ona.

    Hats off for the decision.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,727
    21,447
    113
    මෙව නන් ගොන් පාට්.

    තමන්ගෙ සල්ලි වලින් ගත්ත, තමන්ගෙ වාහන වලින් ආතල් එකක් ගන්න බැරි රටක් මොකටද ?

    ජීප් එකක් අරන් ගෙදර දුන් අල්ලන්න තමා වෙන්නෙ

    මේකද දැන් වෙච්ච ලොකුම අපරාදෙ ?
    පිස්සුද බං මේ ගන් කබර හැත්ත ආතල් දාන්න පුළුවන් තැනක නෙමෙයිනේ ඉන්නේ

    https://m.facebook.com/story.php?st...pmT5WmsiTQpgai1QG5o5JauzmKPbgQl&id=1273119982
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,866
    113
    Colombo, Sri Lanka
    මෙව නන් ගොන් පාට්.

    තමන්ගෙ සල්ලි වලින් ගත්ත, තමන්ගෙ වාහන වලින් ආතල් එකක් ගන්න බැරි රටක් මොකටද ?

    ජීප් එකක් අරන් ගෙදර දුන් අල්ලන්න තමා වෙන්නෙ

    මේකද දැන් වෙච්ච ලොකුම අපරාදෙ ?
    Fool Dork GIF by Living Puppets