යාළුවේ-කියා-දෙනවද....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකි ගැබ්බරයි
    මට විළිරුදාව..
    මමයි වින්නඹුව
    සඳක් නොදැකපු
    තරවක් වුණු ඒකිට
    මම පොරක්......!
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මහරගමට වහින්නැතිව වහින්න ඕනෑ තැනකට

    කුඩ‍යක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ලඟ...

    උදේ ඉඳන් වද විඳලා දැනු‍යි ගි‍යේ වැඩ ඇරිලා...

    ඇඳන් හිටපු සාරි‍යම‍යි හෙටත් අඳින්නේ ති‍යලා...

    හෙටත් අඳින්නේ ති‍යලා...

    මහ වැස්සට තෙමුනොත් ඈ හෙට අඳින්න ඇඳුමක් නෑ...

    මග හිටි‍යොත් වැස්ස නිසා ගෙදර ‍යන්න වෙන්නෙත් රෑ...

    ගෙදර ‍යන්න වෙන්නෙත් රෑ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇස් රිදෙනකන් බලා
    හිත රිදෙනකන් සිතා
    මා ඔබට පෙම් කලා
    මුළු හඳින් පෙම් කලා
    නොහැඟි සේ ඉන්නෙ ඇයි
    දුප්පත්ද මගෙ ආදරේ

    ඇස් දිගේ එල්ලිලා
    ඔය හිතේ පැටලිලා
    උන්නාට පැතුමක් තියා
    හිත බියෙන් ගොළු වෙලා
    කිව් විටක හැරයයිද මා
    නැතිවේද මිතුදම් අපේ
    දුප්පත්ද මගෙ ආදරේ

    තනිකමේ තනිවෙලා
    මා සිතින් පෙම්කලා
    වෙනකෙකුගෙ නම් වෙන්නෙපා
    ඔබමයි මට මැව් කෙනා
    කිව් විටක හැර යයිද මා
    නැතිවේද මිතුදම් අපේ
    දුප්පත්ද මගෙ ආදරේ

    :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මියුරු කල්පනා සිතට ළං වෙලා
    සිහිනෙන් ගෑ සුවඳක් මෙන් ඔබත් ළං වුණා
    කඳුළ නිමවුනා අඳුර දුරු වුණා
    ලොව තනිවුණු මගෙ හදවත ඔබට හිමි වුණා

    ඇයගෙන් ලඳ ලතැවිල්ලට
    සැනසිල්ලකි ඔබ මා හට
    සොඳුරු මිහිරි සතුට අතර
    සිනා සුපිපුණා

    සුදු නෙළුමකි ළඳ ඔබ මට
    සිප ගන්නම් ගෙන දෝට
    දෙනෙත දකින සොඳුරු දසුන
    ඔබේ වත තමා
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මියුරු කල්පනා නෙතක දැල් උනා
    අමයුරු රස සද කැන් මැද
    සිතක් හිනැහුනා
    වරෙක නැලඋනා වරෙක ලැතැඋනා
    නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලඋනා

    හිමගිර මට වැලි අහුරකි
    මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි
    ඔබ සැනසේනම්

    පිණි බිදකින් මුතු අමුණමි
    දිනිසිරුගෙන් සීතල දෙමි
    කඩුතුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේ නම්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :nerd: බුඩී අය්යා ද ලියන්නේ:growl:
    බොරු සින්දු කියන වෙලේ ලියන්න කෝ
    :angry::rolleyes:
    මම ලියන්නෑ එඩිට් කරලා දෙනවා විතරයි මචං..:)

    මියුරු කල්පනා නෙතක දැල් උනා
    අමයුරු රස සද කැන් මැද
    සිතක් හිනැහුනා
    වරෙක නැලඋනා වරෙක ලැතැඋනා
    නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලඋනා

    හිමගිර මට වැලි අහුරකි
    මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි
    ඔබ සැනසේනම්

    පිණි බිදකින් මුතු අමුණමි
    දිනිසිරුගෙන් සීතල දෙමි
    කඩුතුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේ නම්
    සිංදු දෙකක්.. මං ලියපු එක වෙනස් නේහ් බොල..:lol: