යැංකි හමුදාවේ අනාගත අවි
සංඛ්‍යාලේඛනවලට අනුව ඇමෙරිකානු රජය සිය හමුදා වෙනුවෙන් වාර්ෂිකව ඇ.ඩො.බිලියන 554ක් වියදම් කරයි.ඊට අමතරව විදේශ මෙහෙයුම් සඳහා ඇ.ඩො.බිලියන 85ක් වැය කරයි.ගෝලීය මට්ටමින් ගත් විට එය ලෝකය විසින් හමුදා වෙනුවෙන් වැය කරන මුළු වියදමෙන් 39%ක් ලෙස සැලකේ.මෙම මුදල්වලින් විශාල කොටසක් අවිවල සහ තාක්ෂණයේ අනාගත දියුණු කිරීම් සඳහා වැය කරන බව අනිවාර්යයෙන්ම කිවහැකිය.ලොව අංක එකේ යුද ශක්තිය සහිත රට ලෙස තවත් කාලයක් පැවැතීමට නම් එක්සත් ජනපදය නව අත්හදාබැලීම් සිදුකිරීම අනිවාර්යය වේ.පහත දැක්වෙන්නේ එක්සත් ජනපද හමුදාවන් අත්හදා බලන නවතම අවි පද්ධතිවලින් දැනට හෙළිව තිබෙන ව්‍යාපෘති කිහිපයකි.
එක්සත් ජනපද හමුදාව සහ බොයින් සමාගමේ ආරක්ෂාව සම්බන්ධ අංශය විසින් නවතම එක එලි කල ශක්ති අවියක් නිර්මාණය කර තිබේ.මෙම අවි විශේෂයෙන් නාභිගත කල ශක්තියක් ඉලක්කය වෙත මුදා හැර ඊට හානි සිදුකරයි.ඊට දී තිබෙන නාමය අධි ශක්ති ලේසර් ජංගම ප්‍රදර්ශකය හෙවත් High Energy Laser Mobile Demonstrator (HEL MD) යන්නයි.සැබවින්ම මෙය විශාල ප්‍රමාණයේ ලේසර් අවියකි.අවිය රථයකට සවි කිරීමේ හැකියාව තිබෙන නිසා පහසුවෙන් ප්‍රවාහනය කල හැකිය.හෙල් එම්ඩී අවියට කිලෝ වොට් 10ක ලේසර්යක් නිර්මාණය කල හැකිය.එම ශක්තිය සතුරු මිසයිලයක් හෝ මෝටාර් උණ්ඩයක් නැවැත්වීමට ප්‍රමාණවත් බව සඳහන් වේ.බොයින් සමාගමේ විද්‍යාඥයින් විසින් දිගු දුර මිසයිල සහ ඩ්‍රෝන් යානා බිම හෙළිය හැකි කිලෝ වොට් 50-60 ශක්තියක් සහිත අවියක්ද නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.හෙල් එම් ඩී අවිය ක්‍රියාත්මක කරන්නේ Xbox පාලකයකට සමාන උපාංගයක් යොදාගෙනය.එක් අයෙක් අවිය සහිත රථය පදවයි අනෙක් පුද්ගලයා අවිය පාලනය කරන උපාංගයත් ඔහුගේ උකුල් පරිගණයකයත් සමග සිටියි.එය ඉලක්කය අඟුල් දැමීමට අවශ්‍ය පද්ධතිය සමග සම්බන්ධව පවතියි.
Laser Weapon System/LaWS නමින් හඳුන්වන මෙම අවි පද්ධතියේ මූලාකෘතිය ඇ.ඩො.මිලියන 40ක් පමණ වේ.සතුරු ඩ්‍රෝන් යානා විනාශ කිරීමට කිලෝ වොට් 30ක බලයක් සහිත පෝටෝන කඳම්බයක් නිර්මාණය කිරීමට මෙම අවියට පුළුවනි.එකිනෙකට පෑස්සූ ලේසර් උත්පාදක හයක් එය සතුය.ඒවා අවසානයේදී තනි අග්‍රයකට විත් සතුරු ඩ්‍රෝන් යානා සහ සතුරු නෞකාවල මාර්ගෝපදේශන පද්ධති වලට හානි කල හැකි පෝටෝන කදම්බයක් මුදා හරියි.මෙම අවියේ මූලාකෘතිය දැනට උභයචර ප්‍රවාහන නෞකාවක් වන යූඑස් එස් පෝන්ස් හි සවිකර තිබේ.එය පර්සියානු බොක්ක ආශ්‍රිතව මුර සංචාර සිදුකරයි.හමුදාවට අනුව මෙම ලේසර් අවි පද්ධතිය ඉතා ලාභදායි එකකි.එක් ලේසර් පහරක් සඳහා එහිදී වැය වන්නේ ඇ.ඩොලරයක් තරම් සුළු මුදලක් බවයි කියවෙන්නේ.
මෙම තාක්ෂණික යෙදුමෙන් කියවෙන්නේ එනම් රේල් ගන්/තුවක්කුව යනු විද්‍යුතය යොදාගෙන විද්‍යුත් චුම්භක ප්රක්ෂිප්තයක් මුදාහරින අවියකි.එය සමාන්තර සන්නායක ගරාදි යුගලක් සහ සර්පණය වන ආමේචරයකින් සමන්විතය.විදුලිය මෙම පද්ධතිය තුලින් ගමන් කරන විට ආමේචරය විද්‍යුත් චුම්භක ආචරණය නිසා ත්වරණය වේ.ඒ නිසා ප්රක්ෂිපතය විසර්ජනය වේ.සාම්පදායික අවිවල මෙන් පිපිරීමේ ක්‍රියාවලියක් මත පදනම් නොවන අවියක් ලෙස මෙය සැලකේ.කෙසේ වෙතත් මෙම අවි පද්ධතියට විවිධ සීමා මායිම් තිබේ.BAE Systems සමාගම විසින් සාර්ථක මෙවැනි වර්ගයේ අවියක් නිපදවා තිබේ.ඉන් නිකුත්වන උණ්ඩයක් මාච් 7.5ක් හෙවත් පැයට කිලෝමීටර් 9200ක ප්‍රවේගයකින් කි.මී. 200කට වැඩි දුරක් ගමන් කරයි.එහි ප්‍රතිඵලයක් වශයෙන් නාවුක පර්යේෂණ කාර්යාලයේ සෘජු මූල්‍ය ආධාර යටතේ මෙම අනාගත හමුදා තාක්ෂණය පන්තියේ ප්‍රහාරක නෞකාවල භාවිතා කිරීමට හැකි සේ දියුණු කිරීමට BAE Systems සමාගමට අවස්ථාව හිමිවිය.ඒ අතරේ BAE Systems ඉංජිනේරුවන් විශාල ප්‍රමාණයේ යුද ටැංකිවල ස්ථාපනය කල හැකි රේල් ගන් සංස්කරණ නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.තවද ප්‍රමාණයෙන් කුඩා අවි එක්සත් ජනපද හමුදාවේ ඊළඟ පරපුරේ Future Fighting Vehicles (FFV) සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබේ.
මෙතෙක් වේලා අප කතා කලේ ලේසර් අවි සහ රේල් ගන් ගැනයි.BAE System සමාගමේ තවත් සාර්ථක අවියක් වන්නේ අධි නියතාර්ථය මරණීය අවි පද්ධතියයි.මෙය අර්ධ-සක්‍රීය ලේසර්-නියාමක යාන්ත්‍රණයක් සහිත අති නියතාර්ථය රොකට් පද්ධතියකි.එය නිර්මාණය කර තිබෙන ආකාරය නිසා බාහිර වෙනස් කිරීම්වලින් තොරව නියාමක නොවන හයිඩ්‍රා රොකට්ටුවක් නියාමක රොකට්ටුවක් බවට පරිවර්තනය කල හැකිය.(රොකට් දියත්කරණයේ හෝ යානයේ නවීකරණය කිරීම්වලින් තොරව මෙම අවි පද්ධතිය භාවිතා කල හැකි වීම විශේෂත්වයයි - plug-and-play, point-and-shoot system)මෙම රොකට්ටුවක් කොටස් තුනකින් සමන්විතය.මධ්‍යයේ තිබෙන්නේ මුදා හැරිය පසුව එහි පියාසැරිය පාලනය කරන පියාපත්ය.ඒවාහි ඉලක්කය මතට එල්ල වූ ලේසර් කදම්භය සොයාගන්නා සංවේදකය බැගින් අඩංගුය.මෙම අවිය මිනිසුන් සහිත හෝ රහිත(ඩ්‍රෝන් යානා) සමග භාවිතා කල හැකිය.මුහුද,ගොඩබිම හෝ ගුවන් ඉලක්ක සඳහා මෙම අවිය භාවිතා කල හැකි අතර එහි නිරවද්‍යතාවය 93%ක් පමණ වන බව පැවසේ.දැනට මෙම අවිය ඉතා සාර්ථකව ඇමෙරිකානු හමුදාව විසින් අත්හදා බලා තිබේ.Hawker Beechcraft AT-6C යානය,MH-60S හෙලිකොප්ටරය මෙන්ම A-10 Warthog ජෙට් ප්‍රහාරක යානය සමගත් එය අත්හදාබලා ඇත.
2013 වර්ෂයේ CES ප්‍රදර්ශනයේදී නියතාර්ථය-නියාමක ගිනිඅවි පෙළ(ලිනක්ස් තුවක්කුව - ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකින් පාලනය වේ)TrackingPoint නම් සමාගම විසින් එළිදක්වන ලදි.එය ලේසර් පරාස සෙවීමේ උපාංගයක් සහ පරිගණකයකින් සමන්විත විය.මෙය ස්මාට් ස්නයිපර් රයිපලයක් ලෙස හැඳින්වේ.ඊට සුළඟ වේගය ,ඉලක්කයේ චලනය ආදිය අනුව වෙඩි තැබිය යුතු ස්ථානය ගණනය කර දෙයි.ඔබ පවතින තත්ත්වයන් යටතේ වෙඩි තැබුව හොත් එය පතිත වන ස්ථානයද පෙන්වා දෙයි.එහි නිරවද්‍ය පහරක් යාර 1200 හෙවත් සැතපුම් 0.68/කි.මී.1.1ක් දුර ගමන් කරයි.2015 වසරේ හඳුන්වාදුන් ලිනක්ස් අවිය එනම් Mile Maker අවියට සැතපුමක් දුරට වෙඩි තැබීමේ හැකියාව තිබේ(යාර 1800/සැ.1.02/කි.මී.1.64)තවද පැයට සැතපුම් 30ක වේගයෙන් චලනය වන ඉලක්කයකට නිවැරදිව වෙඩි තබන්නටද එම අවිය සමත්ය.දෘඪාංග සහ මෘදුකාංගවල වැඩිදියුණු කිරීම් හමුවේ මෙම දියුණුව අත්කරගෙන තිබේ.අවියේ නව සංස්කරණයට වෙඩික්කරුගේ ඉලක්ක ගැනීම්/ඔහුට පෙනෙන දර්ශනය සජීවීව වෙනත් පාර්ශ්වයකට දැකබලා ගැනීමට සැලැස්විය හැකිය.අත්දැකීම් රහිත පුද්ගලයෙකුට මයිල් මේකර් අවිය භාවිතා කර යාර 1000ක් දක්වා වූ දුරක ඉලක්ක වෙත 70%ක නිරවද්‍යතාවයකින් වෙඩි තැබිය හැකිය.මෙහි තිබෙන සුවිශේෂීත්වය නිසා එක්සත් ජනපද හමුදාව අත්හදා බැලීම සඳහා අවි කිහිපයක් මිලදීගත් බව වාර්තා වේ.
MQ-8C Fire Scout යනු Northrop Grumman සමාගම නිර්මාණය කල එක්සත් ජනපද නාවික හමුදාව සතු දියුණුතම ඩ්‍රෝන් හෙලිකොප්ටර් යානයයි.එය MQ-8B නම් කුඩා පරිමාණයේ යානයේ අනුප්‍රාප්තිකයා වේ.MQ-8B යානය ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් සඳහා යොදාගත් බව සඳහන් වේ.MQ-8C යානය නිර්මාණය කර තිබෙන්නේ බෙල් 407 හෙලිකොප්ටරය ඇසුරෙන්ය.තවද එය නවතම රෝල්ස්-රෝයිස් 250-සී47ඊ එන්ජිමකින් සහ අලුත් ඉන්ධන ටැංකියකින් යාවත්කාලීන කර තිබෙන්නේ එකදිගට පැය 12ක් ගුවනේ ගත කල හැකි පරිද්දෙනි.එහි පරාසය සැතපුම් 170/කි.මී.280කි.ඊට කි.ග්රෑ.318ක බරක් රැගෙන පියාසර කල හැකිය.USS Jason Dunham නෞකාව මත සාර්ථක ගොඩබෑම සහ එහි සිට ගුවන් ගත වීම සිදුකල නිසා යානය ඇමෙරිකානු නාවික හමුදාවේ පළමු ඩ්‍රෝන් හෙලිකොප්ටරය වීමට සුදුසුකම් ලබා ඇතැයි සිතේ.
Source:hexapolis.com
-HarshaLulzSec-

හෙල් එම්ඩී පෝටෝන් අවිය - High Energy Laser Mobile Demonstrator (HEL MD)

ලේසර් අවි පද්ධතිය - Laser Weapon System/LaWS
Laser Weapon System/LaWS නමින් හඳුන්වන මෙම අවි පද්ධතියේ මූලාකෘතිය ඇ.ඩො.මිලියන 40ක් පමණ වේ.සතුරු ඩ්‍රෝන් යානා විනාශ කිරීමට කිලෝ වොට් 30ක බලයක් සහිත පෝටෝන කඳම්බයක් නිර්මාණය කිරීමට මෙම අවියට පුළුවනි.එකිනෙකට පෑස්සූ ලේසර් උත්පාදක හයක් එය සතුය.ඒවා අවසානයේදී තනි අග්‍රයකට විත් සතුරු ඩ්‍රෝන් යානා සහ සතුරු නෞකාවල මාර්ගෝපදේශන පද්ධති වලට හානි කල හැකි පෝටෝන කදම්බයක් මුදා හරියි.මෙම අවියේ මූලාකෘතිය දැනට උභයචර ප්‍රවාහන නෞකාවක් වන යූඑස් එස් පෝන්ස් හි සවිකර තිබේ.එය පර්සියානු බොක්ක ආශ්‍රිතව මුර සංචාර සිදුකරයි.හමුදාවට අනුව මෙම ලේසර් අවි පද්ධතිය ඉතා ලාභදායි එකකි.එක් ලේසර් පහරක් සඳහා එහිදී වැය වන්නේ ඇ.ඩොලරයක් තරම් සුළු මුදලක් බවයි කියවෙන්නේ.
පරීක්ෂණාත්මක විද්‍යුත් චුම්භක රේල් අවිය - EM Rail Gun
මෙම තාක්ෂණික යෙදුමෙන් කියවෙන්නේ එනම් රේල් ගන්/තුවක්කුව යනු විද්‍යුතය යොදාගෙන විද්‍යුත් චුම්භක ප්රක්ෂිප්තයක් මුදාහරින අවියකි.එය සමාන්තර සන්නායක ගරාදි යුගලක් සහ සර්පණය වන ආමේචරයකින් සමන්විතය.විදුලිය මෙම පද්ධතිය තුලින් ගමන් කරන විට ආමේචරය විද්‍යුත් චුම්භක ආචරණය නිසා ත්වරණය වේ.ඒ නිසා ප්රක්ෂිපතය විසර්ජනය වේ.සාම්පදායික අවිවල මෙන් පිපිරීමේ ක්‍රියාවලියක් මත පදනම් නොවන අවියක් ලෙස මෙය සැලකේ.කෙසේ වෙතත් මෙම අවි පද්ධතියට විවිධ සීමා මායිම් තිබේ.BAE Systems සමාගම විසින් සාර්ථක මෙවැනි වර්ගයේ අවියක් නිපදවා තිබේ.ඉන් නිකුත්වන උණ්ඩයක් මාච් 7.5ක් හෙවත් පැයට කිලෝමීටර් 9200ක ප්‍රවේගයකින් කි.මී. 200කට වැඩි දුරක් ගමන් කරයි.එහි ප්‍රතිඵලයක් වශයෙන් නාවුක පර්යේෂණ කාර්යාලයේ සෘජු මූල්‍ය ආධාර යටතේ මෙම අනාගත හමුදා තාක්ෂණය පන්තියේ ප්‍රහාරක නෞකාවල භාවිතා කිරීමට හැකි සේ දියුණු කිරීමට BAE Systems සමාගමට අවස්ථාව හිමිවිය.ඒ අතරේ BAE Systems ඉංජිනේරුවන් විශාල ප්‍රමාණයේ යුද ටැංකිවල ස්ථාපනය කල හැකි රේල් ගන් සංස්කරණ නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.තවද ප්‍රමාණයෙන් කුඩා අවි එක්සත් ජනපද හමුදාවේ ඊළඟ පරපුරේ Future Fighting Vehicles (FFV) සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබේ.
අධි නියතාර්ථය මරණීය අවි පද්ධතිය - Advanced Precision Kill Weapon System
මෙතෙක් වේලා අප කතා කලේ ලේසර් අවි සහ රේල් ගන් ගැනයි.BAE System සමාගමේ තවත් සාර්ථක අවියක් වන්නේ අධි නියතාර්ථය මරණීය අවි පද්ධතියයි.මෙය අර්ධ-සක්‍රීය ලේසර්-නියාමක යාන්ත්‍රණයක් සහිත අති නියතාර්ථය රොකට් පද්ධතියකි.එය නිර්මාණය කර තිබෙන ආකාරය නිසා බාහිර වෙනස් කිරීම්වලින් තොරව නියාමක නොවන හයිඩ්‍රා රොකට්ටුවක් නියාමක රොකට්ටුවක් බවට පරිවර්තනය කල හැකිය.(රොකට් දියත්කරණයේ හෝ යානයේ නවීකරණය කිරීම්වලින් තොරව මෙම අවි පද්ධතිය භාවිතා කල හැකි වීම විශේෂත්වයයි - plug-and-play, point-and-shoot system)මෙම රොකට්ටුවක් කොටස් තුනකින් සමන්විතය.මධ්‍යයේ තිබෙන්නේ මුදා හැරිය පසුව එහි පියාසැරිය පාලනය කරන පියාපත්ය.ඒවාහි ඉලක්කය මතට එල්ල වූ ලේසර් කදම්භය සොයාගන්නා සංවේදකය බැගින් අඩංගුය.මෙම අවිය මිනිසුන් සහිත හෝ රහිත(ඩ්‍රෝන් යානා) සමග භාවිතා කල හැකිය.මුහුද,ගොඩබිම හෝ ගුවන් ඉලක්ක සඳහා මෙම අවිය භාවිතා කල හැකි අතර එහි නිරවද්‍යතාවය 93%ක් පමණ වන බව පැවසේ.දැනට මෙම අවිය ඉතා සාර්ථකව ඇමෙරිකානු හමුදාව විසින් අත්හදා බලා තිබේ.Hawker Beechcraft AT-6C යානය,MH-60S හෙලිකොප්ටරය මෙන්ම A-10 Warthog ජෙට් ප්‍රහාරක යානය සමගත් එය අත්හදාබලා ඇත.
නියතාර්ථය නියාමක ගිනිඅවි පෙළ - Precision-Guided Firearm
2013 වර්ෂයේ CES ප්‍රදර්ශනයේදී නියතාර්ථය-නියාමක ගිනිඅවි පෙළ(ලිනක්ස් තුවක්කුව - ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකින් පාලනය වේ)TrackingPoint නම් සමාගම විසින් එළිදක්වන ලදි.එය ලේසර් පරාස සෙවීමේ උපාංගයක් සහ පරිගණකයකින් සමන්විත විය.මෙය ස්මාට් ස්නයිපර් රයිපලයක් ලෙස හැඳින්වේ.ඊට සුළඟ වේගය ,ඉලක්කයේ චලනය ආදිය අනුව වෙඩි තැබිය යුතු ස්ථානය ගණනය කර දෙයි.ඔබ පවතින තත්ත්වයන් යටතේ වෙඩි තැබුව හොත් එය පතිත වන ස්ථානයද පෙන්වා දෙයි.එහි නිරවද්‍ය පහරක් යාර 1200 හෙවත් සැතපුම් 0.68/කි.මී.1.1ක් දුර ගමන් කරයි.2015 වසරේ හඳුන්වාදුන් ලිනක්ස් අවිය එනම් Mile Maker අවියට සැතපුමක් දුරට වෙඩි තැබීමේ හැකියාව තිබේ(යාර 1800/සැ.1.02/කි.මී.1.64)තවද පැයට සැතපුම් 30ක වේගයෙන් චලනය වන ඉලක්කයකට නිවැරදිව වෙඩි තබන්නටද එම අවිය සමත්ය.දෘඪාංග සහ මෘදුකාංගවල වැඩිදියුණු කිරීම් හමුවේ මෙම දියුණුව අත්කරගෙන තිබේ.අවියේ නව සංස්කරණයට වෙඩික්කරුගේ ඉලක්ක ගැනීම්/ඔහුට පෙනෙන දර්ශනය සජීවීව වෙනත් පාර්ශ්වයකට දැකබලා ගැනීමට සැලැස්විය හැකිය.අත්දැකීම් රහිත පුද්ගලයෙකුට මයිල් මේකර් අවිය භාවිතා කර යාර 1000ක් දක්වා වූ දුරක ඉලක්ක වෙත 70%ක නිරවද්‍යතාවයකින් වෙඩි තැබිය හැකිය.මෙහි තිබෙන සුවිශේෂීත්වය නිසා එක්සත් ජනපද හමුදාව අත්හදා බැලීම සඳහා අවි කිහිපයක් මිලදීගත් බව වාර්තා වේ.
ෆයර් ස්කව්ට් ඩ්‍රෝන් හෙලිකොප්ටරය - MQ-8C Fire Scout