යුගන්ධරය දෙදරීම

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම හිතනවා ඔයා මට වඩා අවුරුද්දක් දෙකක් විතර වැඩිමහල් ඇති කියල. ඒ හන්ද අය්යේ කියල කියන්නම්. ඔයා බුද්ධිමත් කෙනෙක් හන්ද මම මගේ අවංක අදහසම දෙන්නම්. ඔයාගේ නිර්මාණය සාහිත්‍යමය ගුණයෙන් පෝෂිතයි. හරබර වචන පෙළක් ගොනු කරලා නිර්මාණයේ අදහස ගොඩ නගලා තියනවා. නමුත් ඔයාගේ හිතේ තියන කම්පනය මේ නිර්මාණයෙන් 100%ක් නිරූපණය වෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස. මේ නිර්මාණය කියවන කෙනා මුලින්ම කරන්නේ මේකේ හරබර වචන ටික තේරුම් කරලා තමන්ගේ ඔලුවට එන අදහස තේරුම් ගන්න උත්සාහයක යෙදෙන එකයි. එතනදී සංවේදී භාවය අඩු වෙනවා. එතැනදී රස විඳීමක් සිද්ද වෙනවා උනාට, ඔයා දෙන්න උත්සහ කරන ශෝකාත්මක වින්දනය හදවතට දැනෙනවා අඩුයි. මෙතනදී මීට වඩා සරල භාෂාවකින් ගැඹුරු අදහසක් දෙන්න (ඔයාලගේ වචන වලින් කියනවා නම් බොක්කටම වදින්න) උතසහ කළා නම් මේ නිර්මාණය මීට වඩා ගොඩක් සාර්ථක වේවි කියන එකයි මගේ අදහස. අපි නිර්මාණ කරද්දී මිනිස්සුන්ගේ හිත් අත ගාන වචන ටිකකින් කතා කරන තරමට තමයි මිනිස්සු ඒවා තමන්ගේ කරගෙන විඳින්නේ. ඒ මම නිර්මාණ කරද්දී අනුගමනය කරන රීතිය. එත් ඉතින් අය්යට ඒක ගැන තියන ආකල්පය කොහොමද කියන්න මම දන්නේ නැහැ. කොහොම උනත් අය්යගේ සිංහල භාෂා දැනුම නම් අති විශිෂ්ටයි. එයත් කිව යුතුමයි.:yes:

මේකට නං
රිදෙයි ද? :eek:
ඔකඳ වෙයි ද? ;)
උද්දීපනය වෙයි ද? :lol:
දන්නේ නෑ! :D
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මේකට දල තිබුන ඔයාගේම comment කියවලා, ඔයාගේ හිතේ වේදනාවයි වචන ටිකයි මගේ වචන වලට හැරෙව්වා. :)

හිස් බඳුනෙ අඩියෙන් නුඹ එබී
පුච්චලා හිනාවෙයි මගේ හිත
ඇස් තදින් පියාගෙන හිස්කරමි
නිවාපන් රිදුනු හිත මධු විත...
වැහි නැති දාක ආ හෙන හත
හත් කඩකට පලා මගෙ හිත
නුඹ නිදා උන් ගැඹුරුම තැනින්
අවදි වී රැඳුනා ඇස් කොනක...
පමා වී රැක ගන්න හිතනකොට
හදන්නට බැරි තරම් කැඩී හිත
නුඹ දැවී ගිය වග ඇසෙද්දී
මධු විතත් දැනෙන්නේ සීතලට...

-දෙව්රංගි-

මේකට නං රිදෙයි! :eek: :yes: :D
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැති වෙච්ච කෙනා ජිවත් උනත් මලා හා සමානයි වගේ ලියල තියනවා. එක වෙන්න ඇත්තේ ඔයාගේ නිසි අවදානය නොලැබීම නොසැලකිල්ල නිසා... කොහොම උනත් ඔය විදවනවා.

    එක දෙයක්!
    ඕනි දෙයක් සරල වෙන තරමට ලස්සනයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතනවා ඔයා මට වඩා අවුරුද්දක් දෙකක් විතර වැඩිමහල් ඇති කියල. ඒ හන්ද අය්යේ කියල කියන්නම්. ඔයා බුද්ධිමත් කෙනෙක් හන්ද මම මගේ අවංක අදහසම දෙන්නම්. ඔයාගේ නිර්මාණය සාහිත්‍යමය ගුණයෙන් පෝෂිතයි. හරබර වචන පෙළක් ගොනු කරලා නිර්මාණයේ අදහස ගොඩ නගලා තියනවා. නමුත් ඔයාගේ හිතේ තියන කම්පනය මේ නිර්මාණයෙන් 100%ක් නිරූපණය වෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස. මේ නිර්මාණය කියවන කෙනා මුලින්ම කරන්නේ මේකේ හරබර වචන ටික තේරුම් කරලා තමන්ගේ ඔලුවට එන අදහස තේරුම් ගන්න උත්සාහයක යෙදෙන එකයි. එතනදී සංවේදී භාවය අඩු වෙනවා. එතැනදී රස විඳීමක් සිද්ද වෙනවා උනාට, ඔයා දෙන්න උත්සහ කරන ශෝකාත්මක වින්දනය හදවතට දැනෙනවා අඩුයි. මෙතනදී මීට වඩා සරල භාෂාවකින් ගැඹුරු අදහසක් දෙන්න (ඔයාලගේ වචන වලින් කියනවා නම් බොක්කටම වදින්න) උතසහ කළා නම් මේ නිර්මාණය මීට වඩා ගොඩක් සාර්ථක වේවි කියන එකයි මගේ අදහස. අපි නිර්මාණ කරද්දී මිනිස්සුන්ගේ හිත් අත ගාන වචන ටිකකින් කතා කරන තරමට තමයි මිනිස්සු ඒවා තමන්ගේ කරගෙන විඳින්නේ. ඒ මම නිර්මාණ කරද්දී අනුගමනය කරන රීතිය. එත් ඉතින් අය්යට ඒක ගැන තියන ආකල්පය කොහොමද කියන්න මම දන්නේ නැහැ. කොහොම උනත් අය්යගේ සිංහල භාෂා දැනුම නම් අති විශිෂ්ටයි. එයත් කිව යුතුමයි.:yes:

    දත් කිඹුලා සහෝදරයා මගෙන් අදහසක් විමසුවා, එයාගේ නිර්මාණය ගැන ඉතින් මම මගේ අදහස ප්‍රකාශ කළා. :cool::cool::cool::)

    මේකට දල තිබුන ඔයාගේම comment කියවලා, ඔයාගේ හිතේ වේදනාවයි වචන ටිකයි මගේ වචන වලට හැරෙව්වා. :)

    හිස් බඳුනෙ අඩියෙන් නුඹ එබී
    පුච්චලා හිනාවෙයි මගේ හිත
    ඇස් තදින් පියාගෙන හිස්කරමි
    නිවාපන් රිදුනු හිත මධු විත...
    වැහි නැති දාක ආ හෙන හත
    හත් කඩකට පලා මගෙ හිත
    නුඹ නිදා උන් ගැඹුරුම තැනින්
    අවදි වී රැඳුනා ඇස් කොනක...
    පමා වී රැක ගන්න හිතනකොට
    හදන්නට බැරි තරම් කැඩී හිත
    නුඹ දැවී ගිය වග ඇසෙද්දී
    මධු විතත් දැනෙන්නේ සීතලට...

    -දෙව්රංගි-
    ඔබතුමිය ගේ විමර්ශනශීලි විචාරය පිළිබදව හද පිරි තුතිය පළ කරමි.

    මාගේ කාව්‍ය ආඛ්‍යයන රීතිය මදක් වෙනස් බව ඇත්තය. මා බොහෝ සේවනය කර ඇත්තේ පැරණි සාහිත්‍යයයි. ඒ ආභාෂය මගේ කවි වලට ඒම අරුමයක් නොවේ එබැවින්.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔබතුමිය ගේ විමර්ශනශීලි විචාරය පිළිබදව හද පිරි තුතිය පළ කරමි.

    මාගේ කාව්‍ය ආඛ්‍යයන රීතිය මදක් වෙනස් බව ඇත්තය. මා බොහෝ සේවනය කර ඇත්තේ පැරණි සාහිත්‍යයයි. ඒ ආභාෂය මගේ කවි වලට ඒම අරුමයක් නොවේ එබැවින්.

    :):):)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේකට දල තිබුන ඔයාගේම comment කියවලා, ඔයාගේ හිතේ වේදනාවයි වචන ටිකයි මගේ වචන වලට හැරෙව්වා. :)

    හිස් බඳුනෙ අඩියෙන් නුඹ එබී
    පුච්චලා හිනාවෙයි මගේ හිත
    ඇස් තදින් පියාගෙන හිස්කරමි
    නිවාපන් රිදුනු හිත මධු විත...
    වැහි නැති දාක ආ හෙන හත
    හත් කඩකට පලා මගෙ හිත
    නුඹ නිදා උන් ගැඹුරුම තැනින්
    අවදි වී රැඳුනා ඇස් කොනක...
    පමා වී රැක ගන්න හිතනකොට
    හදන්නට බැරි තරම් කැඩී හිත
    නුඹ දැවී ගිය වග ඇසෙද්දී
    මධු විතත් දැනෙන්නේ සීතලට...

    -දෙව්රංගි-
    ඇඩෙනවා :(..
    මට මගේ නොවන මගේම ආදරයක් තිබ්බ ඔක්කොටම මේක වටිනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බන් , ඉදල වැඩක් නැ මේ ත්‍රෙඩ් එක කියවනකොට :(
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    යුගන්ධරය දෙදරීම.

    [FONT=&quot]මහා අසනියක්[/FONT]
    [FONT=&quot]දෙසවන පතිත වූ ලෙද[/FONT]
    [FONT=&quot]තෙළබනුව හඩ නගා[/FONT]
    [FONT=&quot]එපවත් දැන්වීය මට......[/FONT]

    [FONT=&quot]රැකගත යුතු වු නුඹ[/FONT]
    [FONT=&quot]රැක ගනු නොහැකි වූ බව[/FONT]
    [FONT=&quot]පසක් වන විට දි මට[/FONT]
    [FONT=&quot]බියෙන් සහ වේදනාවෙන්[/FONT]
    [FONT=&quot]දැවී හළු වී අහවරය නුඹ................[/FONT]

    [FONT=&quot]මධු ඔඩම පත්ලේ[/FONT]
    [FONT=&quot]දකිනා විට නුඹ රුව[/FONT]
    [FONT=&quot]ඇවිලේය යුගන්ධර ගිනි දැල්[/FONT]
    [FONT=&quot]හදවත බිදින රහසින්............[/FONT]

    [FONT=&quot]“පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ[/FONT]
    [FONT=&quot]එමතුද නොව සම් විනිවිද මස් විනිවිද යේ...........“[/FONT]1
    [FONT=&quot]නැත එය නොවේ.............[/FONT]

    [FONT=&quot]“එම්බා ධර්මපාලය,[/FONT]
    [FONT=&quot]තගේ පුතු මියේයැ, උහු දවා පියා අස්ථි රැගෙන ආමි....[/FONT]
    [FONT=&quot]නැත.....[/FONT]
    [FONT=&quot]පස් පවින් වැළකි අපේ පරපුරේ[/FONT]
    [FONT=&quot]අකල් මරණ නොමැත්තේයැ.........................“[/FONT]2
    [FONT=&quot]නැතැ...එය ද නොව...............[/FONT]

    [FONT=&quot]“මම තගේ වංශය ද[/FONT]
    [FONT=&quot]ස්ත්‍රිය ගේ වංශය අතර ද සදා සතුරු කම් තබන්නෙමි.......[/FONT]
    [FONT=&quot]තා ඇගේ විළුඹ පොඩි කරන්නෙහි ය.....[/FONT]
    [FONT=&quot]ඈ තගේ හිස පොඩි කරන්නේහිය...................“[/FONT]3

    [FONT=&quot]හිස නැවේ පහලට...[/FONT]
    [FONT=&quot]කදුළු බිදුවක් වැටෙයි හෙමිහිට.............[/FONT]

    1-සුදොවුන් මහරජාණන් සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ වෙත පුත්‍රස්නේහය පිළිබදව කියූ අඛ්‍යයන කාව්‍යය
    2-මහා ධර්මපාල ජාතකය
    3-ශුද්ධ වූ බයිබලය-උප්පත්ති කතාව

    [FONT=&quot]මේ එළකිරි අඩවිය තුල මා ලිය එළිදක්වන පළමු කාව්‍යයයි. අද දින සිදුවූ හද දෙදරවන තරම් කළකිරීමක් මෙය ට පාදක වී ඇත.[/FONT]
    [FONT=&quot]විදීම ඔබ සතුය.................
    [/FONT]

    mata oya karume hondatama vindawanna una 2010 world cup ekin passe...
    thaamath aduma dawasata 3/4 wathawak wath mathak wenawa ban...

    kimbulata mathakada danne nee needa?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මොකක්ද බන් මේ දෙදරලා තියෙනවා කියන්නේ?:eek:
     
    JCT

    Junior member
  • Sep 29, 2008
    114
    4
    18

    සම්බන්ධිත අවස්ථාවක් ලෙස ගත් කල මේ ප්‍රරපන්චිතය තුල කිසිම නිර්මාණාත්මක විදිහේ ප්‍රරපන්චිතයක් නිර්මාණය වෙලා නෑ
    හැබැයි මේ සන්ථර්භය තුල අවස්ථෝචිත අභිවුභගමනයක් තියනවා.මෙහි තියනවා එක්තරා විදියක බහු මාන අධිපතිකාරී ලක්ෂණයක් හැබැයි ඒ ලක්ෂණ ප්‍රතිනිර්මාණය වෙන්නෙ නෑ.

    ප්‍රපන්චිතය තුල ඇති වන අධිවේඝකාරී ප්‍රසාරණීය සහ විඝර්ණීය සහ විගණන අන්0ශය, සරල රෙඛාවක් තීර්යක් රේඛාවකින් කැපී ගිය කල ඇති වන අනුරුප කොණ සහ ඒකාන්තර කොණ ඒ වගේ දෙවල් ඇතිවන ප්‍රසාරනය සහ විගණ්නය විශ්ලේෂණයෙන් ඇති වන සීර්ෂනය නිසා ඇති වන්නේ අමුතුම ආශ්වදයකි.

    gahen wetuna minihta gona anna wage.....