යුග දිවියට බොදු උපදෙස්...

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
යුග දිවියට බොදු උපදෙස්...

විවාහය ගිහිජීවිතයේ සංස්කෘතික අංගයක් වන අතර සාර්ථක යුග දිවියක් උදෙසා වන සදාචාරාත්මක උපදේශ පද්ධතියක් බුදු සමය තුළ නිර්දේශිතයි. බුදුදහම වැනි විරාගික වූ විමුක්ති මාර්ගයක් දේශනා කොට ඇති සමයක් විවාහය වැනි ලෞකික රසාස්වාදයක් කෙරෙහි සිත යොමුකෙරෙන කරුණු ඉදිරිපත් වන්නේ කෙසේදැයි කෙනෙකුට විමසිය හැකිය. සසර භය දැක ජීවිත යථාර්ථය පසක්කොට ආත්ම විමුක්තිය උදෙසා නිවන් මගට පිළිපන් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ විරාගීචරණය අනුගමනය කිරීම අනිවාර්ය වේ

මානව චර්යාවන් හී පැවතිය යුතු ගෞරවණීයත්වය සහතික කරන සම්මත න්‍යායන් සමාජයේ ගුණාත්මක බව ආරක්ෂා කර දෙයි. එවැනි එක් සම්මතයකි විවාහය. කාන්තාවක් හා පිරිමියෙක් අඹුසැමියන් ලෙස නීතිමය බැඳීමකට ලක් කිරීමට විවාහය සමත් වෙයි.

විවාහය ගිහිජීවිතයේ සංස්කෘතික අංගයක් වන අතර සාර්ථක යුග දිවියක් උදෙසා වන සදාචාරාත්මක උපදේශ පද්ධතියක් බුදු සමය තුළ නිර්දේශිතයි.

බුදුදහම වැනි විරාගික වූ විමුක්ති මාර්ගයක් දේශනා කොට ඇති සමයක් විවාහය වැනි ලෞකික රසාස්වාදයක් කෙරෙහි සිත යොමුකෙරෙන කරුණු ඉදිරිපත් වන්නේ කෙසේදැයි කෙනෙකුට විමසිය හැකිය. සසර භය දැක ජීවිත යථාර්ථය පසක්කොට ආත්ම විමුක්තිය උදෙසා නිවන් මගට පිළිපන් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ විරාගීචරණය අනුගමනය කිරීම අනිවාර්ය වේ. නමුදු කාමභෝගී ගිහි සාමජය තුළ විරාගී චරණය අනිවාර්ය නොවේ. ඔවුන් ලෞකිකත්වය තුළ සරමින් සැප විහරණයෙන් ගත කළ යුතුවේ. නමුත් එම කාමභෝගී ගිහි සමාජය තම තමන්ගේ ආත්මීය අවශ්‍යතා වෙනුවෙන් විනාශකර නොගත යුතු පිළිවෙත් මාලාවක් ද ඇත.

බෞද්ධ සාහිත්‍යයේ මෙවැනි සිදුවීමක් ගැන සඳහන් වේ. දිනක් සක්දෙව් රජ විසින් මනු ලොව දෙසට වන්දනා කරනු ලබයි. සිය රියදුරු මාතලී දිව්‍ය පුත්‍රයා මේ පිළිබඳ කළ විමසීමක දී සක් දෙවිඳු ප්‍රකාශ කළේ මෙවැන්නකි.

යේ ගහට්ඨා පුඤ්ඤකරා සීලවතෝ උපාසකා
ධම්මේන ධාරාං පෝසන්තී තං නමස්සාමි මාතලී

“මාතලී යම්කිසි ගිහි උපාසකයෙක් කුසල් දහම් රැස්කරමින් තම භාර්යාව ධර්මානුකූලව පෝෂණය කරන්නේ නම් මම ඔහුට නමස්කාර කරමි...” යන්න එහි අදහසයි.

මෙයින් පෙනී යන්නේ බෞද්ධ ගිහි උපාසකයා යනු විවාහක තැනැත්තෙකු ලෙස පිළිගත් බවයි. බෞද්ධ ඉගැන්වීම් අතර විවිධ සූත්‍ර දේශනා වල ගිහියා යනු විවාහක පුද්ගලයෙකුසේ සලකා කළ දේශනා දක්නට ලැබේ. සිඟාලෝවාද , මංගල, පරාභව, වසල වැනි සූත්‍ර වල පැහැදිලි කර ඇති ගිහි විනය හා යුතුකම් වගකීම් පද්ධතිය වලංගු වන්නේ විවාහක ගිහි උපාසකයාටයි. අන්‍යෝන්‍ය විශ්වාසයෙන් හා ආදරයෙන් බැඳී සිටින විට පේ‍්‍රමණීය යුවතිපතියන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්විය. නකුලමාතා නකුලපිතා එවැනි යුවලකි.

අවිවාහක හෙවත් අඹුසැමි සබඳතාවන්ගෙන් තොරව ගත කරන ජීවිතය බ්‍රහ්මචාරී පිළිවෙතක් ලෙස පිළිගන්නා බුදුසමය,ස්වදාර සන්තුෂ්ඨියෙන් ගත කරන ජීවිතය ගෘහස්ථ බ්‍රහ්මචරියාව ලෙස පිළිගනී. පරදාර සේවනයෙන් තොර වූ ගිහි උපාසකයා ගත කරන්නේද බ්‍රහ්මචාරි දිවි පෙවතකි යන්න මින් තහවුරු වෙයි. එය ගිහි බඹසර නම් වේ.

මේ අනුව විවාහය යනු යහපත් මිනිසෙක් හා යහපත් කාන්තාවක් එක් වීමෙන් ගොඩනගන සදාචාර සම්පන්න ප්‍රතිපත්ති පිරීමක් බව පිළිගත හැකිය. එය සැමියා වෙනුවෙන් බිරිඳ විසින් පුරනු ලබන පතිවත හා සිය බිරිය වෙනුවෙන් සැමියා විසින් පුරනු ලබන පතිනිවත විවාහයක උදාරතර අරුත සනිටුහන් කරයි.

විවිධ අදහස්, සිතුම් පැතුම් සහිත දෙදෙනෙක් විවාහය නමැති රැහැනින් එක් වී එක් අරමුණක ගමන් කිරීම විශිෂ්ට වූ ප්‍රතිපදාවකි. බුදු සමය වැනි උදාරතර ආගමක් එම ප්‍රතිපදාවේ සැබෑම යථාර්ථය සමාජයට තිළිණ කරයි. යහපත් බිරිඳක් හා සැමියෙක් එකට වාසය කිරීමේ දී ඉස්මතු වන විවිධ ගැටලු තම යුග දිවියට බාධකයක් බවට පත් කර නොගනී. ඔවුනොවුන් බුද්ධිමත්ව සාකච්ඡා කොට එම අභියෝග ජයගනී.මේ අනුව විවාහයේදී අඹුසැමියන්ගේ සිතුම් පැතුම් වල සමාන අසමානකම් සැලකිල්ලට ගෙන සතර ආකාරයේ පවුල් සංස්ථාවක් ගැන බෞද්ධ දර්ශනයෙන් පෙන්වා දෙයි.එනම්

1. මළමිනියක් මළමිනියක් හා විසීම
2. මළමිනියක් දෙව්දුවක හා විසීම
3. දේව පුත්‍රයෙක් දෙව්දුවක හා විසීම
4. දේව පුත්‍රයෙක් මළමිනියක් හා විසීම වේ.

මෙහිදී මළමිනියක් ලෙස අර්ථ දක්වා ඇත්තේ ඇදැහැමි, උදාසීන,පහත් ගති සිරිත් ඇති කාන්තාවන් හා මිනිසුන්ය. සදාචාර සම්පන්න විනීත ගති පැවතුම් ඇති ස්ත්‍රි පුරුෂයන් දේව යන්නෙන් අදහස් කරයි.

බිරිඳත් සැමියාත් දෙදෙනාම ප්‍රගතිශීලි ගති පැවතුමින් තොරව උදාසීනව හා දුසිරිතට බරව ජීවිතගත කරන්නේ නම් ඒ පවුල් සංස්ථාව දියුණුවට පත්නොවන්නා සේම අතෘප්තියෙන් හා අසහනයෙන් යුතුව කල්ගත කිරීමට සිදුවේ. ඉවසීමෙන් තොරව ජීවන ගැටලු හිසමත රුවාගෙන අඩදඹර හා කලකෝලාහල වලින් යුතුව පවුල් ජීවිත ගත කරන අඹුසැමියෝ විවාහය නමැති උතුම් පිළිවෙත ඉතා අභාග්‍ය සම්පන්න ලෙස විනාශයට පත් කර ගනී.

දේව පුත්‍රයෙක් බඳු සැමියෙකු දෙව්දුවක් වැනි බිරිදක් සමඟ ගත කරන සුන්දර වූ පුණ්‍යවන්ත ජීවිතය මුළු මහත් මානව සමාජයටම ආශිර්වාදයකි. ඔවුන්ගෙන් බිහි වන දරු සම්පත අනිවාර්යයෙන්ම දේව දූතයන් සේ ලෝකය සුවපත් කරන්නට හුරුපුරුදු වෙති.

යහපත් යුග දිවියකට “බිරිඳ” යන සාධකය ප්‍රබල ලෙස බලපානු ලබයි. බිරිඳගේ ඇතැම් ගති පැවතුම් සැමියාගේ චර්යාවන් වුවද යහපත් හා ගුණාත්මක බවකින් පවත්වා ගැනීමට සමත් වෙති. එවැනි භාර්යාවන් සත් දෙනෙකු ගැන බුදුදහමේ දැක්වෙන්නේ මෙසේය.

1. වධකයෙකු වැනි බිරිඳක්
2. සෙරක් වැනි බිරිඳක්
3. අධිපතිනියක වැනි බිරිඳක්
4. මවක් වැනි බිරිඳක්
5. නැගනිය වැනි බිරිඳක්
6. මිතුරියක වැනි බිරිඳක්
7. දාසියක වැනි බිරිඳක්

මෙයින් මුලින්ම දැක්වෙන තුන්දෙනා අයෝග්‍ය බවත් සෙසු සිව්දෙනා යහපත් බවත් පෙනීයයි.

ජීවිතයේ සැබෑ ස්වභාවය හා සිය සහකරුගේ හෝ සහකාරියගේ අගය වටහාගත් තැනැත්තෝ ඔවුනොවුන්ගේ අවබෝධය හා විශ්වාසය පදනම කරගත් විශිෂ්ට වූ විවාහ දිවියක් ගත කරයි.


gatte -http://www.lakehouse.lk/budusarana/2012/11/06/tmp.asp?ID=fea03
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    6itn5e.gif