මහින්ද රාජපක්ෂට කොටි විනාශ කරන්න හේතු ගනනාවක් නිසා අකැමත්තෙන් වුනත් සිදු වුනා. පලමු හේතුව තමයි කොටි ගුවන් ප්‍රහාර කොලඹට එල්ලවීම නිසා ආර්ථිකය විනාශය කරා යමින් තිබීම
දෙවැනි ඒත් වැදගත් හේතුවක් තමයි ඔහුට කොටි පරාජය නොකර ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකිවීම.විමල් වීරවංශත් ඒ කාලේ හැමවිටම කියපු එකක් තමයි යුද්ධය පරාජය වුවහොත් මහින්ද දේශපාලන වශයෙන් පරාජය වෙනවා කියන එක.අනිත් එක මහින්ද වටා සිටින දේශප්‍රේමී කොටස් ඔහුගෙන් ඉවත්වීමත් වෙනවා.හැබයි කොටි පරාජය නොකර ජනපතිවරණය ජය ගැනීමේ හැකියාවක් තිබුන නම් ඔහු කොටි පරාජය කරන්නේ නෑ.ඒ එක්සත් ජාතින්ට තියෙන බය නිසා.
තුන්වැනි හේතුව තමයි ඔහු නාමල් රාජපක්ෂ දේශපාලනය ගේන්න අදිටන් කරගෙන හිටපු එක.කොටි හිටියොත් අනාගතේ නාමල්ව සහ යෝෂිතලා කොටි අතින් මැරුම්කාවි කියන කම්පනය ඔහුට තිබුන බව ඔහුගේ සමීපයන් පවසා තිබෙනවා. චන්ද්‍රිකාලා ,ප්‍රේමදාසලා ඒ කලේ ලමයි දේශපාලනයට ගන්න මහින්ද තරම් උනන්දුවක් තිබ්බේ නෑ.ඒ අයට චන්ද ඉල්ලන්න ඉඩ නොදී විදේශ වල පිටත් කරලා තිබුනේ.ඒවගේම මහින්ද ඔහුගේ ජීවිතයටත් ඉතාම ආදරෙයි. ඒක නිසා තමයි ඔහු බොඩිගාඩ්ලා 6000ක් තියාගෙන ඉන්නේ.කොටින්ට ආයුධ සහ සල්ලි දුන්න ප්‍රේමදාසව කොටි මැරුවා.ඒවගේම එමිල් කාන්ත හරහා කොටින්ට කෝටි ගනන් සල්ලි දුන්න තමාත් ජනපතිවරනය පැරදිලා ගෙදර ගිය විට, බොඩිගාඩ්ලා එච්චර නැති නිසා මරා දමාවි කියන බිය ඔහු තුල තිබුනා.
අන්තා ජටා බහී ජටා තත්වයේ හිටපු මහින්ද කොටි වනසන එක හැරෙන්න හොඳ විකල්පයක් තිබුනේ නෑ නේද .නැතුව මේ සුනිමල්ලාට ,මායන්ලාට, මාලාලාට.බූලාලාට,ඇම්ඩන්ලට එක්සත් රටක් ලබලා දෙන්න නම් නෙවෙයි.මහින්ද ඒ කාලේ කිය කියා හිටියේ ටිටි ටු ටැට් කරනවා එහෙම නැත්නම් එකට එක කරනවා විතරයි කියලා..මහින්දට ඕනි වුනේ කොටින්ට ගහලා සාම මේසයට ඇදගෙන එන්න.ෆෙඩෙරල් කියන නම නැතිව ෆෙඩෙරල් වලට වඩා බලතල තියෙන දේශයක් කොටින්ට දෙන්න, ප්‍රභාකරන්ව පෞද්ගලිකවම මූනට මූන හමු වෙන්න. නොර්වේ නැතිව වෙන කට්ටියක් එක්ක සාම සකච්චා කරන්න.නමුත් සරත් ෆොන්සේකලා තමයි ඒ අදහස වෙනස් කරේ