යුද ටැංකි අංගනය-9

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුද ටැංකි අංගනය-9

    TnpfhMS.jpg

    ටී-14 අමාටා යුද ටැංකිය පළමුවරට ලෝකයාට නිරාවරණය කලේ 2015 වර්ෂයේ පැවැත්වූ 70 වන විජයග්‍රාහී සැමරුම් උළෙලේ හමුදා පෙළපාලියේදීය.2016 ,2017 වර්ෂවලදීද සුපුරුදු පරිදි මෙම යුද ටැංකිය විජයග්‍රාහී පෙළපාලියේ ගමන් කරනු දැකගත හැකිවිය.


    අමාටා චැසිය භාවිතා කල නිර්මාණය කල යුද රථ එක තැන කැරකවෙන අයුරු​

    200w_d.gif






    රේඩාර් වලට ප්‍රතිරෝධය දක්වන ආලේපයක් මෙම යුද ටැංකියේ ගල්වා තිබේ.ඒ නිසා යුද ටැංකිය අනාවරණය කරගැනීම සහ ඉලක්ක කිරීම පහසු නොවන බව කියවේ.

    BQ0vIaO.jpg






    රුසියාව කියන පරිදි යුද ටැංකිය සතු චුම්භකමය සංවේදක මගින් එය ඉලක්ක කරගෙන එන යුද ටැංකි නාශක රොකට් විකර්ෂණය කල හැකිය.

    200w_d.gif





    ලේසර් කිරණ යුද ටැංකිය ඉලක්ක කරගෙන එල්ල වේ නම් ඒවා නොමඟ යවන දුමාරයක් මුදා හැර සතුරු තර්ජනය මඟ හැර යා හැකිය.​

    200w_d.gif






    ටී-14 අමාටා යුද ටැංකිය ඝන සන්නාහයක තහඩුවලින් ආවරණය කර තිබේ.

    pvZhQM0.png






    යුද ටැංකිය ඇතුලත ස්පර්ශ සංවේදී රූපවාහිනී තිර තිබේ.ඉන් පිටත සවිකර තිබෙන අංශක 360 දර්ශන ලබාගත හැකි කැමරා ඔස්සේ අවට පරිසරයේ මනා චිත්‍රයක් සෙබලුන්ට සපයා දෙයි.

    200w_d.gif






    ඊට අමතරව යුද ටැංකියේ මෘදුකාංගවලට තනිවම ඉලක්කයක් ලුහු බැදිය හැකිසේ සකස් කිරීමට පුලුවනි.ඒ හරහා සෙබලුන්ට වෙනත් ඉලක්කයක් ගැන අවධානය යොමුකිරීමට අවස්ථාව හිමිවේ.

    200w_d.gif





    යුද ටැංකිය වෙඩි තබන අයුරු දැක්වෙන මෙම රූපරාමු පෙළ පළමුවරට මාධ්‍ය වෙත නිකුත් කරන ලද්දකි.එහි දැක්වෙන අයුරින් ප්‍රධාන අවිය ක්‍රියාත්මක කිරීමේදී යුද ටැංකියේ පොළා පැනීම අවමය.​

    200w_d.gif





    ටී-14 යුද ටැංකිය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ඇරඹෙන්නේ 2018 වර්ෂයේ බවයි සඳහන් වන්නේ.ටී-14 අමාටා යනු ටික කාලයකට පෙර ලෝකයට නිරාවරණය නොවූ යුද ටැංකියකි.බොහෝදෙනා දුටුවේ එහි අභ්‍යන්තර දසුන් පමණි.පහත දැක්වෙන්නේ එම යුද ටැංකියේ ඇතුලත දර්ශන කිහිපයකි.

    XIfIyu8.jpg



    මෙහි දැක්වෙන්නේ අවිකරුගේ ස්ථානයයි.

    3E5ZrKN.jpg





    මෙය රියදුරුට වෙන් කල කොටසයි.

    4Lj39Ew.jpg





    මෙහිදී ඔබ් අවිකරු සහ රියදුරු යන දෙදෙනාගේම අසුන් දකියි.රුසියානුවන් සඳහන් කරන පරිදි එම යුද ටැංකි එකිනෙකා සමග සන්නිවේදනය කිරීමට විශේෂිත අධෝරක්ත ඉලෙක්ට්‍රොනික් උපාංග යොදාගනියි.

    8Wz2ON6.jpg





    රියදුරු අසුන තවත් කෝණයකින්

    9KcwZC1.jpg





    යුද ටැංකියේ පිටුපස කොටස

    Gyb4uBB.jpg





    පිටුපස කොටස තවත් කෝණයකින්

    XjJgzD8.jpg





    මෙහි දැක්වෙන්නේ අණදෙන්නාගෙ අසුන සහ කුටියයි

    wVu5BF2.jpg




    Source:englishrussia.com,businessinsider.com

    -HarshaLulzSec-
     
    Last edited: